Watch Trailer

Irumbu manithan (2020) Sinhala Subtitles | යකඩ මිනිසා! [සිංහල උපසිරැසි සමග]

ආයූබෝ වේවා! සැවොම නිදුක් නීරෝගී වේවා! කොරෝනා උවදුර පැතිරී යන මේ මොහොතේ හැමෝම ඉන් ආරක්ෂා වේවා කියා ප්‍රාර්ථනා කරනවා. සබ් එක ගහන ෆිල්ම් එකටත් කොරෝනා හැදුනා වගේ තමයි. සබ් එක දෙන්නත් ටිකක් පරක්කු වුණා. කොහොම වුණත් හැමෝම බයිස්කෝප් එකක් බලාගෙන ගෙදර ඉන්න කියලා ඉල්ලනවා. මේ වෙනකොට ලංකාවේ පළමු මරණයත් වාර්තා…

ආයූබෝ වේවා! සැවොම නිදුක් නීරෝගී වේවා! කොරෝනා උවදුර පැතිරී යන මේ මොහොතේ හැමෝම ඉන් ආරක්ෂා වේවා කියා ප්‍රාර්ථනා කරනවා. සබ් එක ගහන ෆිල්ම් එකටත් කොරෝනා හැදුනා වගේ තමයි. සබ් එක දෙන්නත් ටිකක් පරක්කු වුණා. කොහොම වුණත් හැමෝම බයිස්කෝප් එකක් බලාගෙන ගෙදර ඉන්න කියලා ඉල්ලනවා. මේ වෙනකොට ලංකාවේ පළමු මරණයත් වාර්තා වෙලා.

‘ඉරුම්බු මනිදන්’ තේරුම යකඩ මිනිසා යන්නයි. චිත්‍රපටයේ සන්තෝෂ් ප්‍රතාප්, ගන්ජා කරුප්පු, මධුසූධන් රාඕ යන අය මුල් චරිත හොබවනවා. Dhayam (2018) චිත්‍රපටයේ සන්තෝෂ් අපූර්ව නිරූපණයක් ඉඳිරිපත් කලා කියලා බලපු අය දන්නවා. ඔහු මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වනවා. කොහොම වුණත් මෙහිදීත්, තම දක්ෂතාවය ඉහල අයුරින් ගන්ජා කරුප්පු නිරූපණය කරනු ලබනුයේ සන්තෝෂ් ඩම්මි පීස් – බෝනික්කෙකු කරමිනි. ඒ වගේම දමිළ, තෙළිඟු ආදී සිනමාවේ දුෂ්ඨයෙකු ලෙස ප්‍රකට මධුසූධන් රාඕ මෙහිදීත් විශිෂ්ට චරිතයක් නිරූපණය කරනු ලබනවා. ඔහු Avane Srimannarayana (2019) කන්නඩ චිත්‍රපටයෙහි හි විශිෂ්ට රංගනයක නියැලෙනවා.

කතාව ගැන කිව්වොතින්:
Annamalai (1992) + Padayappa (1999) + Sivaji (2007) + Kootathil Oruthan (2017) මේ චිත්‍රපටි ටික බලලා තියෙන අය දන්නවා සිද්ද වෙන කතාන්දරය. මේ චිත්‍රපටි ටික අරගෙන කොත්තුවක් දමපු කතාවක් කියලා පෙනෙන්නටම තියෙනවා. අන්නාමල හි අන්නාමලට සිද්ධ වෙන විපත සහ ඉන් ඔහු නැගී සිටින ආකාරය. ඔහුගේ පලිගැනීම. අන්නාමල බොහෝ දුරට ලඟදීම ඔයාලට දෙන්න පුළුවන් වෙයි කියලා හිතනවා. සිවාජිගේ නැගී සිටීම, කූටතිල් ඔරුතන් හි රේඛාව මෙහි හොඳින් ඉස්මතු කර දක්වනවා. මෙහි අරමුණ මිනිසුන් හට ආදර්ශයක් ලබා දීමටයි. ඒ “තමන්ගේ ආදරණීයන් වෙනුවෙන් කළ හැකි සියල්ලක්ම කරන්න. නමුත් ඔවුන් සෑම විටම විශ්වාස නොකරන්න” යන්නයි. මීට අමතරව වැදගත් සංකල්ප කිහිපයක් මෙහිදී දැකගත හැකියි. මෙවන් චිත්‍රපටයක් හෝ නරඹමින් නිවසේ රැඳෙන්නට කියා ඉල්ලා සිටිනවා.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Web Dl පිටපත් සඳහා අදාළ වේ.

5,406 downloadsDownload Irumbu-Manithan2020.zip43 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

5,406 downloadsDownload Subtitles43 KB

10 comments

  1. oshanda

    thanks sahoo

  2. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට :) :)

  3. arawindasunimal

    THANKS SUB EKATA JAYAWEWA - BUDU SARANAI

  4. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  5. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ..

  7. nuwanishalika

    sub ekata nam thanks. ane eth deyak kiyanna ona tharaha wenna epa. sub karana kota me wage thuttu deke films sab karanan epa. oyage kaleth aparade. ape kaleth aparade. me film eka baluwamam mata films sanhathiyama epa una. ea tharam durwala nirmanayak meka. nodakin

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Kavinu

    උපසිරැසියට බොහොම ස්තූතියි!

  10. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා...
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.