Watch Trailer

Vellai Pookal (2019) Sinhala Subtitles | සියැටල් අභිරහස. [සිංහල උපසිරසි]

Vellaipookal මම උපසිරසි ගන්වන මුල්ම චිත්‍රපටයත් අරගෙන මේ පැත්තට ආවා. මුලින්ම කියන්න ඕන මේ ෆිල්ම් එක බාර අරගෙන ගොඩ කාලයක් වෙනවා නමුත් යම් අතපසුවීමක් නිසා උපසිරසි ලබා දෙන එක කල් ගියා.. මුලින්ම ඒකට සමාව ඉල්ලනවා. චිත්‍රපටිය ගැන කියනවනම් රුද්‍රන් කියන පොලිස් නිළධාරියා තමිල්නාඩු පොලීසියෙන් විශ්‍රාම අරගත්…

Vellaipookal මම උපසිරසි ගන්වන මුල්ම චිත්‍රපටයත් අරගෙන මේ පැත්තට ආවා. මුලින්ම කියන්න ඕන මේ ෆිල්ම් එක බාර අරගෙන ගොඩ කාලයක් වෙනවා නමුත් යම් අතපසුවීමක් නිසා උපසිරසි ලබා දෙන එක කල් ගියා.. මුලින්ම ඒකට සමාව ඉල්ලනවා.

චිත්‍රපටිය ගැන කියනවනම් රුද්‍රන් කියන පොලිස් නිළධාරියා තමිල්නාඩු පොලීසියෙන් විශ්‍රාම අරගත්තට පස්සෙ තමන්ගෙ පුතා එක්ක ජීවත් වෙන්න ඇමරිකාවට යනවා. රුද්‍රන් කියන්නෙ ඉන්දියානු පොලීසියේ ඉද්දි ඉතාම දක්ෂ ලෙස රාජකාරිය කරපු නිලධාරියෙක්. ඇමරිකාවට ගිහින් පුතත් එක්ක ජීවත් වෙන අතරතුරේදි අසල්වැසි ගෙදරක මෝආනා කියන කාන්තාවක් අතුරුදහන් වෙනවා.තව ටික දවසකින් කාර්ලොස් කියන කොල්ලෙක්ගේ අතුරදහන් වීමත් එකක් මේ ප්‍රශ්නය තවත් සංකීර්ණ වෙනවා.රුද්‍රන්ට පුතා ජීවත් වෙන ගෙදරට අල්ලපු ගෙදර ජීවත්වන මිනිස්සු ගැන යම් සැක සහිත ඉඟි ලැබෙන්න ගන්නවා. විශ්‍රාම ගියත් පොලිස් නිළධාරියෙක් වෙච්ච රුද්‍රන් මේ ගැන හොයන්න ගනිද්දි එයාවත් නොහිතපු විදියට රුද්‍රන්ගේ පවුලට කරදර එන්න පටන් ගන්නවා. ඒවා මොනවද කියල ඔයාලට බලන්න පුලුවන්. කොහොමහරි රුද්‍රන් මේ එහෙදි හමුවෙන යාලුවෙකුත් සම්බන්ද කරගෙන අභිරහස පසුපස හඹා යනවා.ඒ වගේම ඒ අතරතුර නිකොලොයි කියන පුංචි ගැහැණු ලමයෙක් තමන්ගේ පියාගෙන් විවිධ වද හිංසාවලට ලක්වන ආකරයක් චිත්‍රපටය පුර දැක ගන්න පුළුවන්. ‍ මම මීට වඩා විස්තර කරන්නෙ නැහැ චිත්‍රපටිය රසවිඳින්න කියලා හැමෝටම ආරාධනා කරනවා.

මේ චිත්‍රපටියට 7.2ක IMDB අඟයකුත් ලැබිලා තියෙනවා. චිත්‍රපටියේ රුද්‍රන්ගෙ චරිතයට පණ පොවන ප්‍රසිද්ද නළු විවේක් මේ මෑතකදි තමයි කොවිඩ් රෝගයට ගොදුරු වෙලා මිය යන්නෙ..ඒ වගේම මගේ පලවෙනි උපසිරසි ගැනවිමට මාව යොමු කරපු උදාර රාජපක්ෂටත් ස්තූති කරන්න කැමතියි. හරි එහෙනම් චිත්‍රපටය රස විඳින්න කියලා ආරාධනා කරගෙන මම ගියා.. ඉඩ තියෙන විදිය තවත් චිත්‍රපටි වලට උපසිරසි අරගෙන එන්න උත්සාහ කරන්නම්.

