ආයුබෝවන් යාළුවො ඔක්කොටම. ඉතින් මෙන්න සියවන පාරටත් මම ඔයාලට උපසිරසියක් අරගෙන ආවා. හරියටම මිට වර්ෂයකට කලින් ඒ කියන්නේ දෙදහස් දහසයේ මැයි දහවෙනි දින Tremors (1990) චිත්‍රපටයෙන් ආරම්භ කර චිත්‍රපටම සියයකට උපසිරසි ඔයාලට අරගෙන ඇවිත් තියනවා. පළමු චිත්‍රපට පනහ මාස තුනක් වැනි කාලකින් දුන්නත් මෙම ඊළඟ චිත්‍රපට…

ආයුබෝවන් යාළුවො ඔක්කොටම. ඉතින් මෙන්න සියවන පාරටත් මම ඔයාලට උපසිරසියක් අරගෙන ආවා. හරියටම මිට වර්ෂයකට කලින් ඒ කියන්නේ දෙදහස් දහසයේ මැයි දහවෙනි දින Tremors (1990) චිත්‍රපටයෙන් ආරම්භ කර චිත්‍රපටම සියයකට උපසිරසි ඔයාලට අරගෙන ඇවිත් තියනවා. පළමු චිත්‍රපට පනහ මාස තුනක් වැනි කාලකින් දුන්නත් මෙම ඊළඟ චිත්‍රපට පනහට මාස නවයක් ගතවුනා විවිධ හේතු හින්ද. එත් කොහොමහරි අවුරුද්ද පිරෙන දිනයේම සියවෙනි උපසිරැසිය ඔයාලට ගේන්න මම ගත්ත උත්සාහය අවසානයේ සාර්ථක උනා. මෙම දෙවන චිත්‍රපට පනහ තුල Star Track , Dracula වැනි අතිශය ජනප්‍රිය චිත්‍රපට මාලාවන් වගේම බයිස්කෝප් වෙබ් අඩවියට පැමිණෙන්න පෙර සිටම එකක් හෝ උපසිරසි කරනවා යැයි සිතා සිටි වුල්වරින් හෙවත් ලෝගන් චිත්‍රපට මාලාවේ අවසන් චිත්‍රපටයත් ඇතුලත්.
සැබවින්ම මෙම පසුගිය අවුරුද්දක කාලයේ මම හිතන්නේ මා විසින් කල යුතුයි යැයි සිතු නොසිතු සියල්ල කිරීමට හැකියාව ලැබුනා. ලංකාවේ එක කොනකින් පැමිණ සබ් එකක් දෙකක් දෙනවා කියල ආසාවට එකතු වෙච්ච මම අවුරුද්දක් ඇතුලත සියලුම ඇඩ්මින් සහෝදරයන් සහ එකම ඇඩ්මින්වරිය හොඳින් දැන හඳුනා ගැනීමට මෙන්ම බයිස්කෝප් වෙබ් අඩවියේ නිර්මාතෘ ඉසිර සහෝදරයා සමග පවා කතා බස් කිරීමට හැකියාව ලැබීම පුද්ගලිකව ලැබූ ජයක් විදියට සලකනවා. එත් එක්කම මගේ ජිවිතයේ වීරයා මෙන්ම අනුගමනය කරනා චරිතයේ අවසන් චිත්‍රපටය වෙනුවෙන් උපසිරසි නිර්මාණය කිරීමට ලැබීම එම නොමියෙන චරිතය සමග මගේ නම සදාකාලයටම එකතු කිරීමක් ලෙස සලකන්න පුළුවන්. ඒවගේම ලොව ප්‍රකට බොහෝ පැරණි චිත්‍රපටවල සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට හැකිවීම මම කිසිදින නොසිතු දෙයක්. ආසාවෙන් පොත්වලින් බැලු බොහෝ විද්‍යා ප්‍රබන්ධ ඊට ඇතුලත්. සරලවම කියනවා නම් බයිස්කෝප් වෙබ් අඩවියට එකතුව ගත කරන ලද මගේ ජිවිතයේ පසුගිය අවුරුද්ද අතිශයෙන්ම සතුටෙන් ගත කරා කිව්වොත් නිවැරදියි.
