Watch Trailer

Viral (2016) with Sinhala Subtitles | පණු සොම්බි වෛරසය [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් හැමදෙනාටම. ඉතිං‍, කොහොමද කට්ටිය. මොකෝ වෙන්නේ ආහ්? හොදයි එහෙනම්. ගෙවී ගිය අධික කාර්යබහුල දින කිහිපය තුල මගේ දෙවන උපසිරැසිය විදියට මං ඔයාලට අරන් එන්නේ මේ චිත්‍රපටය. මුලින්ම මට මේ ෆිලුම බාරදුන්න සමන් ප්‍රසාද් සහෝදරයට මගේ හදපිරි ප්‍රණාමය. මේ චිත්‍රපටය අයිති වෙන්නේ Drama, Horror, Sci-Fi, Thril…

Viral (2016)

සුභ දවසක් හැමදෙනාටම. ඉතිං‍, කොහොමද කට්ටිය. මොකෝ වෙන්නේ ආහ්? හොදයි එහෙනම්. ගෙවී ගිය අධික කාර්යබහුල දින කිහිපය තුල මගේ දෙවන උපසිරැසිය විදියට මං ඔයාලට අරන් එන්නේ මේ චිත්‍රපටය. මුලින්ම මට මේ ෆිලුම බාරදුන්න සමන් ප්‍රසාද් සහෝදරයට මගේ හදපිරි ප්‍රණාමය.

මේ චිත්‍රපටය අයිති වෙන්නේ Drama, Horror, Sci-Fi, Thriller යන කාණ්ඩයන් වලට. මේ චිත්‍රපටය නිකුත් වෙලා තියෙන්නේ 2016 ජූලි 29වන දිනයි. Henry Joost, Ariel Schulman යන අධ්‍යක්ෂකවරුන් මේක අධ්‍යක්ෂණය කරලා තියෙන අතර Sofia Black, Analeigh Tipton, Travis Tope හා Michael Kelly ඇතුළු ශිල්පීන් රංගනයෙන් දායකවන වනවා. IMDb අගය 5.5 ක් ලබාගෙන ඇති මේ චිත්‍රපටය, සොම්බි කතා බලන යාළුවන්ට ආසාවෙන් බලන්න පුළුවන් ෆිලුමක්. කතාවේ තව පුංචි පහේ ආදර කතාවකුත් නම් තියෙනවා ඉතින්.

කතාව ගැනත් චුට්ටක් කියන්නම්කො නේ.. එමා කියන්නේ හොඳ ලැජ්ජාශීලී ගෑනු ළමයෙක්. එයාට තව තක්කඩි සහෝදරියක් ඉන්නවා ස්ටේසී කියලා. එයාලගේ තාත්තා ජීව විද්‍යාව පිළිබද මහාචාර්යවරයෙක්. ඉතිං එයාලා සාමාන්‍ය විදියට ජීවත්වන කාලයේ ලෝකේ හැමතැනින්ම වගේ පණුවෙක් විදිහේ පරපෝෂිතයෙක් නිසා හැදෙන සොම්බි වෛරසයක් පැතිරෙනවා. මේ වෛරසය බෝවෙන්නේ රුධිරය සම්ප්‍රේෂණය වීමකින් විතරයි බොහෝදුරට. ඉතිං‍ මේක කැලිෆෝර්නියා වලටත් එනවා. එමාගේ හොදම යාලුවෙකුත් මුලින්ම වගේ ඒකට ගොදුරු වෙනවා. ඒකට ගොදුරු වුණ කට්ටිය සම්පුර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒ කෙනෙක්ට අහු වුනොත් ඉතින් ඉවරම තමයි.

හොඳයි. ඊට වඩා මං මුකුත් කියන්න යන් නෑ, ඔයාලම අරගෙන බලන්න. ඒ වෛරසේ මොන වගේද, ඇමරිකාව රජයක් විදියට මොනවගේ තීරණ ගනියිද, එමාගෙ පවුලට මොනවා වෙයිද, අනිත් අයට බේරෙන්න පුළුවන් වෙයිද කියලා ෆිලුම බලනකොට දැනගන්න පුළුවන්. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙනකම් මම සමුගන්නවා. වැරදි අඩුපාඩු තියේනම් කමෙන්ටුවක් දාගෙන යන්න. ස්තූතියි. සැමට ජය..!

Viral (2016) on IMDb

Size Zero (2015)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Viral.2016.WEB-DL.x264-FGT

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

3,107 downloadsDownload Viral.2016.Baiscopelk.com_.rar32 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/ChamithMihiranga-e1474327085153.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමිත් මිහිරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චමිත් මිහිරංග

Subtitles

3,107 downloadsDownload Subtitles32 KB

22 comments

  1. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

    1. Chamith Mihiranga

      ස්තූතියි සහෝ..

  2. Sajith Anthony

    සෝම්බි ඉන්නවනම් අනිවා බලනව :P
    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා...!!

    1. Chamith Mihiranga

      ස්තූතියි සහෝ..

  3. Rakitha Ranathunga

    Thanks bro sub ekata

    1. Chamith Mihiranga

      එල එල සහෝ..

  4. fernando

    maxxxa br eka enakan wath innawa

    1. Chamith Mihiranga

      OK Bro..

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Jack

    නියමයි මචන්..
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය...

  7. නුවන් නිමේෂ්

    මේ ෆිල්ම්ස් එකේ torrent ලින්ක් එක පෙන්නන් නැහැනේ

    1. Chamith Mihiranga

      මට ඔයාගේ මේල් එක එවන්නකො.. මම ඩිරෙක්ට් , ටොරන්ට්ස් ලිනක්ස් එවන්නම්..

  8. harsha

    meka download karaganna link ekak dennakoo?

  9. Lushan Kuruppu

    බොහෝම ස්තූතියි! යාළු!
    දිගටම දෙමු.. ජය...!!!

  10. Chamith Mihiranga

    ලින්ක්ස් දෙන්නම්, පල්ලෙහා තියෙන මගේ ෆේස්බූක් ගිණුමට හරි, මේකට කමෙන්ට් එකක් විදිහට හරි මට ඔයාව සම්බන්ද කරගන්න විදියක් එවන්නකො..

    https://www.facebook.com/chamith.mihiranga.9

  11. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. විපුල් විතානගෙ

    කියල වැඩක් නැ ඕයි සුපිරි හොදෙ තැන්ක්ස් මචා......
    ඉදිරියත් සුපෙර් එව්ව ඔනේ මරු

  13. gayan

    mala jarawak ban meka film akakda iyaa aparade download kara nodakin

  14. Kalana

    Dan sub eka download bene mekkkkkkkkkeeeee

  15. kumara

    බොහෝම ස්තූතියි සහෝ සබ්එකට.

  16. Mithun

    Br walatat update ekak danawada

  17. Anonymous

    thnx bro