මේ ගතවෙන්නේ වර්ෂ 2048. මේ වන විට ජනගහණය පාලනයෙන් තොරවෙලා තියෙන්නේ. පරිසරය ක්ෂය වෙමින් පවතින්නේ. පෘතුවිය සතු සම්පත් ප්‍රමාණය අඩුවෙමින් පවතින්නෙ. යුද්ධ හේතුවෙන් ලෝකය සම්පූර්ණයෙන්ම විනාශ මුඛයට ඇද වැටිලා. ඉතුරු වෙලා තියෙන සුන්බුන් ටික බෙදාගන්න මිනිසුන් සටන් කරන තත්වයට පත්වෙලා තියෙන්නේ. කාලයක් අති රමණීය…

මේ ගතවෙන්නේ වර්ෂ 2048. මේ වන විට ජනගහණය පාලනයෙන් තොරවෙලා තියෙන්නේ. පරිසරය ක්ෂය වෙමින් පවතින්නේ. පෘතුවිය සතු සම්පත් ප්‍රමාණය අඩුවෙමින් පවතින්නෙ. යුද්ධ හේතුවෙන් ලෝකය සම්පූර්ණයෙන්ම විනාශ මුඛයට ඇද වැටිලා. ඉතුරු වෙලා තියෙන සුන්බුන් ටික බෙදාගන්න මිනිසුන් සටන් කරන තත්වයට පත්වෙලා තියෙන්නේ. කාලයක් අති රමණීයව පැවතුණා වූ මේ මිහිතලය , තවත් වසර දහයක්, ඒ කියන්නේ, 2058 වෙනකොට, මේ මිහිතලයෙන් බාගෙට බාගයක් ජීවත් වීමට නුසුදුසු තත්වයට පත්වේවි. තවත් අවුරුදු 15ක් යනකොට, ලෝක ජනගහණයෙන් බාගෙට බාගයක් සාගතයෙන් මිය යාවි. අපිටත් නොදැනීම කාලය වේගයෙන් ගතවෙලා යනවා. අනාගත පරම්පරාවට සිද්ධවේවි ලෝක විනාශය දෙස බලාගෙන සිටීමට. ඒත්, මේ තත්වය වළක්වා ගැනීමට එකම එක බලාපොරොත්තුවක් තිබුණා. ටයිටන්!
ටයිටන් කියන්නේ සෙනසුරු ග්‍රහයාගේ විශාලතම චන්ද්‍රයා. ඒ වගේම, අපේ සෞරග්‍රහ මණ්ඩලයේ වායුගෝලයක් තියෙන අනිත් එකම එක තැන. හරියට පෘතුවියේ වගේම ප්‍රාථමික පාරිසරික පද්ධතියක් තියෙනවා. නියමාකාරයෙන් කියනවා නම්, ජීවය ආරම්භ වීමට පෙරාතුව පෘතුවිය වගෙයි. ඒත්, ටයිටන්ගේ විශාල සාගර සහ විල් වල ද්‍රවමය මීතේන් තියෙන නිසා, ඒවල පීනන්න සුදුසු තත්වයක් නැහැ. වායුගෝලයේ නයිට්‍රජන් ප්‍රතිශතය වැඩි නිසා හුස්ම ගැනීමේ අපහසුතා තියෙනවා. ඒ වගේම, ජීවත් වීමට අපහසු තරම් සීතලයි. අපි දැනගෙන ඉන්න ජීවිතේට වඩා එහේ සෑහෙන්න වෙනස්. ටයිටන් තුල ජීවිතය ආරම්භ කිරීම අභ්‍යාවකාශ විද්‍යාවේ සීමාවට එහා ගියපු දෙයක් වුණත්, නවීන ප්‍රවේණි විද්‍යාවට අනුව ඒක කරන්න පුළුවන් දෙයක්. තවදුරටත් අපේ පෘතුවිය ප්‍රති නිර්මාණය කරන්න උත්සාහ ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ටයිටන් වලට ගැලපෙන ආකාරයට මිනිසුන් වෙනස් කරගන්නයි අවශ්‍ය වෙන්නේ.
