1650 දී පමණ දකුණු අප්‍රිකාවට වැදුණු බටහිර ජාතීන්, කලු අප්‍රිකානු ස්වදේශිකයන්ගේ ජීවන රටාව සුනුවිසුණු කරමින් ඒ බිමේ නව ශිෂ්ටාචාරයක් ගොඩනගයි. සමේ කලු වර්ණය සලකා මිනිසුන් පහත් කොට සැලකීම දරුණු ලෙස පැවතුණි. මෙම වර්ණභේදවාදයට එරෙහිව දකුණු අප්‍රිකාවේ කළු ජාතිකයන් විසින් සිදුකළ අදිටන් සහගත අරගලය ලෝක ඉතිහාසය…

1650 දී පමණ දකුණු අප්‍රිකාවට වැදුණු බටහිර ජාතීන්, කලු අප්‍රිකානු ස්වදේශිකයන්ගේ ජීවන රටාව සුනුවිසුණු කරමින් ඒ බිමේ නව ශිෂ්ටාචාරයක් ගොඩනගයි. සමේ කලු වර්ණය සලකා මිනිසුන් පහත් කොට සැලකීම දරුණු ලෙස පැවතුණි. මෙම වර්ණභේදවාදයට එරෙහිව දකුණු අප්‍රිකාවේ කළු ජාතිකයන් විසින් සිදුකළ අදිටන් සහගත අරගලය ලෝක ඉතිහාසයෙහි එක් වැදගත් පරිච්ඡේදයකි. නෙල්සන් මැන්ඩලා අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ යොවුන් පෙරමුණ පිහිටුවාගෙන ගෙනගිය සාමකාමී උද්ඝෝෂණ 1960 පමණ වනවිට ප්‍රචණ්ඩකාරී ස්වරූපයකට පෙරලේ. කීපවරක් අත්අඩංගුවට පත්වන මැන්ඩලා 1964 අත්අඩංගුවට ගෙන ජීවිතාන්තය දක්වා සිරදඩුවමට ලක්කොට ‘රොබන්’ දූපතට යවයි. 1990 තෙක් දීර්ඝ සිරගත ජීවිතයක් ඔහුට එහි දී ගතකරන්න සිදු වේ.
“මෙය දුක් විඳීමෙන් හා අත්දැකීම්වලින් පිබිදුණු දකුණු අප්‍රිකානු ජනතාවගේ අරගලයයි. මම හීන දකින්නේ සියල්ලන්ට සමාන අවස්ථා ඇති, සමගියෙන් ජීවත් වන, ප්‍රජාතන්ත්‍රවාදී හා නිදහස් සමාජයක් ගැනයි. එය දිනාගැනීමට හා ඒ මත ජනතාව ජීවත් කරවීම උදෙසාත් ඕනෑ ම වෙලාවක මැරෙන්න වුණත් මම සූදානම්”
– නෙල්සන් මැන්ඩලා
මැන්ඩලාගේ අරගලයෙහි හඬ ඉදිරියට ගෙන යන්නට අනුපමේය කාර්යභාරයක් ඉටු කළ, ස්ටීව් බීකෝ නම් කළු ජාතික තරුණයා, 1970 දශකයේ වාර්ගික සමානතාව සඳහා දකුණු අප්රිකානු සටනෙහි කැපී පෙනෙන චරිතයක් විය.
දකුණු අප්‍රිකාව තුළ ම විසූ වර්ගවාදය පිළිකෙව් කරන සහ ලිබරල්වාදී සුදු ජාතිකයින් නියෝජනය කරන ඩේලි ඩිස්පැච් පුවත්පතේ කර්තෘ ඩොනල්ඩ් වුඩ්ස් මුලින් බිකෝට එරෙහිව සිටිය ද ඒ වනවිටත් තහනමට ලක් කොට සිටි ස්ටීව් බිකෝ හමුවී කතාබහ කිරීමෙන් අනතුරුව ඔහුගේ අදහස් සම්බන්ධයෙන් පැහැදීමට පත් වේ. ඔහු සැබෑ කලු පුවත් වාර්තා කිරීම සදහා කලු ජාතික මාධ්‍යවේදීන් තම පුවත්පතට සම්බන්ධ කර ගනී. රටවැසියන්ගෙන් 90% ක් වූ කලුජාතිකයින් මත හෙලන “රජයේ නිරුවත් ත්‍රස්තවාදය”ට එරෙහිව, එකවර