කොහොමද ළමායි !!! ඉතිං ඔන්න එහෙනම් ලැබුන නිවාඩුවෙන් උපරිම ප්‍රයෝජනය අරන් ඉක්මනටම තවත් හොල්මන් ෆිලුමක් අරන් ආවා. මේක ටිකක් පරණ එකක් උනත් වෙනස්ම තේමාවක් නිසා තමයි ඔයාලට මේක දෙන්නේ. ඔයාලා මේක රෑ වෙලා නිවාඩු පාඩුවේ බලන්නකෝ. 2001දී මේ නමින්ම නිශ්පාදනය උන ජපන් චිත්‍රපටයක රී මේක් එකක් විදියට තමයි 2006 අගෝස…
කොහොමද ළමායි !!! ඉතිං ඔන්න එහෙනම් ලැබුන නිවාඩුවෙන් උපරිම ප්‍රයෝජනය අරන් ඉක්මනටම තවත් හොල්මන් ෆිලුමක් අරන් ආවා. මේක ටිකක් පරණ එකක් උනත් වෙනස්ම තේමාවක් නිසා තමයි ඔයාලට මේක දෙන්නේ. ඔයාලා මේක රෑ වෙලා නිවාඩු පාඩුවේ බලන්නකෝ. 2001දී මේ නමින්ම නිශ්පාදනය උන ජපන් චිත්‍රපටයක රී මේක් එකක් විදියට තමයි 2006 අගෝස්තු 11 මේ චිත්‍රපටය තිරගත වීම ආරම්භ කරලා තියෙන්නේ. ඒ වගේම 4.8ක IMDb අගයක් ලබගන්නත්, 80%ක ගූගල් පරිශීලක මනාප ලබාගන්නත් මේ ෆිලුම සමත් වෙලා තියෙනවා. Horror/Si-Fi යන කාණ්ඩ වලට තමයි මේ ෆිලුම වර්ග කරලා තියෙන්නේ. චිත්‍රපටිය අධ්‍යක්ෂනයෙන් දායක වෙන්නේ Jim Sonzero. ප්‍රධාන චරිත නිරූපනය කරන්නේ, Screem (2011), Zootopia (2016) සහ Frozen (2013) චිත්‍රපටයේ ඇනා කුමරිය සඳහා හඬ දායකත්වය ලබාදුන් Kristen Bell මැටී ලෙසත්, The Vampire Dairies රූපවාහීනි කතාමාලාවේ ඩේමන් සැල්වටෝර්ගේ චරිතය රඟ පෑ කඩවසම් නළු Ian Somerhalder ඩෙක්ස්ටර් ලෙසත් රංගන දායකත්වය ලබාදෙනවා.
ඉස්සර කාලේ වගේ නෙමෙයි අද වන විට අපිට කවුරුහරි පුද්ගලයෙක් ගැන තොරතුරු හොයාගන්න ඕන උනොත් ඒකට කොච්ච්ර ක්‍රම තියෙනවද නේද ? ප්‍රධාන වශයෙන්ම අන්තර්ජාලය, ඒකේම අතුරු මුහුණත් වෙන Facebook, WhatsApp, Google, Twitter ඒ වගේම ඉලෙක්ට්‍රොනික් මෙවලම් වන ජංගම/ස්ථාවර දුරකතන, රූපවාහිනි, පරිගනක, රේඩීයෝ වගේ දේවල් හරහා අපට අවශය ඕනම තොරතුරක් දැන ගන්න පුලුවන්. ඉස්සර අපි පොත්වලින් විතරක් ලබා ගත්ත දැනුම දැන් අන්තර්ජාලය හරහා ලේසියෙන්ම ලබාගන්න පුලුවන්. ඔයාලා නිකමටවත් හිතුවද අපි වටේ තියෙන මේ සයිබර් අවකාශයේ කොච්ච්ර දත්ත ප්‍රමාණයක් ඇතිද කියලා. ඔයාලා දන්නවද අද වන විට මුලු ලෝකේම තියෙන පොත්, සඟරා, පුවත්පත් වගේ මුද්‍රිත මාධ්‍ය වල තියෙන තොරතුරු වලට වඩා සියගුණයක් දත්ත අපි අවට තියෙන මේ සයිබර් අවකාශයේ හුවමාරු වෙනවා. ඉතිං හිතාගන්න පුලුවන් නේද අපි නොහිතන තරම් දත්ත ප්‍රමාණයක් මිනිසාට නොදැනිම හිස් අවකාශයේ සංසරණය වෙනවා කියලා. ඒත් අපි කවදාවත් හිතුවද මේ දත්ත වලට මොකද වෙන්නේ කියලා, මිනිස්සු හැර මේ දත්තවලට යම්කිසි වෙනත් බලවේගයක් ඇතුල් වෙන්න පුලුවන් වෙලා පාලනය කරොත් මොනවා වෙයිද ? අපි සම්ප්‍රේක්ෂණය කරන රූපවාහීනි, රේඩීයෝ වැනි තරංග ග්‍රහනය කර ගන්නේ අපි නිපදවපු උපකරණ විතරද ? අපි නිපදවන දත්ත, තරංග සහ අන්තර්ජාලය, මිනිසා වගේම පරිණාමය උනොත් මොන වගේ තත්වයක් උදාවෙයිද ? ඉලෙක්‍ට්‍රොනික් තාක්ෂණය මිනිස් සංහතියට එරෙහි උනොත් අපිට ඒකට මුහුණ දෙන්න තරම් ශක්තියක් තියෙයිද ?
