Watch Trailer

Vertical Limit (2000) with Sinhala Subtitles | හිම තුල සිරවී [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න ඉතින් මම මගේ අනු නව වන උපසිරැසිය අරගෙන ආවේ ඔන්න. ඉතින් මම කලින් කිව්වා වගේම කඳු නැගීම ගැන කියවෙන චිත්‍රපටයක් මේක. IMDb අගය 5.9 අරගෙන තියන මේ චිත්‍රපටය Action, Adventure, Drama ගණයට අයිති වෙනවා. ඔයාලට මේ චිත්‍රපටයේ දක්නට ලැබෙන K2 කියන කන්ද හිමාල කඳු පන්තියේ තියන නගින්න අමාරුම…

ආයුබෝවන් යාලුවනේ. ඔන්න ඉතින් මම මගේ අනු නව වන උපසිරැසිය අරගෙන ආවේ ඔන්න. ඉතින් මම කලින් කිව්වා වගේම කඳු නැගීම ගැන කියවෙන චිත්‍රපටයක් මේක. IMDb අගය 5.9 අරගෙන තියන මේ චිත්‍රපටය Action, Adventure, Drama ගණයට අයිති වෙනවා. ඔයාලට මේ චිත්‍රපටයේ දක්නට ලැබෙන K2 කියන කන්ද හිමාල කඳු පන්තියේ තියන නගින්න අමාරුම කන්දක් කිව්වොත් හරි. වසරකට මරණ බොහෝ ප්‍රමාණයක් වාර්තා වෙන මේ කන්දේ 2008 දී මෙම චිත්‍රපටයේ සිදුවන සිද්දියට සමාන සිද්දියක් වීමෙන් එකවර එකොලොස් දෙනෙක් මරණයට පත්වීමක් වූ බව මතක් කරන්න කැමතියි.

මේකේ කතාව ගොඩක් සංවේදියි, කඳු නගින පවුලක වටා තමා කතාව ගොඩ නැගෙන්නේ. එක්තරා කඳු නැගීමක් අවස්ථාවේදී දරුවන් දෙදෙනෙක් ඉස්සරහා තම පියා මිය යනවා. ඒ සිද්දියත් සමග කඳු නැගීමෙන් ඉවත්වෙලා ඉන්න තරුණයෙක්ට තම නංගි K2 කන්දේ හිරවීම නිසා එයින් ඇය ගලවා ගැනීමට කරන උත්සාහය තමා මේ චිත්‍රපටයේ පෙන්නන්නේ. ඔයාලට චිත්‍රපටය බලලා රසවිඳින්න කියනවා එහෙනම්.

ඉතින් මම ඊළඟට අරන් එන්නේ අලුත්ම අලුත් චිත්‍රපටයක්. සුපිරි වීරයෝ ටිකක් ඉන්න එකක්. ඉතින් එකත් අරගෙන ඉක්මනට එන්නම් කියන ගමන් සමුගන්නම්.

බුදු සරණයි..

2010 ඔක්තෝබර් 24 උදා සොහොයුරා පල කළ ලිපිය.

ඇඟ සීතල කරවන හිමෙන් වැසුණු ගිරි ශිඛරයක ඇඟ සීතල කරවන භයානක අත්දැකීමකට මුහුණ දෙන්න වුණොත් කොහොමට තියේවිද? මේ ‍ෆිල්ම් එකේ ඉන්න කට්ටියටනම් හිමකන්දක් තරණය කරන්න ගිහිල්ලා ඒ වගේ සිද්ධියකට මූණ පාන්න වෙනවා. ඒත් මේක එසේ මෙසේ හිමකන්දක් නෙමේ. ලෝකේ 2වෙනි උසම කන්ද තමයි තරණය කරන්න හදන්නේ. කාත් කවුරුවත් අහලක නැති ඒ වගේ වෙලාවක කරදරයකට පැටළුණාම කාගෙන් කියලා උදව් ඉල්ලන්නද? පුළුපුළුවන් හැටියට තමතමන්ම උදව්-පදව් කරගන්නව මිසක.

එක්තරා කණ්ඩායමක් මේ කන්ද නගින්න ගිහින් ගිරි හිම නිපාතයකට අහුවෙනවා. මේ අය හිරවෙළා ඉන්නේ මිනිහෙකුට පැය කීපයකට වඩා ජීවත්වෙන්න හැකියාවක් නැති උස මට්ටමක; ඒ කියන්නේ අඩි 26,000කටත් වඩා ඉහළින්. අයහපත් කාලගුණය නිසා මේ වගේ හදිසි තත්වයකට පැටළෙන මේ කට්ටියව ගලවගන්න බේරා ගැනීමේ කණ්ඩායමක් පිටත් වෙනවා. මේ අය බේරා ගන්න යන පිරිසත් ඉතා දරුණු අවධානමක් තමා ගන්නේ ඒ වැඩේ කරන්න ගිහින්. ඒ කට්ටියටත් ඇඟේ ලේ කැටි කරවන තරමේ භයානක දේවලට තමයි මූණ දෙන්න වෙන්නේ. කොහොම කොහොමහරි ඒ මේ අස්සේ තවත් දරුණු දෙයක් හෙළිදරව් වෙනවා. ඒ මේ කරදරයට පත්වුණු අය අතරේ බොහොම ආත්මාර්ථකාමී දරුණු අයෙක් ඉන්නා බව.

මේ පිරිසෙන් කී දෙනෙක් දිවි ගළවා ගනීවිද? අනිත් අයට කුමක් වේවිද?

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

2,422 downloadsDownload Vertical-Limit-2000.zip33 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය. 

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2016/05/10

Subtitles by

අසංක ප්‍රදීප් රණතුංග

Subtitles

2,422 downloadsDownload Subtitles33 KB

22 comments

  1. Nishan

    Thanx bro

  2. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. තව එකා….යි. ජය෴෴

  3. එල්.සී. දමැල්

    බොහොමත්ම ස්තුතියි
    මේක ගන්නවා ඔන්න

  4. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    මේක හොඳ ෆිල්ම් එකක් වගේ. අනිවාර්යෙන් බලනවා.
    ජය වේවා!
    බුදු සරණයි!

  5. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  8. දමිත්

    සුබ පැතුම් සහෝ.
    ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා!!!
    ජයෙන් ජය

  9. asitha

    ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    ~~බුදුසරණයි..ජය වේවා~~

  10. Udara Damith B/K

    බොහොම ස්තූතියි

  11. Sanjeewa

    Thanks saho…….good luck….

  12. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  13. Chalana

    thnx bro…

  14. Dulanga

    Thanks

  15. dilshan

    Thank you bro.donnie darko film 1ta sub dennako

  16. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

  17. Subash

    Thanks broo

  18. nimal dissanayake

    ඔන්න අසංක සබ්ස් දුන් ඒවාවලින්
    නවවෙනි එකත් බැලුවා.
    මම නැරඹු නවවැනි එක.
    හොඳයි! ලස්සනයි! සාර්ථකයි!
    ඔයාගේ සිලෙක්ෂන්ස් එකකට එකක් වෙනස්!
    ස්තුතියි!

  19. chaithika

    Thanx saho

  20. Chan

    Thank you

  21. mankan

    wada karanne ne

    1. Ravindu Heshan - Admin

      Dan Wada