Watch Trailer

Viking Destiny (2018) Sinhala Subtitles | වයිකින් වරුන්ගේ ඉරණම [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුබ දවසක් කියනවා ඔන්න. මම උදයංග. මේක තමයි මගේ පළවෙනිම උපසිරසි නිර්මාණය. මම මෙ චිත්‍රපටිය බලන්න සින්හල උපසිරසි හොයනකොට කොහෙවත් තිබුනෙ නෑ. ඉතින් මම හිතුවා මම උපසිරැසක් හදාගෙන බලන්න ඔනේ කියලා. එහෙමයි වැඩේට අතගැහුවෙ. කොහොම හරි මම වැඩේ ඉවර කරලා කොකටත් කියල ආයෙ මේ පැත්තෙ ඇවිත් බලනකොට තාමත් උපසිරසක…

හැමෝටම සුබ දවසක් කියනවා ඔන්න. මම උදයංග. මේක තමයි මගේ පළවෙනිම උපසිරසි නිර්මාණය. මම මෙ චිත්‍රපටිය බලන්න සින්හල උපසිරසි හොයනකොට කොහෙවත් තිබුනෙ නෑ. ඉතින් මම හිතුවා මම උපසිරැසක් හදාගෙන බලන්න ඔනේ කියලා. එහෙමයි වැඩේට අතගැහුවෙ. කොහොම හරි මම වැඩේ ඉවර කරලා කොකටත් කියල ආයෙ මේ පැත්තෙ ඇවිත් බලනකොට තාමත් උපසිරසක් දාලා තිබුනේ නැති නිසා මට හිතුනා ඔයාලටත් බලන්න baiscope.lk එකට දුන්නා නම් හොදයි කියලා. ඔන්න ඔහොමයි මගේ පළවෙනි උපසිරස් ඔයාල ළඟට එන්නෙ. ආ තව එකක් මට මේක පල කරන්න උදව් කරපු baiscope.lk හි අසංක ප්‍රදීප් රණතුංග සහෝදරයට බොහොම ස්තූතියි.

මං ගැන විස්තර ඇති අපි දැන් බහිමු ෆිල්ම් එකට. මේ චිත්‍රපටයේ IMDB අගය 4.1 හා Blueprint: Rewive අගය 3/5 වෙනවා. රෙටින් නම් ටිකක් අඩු වුණාට ෆිල්ම් එකනම් නරක නෑ. මොකද මේක අපි නිතර බලන ෆිල්ම් හදන ආයතනයක් නම් නෙවෙයි. මේකෙ රේටින් අඩු වෙන්න හේතුව ඒක වෙන්න ඇති කියලා තමයි මටනම් හිතෙන්නෙ. මේකෙ රංගනයෙන් දායකත්වය දෙන්නෙ ටෙරන්ස් ස්ටෑම්ප්, මාර්ටින් ෆොර්ඩ්, පෝල් ෆ්රීමන්, ඇනා දිමිත්‍රෝ, වික්ටෝරියා බෘම් කියන අය. මේක අධ්‍යක්ෂණය හා රචනය කරලා තියෙන්නෙ ඩේවිඩ් එල්. ජී. හිවුස් විසින්.

මෙකේ කතාව මෙහෙමයි. කතාවෙ තියෙන්නෙ අස්මන්ඩ් කියන වයිකින් රජතුමාගේ වොල්සන්ග් කියන රාජධානිය ලබගන්න ලොබකමේ ඉන්න එයාගෙ මල්ලි කරන වැඩ ටික තමයි. කතාව පටන් ගන්නෙ මෙහෙමයි. අස්මන්ඩ් රජතුමා යුද්ධෙක ඉන්න අතරතුර එයාගෙ බිසවට දරුවෙක් ලැබෙනවා. ලැබෙන්නෙ ගැහැණු දරුවෙක්. මේ අතරේ බාර්ඩ් කියන අස්මන්ඩ් රජතුමාගෙ මල්ලිගෙ බිරිදට ලැබෙනවා පිරිමි දරුවෙක්. ඉතින් බාර්ඩ් කියන අස්මන්ඩ්ගේ මල්ලි ඕක අවස්තාවක් කරගන්නවා. බාර්ඩ් එයාගෙ පිරිමි දරුවයි අස්මන්ඩ්ගෙ දරුවයි මාරු කරනවා එයාගෙ පුතාව රජ කරවන්න හිතාගෙන. කොහොම උනත් කොලුවා ඒ හැටි සටනට දක්ෂයෙක්නම් නෙමෙයි. ඒත් අස්මන්ඩ්ගෙ දුවනම් උපන් හපන් සටනට දක්ෂයි. ඉතින් මේකට බය වුණ. ඒ කියන්නෙ එයාගෙ පුතාට රජවෙන්න බැරි වෙයි කියන බය නිසා එයා මේ ගෑණු දරුවව මරන්න හදනවා. ඉතින් කොහොම හරි මැරෙන්නෙ එයාගෙම පුතා. කොහොමහරි අන්තිමට මේ ගැණු දරුව දැන ගන්නවා එයාගෙ තාත්තා අස්මන්ඩ් රජු කියලා. එත් ඒ වෙලාවෙම එයාගෙ තත්තා එයාව බේරගන්න ගිහින් මැරෙනවා. ඊට පස්සෙ මේ ගෑනු දරුවා වොල්සන්ග් රාජධානියෙන් කොහොම හරි බේරිලා පැනගන්නවා. ඉතින් මේකත් අවස්තාවක් කරගත්ත බාර්ඩ් රජ වෙනවා. රජ වුණාට මිනිහා බයේ ඉන්නෙ අස්මන්ඩ්ගෙ දුව ආපහු එයි කියලා.

