Watch Trailer

Vivarium (2019) Sinhala Subtitle | අපි මේ කොහෙද ඉන්නෙ?[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ගිය වසරේ ඉඳලා මම මඟ බලාගෙන හිටිය චිත්‍රපටයක් තමයි මේ අරගෙන එන්නෙ. හැබැයි මං හිතන්නෙ නැහැ කවුරුත් මේ චිත්‍රපටය ගැන දන්නවා ඇති කියලා. මොකද වැඩිය ලොකු කතා බහකට ලක්‌ නොවුණත් චිත්‍රපටය සාර්ථක වී තිබෙනවා. ඒවගේම තමයි අන්තිමට වෙන්නෙ මොකක්ද කියලා හිතාගන්න බැරිවෙයි. කොහොමහරි චිත්‍රපටය හට මේ වෙනකො…

ඔන්න එහෙනම් ගිය වසරේ ඉඳලා මම මඟ බලාගෙන හිටිය චිත්‍රපටයක් තමයි මේ අරගෙන එන්නෙ. හැබැයි මං හිතන්නෙ නැහැ කවුරුත් මේ චිත්‍රපටය ගැන දන්නවා ඇති කියලා. මොකද වැඩිය ලොකු කතා බහකට ලක්‌ නොවුණත් චිත්‍රපටය සාර්ථක වී තිබෙනවා. ඒවගේම තමයි අන්තිමට වෙන්නෙ මොකක්ද කියලා හිතාගන්න බැරිවෙයි. කොහොමහරි චිත්‍රපටය හට මේ වෙනකොට IMDb අගය 6.4 ක් සහ කුණු තක්කාලි අගය 75% වැනි ඉහළ අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා. Drama l Sci-Fi l Thriller යන කාණ්ඩ වලට අයත් වෙන මෙය පැයයි විනාඩි 37 ක දාවන කාලයක් පවතිනවා. ඒවගේම මෙහි අධ්‍යක්ෂණය සිදු කරන්නෙ Lorcan Finnegan විසින්ය. රංගනයෙන් Imogen Poots, Jesse Eisenberg, Jonathan Aris, Eanna Hardwicke, Danielle Ryan, Senan Jennings දායක වෙනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

ජෙමා කියන්නෙ හරිම හොඳ කෙනෙක්. මෙයා පෙර පාසල් ගුරුවරියක්. ඒවගේම මෙයාට පෙම්වතෙක් ඉන්නවා ටොම් කියලා. ඉතිං මේ දෙන්නගෙ හීනෙ තමයි එයාලට හරියන කැදැල්ලක් හොයාගන්න එක. කෝමහරි මෙයාලා ගෙවල් කීපයක්ම බලනවා. හැබැයි ඒ කිසිම එකක් එයාලගෙ සිහින කැදැල්ල නෙමේ. ඔන්න ඉතිං දවසක් මෙයලා වෙනස්ම තැනකට යනවා. හැබැයි මේ ඉඩම් හිමියා හරිම වෙනස් කෙනෙක්. ගොඩක්ම අමුතුයි. හැබැයි ඒ හැටි කියලා හිතාගෙන මෙයා එක්කරගෙන අලුත් ගෙයක් පෙන්වන්න. මේක එක්තරා ප්‍රජාවකට හැදපු ස්ථානයක්. ඉතිං කොහොමහරි මෙයාලගෙ හිත එහෙම හදලා කැමති කරවගන්නවා. ඉතිං මෙයාලා වත්ත පිටිපස්ස බලන්න යද්දීම මේ මිනිහා මෙයාලව දාල යනවා. දැන් තමා ඔක්කොම පටන්ගන්නෙ. මොකද කිව්වොත් මෙයාලට පාර හොයාගන්න බැරි වෙනවා. එකම තැන වටේ ගහන්නෙ. කොයි පාරෙන් ගියත් එන්නෙ එකම තැනකට. ඒ තමයි එයලා බලපු ගෙදර. හරිම ගුප්තයිනෙ? ඊටත් වඩා ගුප්ත කම කියන්නෙ මෙයලාට එපා වෙලා එද්දී එකපාරටම ළමයෙක් ලැබෙනවා. ලැබෙනවා කිව්වෙ පෙට්ටියක දාලා තියෙනවා. හැබැයි කවුරුත් නැහැ. ඉතිං කවුද මේ ළමයා? මෙයාලා මොකක් ඇතුළෙද හිරවෙලා ඉන්නෙ? වංකගිරියක්ද? එහෙම නැත්තම් වෙන දෙයක්ද? අවසානය වෙනකම් බලන්නකො අන්තිමට වෙන්නෙ මොකක්ද කියල හිතාගන්න බැරිවෙයි. ටිකක් නෙමේ ගොඩක්ම අමුතු එකක්.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB / Blu-Ray  පිටපත් සඳහා ලබා දි ඇත.

8,866 downloadsDownload Vivarium-2019-Blu-Ray.zip39 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

8,866 downloadsDownload Subtitles39 KB

39 comments

  1. Praneeth

    Tks broo

  2. Hemantha De Silva

    ස්තුතියි රවිඳු...
    ගෙදරට වෙලා කොටුවෙලා ඉන්න වෙලේ ඔයාලගේ සේවය තවත් වටිනවා...
    ස්තුතියි බයිස්කෝප්..