සමාජ ජාල බාවිතයක් නැති හින්ද අඳුනාගෙන තිබෙන පිරිස බොහොම සුළු ප්‍රමාණයක් උනත් මෙම කාලයේ මා හට උදව් කර කිහිප දෙනෙක් ගැන මතක් කරන්න කැමතියි. පළමු ස්තුතිය යන්න ඕන මගේ බිරිඳට. මොකද අවුරුද්දක් වයස වෙන මගේ දුව සමග සිටිමින් නිවසේ ගත කරන ඉතා කෙටි කාලයෙනුත් වැඩි පැය ගානක් බයිස්කෝප් වෙබ් අඩවිය සමග ගත කිරීමට අවස්ථාව ලබා දීම සම්බන්දයෙන්. ඊට පසුව බයිස්කෝප් වෙබ් අඩවියේ ඇඩ්මින් සහෝදරයන්ට ස්තුති වන්ත වෙන්න ඕන, චිත්‍රපට වෙන්කරගනිමේදී අවශ්‍ය උපදෙස් සහ ක්‍රියාමාර්ග ගැනීම සම්බන්දයෙන්. දැන් විශ්‍රාම සුවයෙන් පසු උනත් සමීර කරුණාරත්න සහෝදරයා තමා මුල් කාලයේ මා උපසිරසි කරන ලද බොහෝ චිත්‍රපට වෙන්කරලා දුන්නේ. කොටින්ම ඔහු තමා මාස තුනෙන් චිත්‍රපට පනහක් කරමු යන සංකල්පය ඇති කර මෙතරම් දුර පැමිණීමට මා පෙළඹවීම සිදු කරේ. ඊළඟට සමන් ප්‍රසාද් සහෝදරයා ඒ කාර්යය සිදුකරා. හසන්ත සහෝදරයා හින්ද තමා ස්ටාර් ට්‍රැක් චිත්‍රපට මාලාව මෙන්ම ලෝගන් චිත්‍රපටය මට ලබා ගැනීමට හැකිඋනේ. ඉතින් මේ තුන්දෙනාට මම පළමුව ස්තුති වන්ත වෙන්න ඕන. ඊළඟට රොයිලි සහෝදරයා. ශාන් විමුක්ති, ආසිරි, යශෝද , චින්තක යන ඇඩ්මින් සහෝදරවරු සහ නිර්මාණි විජේසිංහ ඇඩ්මින්වරිය ට ස්තුතිය පලකරන්න කැමතියි.ඒ වගේම චිත්‍රපට වෙනුවෙන් චායාරුප නිර්මාණය කරදෙන නලින් සහෝදරයා, සඳුන් දනුෂ්ක මෙන්ම ඉමේෂ් නොහොත් නයි මල්ලිත්, බයිස්කෝප් වෙබ් අඩවියේ ස්ටුඩියෝ එකට අලුතෙන්ම සම්බන්ද වෙච්ච ලශේන් නැතිනම් ඔයාල දන්නා එල් සි ද මැල් මලයා ට ස්තුති කරන්න ඕන.

