“මේක මම නින්දෙදි දැකපු හීනයක් නම් මට ඒක අමතක කරලා දාන්න තිබුනා අම්මේ! ඒත් මේක මට නිදාගන්න දෙන්නේ නැති හීනයක්!” වෙන්කිඩි කියන්නේ උපතින්ම ශ්‍රවණාබාධිත දරුවෙක්.මෙයාගේ මේ කන් ඇසීමේ මඳබව නිසාම මෙයා පොඩිකාලේ ඉඳලම තමන්ගේ ඉස්කෝලේ යාළුවන්ගේ සමච්චලයට ලක්වෙනවා. මේ සමච්චලයන් අතරෙත් වෙන්කිඩි පන්තියේ දක්ෂම සිසුව…

“මේක මම නින්දෙදි දැකපු හීනයක් නම් මට ඒක අමතක කරලා දාන්න තිබුනා අම්මේ!
ඒත් මේක මට නිදාගන්න දෙන්නේ නැති හීනයක්!”
වෙන්කිඩි කියන්නේ උපතින්ම ශ්‍රවණාබාධිත දරුවෙක්.මෙයාගේ මේ කන් ඇසීමේ මඳබව නිසාම මෙයා පොඩිකාලේ ඉඳලම තමන්ගේ ඉස්කෝලේ යාළුවන්ගේ සමච්චලයට ලක්වෙනවා. මේ සමච්චලයන් අතරෙත් වෙන්කිඩි පන්තියේ දක්ෂම සිසුවෙක් විදියට තමන්ගේ ඉගෙනීම් වැඩ කරගෙන යනවා. ඔය අතරේ මෙයාගේ ඉස්කෝලෙට එනවා ගුවන්යානා ගැන එක එක විනෝදකාමී වැඩමුළු පවත්වන කෙනෙක්.මේ වැඩසටහනෙන් පස්සේ වෙන්කිඩිගේ හිතේ ගුවන්යානා ගැන තිබුණු ලොකු ආසාවක් ඉස්මතුවෙලා එනවා. මේ ආසාව කොයි තරම් දුර දිග ගියාද කියනවනම් මෙයාට ඕනේ වෙනවා තමන්ම හදන ගුවන්යානයක නැගලා කවදාහරි දවසක අහසේ පියාඹන්න. කොහොම වුනත් වෙන්කිඩි ට දිගටම ඉස්කෝලේ යන්න වෙන්නේ නම් නෑ .ඒකට හේතුව තමයි තමන් බීරෙක් කියලා වෙන්කිඩිගේ යාළුවෝ එයාට සමච්චල් කරන එක එයාට උහුලගන්න බැරි තැනකටම එන එක.ඉතින් වෙන්කිඩි තීරණය කරනවා තමන් ආයේ ඉස්කෝලේ යන්නේ නෑ කියලා. කොහොමවුනත් මෙයා මෙයාගේ හීනය නම් අත අරින්නේ නෑ. මේ දේවල් එක්කම වෙන්කිඩි ට හොඳ යාළුවෙකුත් ඉන්නවා. ඒ තමයි ජානකී. ඉස්කෝලේ යාළුවෝ වෙන්කිඩිගේ ආබාධයට,එයාගේ හීනයට සමච්චල් කරන වෙලාවට ජානකී තමයි පැත්තකින් ඉඳන් වෙන්කිඩි වෙනුවෙන් පෙනී ඉන්නේ. ඔය වගේ දේවලුත් එක්ක තමයි කතාව යන්නේ. ඉතින් වෙන්කිඩි එයාගේ හීනේ සැබෑ කරගනියි ද? ඒක ඔයාලම හොයාගන්නකෝ!
Vimaanam (2017)
ඔන්න මාස ගානකින් පස්සේ ආපහු බයිස්කෝප් අඩවිය පැත්තට ඇවිත් යන්න අවස්ථාව උදාවුනා. ඒකත් මලයාලම් චිත්‍රපටියකින්. මේ ෆිලුම නිකුත්වෙන්නේ පසුගිය වසරේ දෙසැම්බර් 22 වෙනිදා. මේක Drama ගණයට අයත්වෙන ෆිලුමක්.ප්‍රධාන රංගනයෙන්(තරුණ සහ මහළු වෙන්කිඩි විදියට) Prithviraj දායක වෙනවා.ඒ වගේම අපිට නිතර දකින්න ලැබෙන බාල,තරුණ, වැඩිහිටි මලයාලම් නළු නිලියෝ කිහිපදෙනෙක්ම ෆිලුමට රංගනයෙන් දායකවෙලා තියෙනවා. කිව්ව විදියටම මේක Drama ගණයට අයිති ෆිලුමක් නිසා බොහොම හෙමින් තමයි ගලාගෙන යන්නේ. ඉතින් ඒක නිසා ඒ විදියේ ෆිලුමක් බලන්න කැමති අය මේක බලන්න තෝරගන්නවනම් තමයි වඩාත් හොඳ.කොහොම වුනත් හැම මලයාලම් ෆිලුමක්ම නොවැරදීම බලන එහෙමත් නැත්නම් නිවින්,දුල්කර්, ප්‍රිත්වි ඉන්න ඕනෙම ෆිලුමක් බලන කෙනෙකුට නම් අමුතුවෙන් මේක බලන්න කියන්න ඕනේ නෑනේ. මමත් මේ කියපු දෙවෙනි ගොඩේ ඉන්න නිසාම තමයි මේ ෆිලුමේ උපසිරැසිය කරන්න ඕනේ කියලත් තෝරගත්තේ. ඒ වගේම කියන්න ඕනේ මේකේ මුල් උපසිරැසියේ ගොඩක් තැන්වල මලයාලම් දෙබස්වල තේරුම සටහන් වෙලා තිබුනේ නෑ. ඒ අඩුපාඩුව මඟ අරවන්න පුළුවන් තරම් උත්සාහ කලා. කොහොමවුනත් කතාවේ රසවින්දනයට නම් ඒක බලපෑමක් වෙන්නේ නෑ කියලා බය නැතුව කියන්න පුළුවන්.