පොඩ්ඩක් හිතලා බලන්නකෝ, සුළු වෙනස්කම් කීපයකින්, ඔබලාට පුළුවන් වෙනවා ටයිටන් තුල වාතයේ හුස්ම ගැනීමට, එහි ජලයේ පිහිනා යෑමට. ඒ වගේම, සීතල පරිසරය තුල දිවි රැකගැනීමට. කොහොමට තියේවිද ටයිටන් අපේ නිවහන බවට පත් වුණොත්?
මිනිසුන් පන්දහසක් අතුරින් අති සූක්ෂම ලෙස තෝරාගන්නා ලද, අතිශය අසීරු තත්වයන් තුලදී ජීවිතය රැකගැනීමට හැකියාව සහිත මිනිසුන් කීපදෙනෙක්… ටයිටන් මත ජීවය ආරම්භ කරන්නා වූ ප්‍රථම මිනිසුන් ලෙස එහි ජීවත්වීමට උචිත ලෙස කෘතීම ආකාරයෙන් මිනිසුන් පරිණාමනය සිදුකිරීම සඳහා ඇමරිකානු හමුදා අංශය, පෙන්ටගනයේ ආරක්ෂක අංශය, නාසා ආයතනය සහ නේටෝ ආයතනය එක්ව දියත් කරන්නාවූ දැවැන්ත මෙහෙයුමක්… නවීන තාක්ෂනය යොදාගනිමින් සහ විශ්මිත ආකාරයක අත්හදා බැලීම් සමගින් සිදුකරන්නා වූ මෙම පර්යේෂණයන් සාර්ථක වේවිද? ටයිටන්හි පරිසරයට අනුවර්තනය කරන්නා වූ මෙම මිනිසුන් හට කුමක් සිදුවේවිද? මෙම ක්‍රියාවලිය පිටුපස තිබෙන්නා වූ දැවැන්ත රහසිගත ක්‍රියාදාමය කුමක්ද?
ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ, Action, Sci-Fi, Thriller යන කාණ්ඩ ඔස්සේ, ලෝ ප්‍රකට Netflix නාලිකාවේ බෙදාහැරීම සහිතව මාර්තු 30 වෙනි දින විකාශනය වූ සිනමා නිර්මාණයක්. චිත්‍රපටය තුල ප්‍රධාන රංගන දායකත්වය ලබාදෙනු ලබන්නේ, Avatar චිත්‍රපටය තුලින් සුවහසක් සිනමාලෝලීන්ගේ සිත් සතන්හි සදා නොමැකෙන මතකයක් ඉතුරු කරන ලද Sam Worthington විසින්. ඊට අමතරව Furious 7, Maze Runner: The Scorch Trials, The Fate of the Furious, Maze Runner: The Death Cure වැනි සිනමා නිර්මාණයන් හි රංගනයෙන් දායක වූ සුරූපී Nathalie Emmanuel සහ The Lucky One චිත්‍රපටය තුල රංගනයෙන් දායක වූ Taylor Schilling මෙම සලරුව තුල රංගනයෙන් දායක වනු ලබනවා.
එහෙනම් අරගෙනම බලන්න. පුරා හෝරා එක හමාරක් මුළුල්ලේ කිසිම කම්මැලිකමකින් තොරව, නැවුම් වූ අත්දැකීම් සමුදායකින් පෝෂණය වෙමින් නරඹන්න හැකියාව තියෙනවා කියලා සහතික කරලා කියන්න පුළුවන්. එහෙනම්, ලොව පුරා සිනමා රසිකයන් බහුතරයක් දෙනා නොඉවසිල්ලෙන් බලාගෙන සිටින්නා වූ දැවැන්ත ක්‍රියාදාම සිනමා පටයක් සමගින් සියවෙනි උපසිරසියෙන් හමුවෙමු. ජය!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
20,274 downloadsDownload The-Titan-2018-Blu-Ray.zip54 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/Sisila-Prasad-Lab-Color-Profile.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිල ප්‍රසාද්
Subtitles
100 comments
sasindu mihiran
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!---...I love you...---
" sinhala sub machine"සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරසට..බලන්නම ඕනි ෆිලුමක් තමා! බුදුසරණයි.!