ඊළඟට ස්තුති කරන්න වෙනම කට්ටියක් ඉන්නවා. එයාල තමා මගේ උපසිරසි වලට කමෙන්ට් දාන යාළුවන් ටික. ඒ අතරේ ඉශාන් මදුශ , වෙබ් බුවා, අසිත, මිතුන්, ප්‍රියන්ත දයාකිරිති, කුලංජන මනතුංග මට මතක් කරන්න පුළුවන්. මොකද මෙයාල ගේ විවේචන සහ දිරිමත් කිරීම් තමා පැය ගානක් මහන්සිවෙලා උපසිරසි කිරීමෙන් අපට ලැබෙන්නේ. මම පුද්ගලිකව ස්තුති කරන්න මේ කිහිප දෙනාට මොකද මම ඔයාලට උපසිරසි ගෙනාව සහ ගේන්න ඉන්න සමහර චිත්‍රපට මතක් කරදීම සම්බන්දයෙන්. මේ ගමන්ම මම උපසිරසි ගන්නා ඔයාල ඔක්කොටම දෙයක් කියන්න කැමතියි. මම දැක්ක දෙයක් තමා උපසිරසියක් පරක්කු උනොත් නැතිනම් වැරදුනොත් ඔයාලගේ බැනුම් නම් නොවඩුව උපසිරසි කරුවට ලැබෙනවා. එත් අනිත්වෙලාවට ස්තුතියි වචනය වත් ඔයාල කියන්නේ නැ. මම ඔයාලට යෝජනා කරන්නේ ස්තුතියි කියලවත් කමෙන්ට් එකක් දාන්න කියලයි. මම දන්නා පරිදි බොහෝ උපසිරසි කරුවන් උපසිරසි කරණයෙන් වැළකිලා ඉන්නේ මෙම ඔයාලගෙන් ලැබෙන සහයෝගය නොමැති කම හින්ද. සිංහල ටයිප් කරන්න අපහසු අයට බයිස්කෝප් වෙබ් අඩවියේ උපසිරැසිය රේටින් කිරීමේ පහසුකම ඇතිකරලා තියනවා. එක මවුස් ක්ලික් එකකින් ඒක කරන්න පුළුවන්. ඉතින් අඩුගානේ එහෙම වත් උපසිරසි කරුවා උනන්දු කරන්න මම ඔයාලට කියනවා. මේ මම කිව්ව යාලුවන්ට අමතරව මට අමතක වෙච්ච අය ඉන්නවා නම් සමාවෙන්න කියලත් කියන්න ඕන.
දැන් චිත්‍රපටය ගැන කතා කරමු. මේ චිත්‍රපටයෙත් නිල හිමිකම නොහොත් වෙන් කරගෙන තිබුනේ හසන්ත සහෝදරයා. එත් මේ ලඟකදී ඉඳල එයා ටිකක් අලස ස්වරුපයෙන් ඉන්නේ. ගොඩක් චිත්‍රපට ලොබ කමක් නැතුව බෙදල දෙනවා. ඉතින් අලුත් චිත්‍රපටයකින් සියවන උපසිරැසිය කරන්න අදහසක් නොතිබ්බ මට එයා තමා මේ චිත්‍රපටය දුන්නේ. ඉතින් ළමා කාලයේ කාටුන් එකකින් බලල තිබ්බ මේ කතාව හා සම්බන්ද චිත්‍රපටය දෙන්නද ඇහුවම මම එක පයින් කැමති උනා. ඉතින් පිටසක්වල ජීවින් සහ සුපිරි වීරයන් සම්බන්ද මේ චිත්‍රපටයට මම උපසිරසි අරගෙන එන්නේ ඒ හේතුවෙන්. පෘතුවියේ මුල්ම කාලයේ ඇදවැටුණු පිටසක්වල යානයක් සොයා ගන්නා ටිකක් විතර නාහෙට අහන්නේ නැති යහළුවන් ටිකක් වටේ තමා කතාව ගොඩ නැගෙන්නේ. ලැබෙන සුපිරි බලයෙන් එයාලගේ ජිවිත වෙනස් වෙනවා වගේම ලෝකයේ විනාශය නැවත්වීමට ගන්නා උත්සාහයන් මේ චිත්‍රපටයේ ඔයාලට බලන්න පුළුවන්. මාවල් හෝ ඩිසි නොවන මෙම සුපිරි වීරයන් රැගත් චිත්‍රපටය රසවිඳින්න කියල කියනවා.
