ඔන්න යාලුවෙනේ මම මගේ තුන්වන උපසිරස ඇරන් ආවා..මෙවරනම් මගේ ඇකමැතිම මාතෘකාවක චිත්‍රපටයක් තමා කරේ. ඒ ලංකාවේ නැතිම පොඩිමිනිහා අඹ ගෙඩි දෙකක් කැඩුවත් හිරේ යන ලොකු උන් මහ බැංකු පිටින් හොරා කෑවත් කතා නොකරන “නීතිය” ගැන. සබ් එකත් ඒ වගේමයි ලේසි උනේ නෑ. පේලි ගොඩයි. එන නම තැන් අහලා පුරුදු ඒවා නෙවෙයි. ඒවගේම එක පො…

ඔන්න යාලුවෙනේ මම මගේ තුන්වන උපසිරස ඇරන් ආවා..මෙවරනම් මගේ ඇකමැතිම මාතෘකාවක චිත්‍රපටයක් තමා කරේ. ඒ ලංකාවේ නැතිම පොඩිමිනිහා අඹ ගෙඩි දෙකක් කැඩුවත් හිරේ යන ලොකු උන් මහ බැංකු පිටින් හොරා කෑවත් කතා නොකරන “නීතිය” ගැන. සබ් එකත් ඒ වගේමයි ලේසි උනේ නෑ. පේලි ගොඩයි. එන නම තැන් අහලා පුරුදු ඒවා නෙවෙයි. ඒවගේම එක පොඩි සින්දුවක් විතරයි.
Boban Samuel තමයි මේක අධ්‍යශනය කරලා තියෙන්නේ, ප්‍රධාන චරිතය එනම් බිනූට පණ පොවන්නේ Vishnu Unnikrishnan. පැය දෙකයි විනාඩි 10ක් පුරාවට දිවෙන මේ චිත්‍රපටය IMDb දර්ශයයේ 6ක් ඇරන් තියනවා. සිනා වෙන් පොදු යතාර්ථ සමාජයේ තිබෙන සමාජ ප්‍රශ්න ඉතා හාත්ස්‍යයෙන් පෙන්වා දෙනවා. රටේ නීතිය රටේ දියුනුවට බලපාන ප්‍රභලම සාධකයක්, එනම් රටේ රජකරන්නේ අවනීතියනම් සාධාරනයට තැනක් නැත්නම් ඒ රටේ හොරකම රජකරනවා දියුණුවෙනවා කියන එක දවල් හීනයක්.මැරකම සල්ලි තියන කෙනා නැතිකෙනාව පාගා සාධාරනය මුදලට වැසීම්මෙ මගින් මනාව පෙන්වනවා.කොටින්ම ඉහත කිවුව ගොඩක් ඒවා අපේ රටටේ ඊටත් වඩා හොදින් එලිපිට දැකගන්ඩ පුලුවන්. කොටින්ම නීතීඥයින්ගේ ජීවන චර්යාව ගැන.ඊට අප සමාජයෙන් ආසන්නම උදාහරන හැමොම කතාවුන නීතීඥ සුගන්ධිකා ප්‍රනාන්දු ගේ කතාව මගේ මතකයට නිතැතින් ගලා ආවා. ඒකේ කිවුව කතා බොහොමයක් මේ චිත්‍රපටයේ එහෙම්මම තිබුනා. ඉතින් මම ඉහත කිවුවා වගේ බැරෑරුම් කතාවක් නම් නොවේ.මේ ච්ත්‍රපටය ඉතා සරල ගනයේ චිත්‍රපටයක් නමුත් ඒ භයංකාර ඇත්ත විහිලුවෙන් පෙන්වන කතාවක්.
