Watch Trailer

Velayudham (2011) | අසාධාරණයට එරෙහිව සිංහයෙකු සේ… [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම ආයුබෝවන්. මගේ පලවෙනි උපසිරසිය වශයෙන් මෙතෙක් කලක් බයිස්කෝප් අඩවියට අඩුපාඩුවක්ව පැවතුනාවූ සුපිරිම තෙලිගු සළරුවක් දෙන්න කලපනා කළා. චිත්‍රපටය, 2011 වසරේදී තිරගතවූ, වේලායුධම්. මේ සලරුව දැනටමත් වැඩිදෙනෙක් බලලා ඇති. ඒත් තවමත් මේ චිත්‍රපටය නොබලපු බොහෝ පිරිසක් ලංකාව තුල සිටීමත්, දෙතුන් වතාවක් නැරඹුවත…

Velayudham 2011

හැමෝටම ආයුබෝවන්. මගේ පලවෙනි උපසිරසිය වශයෙන් මෙතෙක් කලක් බයිස්කෝප් අඩවියට අඩුපාඩුවක්ව පැවතුනාවූ සුපිරිම තෙලිගු සළරුවක් දෙන්න කලපනා කළා. චිත්‍රපටය, 2011 වසරේදී තිරගතවූ, වේලායුධම්. මේ සලරුව දැනටමත් වැඩිදෙනෙක් බලලා ඇති. ඒත් තවමත් මේ චිත්‍රපටය නොබලපු බොහෝ පිරිසක් ලංකාව තුල සිටීමත්, දෙතුන් වතාවක් නැරඹුවත් තවත් වතාවක් නැරඹීමට තරම් මෙම සලරුව නිර්මානශීලීත්වයෙන් ඉතා ඉහල මට්ටමක පැවතීමත් යන හේතු නිසාවෙන් මෙම සලරුවට උපසිරසියක් නිර්මාණය කරන්න හිතුවා.

සලරුව පිළිබඳව කියනවානම්, 2011 වසරේ දීවාලී උත්සවයට සමගාමීව ප්‍රදර්ශනය ඇරඹු මෙම චිත්‍රපටය, තිරගතවූ දිනයේ පටන්ම බොක්ස් ඔෆිස් ආදායම් වාර්ථා තබමින් ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගැනීමට සමත් උනා. මෙයට සමගාමීව තිරගතවීම ඇරඹු 7aam Arivu වැනි සුපිරි ඝනයේ චිත්‍රපට හමුවේ පවා සිය ආදායම් වාර්ථා බිඳකින් වත් අඩුකර නොගත් මෙම සලරුව, විජයග්‍රාහී ප්‍රදර්ශන වාර සියය පසුකලෙ සිය ශුද්ධ ආදායම ඉන්දියානු රුපියල් කෝටි 120 ඉක්මවමිනි.එමෙන්ම එදා මෙදා තුල ඉතිහාසයේ වැඩිම අදායම් හිමිකරගත් තෙලිඟු සලරූ අතරින් මෙයට ප්‍රමුඛ ස්ථානයක් හිමිවෙනවා. එමනිසාවෙන්ම පරිශීලකයන් 7681 දෙනෙකුගේ මනාපයෙන් IMDB මීටරයේ 6.8ක් වැනි ඉහළ ඇගයීමක් ලබාගැනීමටත් මෙම සලරුවට හැකියාව ලැබී තිබෙනවා.

චිත්‍රපටයට ප්‍රධාන රංගන දායකත්වය ලබාදෙන්නේ තෙලිගු සිනමාවේ සුපිරි තරුව විජය(වේලායුධම්) විසිනි. මීට අමතරව Genelia D’Souza,Hansika Motwani, Saranya Mohan,Abhimanyu Singh වැනි තෙලිගු සිනමාවේ දැවැන්ත නලුනිලියන් සමගින්, වර්තමාන තෙලිගු සිනමාවේ විකට රජුන් ලෙස කිරුළු පලන් Santhanam සහ soori සිය රංගන කුසලතාවයෙන් මෙම සලරුව ඔප මට්ටම් කිරීමට සමත්වී තිබෙනවා.