මම මිට කලින් රුපවාහිනී කතාමාලා ඔයාලට දීල නැ. මොකද මට ඕන උනේ උපසිරසි සියයක් චිත්‍රපට වලින්ම කරන්න. මම දන්නේ නැ මිට කලින් කවුරුවත් චිත්‍රපට වලින්ම උපසිරසි සියය සම්පුර්ණ කරාද කියල. කොහොම හරි මම ඒ ඉලක්කය සම්පුර්ණ කර ගත්ත හින්ද ඊළඟට ඔයාලට රුපවාහිනී කතා මාලාවක් අරගෙන එන්න සුදානම් වෙනවා. මමත් බොහෝ කැමති එම කතා මාලාව ඔයාලට අරගෙන එන ගමන් චිත්‍රපටත් ඔයාලට අරගෙන එනවා කියල මතක් කරනවා. ඉතින් එහෙනම් ගිහින් එන්නම්.
බුදු සරණයි…
Due to copyright issues, we do not provide any torrent links.
Power.Rangers.2017.720p.BluRay.x264-[YTS.AG]
Power.Rangers.2017.1080p.BluRay.x264-[YTS.AG]
මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.
48,702 downloadsDownload Power-Rangers-2017-BR.zip105 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/AsankaGAP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
154 comments
Withanage Priyantha Dayakeerthi
vinod
good luck.
charith eranga
elama thanks….
br copy enakan innawa balanna…buddika prasad
thanks
Ravi
Jaya weewaa. Thank you
Eshan
jaya weiwa soyura
thisan
thx. wish u all da best
එල්.සී. දමැල්
100වන උපසිරසගැන්වීම වෙනුවෙන් මගේ උණුසුම් සුභ පැතුම් අසංක අයියා…
ඔයත් දැන් අපේ මේ සොඳුරු වෙබ් අඩවියේ බල කණුවක් වෙලා හමාරයි…100 ගේන්න පරක්කු වුණාට මේ අනිත් උපසිරස බර ගාණක් අඩවියේ පල වෙන්නේ ඔයා නිසයි කියලා කට්ටිය දන්නවත් ඇති… ඒ වෙනුවෙනුත් මේ වෙලාවේ මම ස්තුතිවන්ත වෙනව.
ඊළඟට 150 නේද? ඒ කඩයිමටත් ඉක්මනටම යන්න හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනව…
චිත්‍රපටය ගැන කතා කරද්දි,
ගොඩක් කල් බලාගෙන හිටිය මේක එනකල්…
ඉතින් බ්ලූරේ ආවම ගන්න ඉන්නවා…
ඉතින් බොහොම ස්තුතියි උපසිරසට…
අවසාන වශයෙන් මාව මතක් කළාටත් ස්තුතියිTharaka
100වෙනි උපසිරැසියට උණුසුම් සුභ පැතුම් සහෝ.
සිංහල උපසිරැසියටත් ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!දසුන් හසන්ත
උපසිරැසි ශතකය සඳහා සුබ පැතුම්!!! බොහොමත්ම ස්තූතියි…! දිගටම සබ් දෙමු! ජය වේවා!!! තෙරුවන් සරණයි…!
nidi
shathakayata suba pethum!
baiscope site ekata pradeepayakma wewa!
thanks Pradeep!ලහිරු චානක
සුබ පැතුම් අසංක අයියා… ඉදිරියටම වැඩේ කරන් යමු. ජය වේවා…!!!
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
—–ස්තූතියි—–මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.Kantha_DLA
Hat off Respect Bro….Great work & Lot of thanks ASANKA saho.wish u’r great future…..
Kulanjana Maduranga
baiscope rasika api wenuwen methuwak kal kala kapa kirima sahenna watinawa…e wgema ekata godak pin….sahota idiriyatath me wgema sub nirmana krnna shakthiya,dairya labewa…ASANKA sahoge siyalu balaporoththu itu wenna kylath prarthana krnawa…..wish u’r great future…..jayen jaya…
Hat off Respect Bro….Great work & Lot of thanks ASANKA saho.wish u’r great future…..
දමිත්
සුබ පැතුම් සහෝ.
ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා!!!
