Watch Trailer

Vodka Diaries (2018) with Sinhala Subtitles | ඔබගේ යක්ෂයන්ව අඳුරේම ගාල් කර තබන්න!! [සිංහල උපසිරැසි සමග]

වොඩ්කා ඩයරීස් හෝටලයට සාදරයෙන් පිලිගන්නවා. ඇතුලට එන්න කලින් දෙයක් තියෙනවා කියන්න. ඒක කිව්වට පස්සේ තීරණය කරන්න ඇතුලට එනවද නැත්තම් ආපහු යනවද කියලා. ඇතුලට එන එක්කෙනෙක්ට පැය දෙකක් මේ හෝටලේ නතර වෙන්න වෙනවා. ඒ පැය දෙක ඇතුලත තමන්ගේ මොලේට, මානසික මට්ටමට මොන මොන වගේ බලපෑමක් එයිද කියන්න මං දන්නේ නෑ. කරකවලා කර…

වොඩ්කා ඩයරීස් හෝටලයට සාදරයෙන් පිලිගන්නවා.

ඇතුලට එන්න කලින් දෙයක් තියෙනවා කියන්න. ඒක කිව්වට පස්සේ තීරණය කරන්න ඇතුලට එනවද නැත්තම් ආපහු යනවද කියලා. ඇතුලට එන එක්කෙනෙක්ට පැය දෙකක් මේ හෝටලේ නතර වෙන්න වෙනවා. ඒ පැය දෙක ඇතුලත තමන්ගේ මොලේට, මානසික මට්ටමට මොන මොන වගේ බලපෑමක් එයිද කියන්න මං දන්නේ නෑ. කරකවලා කරකවලා අත ඇරලා, ආයෙම කරකවනවා වගේ හැගීම් දැනීම් ඇති වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩියි. ඉතින් තමන්ගේ මොලේට ආදරයක් තියෙන කෙනෙක්, මොලේ චංචල වෙනවට ආස නැති කෙනෙක් ඉන්නවා නම් මං නම් කියන්නේ අන්න තියෙනවා පිටවීමේ දොර, ඔයාට යන්න පුළුවන්. අර කලින් කියපු සකලංකමාලේ විඳින්න ආසයි ආසයි නම් මෙන්න ඉඩ දුන්නා, එන්න ඇතුලට! හැබැයි මතක තියාගන්න සිද්ධ වෙන කිසිම දේකට මට වගකියාගෙන එන්න කියලා නම් කියන්නෙපා. මං ආයෙත් කියන්නේ Come @ ur own Risk!

හිමෙන් වැසුණු හේමන්තයේ ඉන්දියාවේ මනාලි නගරේ තරමක් අන්ධකාර ප්‍රදේශයක තියෙන නිසංසල හෝටලයක්.. වොඩ්කා ඩයරීස්.. නිස්කලංකව තමන්ගේ නිවාඩුව ගත කරන්න හිතන කාටත් විකල්ප නැතුවම ගන්න පුළුවන් තීරණයක්. අපේ කතා නායකයා සහකාර පොලිස් කොමසාරිස් අශ්විනී ඩික්සිත් මහත්තයත් තමන්ගේ රූමත් කවිකාර බිරින්දෑ එක්ක මේ මනාලි නගරෙට ආවේ නිවිහැනහිල්ලේ දින කිහිපයක් ගෙවන්න වෙන්නැති. මැදි වයසේ හිටියට දෙන්නා තමන්ගේ ජීවිතේ ගෙව්වේ හරිම ආදරෙන්. තමන්ගේ රාජකාරි වැඩ හින්දා සිද්ධ වෙන අතපසුවීම් හේතුවෙන් නෝනා පොඩ්ඩ ගොඩක් වෙලාවට අශ්විනී මහත්තයා එක්ක හොස්ස එල්ලගත්තත් ඒවා නිකම් සෝඩා බෝතලේ වගේ. නෝනගේ හිත පොඩ්ඩක් සතුටු වෙන්නත් එක්කලා තමා මේ චාරිකාව අශ්විනී මහත්තයා එන්න තීරණය කලෙත්… තානායම් කාමරේ ඇඳ මත ඔහු බිරිඳ සමඟ පෙම්බස් දොඩමින් ඉන්න ගමන්…