එතන ඉදන් එයාව මරන්න බාර්ඩ් ගහන ප්ලැන් ටික තමයි කතාවෙ තියෙන්නෙ. කොහොමෙන් කොහොම හරි එව්වා සෑහෙන සාර්තක වෙනවා. ඒත් බාර්ඩ් හිතන තරම් හොදට නම් වැඩේ වෙන්නෙ නෑ. මේ අතරෙ වොල්සන්ග් වලින් පැනගත්ත හැල්ලෙ කුමරියට කෑලේ ඉදල හම්බෙනවා ට්‍රැවලර්ස්ලා පිරිසක්. එයාලත් එක්ක තමයි අන්තිමට හැල්ලෙ කුමරිය යුද්ධෙට යන්නෙ.

මම ම ඔක්කොම කිව්වම බලන්න දෙයක් නැති වෙනවනෙ. එහෙනන් ඉතින් මගෙ උපසිරසත් බාගෙනම මොකද කතාවෙ වෙන්නේ කියලා ෆිල්ම් එකෙම්ම බැලුවනම්. බලලා කියන්නකො ෆිල්ම් එකයි මගෙ වැඩෙයි කොහොමද කියලා.

මොනව වුනත් මේක මගේ පළවෙනි උපසිරස නිසා අඩු පාඩුනම් ගොඩක් ඇති. ඒවාට සමාවෙන්න හොදේ.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත සඳහා අදාළ වේ.

4,774 downloadsDownload Viking-Destiny-2018.zip34 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග අයේශ්මන්ත” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-12-30
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

උදයංග අයේශ්මන්ත

Subtitles

4,774 downloadsDownload Subtitles34 KB

31 comments

  1. Kulanjana Maduranga

    g'luck 1st attempt BRO....great work & lot of thanks saho....keep it up.....

  2. jagath55

    Thanks

  3. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata...
    Jaya wewa!

  4. M.W. Dilhani

    thank you

  5. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

    1. Kantha_DLA

      Request::
      Replicas (2018) HC

  6. kavinuweerakkody

    පළමු උපසිරැසියට බොහොම ස්තූතියි!!
    ජය වේවා...

  7. Rumesh Asanka

    thank you

  8. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....!
    ඒ වගේම පලවෙනිම සබ් එකටත් සුබ පැතුම්....!
    දිගටම සබ් කරමු...

  9. malithmadhushan45

    පලවෙනි උපසිරසට සුබ පැතුම් සහෝ ඉස්සරහටත් කරමු

  10. chinthaka_priyadrshana

    Thank U bro..............

  11. indika75

    thanks..

  12. bigboss1992

    pqttq digatama dena sub...

  13. gihan perera

    ස්තුතියි සහෝ...සුභ පැතුම් සහෝ පළමු උපසිරැසි දුන්නට...මේක vikings tv season එකත් එක්ක සම්බන්ධ ද..සහෝ.දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා...

  14. ranga11112

    Thank you saho... labanna wu 2019 aluth aurudda niduk nirogi suba nawa wasarak weva....
    theruwan saranai

  15. luckysun

    Great movie included you sub thanks 2019 happy new year baiscop.lk crew members ok

  16. nishannw

    ස්තූති වේවා

  17. dineshchamikaiddamalgoda

    thank's sub ekata hodata karala thiyenawa hoda film ekak .....................!

  18. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  19. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    පලවෙනි උපසිරැසියට සුභ පතනවා
    තවත් උපසිරැසියකින් හැකි ඉක්මනින් හමුවෙමු...
    ජය

  20. Rukshan37

    Ela ela

  21. Buddhika Lakmal (laKMal)

    thanks machan..........

  22. Pramukmili

    thanxxx bro.........

  23. geethkamal

    palamu upasirasiyata suba patum...ediriyatama yamu saho.....

  24. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. nalin.kumara0510

    Thanks bro good luck.

  26. suranuwan

    thanks...

  27. Dasun12

    Thanks macho sub ekata . Digatama sub dapan .. adarei ubalata

  28. Mahesh Rajapaksha

    Thanks for sub...

  29. Dewadithya

    Thanks for Sub!

  30. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!