ජයෙන් ජයKavin
100 වෙනි උපසිරසට සුභ පතනව… සහෝ
නමුත් කොපියක් නැතිව ඔර්ජිනල් එකම එනකල් ඉදල දැමම්නම් කියල වැඩක් නැ..ඉෂාන් මදුෂ
නියමයි.ඔන්න 100 මගෙනුත් උණුසුම් සුබ පැතුම්
සබ් එකට බොහොම ස්තූතියි.බලන්නෙ නම් br ආපුවාම තමයි.
සහෝට ස්තූති වෙන්න කලින් නරබලා නැති ෆිල්ම් ගොඩක් බලන්න පුලුවන් උනා
ඒ වගේම අපගේ ඉල්ලීම් සලකා බලා එම උපසිරසි ලබා දෙන එකත් ඔබ තුළ ඇති වටිනා ගුනයක්
බව මතක් කර යුතුමයි.සිංහල උපසිරසි කරනයේ දිගු ගමනක් යමාට දිරිය ලැබේවා කියා
ප්‍රාර්ථනා කරනව.ජයම වේවා!Kasun Widusha
Ela 100 ta suba pethum .150 ikmanata gahamu
asitha
ගොඩක් සතුටුයි සහෝ
මම හදවතින්ම සුභ පතනවා..!!
ඔයා නම් සුපිරියි..
හිතා ගන්නත් බැරි උනා පවුල් උන කෙනෙක්ද මෙච්චර තරගෙට සබ දීල තියෙන්නේ කියලා දැනගත්තම..
Star Trek, Dracula series පිටින් සබ දුන්න ඔයා කවදාවත් අපේ යාළුවන්ට අමතක වෙන එකක් නෑ..
ජය වේවා!!!දැන් ගොඩක් දෙනක් සබ් කරන්නේ නෑ..
මම නම් හරියටම දන්නේ නෑ හේතුවක් කියන්න.
ඔයා කිව්ව් දේත් එක හේතුවක් වෙන්න ඇති.පුද්ගලික හේතුත් ඇති…
ඉස්සර අලුත් ෆිල්ම් relese වෙන්න ඉඩක් නෑ.මෙහෙ තරගෙට සබ් දානව…
ඒත් දැන් ෆිල්ම් බාල තියෙනවා..
සබ නැතිව වේලෙනවා…
මොනවා කරන්නද කාලය මැවූ වෙනසක අරුමේ..ඒත් තාමත් IMDB TOP 250 වලට සබ් දෙන, BLURAY ආවම UPDATE කරන, හැම සබකටම කමෙන්ට් කරන, ෆිල්ම් වලින් තෝරලා තෝරලා හොදම එකකට සබ් දෙන උණ තියෙන කෙල්ලෝ කොල්ලෝ ටිකක් ඉන්න නිසා SITE එක බේරිලා තියෙනවා..
හැමදාමත් ආදරෙයි බයිස්කෝප්..ලහිරු ප්‍රසාද්
100 වෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා අසංක අයියෙ.
තවත් ඉදිරියට උපසිරැසි කරන්න අවැසි කාල වේලාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
ජය වේවා!!Sanindu Lakkitha
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
100 වෙනි උපසිරැසට හදවතින්ම සුබ පැතුම් සහෝ..විශේෂයෙන්ම කියන්න ඕනි තාම උපසිරැස 100ක් උනත් කරලා තියෙන්නේ උබ මේ site එක වෙනුවෙන් ලොකු වැඩ කොටසක් කරපු කෙනෙක්..අනිත් සහෝදර උපසිරැසි කරැනවන් හැමදෙනා වගේ ඒ කතාව කියලා තියේ. ඉතින් මෙතනින් නොනැවතී ඉදිරියටත් උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මචං. අර ටීවී සීරිස් එක දෙනකම් බලාගෙන ඉන්නවා සහෝ…උබලා කරන සේවයට අපිට කරන්න පුලුවන් එකම දේ comment එකක් දාන එක විතරයි..සබ දෙන එක බැලුවත් නැතත් අනිවා හැම එකටම comment එකක් දානවා මචං..