සිය ගණනන් සිසුන් අමුඅමුවේ වෙඩිතබා මරා දැමීමට එරෙහි ව, පොලිස් අත්අඩංගුවේ සිටින සටන්කාමීන් බුරුතු පිටින් “අමුතු” හේතු නිසා මියයෑමට එරෙහි ව තම පුවත්පත මෙහෙයවීම නිසා ඩොනල්ඩ් වුඩ්ස්ට එරෙහිව ද මර්ධනය ක්‍රියාත්මක වේ. මේ අතර ස්ටීව් බිකෝ පොලිස් අත්අඩංගුවේ දී මිය යන අතර එය උපවාසයකින් සිදු වූවක් බව රජය ප්‍රකාශ කරයි. ඩොනල්ඩ් වුඩ්ස් තම ඡායාරූප ශිල්පියා සමග ගොස් බිකෝගේ මරණීය තුවාල සහිත මළසිරුරේ ඡායාරූප ගනී. මෙම ඡායාරූප රටින් පිට කිරීමට ගත් උත්සාහය නිසා ඩොනල්ඩ් වුඩ්ස් ද තහනම් පුද්ගලයෙක් බවට පත් වේ. ඔහු හොර රහසේ බිකෝ පිලිබඳ පොතක් ලියයි. ඔහු මේ පොතත් රැගෙන කතෝලික පියතුමෙකුගේ වෙස්ගෙන දකුණු අප්‍රිකාවෙන් පැනයාමට ගන්නා උත්සාහය Cry Freedom චිත්‍රපටයේ සිත්තම් වේ. ජන්මයෙන් කඳවුරු දෙකකට අයත්විය යුතුව තිබුණ ද මනුෂ්‍යත්වයේ නාමයෙන් එක පෙරමුණක කොන්දේසි විරහිත අරගලයක නිරතවූ අතිශය සුන්දර මිනිසුන් දෙදෙනකු ගේ අපූර්ව මිත්‍රශීලී බැඳීම අප සංවේගයට පත් කරයි. මෙම සිදුවීම් පෙළ පාදක කරගනිමින් ජෝන් බ්‍රයිලි විසින් රචිත ග්‍රන්තයක් එළි දැක් වූ අතර එය “හඬනු මැන නිදහස” නමින් ඒ අවදියේ සුනිල් මාධව ප්‍රේමතිලකයන් විසින් සිංහලට පරිවර්ථනය කළේ ය. 80 දශකයේ ‘ස්ටීව් බිකෝ’ චරිතය ගැටුම් සහිත විවිධ රටවල අරගලකරුවන්ගේ මුවග රැව් දෙන පරමාදර්ශයක් විය.
ඩොනල්ඩ් වුඩ්ස්ගේ උත්සාහය මල්ඵල ගැනුණි. ලෝක අවධානය දකුණු අප්‍රිකාව වෙත යොමු විය. එක්සත් ජාතීන් වැනි සංවිධාන විසින් දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදයට විරුද්ධව සම්බාධක පැනවීය. මේ අනුව ඔවුන් ලෝකයෙන් කොන් වුණු රාජ්‍යයක් බවට පත් වේ. අවසානයේ ලෝක ජනමතයට හිස නවමින් 1990 දී මැන්ඩලා නිදහස් කිරීමට සිදු වූ අතර 1994 දකුණු අප්‍රිකාවේ ප්‍රථම වර්ගවාදී නොවූ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය පවත්වන ලදී. එයින් මැන්ඩලා ජයග්‍රහණය කර ප්‍රථම කළු ජාතික ජනාධිපතිවරයා බවට පත් වේ. මේ ජයග්‍රහණය දකින්න ඩොනල්ඩ් වුඩ්ස් ජීවත් ව හිටියත් ස්ටීව් බීකෝ සිටියේ නැත. දකුණු අප්‍රිකානු ‘රජයේ නිරුවත් ත්‍රස්තවාදය’ අද අතීතයට අයිති දෙයකි. එහෙත් ඒ අතීතය වර්ථමානයටත්, අනාගතයටත් බොහෝ පාඩම් කියා දේ. Richard Attenboroughගේ Cry Freedom සිනමාපටය තවමත් අපට වැදගත් වන්නේ ඒ නිසයි.
දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදයට එරෙහි අරගලයේ නෙල්සන් මැන්ඩලා නම් මහා පවුර පිටුපස සැඟව ගිය චරිත ද බොහෝ ය. චිත්‍රපටය අවසානයේ දිගහැරෙන පොලිස් අත්අඩංගුවේ මියගියවුන්ගේ දීර්ඝ නම් ලැයිස්තුව (බිකෝ ද ඇතුළත්) කියවන විට ඒ බව සනාත වේ. එහෙත් කලු ජාතිකයින්ගේ නිදහස උදෙසා තම ජීවිතය කැප කළ ස්ටීව් බියුකෝ නම් සටන්කාමී තරුණ මානවවාදියා සදාතනික ජීවමාන විරුවෙක් කිරීමට මෙම චිත්‍රපටය සමත් විය. මෙහි ස්ටීව් බිකෝ ලෙස Denzel Washington හා ඩොනල්ඩ් වුඩ්ස් ලෙස Kevin Kline රඟපාන අතර, සෙසු ප්‍රධාන චරිත Penelope Wilton, Josette Simon, Wabei Siyolwe, John Matshikiza යන නලුනිලියන් විසින් රඟපායි. ජෝන් බ්‍රයිලි විසින් මෙහි පිටපත ලියා ඇත්තේ ඩොනල්ඩ් වුඩ්ගේ ‘Biko’ සහ ‘Asking for Trouble’ ග්‍රන්ත පාදක කොට ගනිමිනි. 1987 නිර්මාණය කෙරුණු Cry Freedom චිත්‍රපටය IMDB රේටිංග්ස් වල 7.4 ක් ලබා ඇති අතර ඇකඩමි සම්මාන 03 ක් (නිර්දේශිත10 කි.) හිමි කරගත්තේය. කාලය විනාඩි 158 කි.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
1,590 downloadsDownload Cry-Freedom-1987.zip58 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් කුමාර මොහොට්ටිගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-06-15
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කැලුම් කුමාර මොහොට්ටිගේ
Subtitles
- #1987
- #BAFTA Nominated
- #BAFTA Winner
- #Box Office Hits
- #Denzel Washington
- #Donald Woods
- #Editor's Pick
- #Golden Globe Nominated
- #John Briley
- #Josette Simon
- #Kevin Kline
- #MaxxA
- #Must Watch
- #Oscar Nominated
- #Richard Attenborough
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sub
- #Subs
- #You Decide
- #කැලුම් කුමාර මොහොට්ටිගේ
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
14 comments
එල්. සී. දමැල්
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ පලවෙනි සබ් එකට සුබ පැතුම් දිගටම සබ් කරන්න
-[NB]-
පළවෙනි උපසිරැසියට සුභ පැතුම්! සබ් එකටත් බොහෝම ස්තූතියි!
BLA©K TIGE®
පළවෙනි උපසිරැසියට සුභ සහෝ! සබ් එකටත් බොහෝම ස්තූතියි සහෝ!
ශාමල් මනෝජන්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
බයිස්කෝප් වෙබ් අඩවියේ සිනමාපට දර්ශක යටතේ ඇති AFI හා IMDB Top 250 ලැයිස්තුවල මෙතෙක් උපසිරැසි නොකරපු පැරණි චිත්‍රපට උපසිරැසි කරන මෙන් ඉල්ලා සිටිමි.
indika75
පළමුවන උපසිරැසියට සුබපැතුම් !!!
Anonymous
මානව හිමිකම් සහ ජීවත් වීමේ අයිතිය වගේම ප්‍රකාශනයේ නිදහසද අර්බුධයට ගොස් ඇති මොහොතක ඒ ගැන කතා කරන මෙම විශිෂ්ඨ නිර්මාණයට උපසිරස ලබා දීම ගැන මාගේ ස්තූතිය පිළිගන්න.
නිරෝෂ්
බොහොම ස්තුතියි ජයවේවා. පුළුවන්නම් ඩෙන්සිල් වොෂින්ටන්ම Malcolm x රඟපාන චිත්‍රපටියටත් සබ් දෙන්න.
Anonymous
Thanks Brother
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦ පට්ට ලිපිය.. බොහෝම ස්තූතියි... පළවෙනි උපසිරැසියටත් සුබපැතුම් මචං දිගටම සබ් දෙන්න වෙලාව හැකියාව ලැබේවා....
Priyantha Dayakeerthi
කැලුම් කුමාර සොයුර,
පළමු උපසිරසියට සුබ පැතුම්! ඔබ මේ වෙබ් එකට සබ් දීමට එකතුවී සිටීම ගැන ඇත්තෙන්ම ගොඩක් සතුටුයි. "සම්මාන ලාභී" සිනමාපටවලට දිගටම සබ් දෙන්න බලන්න ඒවාට කැමති රසිකයන් පිරිසක් තවමත් මෙහි ඉන්නවා. මේ සිනමාපටය ගැන මම මීට පෙර දන්නවා. හැබැයි නරඹලා නැහැ, මම ඩවුන්ලෝඩ් කළා. නැවතත් නරඹලා අදහසක් දක්වන්නම්. ඔබගේ වෙහෙසට ගොඩක් ස්තුතියි!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි....!
jagath55
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement
බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිළිගන්නවා කැලුම් සහෝ!
පළමු උපසිරසගැන්වුම වෙනුවෙන් උණුසුම් සුභ පැතුම්!
පළමු වතාවටම එසේ මෙසේ කතාවක් නොකර සුපිරියක්ම ගෙනල්ලා
දිගටම උපසිරස කිරීම සඳහා කාලය හා හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...❤️
ජය ✌