ට්‍රීන්.. ට්‍රීන්… ට්‍රීන්.. ට්‍රීන්…

කාමරේ තිබ්බ දුරකථනය නාද වෙන්න ගත්තා. ඔහු හනික ගිහින් රිසීවරය ඔසවලා කනේ තියාගත්තා.

ඔන්න පුතේ කතන්දරේ පටන් ගන්නේ එතන ඉඳන්. 2018 අවුරුද්දේ බොලිවුඩ්පුරයෙන් තියපු පලවෙනි වෙඩිමුරය තමා දැන් මේ ඔයාලා බලන්න යන්නේ. හැබැයි කරුමේ කියන්නේ මේ වෙඩිමුරය ගොඩ දෙනෙක්ට ඇහිච්ච එකක් නම් නෙමේ. හැබැයි මේකේ වෙඩි බෙහෙත් ගඳ නම් හරිම සැරයි. නාහේ කඩාගෙන යන තරම්. වරුවකට වරු දෙකකට විතර ඒ ගඳ නාහෙන් යන්නේ නෑ. ඔය කෝටි 100, 200 පන්නන, ඔයැයිලත් හින්දිනේ කියලා පෙරුම් පුරලා පුරලා බලන, ඊට පස්සේ පණ යනකම් බනින සලමන්ගේ පිචර් වලට මේ සැර දෙන්න නම් තව ආත්මෙකට බැරිවෙයි. මේක බලපු ඈයෝ නම් මේකට පණ ඇරලා. හැබැයි විචාරක මහත්තුරු නම් වැඩි ප්‍රසාදයක් මේකට පෙන්නලා නෑ. ඒ ඇයි? ඔව් හේතු තියෙනවා. අඩුපාඩු නැතිව නෙමෙයි, තිර රචනයේ, සමහර රඟදැක්වීම් වල අඩුපාඩු තියෙනවා. ඒ වගේම විශේෂම දේ තමයි මේක සුප්‍රසිද්ධ හොලිවුඩ් චිත්‍රපටියක් අත්තිවාරම ලෙස අරන් හදපු චිත්‍රපටියක් වීම. දැන් කියන්නෙපා මූ ඒක බලලා නැතිවද මේ හුන්ඩුව මෙච්චරටම උඩ දාන්නේ කියලා. නෑ බලල තියෙනවා. හැබැයි අවසානෙට ලඟා වෙනකම් හිතාගන්න බැරිවුණා මේ අරකේ කොපියක්ය කියලා. ඒකම ඇති නේද මේ චිත්‍රපටිය පොඩ්ඩක් වර්ණනා කරන්න. මම උඩ “කොපිය” කියන වචනේ කිව්වා. ඒත් ඒ වචනේ මේකට හරියටම ගැලපෙන්නේ නෑ. ඒ තරමට මේකේ ස්වාධීනත්වයක් දකින්න තියෙනවා අර හොලිවුඩ් චිත්‍රපටියෙන්. ඒ හොලිවුඩ් එකේ නම අහන්න එපා. මේක බලලම වටහගනිල්ලා.

ජනවාරී මාසේ එළිදැක්ක මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ නවක අධ්‍යක්ෂකවරයෙක්. තමන්ගේ කුලුදුල්ම අධ්‍යක්ෂණය. IMDb අගය 6යි. රංගනය අතිදක්ෂ කේ කේ මෙනන්, මන්දිරා බේඩි සහ රීමා සෙන්. එහෙනම් ඔයැයිලට ඉඩ දෙමින් මං සමුගන්නවා. මතක තියාගන්න තමන්ගේ යක්ෂයන් අඳුරේම ගාල් කරලා තියන්න ඕනයි කියලා.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත සඳහා අදාළ වේ.