ජය!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB / HD පිටපත් සඳහා අදාළ වේ.

6,649 downloadsDownload Vellai-Pookal-2019.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උමේෂා එච්. ජයලත්” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-06-15
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

6,649 downloadsDownload Subtitles34 KB

29 comments

  1. sampath53

    පලවෙනි උපසිරසියට සුබ පැතුම්.ඉදිරියට තව තවත් ලස්සන ෆිල්ම් වලට උපසිරසි කරමු.
    ජය වේවා.

  2. Neo

    Thanks sister
    Keep it up

  3. Anonymous

    Meka nm kalin bluwa
    Khomawunth bohoma sthuthiyi sub ekata
    Ewgema palaweni sub ekta subapathum
    Thwa sub demu idiriyata

  4. එල්. සී. ‎දමැල්

    බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිළිගන්නවා උමේෂා සහෝදරී!
    පළමු උපසිරසගැන්වුම වෙනුවෙන් උණුසුම් සුභ පැතුම්!
    දිගටම උපසිරස කිරීම සඳහා කාලය හා හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...
    ජය ✌

  5. isuru srinath sjs

    ෆිල්ම් එක නම් බලලා තියෙනවා..බලපු නැති අයට කියන්නෙ..අනිවාරෙන් මේක බලන්න.. Thriller වලට ආස අය බලන්නම ඕන එකක්...
    පලවෙනි සිංහල උපසිරැසි නිර්මාණයට හදවතින්ම සුබ පතනවා...
    ඒ වගේම බොහොම ස්තුතියි.. ජය!!

  6. Nuwan

    Thanks sister
    Thriller ewma wadipura demu

  7. Lakshitha

    සිංහල උපසිරසියට ස්තුතියි ..ජයෙන් ජයම වේවා සහෝදරී!!

  8. Shaggy

    සුබ පැතුම්..Crime,Thriller,Mystery වගේ ඒව වැඩිපුර දෙනවනන් මරු

    සබට බොහොම ස්තූතියි

    1. Anonymous

      Yes..plzz

  9. Sheron

    Congratulations for 1st attempt
    Keep going

  10. Anonymous

    තැන්කු තැන්කු

  11. Kavindu

    දිගටම සබ් දෙන්න සහෝදරී

  12. Anonymous

    Congrats sis

  13. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සුබ පැතුම් පලවෙනි සබ් එකට දිගටම සබ් කරන්න

  14. සුපුන් රණසිංහ

    ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!

  15. මයිකි

    නියමයි මං සුබ පතනවා පලමු උපසිරසයට. නවත්තන්න එපා දිගටම තව සබ් කරන්න. 2010 ඉදලා ටිකක් හොයලා බලන්න නොාදිපු ෆිල්ම් තව තියෙනවා . එවට සබ් දෙන්න කියලා ඉල්ලනවා.

  16. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  17. Amila Mudalige

    උපසිරසියට බොහෝම ස්තූතියි

  18. DILmin

    Thanks sub ekata.. Vanakkam Da Mappilei Tamil film ekatath sub denna ..

  19. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

  20. Anonymous

    වැඩේ දිගටම කරමු සහෝදරී
    ජය වේවා

  21. Supun tharaka

    සබ් එක හැදුව කෑල්ලනම් ලස්සනයි

    1. Anonymous

      සබ් එකත් ලස්සන ඇති එහෙනම් නෙහ්

  22. Deegayu Abeysekera

    thanks

    digatama sub denna

    rip vivek we miss you

  23. Anonymous

    Dan thama film eka balala iwara une.
    meka man hoya hoya hitapu film ekak. film eka nam patta.
    vivek ge acting gana katha karanna deyak na. thank you sub ekata.jaya wewa.

  24. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦ පළවෙනි උපසිරැසියට සුබ පැතුම්.. දිගටම සබ්දෙන්න වෙලාව හැකියාව ලැබේවා....

  25. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!
    ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්....
    දිගටම සබ් කරමු....

  26. prabu

    exam 2009 - puluwannam sub daana

  27. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P