මලයාලම් උනාට බුදුන්ගේ කතාවකුත් මතුකරනවා එක් තැනක කර්මය ගැන. නීතීඥයින් අවංක නොවුනොත් නීතියට කාගේ පිහිටක්ද? නීතිය අමු අමුවේම නැවීම් ලංකාවේ ඔනේ තරම් මෑතකාලේදි දැකගන්ඩ පුලුවන් උනා දෙපශයේම පාලන සමයන් තුල මහබැංකු සිද්ධිය ඒ අතරින් තාමත් අප සමාජයේ කතා වෙනවා, මේ කතාවෙත් කියන්නේ ඒ වගේ මුදලට නීතිය නැවීමක් ගැන. ඕනේ නරක වැඩක්, හරී කියා පෙන්වන එක තමන් මුදල් උපයගෙන කන රැකියාව උනහම ඔහුගේ ජීවිතය කොයිවගේ වෙයිද? මොන අර්ථකතනය දුන්නත් තමන්ට හෘදශාක්ශියට අනුව ජීවත් වෙන්ඩ ලැබෙන් නැති එක කොච්චර පවක්ද? අද අපිත් එක්ක මේ සමාජයේත් එවැනි අය කොතරම් සිටීද? අපේ කතානායක බිනූටත් එවැනි දැපැත්තකට හසුවෙන්ඩ වෙනවා. දරිද්‍රතාවය ජයගන්ඩ මුදල්ද, නැතිනම් හෘදශාක්ශියට අනුව ජීවත්වීමද? බිනු කියන්නේ පොඩිපහේ නීතීඥයෙක්, එයා සාමාන්‍යයෙන් නඩු දිනනවාට වඩා පරදින එකයි වෙන්නෙත්, කොටින්ම ඔට්‍ටුවකුත් දානවා එයා ලොකු නඩුවක් දිනපු දාට විතරයි මදුවිත බොන්නේ කියලා.ඉතින් එයා නඩු හොයනකොට එක නඩුවකට අහම්බෙන් කතාකරන්ඩ වෙනවා. ඉතින් මේ බිනූ සල්ලි වලට ආත්මය පාවාදෙන නීතීඥයෙක් වෙවිද? නැතිනම් මැරුවත් සාධාරනය වෙනුවෙන් පෙනී සිටීවිද? නැතිනම් ඒ දෙක මැද්දේ ඔහුගෙම ක්‍රමයක් සොයා ගනීද? අපේ බිනූට මොනවා වෙයිද? එක නඩුවක් වත් ඔහුට දිනාගන්ඩ ලැබේවිද? ඉතින් කතාව බලලම තමා කියන්ඩ වෙන්නේ. හැමෝටම අරාධනා කරනවා බලන්ඩ..තෙරුවන් සරණයි!
![]()
Due to copyright issues, we do not provide any torrent links.
www.TamilRockers.li – Vikadakumaran (2018) Malayalam DVDRip XviD MP3 700MB ESubs
මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.
3,458 downloadsDownload Vikadakumaran-2018.zip81 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන් ලසිත දිසානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-03-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නුවන් ලසිත දිසානායක
Subtitles
19 comments
හසිත මධුෂාන්
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Prabodha Madhusankha Hettiarachchi
Thank sub ekataa broo...
upulD
Thanks Bro Sub ekata....
Lalani Maduwanthi
Godaak thanks nuwan malli,,,,,,,oyala karana me uthum karyata godaak pin,,,,,baiescopelk subs dena siyaluma,,nangila,,mallilata,,,,devi pihitai,,,budu saranay,,,godak pin
Lalani Maduwanthi
Godaak thanks nuwan malli
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
sublove
bohomath sthuthi me film ekata sub dunnata
තරිඳු රසාංග
ස්තුතියි නුවන් උපසිරැසිය වෙනුවෙන්,ඉස්සරහටත් මලයාලම් වලටම සබ් දෙමු,ජය!
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
N_R
Thanks.
A Mune Munasinghe
THANKS..MTH SUB EKA GATTHA..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ශසිත් සඳරුවන්
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
දිගටම සබ් දෙමු ආ.... :P
ඔබට ජය!mskbranda
බොහෝම ස්තුතියි සහෝ!!! මලයාලම් වලටම දිගටම සබ් දෙන්න.
saduhiru1
සිංහල උපසිරැසියට ස්තූතියි
Su
thanks saho sub ekata..
supun bro
බොහොම ස්තූතියි සින්හල උපසිරසයට
දිගටම අලුත් ෆිල්ම් වලට සබ් දෙන්න සහෝkumaradasa
sub ekata bohoma stutie.api wanuwan karana kapa wema godak agayanawa
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Vikadakumaran (2018) Sinhala Subtitles | නරක නඩු දිනන බිනුගේ හොද ක්‍රමය [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/05/Vikadakumaran-2018.jpg)

සබ් එකට බොහොම ස්තූතියි සහෝ......