5,453 downloadsDownload Vodka-Diaries-2018.zip44 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

           

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

PHOENIX

Subtitles

5,453 downloadsDownload Subtitles44 KB

42 comments

  1. baiscope_chandima

    ela ela thaz bro

    1. damitht

      Ela rla

  2. Prabodha Madhusankha Hettiarachchi

    Balan hitapu movie ekak. Mn request karapu movie ekek thank mayura broo....

  3. Bandaramudiyansi

    උම්බේ ලිපියක් කියෙව්වම අපිත් හුනියමකට අහුනා වගේ ෆිල්ම් එක බාන්න හිතෙනව... මෙක නම් අල්ලලා යයි වගේ බොහොම ස්තුතියි මල්ලි .... padman බැලුවට පස්සෙ ටිකක් හින්දි සතියක් යන්න ඔනේ කියල හිතුන... අර සමිර මලයා ගෙනාව හින්දි එකක් මරෙ මරු ෆිලුම... මල්ලි මෙකට කලිම් දුන්න එකත් මන් බලනව අනිවාර්යයෙන් ... හැබැයි හිමිට... ස්තුතියි දිගටම තව මේවගේ හොලිවුඩ් නිර්මාණ දෙයි කියල හිතනව

    1. Bandaramudiyansi

      බොලිවුඩ්

  4. asankaherath

    නියමයි.
    පට්ට ඈ

  5. Kavishal Rasintha

    Tnxs fr sub..
    Gd luck...

  6. harshani11112

    ස්තුති මයුර සහො .....

  7. gihan perera

    Good job bro and well done....Good film...keep continue it....if you can translate sanju film...Please bro...I'm waiting for it...god bless you..

  8. chanaka47

    Aran balamu macho.. Sub ekata thanks..
    Copiyak kiwwe 1408 Movie ekeda bro? John Cusack inna?
    Anyway thanks bro.

    1. Dads

      Leonardo DiCaprio - Shutter Island 2010

  9. HD JAYARATHNA

    බොහෝම පිං

  10. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  11. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි...
    තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු...
    ජය...

  12. Kanchaka

    Thanks bro

  13. Nirosh C

    ස්තුතියි මයුර සහෝ.ජයවේවා!

  14. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  16. Aac3

    Thanks bro.. ඉස්සරහටත් මේ වගේ sub දෙන්න..

  17. Chami.S

    Thanks..
    Good Luck..

  18. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  19. Asanka Herath

    ඔබ කරකවා කරකවා අතහරිනු ඇත.

  20. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…

  21. Hemantha De Silva

    උපසිරැසියට බොහෝම ස්තූතියි මයුර...

  22. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ.......!

  23. N_R

    Thanks.

  24. Avindu Umesh Gunasinghe

    Patta film eka tnx sub ekata bro!!

  25. Dewadithya

    Thanks for sub

  26. nalinudugama

    thanks for sub

  27. supun bro

    Thank you

  28. Haritha245

    ස්තුතියි සහෝ.....ජයවේවා.....

  29. malith

    Ela ela

  30. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. sulochana

    Thank you sub ekata... digatama karagena yanna shakthiya lebewa..

  32. Kovidu

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට, ජය.........

  33. Sanjeewa2010

    Thnxxxxxxxxxxxxxx

  34. nalin.kumara0510

    Thanks bro good luck

  35. mindika

    Thanks !!!!!!!!!!!!!

  36. Isurusandaruw

    Elama elama thanks..

  37. ශසිත් සඳරුවන්

    ඔන්න උඹ කියපු හින්දම ගන්නවා..
    මං හිතුවේ ඉංග්‍රීසි එකක් කියලා. :P
    සබට තුති.
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  38. sasala

    thanks

  39. sathyajith

    thanks forthe sub