චිත්‍රපටයේ අන්තර්ගතය කෙටියෙන් පැවසුවහොත්, ඉන්දීය අර්ධද්වීපය තුල බෝම්බ පුපුරුවා එහි පාලනය සියතට ගැනීමට මාන බලමින් සිටිනා පාකිස්තානු ත්‍රස්තවාදීයෙක්….., එම ත්‍රස්තවාදීයාගේ අරමුණ ඉෂ්ට කර දී තම මඩිය තරකර ගැනීමට උත්සාහ කරනා දේශපාලකයෙක්……මෙම සියලු දුෂ්ඨ අරමුණු සුනු විසුනු කර දමා යහපත් දේශයක් ගොඩනැගීමේ අරමුණ පෙරදැරිව ඔවුන් හා තනිව සටන් වදිනා අභීත තරුණ මාධ්‍යවේදිනියක්……සාමකාමී පිටිසර ගම්මානයක සිට තම ප්‍රාණ සමවූ එකම නැගණියගේ විවාහ කටයුතු සඳහා චෙන්නායි නුවර බලා පැමිණෙන කෙළිලොල්,නිර්භීත තරුණයෙක්…..ඔහුව රවටා ඔහු සන්තක මුදල් සොරකම් කීරීමට අර අදිනා කපටි හොරෙක්……මොවුන්ගේ ඉරණම් ලියවී ඇත්තේ කෙසේද…..පුරා හෝරා 3කට ආසන්න කාලයක් ආදරය,හාස්‍යය ,ත්‍රාසය,භීතිය අතර දෝලනය වෙමින් අවසන් මොහොතේ ඔබගේ නෙතට කඳුලක් ගෙනදීමට සමත් මෙම සුන්දර සලරුව නැරබීමට, මීට පෙර මෙය බැලූ,නොබැලූ සියලු දෙනාටම ආදරයෙන් ආරාධනා කරනවා.

එමෙන්ම මෙම සලරුවෙහි සිංහල උපසිරැසිය නිර්මාණය කිරීමට අවසරය ලබාදුන් හසන්ත සහෝදරයාටත් විශේෂ ස්තුතියක් පිරිනමනවා. මෙම සලරුවට අදාලව ලබාදී ඇති වීඩියෝ පටය,ප්‍රමාණයෙන් තරමක් විශාල වේ .මෙයට හේතුව වන්නේ අන්තර්ජාලය තුල මෙම සලරුව සඳහා ඉංග්‍රීසි උපසිරසියක් සොයාගැනීමට අපහසු වීමත්, එසේ උපසිරසි ලබාදී ඇති අඩු ධාරිතාවයෙන් යුත් වීඩියෝ පටයන්හි ගුණාත්මක බාවය ඉතා පහල අගයක් ගැනීමත්ය. නමුත් මා විසින් ලබා දී ඇති මෙම වීඩියෝ පටය ප්‍රමාණයෙන් තරමක්  විශාල වුවත් ගුණාත්මක බාවයෙන් ඉතා ඉහල මට්ටමක පවතී.

මෙම පිටපතෙහි seed අගය තරමක් අඩු මට්ටමක පවතින බැවින් ,ඔබ විසින් බාගත කරගත් පසු සෙසු අය සඳහාද කරනා උපකාරයක් සේ සලකා seed කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

සියලු දෙනාටම ජයවේවා…..! 

Anjaan (2014) on IMDb

 

 

1.17 GB (BR) කොපිය මෙතනින් බාගන්න

 
 

3,825 downloadsDownload Velayudham-2011.zip73 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/01/10933334_902827953069648_1398284762_n-e1422094648634.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

3,825 downloadsDownload Subtitles73 KB

56 comments

  1. Snake Raj

    ඔයාගෙ පලමු උපසිරැසියට සුභ පැතුම් සිසිල සහෝ. තව තවත් මේ වගේ ලස්සන චිත්‍ර පට ගෙනෙන්න.