~~බුදුසරණයි..ජය වේවා~~Udara Damith B/K
100 ට සුබ පතනවා
සුබම සුබ වෙසක් දිනයක් වේවා
ඉක්මනට 150 දෙන්ඩ
හොද කොපියක් අවම බලනවා
හොද සුපිරි ටීවී එකක් කරන්ඩ
අනිවාර්යෙන්ම එකත් බලනවාSandheep
Thanx saho.. honda copiyakata ikmntama update krala denna..
sasijith hettiarachchi
thanx bro
Sanjeewa
good luck…..Thanks saho…..
kavinda
100 weni upasirasiyata suba pethum saho…
Sisila Prasad
සියවෙනි උපසිරසියට උණුසුම් සුභ පැතුම්, සහෝ.
මෙතනින් නොනැවතී, ඉදිරි කඩයිම් වලටත් යෑමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
ජයවේවා!!!kent
Thanx bro
මධුකප්‍රිය පෙරේරා
අසංක සහෝගේ ශතකයට සුබපැතුම්..
50වැනි උපසිරැසිය දීපු වේගෙට මම හිතුවා මාස හයෙන් හතෙන්
සීයත් දෙයි කියලා. සහෝගේ උපසිරසිනම් මම වැඩි ප්‍රමාණයක්
බලලා නෑ.මොකද සහෝ දුන්නේ ගොඩක් පැරණි සිනමාපට නිසා.
කොහොමවුනත් පැරණි සිනමාපට අගය කරන පිරිස වෙනුවෙන් ඒ කළ දේ වටිනවා.
සහෝ වෙබ්අඩවිය වෙනුවෙන් කරන කර්තව්‍යයත් සුළුපටු නෑ..
කියන්න තියෙන්නේ පුළුවන් විදිහට දිගටම
අවශ්‍ය කාලය සොයාගෙන උපසිරසිකරණයේ යෙදෙන්න කියලා තමයි..
කලින් වගේ මාස දෙකෙන් තුනෙන් 150 ගහන්න හැකිවේවා..
මේකනම් බ්ලුරේ ආව දවසක බලනවා..
ඔබට ජයෙන් ජය!Sajith Anthony
සියවෙනි උපසිරසියට උණුසුම් සුභ පැතුම් සහෝ,
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා…!!KAVINDA GAMAGE
පට්ටම චිත්රබපටියක් නොවැ. බ්ලූ රේ කොපියක් ආවහම ආයේ බලන්න බැරියෑ. දැනට මේක නොබලා කොහොමද. මෙන්න බානවා. ජය෴෴ දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
ඔන්න ගත්තා බොහොම ස්තුතියි වේගෙන්ම දෙමු. ඒ වගේම මම කැමතියි SMALLVILLE එකත් සබ් දෙනවානම්
නමුත් smallville එකේ නම් season 10 තියෙනවා එත් කතාවනම් සුපිරියතම තියෙනවා. smallville සම්පුර්ණ කතාවම දානවානම් එක හැමෝම වෙනුවෙන් කරන ලොකුම සේවයක් වෙනවා.
smallville කියන්නේ අපි පොඩි කාලේ බලපු ගොඩක් ලස්සන කථාවක් .
මට මතක විදිහට smallville පළවෙනි season එක පටන් ගත්තේ 2001 දී ඉවර කළේ 2011 දී විතර වගේ .
මම පොඩි කලේ පාසල් නොයා හරි ගෙදර වැඩ නොකර පිස්සුවෙන් වාගේ බලපු කථාවක් තමා එක.
සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්නට.
DC කථාවක් නම් ඉතින් සුපිරිම තමා.
පුංචි කලේ මගෙත් කැමතිම වීරයා තමා superman පුංචි කලේ මම ගොඩක් අසාවෙන් බලපු කථාවක් smallville කියන්නේ එකට
සිංහල sub දෙනවා නම් ගොඩක් අගය කරනවා. කොමික් සෙට් එකම ඉන්නවා .