මැටී කියන්නේ උසස් පාසලක මනෝවිද්‍යාව හදාරන තරුණියක්. දිනක් ඇයගේ පෙම්වතා ජෝශ්ව හම්බෙන්න ඔහුගේ ගෙදරට ගියාම ජොශ්, මැටීගේ ඉස්සරහාම සියදිවි නසා ගන්නවා. මේක සිද්ද වෙලා දින කීපයක් ගියාට පස්සේ දවසක් මැටීයේ පරිගණකයට ජොශ්ගෙ නමින් පණිවිඩයක් එනවා, ඒ පණිවිඩයේ තියෙන්නේ “උදව් කරන්න” කියලා, මැරුන කෙනෙක්ට පණිවිඩ එවන්න බැරි නිසා මැටීයි, එයාගේ යාලුවොයි හිතන්නේ මේක කාගේ හරි විහිළුවක් කියලයි, ඒත් මේ පණිවිඩ එන එක නවතින්නෙම නැති නිසා ජොශ්ගේ යාලුවෙක් වෙන ස්ටෝන්, ජොශ්ගේ පරිගනකය වෙන කවුරුහරි පාවිච්චි කරනවද කියලා බලන්න ජොශ්ගේ ගෙදරට යනවා. මේ සිදුවීමෙන් දවස් කීපයකට පස්සේ ස්ටෝනුත් අභිරහස් විදියට මියයනවා. ඒ වගේම නගරයේ සියදිවි නසා ගැනීම් ප්‍රතිශතයත් එන්න එන්නම ඉහල යනවා. වැඩි විස්තර කියන්නේ නෑ එහෙනම්, ජොශ්ට මොකද උනේ ? ජොශ් මැරුනනම් මැටීට පණිවිඩ එවන්නේ කවුද ? නගරයේ සියදිවි නසා ගැනීම් වැඩි වෙන්නේ ඇයි ? මැටීයි, එයාගේ යාලුවන්ටයි මොනවා වෙයිද ?
එහෙනම් මම ගිහින් එන්නම්. හැමදාම වගේ ෆිල්ම එකක් වෙන්කරගන්න මේල් එකක් දාපු ගමන් ක්ෂණිකව රිප්ලයි කරන හසන්ත අයියට ස්තූතිවෙනවා. ඒ වගේම උපසිරැසි නැති ෆිල්ම් ගැන මුහුණු පොතෙන් මාව දැනුවත් කරන යාළුවන්ටත්, කම්මැලි නැතුව අදහස් කොමෙන්ට් කරන අපේ රසිකයන්ටත් බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. මේ අවදානම් කාලේ ඔයාලා ගෙදරට වෙලා පරිස්සමින් ඉන්න. තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු. මම දනුවා. . . තෙරුවන් සරණයි !!!
#STAY SAFE #STAY HOME

Due to copyright issues, we do not provide any torrent link.
ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
2,768 downloadsDownload Pulse-2006.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
12 comments
Shamal manojan
Gihan Lakmal
Supiriyak
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ :) :)
indika75
thanks..
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
isuru srinath sjs
ස්තුතියි සිංහල උපසිරැසියට...
suranuwan
thanks bro...
shanedesilva
Thanks for the subtitle. Keep it up the good work.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for sub!
danithniwanthaka
thanks bro. jaya wewa...........!!!
Malith Samarawickrama
නියමයි යුරාන් මල්ලි දිගටම සබ් දෙමු.ජය වෙවා.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
උපසිරැසියට බොහොම ස්තූතියි.
සහෝ, ඔබ ලබාදුන්නු The Reef 2010 ෆිල්ම් එකේ උපසිරැසි වැඩකරන්නේ නෑ. පොඩ්ඩක් චෙක් කරලා update කරනවද?