    1. Sisila Prasad

      අනිවාර්‍යයෙන්ම සහෝ.ඉස්සරහට මීටත් වඩා හොඳ භාණ්ඩයක් බස්සන්නම්කො. :D

    2. kasun

      niyamai,,,thanks

    3. Sisila Prasad

      :D

  2. Kulanjana Maduranga

    meka nm supirima tamil filumak...mmth balala thiyanawa...niyamai ahhhh...1st subata suba pathum PRASAD Saho.digu gamanak yamu. jaya wewa……………

    1. Sisila Prasad

      අනිවා.ස්තුතියි සහෝ (y)

  3. තාරක නුවන් දිල්හාර

    ආසාවට වගේ පෙරේදා ෆිලුම බෑවේ.
    ඒත් හාස්කමකටවගේ උඹ අද සබ් දුන්නේ
    බොහොම ස්තුතියි ඈ....
    ඒ වගේම බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිලිගන්නවා...

    1. Sisila Prasad

      බොහොම ස්තුතියි සහෝ.ඒකනම් හාස්කමක්ම තමයි. :D

  4. නිලාන්

    සබ් එකට බොහෝම ස්තූතියි සහෝ. මේක දෙමළ ෆිල්ම් එකක් නේද?

    1. Sisila Prasad

      මේක තෙලිඟු 1ක් සහෝ.අරගෙනම බලන්නකෝ.ඔයාට පසුතැවෙන්න වෙන එකක් නෑ.විශ්වාසයෙන් කියනවා. :)

  5. Sisila Prasad

    මේක තෙලිඟු 1ක් සහෝ.අරගෙනම බලන්නකෝ.ඔයාට පසුතැවෙන්න වෙන එකක් නෑ.විශ්වාසයෙන් කියනවා. :)

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිසිල සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

    1. Sisila Prasad

      බොහොම ස්තුතියි රොයිලි සහෝ.ඔබ වාගේ,බයිස්කෝප් සිංහලෙන් අඩවියේ උන්නතිය වෙනුවෙන් කැපවුණු යුග පුරුෂයෙකුගේ එක වචනයක් මට නම් මහමෙරක් වගේ.ජයවේවා...!

  7. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි.
    අඩුවක්ව පැවති එකක් මේක.
    ඒ අඩුව පිරෙව්වාට ස්තූතිය.
    ලිපිය නම් එලස්.
    සබ් එකට ස්තූතියි.
    සහෝ, මේක දෙමල ෆිලුමක්.
    සමහර විට ඔයා සබ් කලේ තෙලිගු හඩකවපු එකකටද?
    ඔයා මේක තෙලිගු කියලා කියන නිසයි ඇහුවේ.
    මොකද මම මේක 6 වතාවක් විතර බලලා තියෙන නිසා.
    දිගටම සබ් දෙන්න ශක්තිය හා කාලය ලැබේවා!
    ජයෙන් ජයම වේවා!

    1. Sisila Prasad

      ස්තුතියි සහෝ.මේකට හඬ කවලා නම් නෑ සහෝ.මං හිතුවේ මේක තෙලිඟු එකක් කියලා,වරද පෙන්නලා දීපු එකට බොහොමත්ම ස්තුතියි.
      ජයවේවා...!

  8. sisiya

    මේකේ ඔරිජිනල් ටැමිල් නේද?? ඔයා තෙලිඟු ඩබ් කරපු එකටද සබ් දැම්මේ??

    1. Sisila Prasad

      හඬ කවලා නෑ සහෝ.බයවෙන්න එපා :D

  9. Darshana

    මේක බලනවා අන්වාර්යෙන් සහෝ. පුළුවන් නම් kayal ෆිල්ම් එකට සබ් දෙන්නකො.