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…හැකිනම් KING KONG පරන ෆිල්ම් වලටත් සබ් ලබා දෙන්න.
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.Ravindu Rukshan
100 උපසිරසියට උණුසුම් සුභ පැතුම්, සහෝ.
Prasad Randunu
Bohoooooooma Pin aiya.. Kepawima gdk watinawa ape windanaya udesa. 100 weni Sub ekata unusum suba pethum. Thawa subs denna. Jaya wewa…
රන්දිම
සබ් 100 ක් ම අපිට දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!James DC
100 වෙනි සබ් එක වෙනුවෙන් හදවතින්ම සුභ පැතුම් සහෝ. ආපහු සැරයක් ඉස්සර දුන්නා වගේ වේගෙන් වේගෙන් සබ් දෙන්න.
ඒ වගේම 150,250 වැනි කඩඉම් වලට ඉක්මනින්ම ලඟාවන්නට හැකිවේවා කියා ප්‍රාර්තනා කරනවා. ඒ වගේම උපසිරස නිර්මාණය කරන්නන්ට ලැබෙන දිරිගැන්වීම ගැන කිව්ව කතාවත් හරියටම හරි. එක සබ් එකක් කරාට පස්සෙ තවත් එකක් ඉක්මනට ලබා දෙන්නට හිත නොදෙන්නෙ හරි හැටි දිරිගැන්වීමක් ලැබෙන්නෙ නැති නිසා තමයි. එහෙනම් තවත් දීර්ඝ කාලයක් උපසිරසි නිර්මාණකරණයේ යෙදීමට අවශ්‍ය ශක්තිය,ධෛර්ය්‍ය, කාලය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.ප්‍රණීත් චින්තක
මුල් දවස් වල නම් අසංක ප්‍රදීප් රණතුග කිව්වට කට්ටිය දැනන් හිටියේ නෑ. ගොඩක් වෙලාවට අපි කිව්වේ (ගැපා) කියලා G.A.P අකුරු තුන නිසා. දැන් ඉතිං ආපු දුර කියන්නේ චිත්‍රපටි වලින්ම 100 ගැහුවා විතරක් නෙමෙයි සයිට් එකෙක් ලොකු ගේමක් දෙන ඇත්තෙක් නෙව. වැඩ වැඩිවුනා කියලා ඉතිං කෝමහරි අපි වගේ ඉඳලා හිටලා මොකක්හරි දෙමු. අනිත් අය ප්‍රාර්ථනා කරනවා වගේ වැඩි වැඩියෙන් උපසිරැසියක් කාරිය කරන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
ආයු – බෝ -වේවා !!!
හසන්ත
සුබ පැතුම් අසංක !!! 150 වෙනකන් ඉක්මනට යමු. මේ වගේම මම භාරගත්ත තව එකක් දෙන්නම්. සයිට් එකේ වැඩ එක්ක සබ් කරන එක ලේසි දෙයක් නෙමේ. එත් මේකට තියෙන ආසාව දිගටම තියාගන්න එක වටිනවා. ඒ වගේම ඉස්සර වගේ සබ් ගන්න අය සබ් කරන අයට පොඩි හරි වචනයකින් කමෙන්ට් කලොත් ෆිල්ම් රිලීස් වෙන පරක්කුවට ඔයාලට සබ්ටයිටල් ලැබේවි.
Nirodha uthpala
Digatama demu bro obata jaya api bro eakka hode
Rumesh Nilantha Jayaweera
100ට සුබපැතුම්. සෑහෙන කාලෙකින් අදහසක් දක්වන්නත් බැරි උනා.The Monster Squad 1987 comment කරාට පස්සේ…..අසංක සහෝ දිගටම උපසිරැස දෙමු… ජය වේවා..
thusitha
thank u brooooo,,,,,oyala api vage film pissanta karana sewaya wenuwen hada piri pranamaya,,,tawa tawath mevani de kirimata shaktiya balaya,,nirogi kama hamadema labewa,,,teruwan saranai
Dulanga
Thanks
chathurani dias
Good luck . Wish you the all success thanks
Lahiru Lakmal
Thanks for sub.