Subhash13
Ftt bm
..Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!Thisal
ස්තුති
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
පට්ට වගේ කතාව...Bandaramudiyansi
මල්ලිට මම කමෙන්ට් එකක් දන පලවෙනි අවස්ථාව .
ලිපිය කියෙව්ව ෆිල්ම් එක ගන්න හිතුන සතුටුයි ජය ..!!chinthaka sampath
thank U Bro........Maxsa..............බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!HARSHANA9211
Thanks.........
dsand7
Thank u sub ekata........ Jaya wewa........!!!
praveen ranasinghe
බොහොම ස්තුතියි සහෝ උපසිරසට..බලන්නම ඕනි ෆිලුමක්
Menaka Niroshan
Thank You Sub Ekata Bro.. Ekmanatama 100 Gahamu... Jaya Wewa..!
AsithaDilruwan
ela ela thanks
AsithaDilruwan
Sam Worthington අම්මෝ
අනික Netflix න ම්නොබල කොහොමද?
dsdkavishka
Thenks sub ekata
sachintha
Sub ekata thanks Sisila sahoo
Elamaa...kavintha
thanks!!!!!!!!!!
darshana100
niyamai yalu oya wage supiri awa dunnanam super budusaranai
Prabodha Madhusankha Hettiarachchi
Oya genawanm supirima film ekak wenna oneee... thank bro sub ekata..
Udara Damith Dissanayaka
මොකක්ද අප්පා ලොවක් බල සිටින පි ච්ච ර් එක
බ්laක් පැන්තර් වත්දgayan215
bohoma sthuthi saho...
maheshakya
බ්ලැක් පැන්තර් කමින් සුන් ගයිස්.....
සබ් එකට තැන්ක්ස් බ්රෝmalith
Ela ela
Kulanjana Maduranga
niayamai…balanna ona filumak...thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Bandaramudiyansi
First They Killed My Father 2017 මෙක නම් මරු
max rock
thanks bro. super girl, lusifer walata moko une kiyala poddak balanna ple. great work. respect
SD44
Thank you very much.
wathilak
කුඩා කාලයේ ටයිටන් ගැන පුවත්පත්වල පලවූ ලිපි එකතු කලා..ඒත් එක්කම ආතර් සී ක්ලාක් ගේ 2001 මතකයි..ඉතින් අනීවාර්යෙන්ම බලනවා..ස්තුතියි...
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!spasp
Thank you very much Dear Sisila Prasad & All baiscopelk brothers. We always appreciate all of you.
kelumchathuranga
thanks...
Darshana
Download karanne kohomad mek
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!madushangamage
thankes bro...
Haashan Dhanushka
thank you
rangika Kariyawasam
Thanks saho.. 100 ya malayalam moveis eka karamu aa
Nadeesha Chanuka
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!
oshanda
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!
hasitha86
බොහෝම ස්තූතියි ...!!!
demon
thnkz ayye
Darshana Hettiwaththa
මරු බ්‍රෝ, සුපිරිම ෆිලුමක් මේක
jagath55
thanks
Duladushan
නියමයි මචං. මේ වගේ වැඩ දිගටම කරන්න ශක්තිය ලැබේවා
Sandeepmadushan
Supiri saho
pradeep darshana
සුපිරි sub එක ජය වේවා
shan AC
thnx broooo
Thusitha Jayathilaka
elaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
Sachitha
පට්ට film එකක් thankzz
LimeGreenSoda
thanks mchn
nishadchandima
බොහොම ස්තුතියි, ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
thank you