    1. Sisila Prasad

      ස්තුතියි සහෝ.අනිවාර්යෙන් උත්සාහ කරන්නම් :)

  10. Charith Abishek

    Niyamai Niyamai..
    Thanx macho...
    Puluwan nam baiscope eke sub deela nathi film eka witharak deela thiyena ewata sub dennako...

    1. Sisila Prasad

      මං උත්සාහ කරන්නම් සහෝ :)

  11. නලින්

    ස්තුතියි සිසිල සහෝ...

    ජය වේවා!

    1. Sisila Prasad

      බොහොම ස්තුතියි සහෝ :)

  12. shan

    yaluwa meka theligu movie ekak newe.tamil ekakk.wijaya kiyanne tamil super star,puluwannam article eka edit karanda.good luck

    1. Sisila Prasad

      ස්තුතියි යාළුවා :)

  13. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට තුති
    නියම වැඩක්
    ජයම වේවා

    1. Sisila Prasad

      බොහොම ස්තුතියි සහෝ :)

  14. sadu

    bohoma sthuthiy saho sub ekata.ewagema palaweni sub ekata suba pathanawa.baiscop ekath ekka ath wel bedagaththu ekata godaaaak sathutui...budu saranai

    1. Sisila Prasad

      බොහොම ස්තුතියි සහෝ. :)

  15. පොඩි මෑන්

    Pattama film akak saho mamath dethun parak baluwa.
    Sabata Godakma Thanks. thawath Tamil akakma gemu ikmanata :lol:

    1. Sisila Prasad

      අනිවාර්යෙන්ම සහෝ :)

  16. තිසර නියෝ

    සාදරයෙම් පිලිගන්නවා බයිස්කෝප් අඩවියට
    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

    1. Sisila Prasad

      බොහොම ස්තුතියි සහෝ :)

  17. kavi

    sub ekata godak sthuthi jayama wewa !!!!!!!!!!!!!!!!

    1. Sisila Prasad

      බොහොම ස්තුතියි සහෝ :)

  18. Yenu

    Thank You...............

    1. Sisila Prasad

      :)

  19. prabath

    niyamai malli oyata digu gamanakata suba pathum

    1. Sisila Prasad

      බොහොම ස්තුතියි අයියේ... :D

  20. “චූටී මල්ලි”

    බැලෙයිද කියන්න නම් බෑ සහෝ
    දිගටම වැඩේ කරගෙන යමු
    සබට තුති
    ඔබට ජය............

    1. Sisila Prasad

      අනිවා සහෝ :D

  21. rivi

    meka download karanna torent file ekak nadda yalume dila thiyana eken download wenne nha ne

  22. චාරුක ලක්ෂිත

    සබ් එකට තුති....

    1. Sisila Prasad

      එල :)

  23. Krish

    ගොඩක් කාලෙකින් දෙමල ෆිල්ම් 1ක් බැලුවේ නැහැ ..මේක බා ගන්න ඕනේ.ලිපියත් නියමෙට ලියල තියෙනව..සබ් එකට ගොඩක් ස්තූති සහෝ ..තව දිගු ගමයනක් යාමට ශක්තිය ලැබේවා

    1. Sisila Prasad

      නියමයි සහෝ... :D

  24. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

    1. Sisila Prasad

      :D

  25. සුපුන් රසංජන පෙරේරා

    supiri saho.sub ekata sthuthi

  26. Sisila Prasad

    :D

  27. එල්.සී. දමැල්

    Thanks!!!

  28. shanuka

    patta film eka mta vijayge Shajahan 2001 film eka dennko plz

  29. sandun

    aiya me trorent eka download karala ita passe u torent eken open karapuvaama film eka download venne naane,..aiye e..kohomada film eka download karanne

  30. rathnayaka

    Sub, ekata thank......!!!!!

  31. Eranda Malith 2.0

    බොහොම ස්තූතියි මචන් ජයවේවා

  32. Chamindu Rajapaksha

    Meka Telugu film ekk newe