Congratulations!!sanka
eka torrent ekakawath mee film eka nane?
Chami.S
Thanks..
Good Luck..HAPPY BOY
Congratulations aiye 100th subtitle ekata! Baiscope eken sub download karagatttata comment danne na.danna welawak na godak welawata hadissiye enne bagena yanna.ath oyage post eka kiyewwata passe comment ekak noda yanna hitha dunnema na.a kale idan baiscope ekata sub karanna math asawen hitiye ,ath welawak set wen na mata.Digin digatama me wage subtitles lestama denna shakthiya dhairaya wasanawa labewa kiyala prarthana karanawa oyata!
Jayawewa!සචිත් ලක්ෂාන්(සචී)
100 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පැතුම් අසංක අයියා
එනකන් බලාගෙන හිටපු ෆිලුමක් නෙව
උපසිරසියටත් ස්තුතියි
150ටත් ඉක්මනටම යමු
ජය වේවා..
—SACHI—රොයිලි
උණුසුම් සුබ පැතුම් අසංක සහෝ. මේ දවස් වල සයිට් එකේ වැඩ වලින් බොහෝ ප්‍රමාණයක් කරන හින්දා මේ කඩ ඉමට එන්න ගොඩක් පරක්කු වුණා මම හිතන්නේ. මෙතනින් නොනැවතී හැකි ඉක්මනින් ඉලඟ කඩඉමට යන්න ලැබේවායි පතනවා. එහෙනම් වෙනද වගේම බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ජය෴෴
pasindu
100 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පැතුම් සහෝ. දිගටම උපසිරැස දෙමු… ජය වේවා..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අසංක ප්‍රදීප් සොයුර,
ඔබගේ සිංහල උපසිරසි ශතකයට මාගේ හදපිරි සුබපැතුම් පිරිනමන්නෙමි!!!
ඒ වගේම කමෙන්ට් එක දමන්නට ප්‍රමාද ටිකක් ප්‍රමාද වුණා. අද මේ වෙබ් එකට ආවේ දින කීපයකට පස්සේ. ඔබගේ වෙහෙසින් නිමවූ මෙම ශතකය තුළ තිබූ බොහෝ සිනමාපට මා නැරඹුවා.(විශේෂයෙන්ම පැරණි සිනමාපට) ඒ අතර ඇල්ෆඩ් හිච්කොක් සිනමාකරුවානන්ගේ The Birds, ක්‍රිස්ටෝපර් ලී රඟපෑ Dracula චිත්‍රපට මාලාව සුවිශේෂ වූවා. එමෙන්ම මා විසින් යෝජනා කළ බොහෝ සිනමාපට සඳහා ඔබ උපසිරසි ලබා දුන්නා. ඒ සඳහා මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. මේ වෙබ් එකට එන සෑම වාරයකදීම ඔබ ලබා දුන් සිංහල උපසිරසියක් තිබේද කියා මා සොයා බලනවා. ඒ මන්ද අපට නරඹන්නට සුවිශේෂී යමක් දෙන කෙනෙක් ඔබ. ඉතිං ඉදිරියේදීත් මෙම කාර්යය සාර්ථකව කරගැනීමට අවශ්‍ය ශක්තිය ඔබට ලැබේවායි පතන්නෙමි. උපසිරසි නිර්මාණය කරන සොයුරෙක් ලෙස සහ බයිස්කෝප් වෙබ් අඩවියේ කාර්ය මඩුල්ල තුළ සුවිශේෂී මෙහෙයක් කරන්නාවූ "අසංක ප්‍රදීප් රණතුංග" නම් වූ ඔබට මාගේ ප්‍රණාමය මෙයින් පුදකර සිටින්නෙමි!!!