ගිය අවුරුද්ද පුරාම මෑත අවුරුදුවල නිකුත්වුනු හොඳ මලයාලම් ෆිලුම් හොය හොය ඒවට උපසිරැසි අරගෙන එන්න අපිට පුළුවන් වුනා.කොහොම නමුත් ඉගෙනීම් වැඩ නිසා පහුගිය දවස්වල උපසිරැසිකරන වැඩ වලින් තාවකාලිකව ඉවත්වෙන්න සිද්දවුනා. ඒ දවස්වල ගොඩක් අය අහලා තිබුනා දැන් මලයාලම් උපසිරැසි දෙන්නේ නැද්ද වැඩේ අත ඇරලද කියලා. මේ වැඩේ නම් එහෙම ලේසියෙන් අත ඇරෙන්නේ නෑ. අත අරින්න ඕනේ වුනත් දැන්නම් අත අරින්න අමාරුයි!! විවිධ හේතු නිසා වැඩේ තාවකාලිකව නැවැත්තුවත් ඉඩක් ලැබුණු ගමන් මේ පැත්තට අනිවාර්යෙන් එනවා. ඒ වගේම ඉස්සරහටත් මලයාලම් රසිකයින් වෙනුවෙන් සයිට් එකේ උපසිරැසි පලවේවි. හොඳ ෆිලුමක් ආව ගමන්ම අපේ කවුරුමහරි උපසිරැසිකරුවෙක් ඒ උපසිරැසිය අරගෙන ඒවි.ඒක නිසා හැමෝටම බයිස්කෝප් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා මතක් කරනවා!
ඒ වගේම පහුගිය දවස්වල භාරගත්ත උපසිරැසිත් කරන්න බැරුව හිටියාම ඒ සමහර ඒවා භාර අරන් කරපු සිසිල සහෝ(අයියාට), තරිඳු රුක්ෂාන් අයියටත් මේ වෙලාවේ විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා.
තවත් ෆිලුමකින් ආයෙත් හමුවෙමු,
එතෙක් ඔබට ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා වලංගු වේ.
4,223 downloadsDownload Vimaanam-2017.zip56 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/TharinduRRasanga1-e1485642059118.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු රසාංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-29
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තරිඳු රසාංග
Subtitles
40 comments
rangika Kariyawasam
DILAN ANUSKA
BEST MOVIE THANK
Nirosh C
ස්තුතියි තරිඳු සහෝ.ජයවේවා !
Thilina Chamara
බොහොම ස්තූතියී.
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!svhsathyajith
Niyamay
snak
godak sthuthiu digatama karagena yamu jayawewa
Thisal
ස්තුතියි.
Thisal
ස්තුතියි.....
praveen ranasinghe
බොහොම ස්තුතියි සහෝ උපසිරසට..බලන්නම ඕනි ෆිලුමක්
Tharindu-jayalal
Thanks
sachintha
Thanks For Sub....
Menaka Herath
ගොඩාක් ස්තූතියි උපසිරැසියට සහෝදරයා....
ජයවේවා...Prabodha Madhusankha Hettiarachchi
Thank bro sub ekata...
arunaprasad
thankas macho
Kulanjana Maduranga
niayamai…patta ahhh..malayalam nm ithin bamak thama...thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
malith
Ela ela
akila13
thanx for sub bro good luck
Kanchaka
Thanks bro........
ranfilm
thank you machan.
svchamal
thanks for sub.....!
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Sajiya99
Thanks bro
spd
කාලෙකට පස්සේ තරිඳු සහෝ...
බොහොම ස්තුතියි මචං.
ඉගෙනීම් කටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරන ගමන් පුලුවන් වෙලාවට මලයාලම් ෆිලුමකට උපසිරසිත් දෙන්න කියල ඉල්ලා සිටිනවා. ජයවේවා...!!!Ranjandesha
Asam film malayalam..meka enakam mn balan hitjiye...thx tharidu..thava malayalam film denna..
Hemantha De Silva
ස්තුතියි තරිඳු...
ස්තුතියි බයිස්...Kanchaka
Thanks bro....
udayanga rajaguru
Thanks bro....
Kavishna
උපරැසියට ස්තූතියි
ජයෙන් ජයරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ranga11112
thanks Saho.....
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි තරිඳු සහෝ.
ජයෙන් ජය..N_R
Thanks
D.Chamara
bohoma sthuthi sahooo jaya
iresha
thanks......
ශසිත් සඳරුවන්
බොහොම ස්තූතියි තරිඳු උපසිරැසියට...
දිගටම සබ් දෙමු ආ.... :P
ඔබට ජය!Menaka Herath
ස්තූතියි සබට සහෝ....
තවත් නිර්මාණකරනයට ශක්තිය ධෛර්ය ලැබේවා....!!!!!!oshanda
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි
britney sara
මට මේකෙ සබ පේන්නෙම english වලින් නේ..ඇයි ඒ?
නිමල් දිසානායක
සිහිනෙක වුවද දිගටම එල්ලිල ඉන්න
අතරේ යථාවත් ඕනා පිළිගන්න
සුන්දර සිහිනයක හොඳහැටි කිමිදෙන්න
ඇහැකිය මෙය බලනකොට මදි නොකියන්න
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සබ එනකමි මග බලන් හිටියෙ සහෝ. මෙතරම් ඉක්මනට සබ දුන්නට බොහෝම පිං.ජයවෙිවා