  3. Dileepa

    Adult Seen na neda meke

  4. indika75

    thanks..

  5. Buddika

    Meke wune mona illawwakda kiyala katahari kiyanna puluwanda? pitasakwala seen ekak wage

    1. විජිත ඒ.

      මට තේරෙන්නැත්තෙ අරූ මොකටද අර පණ දාගෙන වලක් හෑරුවෙ කියලා...මොකෝ පෘථිවිය අනිත් පැත්තට යනකන් හාරගෙන යන්න යැයි. ඒ් කපපු පස් ටික පාර දිගේ දාගෙන ඇවිද්දා නම් එකම තැන වටේ නොයා බේරෙන්න තිබ්බා. කැලේ යද්දි කොල අතු කඩාගෙන දාගෙන යනව වගේ. මුං දෙන්නට මෙහෙම වුනේ උන්ගෙ ගොංකම නිසා. අතාත්වික චිත්‍රපටියක්. අන්තිමට පැහැදිළි කිරීමක් එයි කියලයි බැලුවෙ. වැඩක් නෑ. බලන්න එපා.

  6. Kaushalya Deshapriya

    thank you saho

  7. Shaggie

    Thnks mchn sub ekta..Me wge hangichcha film eliyata genawata again thnks

  8. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් සබ් එකට

    1. ඩිල්

      කතාව තනිකරම අභිරහසක්.ඒත් හාස්‍ය රසය නිසාමයි බැලුනෙ...

  9. chinthaka_priyadrshana

    Thank U bro.....

  10. indika

    කිසිම තේරුමක් නැති film එකක්. නිකන් මගේ කාලේ නාස්ති වුනා

  11. Suranjan

    Thanks jayawewa.....!

  12. Ranjith priyantha

    ගන්න හිතන් ඉන්නවනම් මේ ෆිල්ම් එක ගන්න එපා..මෙලෝ රහක් නෑ..කිසිම තේරුමක් නෑ

  13. Nayanajith

    mona haththilawwakda meke une kiyala danna ekek kiyahanko... melo rhak na film eka

  14. isurumadhusanka

    gannanm epa me film eka melo therumak ne

  15. isuru srinath sjs

    ස්තුතියි මචෝ !!

  16. AASSF

    කොරෝනා හැදිලා හැංගිලා ඉන්න උන්ව දාන්න ඕනේ මේ වගේ තැනකට, ආයේ එන්න බෑනේ.

    මේ FILM එක තේරුනේ එකෙක් ඉන්නවනම් කියහන්?????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????

    1. Anonymous

      ෆිල්ම් එකේ ඒ ඉන්නෙ සත්වයෙක්. ඒ කියන්නෙ පිටසක්වල ජීවියෙක්. එයාලා කොහෙන්ද ආවේ කින්ද මන්ද නැහැ හැබැයි. අපිට තමයි ඒක හිතාගන්න වෙන්නෙ. කොහොමහරි ඒ තැනත් ඒ වගේම හිතාගන්න ඕනෙ. උන් හදපු තැනක්. අනිත් කට්ටියට නොපෙනෙන්න. එක්කො එක්තරා ආකාරයක වංකගිරියක්. කොහොමහරි ඒ ළමය පිටසක්වලයෙක්. ඒ දෙන්නෙ කරන්නෙ ළමයාව ලෝකයා ඉදිරියට යන්න සුදානම් කරන එක. අනික ඒ කොල්ල ඉක්මණින්ම ඉගෙනගන්නවා. ආයෙ පාරක් බලන්න තේරෙයි. ලොකු දෙයක් නැහැ.

  17. shashika

    melo rahak naha chatter

  18. ruchiralakmal

    Thanks for the sub!!!!!!

  19. Bandaramudiyansi

    උම්බට කොහෙද බං කොල්ලො ඔය පිටසක්වල අදහසක් ආවෙ. අමු මොඩ අදහසක් එක. මෙක අප හැම මනුස්සයෙක්ටම උරුම වෙන දෙයක් පැහැදිලි අරන්නයි අද්‍යක්ශක වරය උස්සහ ගන්නෙ මට නම් හිතුනෙ.

    1. Bandaramudiyansi

      @Anonymous

    2. Ravindu Rukshan

      hehe eka kiwwa nm ape kattiya download karaida?

  20. sanjeewakbg

    thanks bro..

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Pramukmili

    Thanxx bro

  23. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  24. rangaprabuddha

    Thanks for sub

  25. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති
    Hoda film ekak 7/10

  26. D.Chamara

    bohoma sthuthi ..

  27. Jayakodi

    Terena ekek innawanam teruma kiyahanko????
    Sub ekata Thank you....

  28. MAALNATH

    Thanks ....................good luck ..................

  29. melinda

    thank you

  30. nish47

    ස්තූතියි සහෝ

  31. Harsha

    ස්තුතියි ඔබට

  32. Dewadithya

    Thanks for sub!

  33. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  34. Harshana Atapattu

    Thanks for sub brother