මේ මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. ඒක නිසා ඔන්න අඩුපාඩු තිබුනොත් ඒක ගැන කියන්න. කාලයක් මේ විදියට සබ් ඩවුන්ලෝඩ් කර කර ඉන්නකොට මටත් හිතුනා සබක් කරලා බලන්න ඕනි කියලා. ඉතිං ඔන්න කොහොමහරි එකක් කරලා බැලුවා ඉතිං. ආ…ඒවගේම අසංක ප්‍රදීප් අයියට බොහොම ස්තූතිවන්ත වෙනවා මට මේ අවස්ථාව දුන්නට.මොකද කියනවනම් මේ සලරුව ව…

මේ මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. ඒක නිසා ඔන්න අඩුපාඩු තිබුනොත් ඒක ගැන කියන්න. කාලයක් මේ විදියට සබ් ඩවුන්ලෝඩ් කර කර ඉන්නකොට මටත් හිතුනා සබක් කරලා බලන්න ඕනි කියලා. ඉතිං ඔන්න කොහොමහරි එකක් කරලා බැලුවා ඉතිං. ආ…ඒවගේම අසංක ප්‍රදීප් අයියට බොහොම ස්තූතිවන්ත වෙනවා මට මේ අවස්ථාව දුන්නට.මොකද කියනවනම් මේ සලරුව වෙන සහෝ කෙනෙක් අරගෙන තිබ්බෙ, ඒකයි. එහෙනම්, චිත්‍රපටයේ විස්තර බලමු….

කතාවේ නම තමයි Vixen: The Movie (2017). ඔයාලා දැනටමත් දන්නවා ඇතිනේ ඉස්සෙල්ලම මේකෙ ටීවී සීරීස් එකක් ආව බව. DC comics වල මේ සලරුව වරට පළමු තිරගත වුනේ 2017 මැයි 23 වනදා ඇමරිකාවෙදී. ඇනිමේෂන් ගණයට අයත් වන මෙය imdb දර්ශකයේ 6.6 ක අගයක් අරගෙන තියෙනවා. මෙහි අධ්‍යක්ෂනය Curt Geda,James Tucker යන අය විසින් සිදු කර තිබෙනවා. Megalyn Echikunwoke – මාරි මැකේබ් / වික්සන් , Stephen Amell – ඇරෝ , Grant Gustin – ෆ්ලෑෂ් , යන අය මෙහි හඬ කැවීමෙන් දායක වී තිබෙනවා. ඒවගේම ඇටම්, ෆයර්ස්ටෝම්, බ්ලැක් කැනේරි වගේ අයත් මේකෙන් බලාගන්න පුළුවන්.

කතාවට හැරෙමු….මාරි මැකේබ් කියන්නෙ ඩිට්‍රොයිට් වල ජීවත් වන විලාසිතාවලට ආසා කරන කෙනෙක්. දවසක් මෙයාට හම්බවෙනවා අමුතු මැජික් මාලයක්. මේකට කියන්නෙ ටෝටම් පලදනාව කියලා.මේ පලදනාව පලදින කෙනාට පුළුවන්කම තියෙනවා ඕනෙම සතෙක්ගෙ ශක්තිය, හැසිරීම ගන්න. මේ අතරෙදි මෙයා දැනගන්නවා තමන්ගේ අම්මව මැරුවෙ ජෙනරාල් ඒෂු කියන කෙනෙක් කියලා. ඒකට මෙයාට එයත් එක්ක සටන් කරන්න ඕනෙ වෙනවා. ආ…තව අපි හැමෝම දන්න කියන ඇරෝ, ෆ්ලෑෂ් දෙන්නත් මෙයාට උදව් කරනවා. ඉතිං වැඩි විස්තර කියන්න යන්නෙ නෑ, මොකද වෙන්නෙ කියලා ඔයාලට බලන්න පුළුවන්.

ඉතිං ඔන්න පටන්ගැන්මෙදි කිව්වා වගේම මේ මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම නිසා පොඩි පොඩි අඩුපාඩු එහෙම ඇති. ඒක නිසා මේ පිළිබදව ඇනුම් බැනුම් ඕනෙ දෙයක් කමෙන්ට් කරන්න. එහෙනම් නැවත උපසිරැසියකින් හමුවන බලාපොරොත්තුවෙන්, ගිහින් එන්නම්.


Vixen: The Movie (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Vixen.The.Movie.2017.720p.BluRay.H264.AAC-RARBG

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා අදාළ වේ.

3,319 downloadsDownload Vixen-The-Movie-2017.zip46 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/unnamed.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් නුවන්ත
” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-09-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

3,319 downloadsDownload Subtitles46 KB

22 comments

  1. Helili Hemamali

    නියමයි.. තවත් උපසිරැසි නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා!

  2. Lakshan

    Thanks Bro.

  3. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

  4. shan

    මම නම් හිතුවෙම නෑ මේකට sub කරයි. :)
    පළමු sub එකට මගෙනුත් උණුසුම් සුභ පැතුම්!
    වරදවා හිතන්නෙ නැත්නම් මේ වෙලාවේ පොඩි දෙයක් කියන්න කැමතියි.
    කිසිම වෙනසක් නොකර කලින් අපි බලපු tv series එකම තමයි මේ movie එකක් විදියට හදලා තියෙන්නේ.. :(
    ඉතින් කැමති කෙනෙක් sub එක අරගෙන බලන්න.
    මේ ගැන නොදන්න අය ඉන්න නිසා තමයි කියන්න ඕන කියල හිතුනේ.
    ජය වේවා!!

  5. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ.දිගටම සබ් දෙන්න
    ජය වේවා!

  6. C. R. ජයලත්

    Niyamai Saho Jaya Wewa!!!!!

  7. අසිත

    Elama saho thanks

  8. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Nirodhauthpala

    Umba kavuda kiyanna mama danne na bro me mage podi kale indalama asama dc eakkenek obata jaya digatama denna labeva keya hadavatinma partana karanava bro thx for sub

  11. Thisara Neo

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

  12. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  13. Kavinda Buddhika

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..ජය වේවා...

    1. ෂෙහාන් හර්ෂණ

      සබට තෑන්ක්ස් සහෝ..පළවෙනි උපසිරැසියට සුභපැතුම්✌️

  14. Lucky

    ස්තුතියි සහෝ sub එකට

  15. Ishan

    [COLOR="Purple"][B]බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය[/B][/COLOR]

  16. Helitha Hettiarachchi

    Machan pop kiyala thaththatath kiyanawa. Thanks!

  17. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  18. randil manamperi

    Sub ekata tanks bro

  19. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  20. Kalana

    [COLOR=”Blue”][B]ගොඩක් වටිනවා බොහොම ස්තුතියි[/B][/COLOR]

  21. mh senanayake

    Thanks bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.