සුභ දවසක් වේවා හිතවත් බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි..! ලෝකයේම සිනමා කර්මාන්තය පසුබෑමකට ලක් වෙලා තියෙන මේ වගේ වෙලාවක අලුත්ම චිත්‍රපටයකට සිංහල උපසිරැසියක් ගේන්න ලැබීම මටත් සතුටක් වගේම සිනමා පටය රසවිඳින ඔබටත් සතුටක් වෙයි කියලා මම හිතනවා. එහෙනම් වැඩි කතාවක් නැතුව මොකක්ද මේ චිත්‍රපටය කොහොමද විස්ත…

සුභ දවසක් වේවා හිතවත් බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි..! ලෝකයේම සිනමා කර්මාන්තය පසුබෑමකට ලක් වෙලා තියෙන මේ වගේ වෙලාවක අලුත්ම චිත්‍රපටයකට සිංහල උපසිරැසියක් ගේන්න ලැබීම මටත් සතුටක් වගේම සිනමා පටය රසවිඳින ඔබටත් සතුටක් වෙයි කියලා මම හිතනවා. එහෙනම් වැඩි කතාවක් නැතුව මොකක්ද මේ චිත්‍රපටය කොහොමද විස්තර කියලා බලලා ඉමු.
ඔයාලා හැමෝම වගේ දන්නවා Netflix ආයතනය ගැන. ඒ දන්නවා වගේම එයාලගේ වැඩ ඒ කිව්වේ විවිධ භාෂාවන්ගෙන් නිර්මාණය කරපු සිනමාපට,වෙබ් සීරිස් වගේ බොහොමයක් සිනමාව හා සම්බන්ධ නිර්මාණ වල තිබෙන ගුණාත්මකභාවය ඔය කවුරුත් දන්නවා ඇතියි කියලා මම හිතනවා. ඉතින් ලෝකය පුරාම බොහොමයක් සිනමා ශාලාවන් වසා ඇති මේ වගේ අවස්ථාවක ඉන්දීය හිංදි චිත්‍රපට රසිකයො වෙනුවෙන් Netflix සමාඟම විසින් ගෙනාපු මේ චිත්‍රපටය නිකුත් උනේ අගෝස්තු මාසේ 21 වෙනිදා.! නිෂ්පාදනය කරලා තියෙන්නේ අපි කවුරුත් දන්නා බොලිවුඩ් නළු Shah Rukh Khan සහ ඔහුගේ බිරිඳ වෙන Gauri Khan ට අයිති Red Chillies Entertainment සමාඟමෙන්,ඉතාමත් කාර්ය්‍යබහුලව ඉන්න මේ වගේ අවස්ථාවක දින දෙකක් හරි ප්‍රමාදවෙලා මේ චිත්‍රපටයට ඔන්න මම සිංහල උපසිරැසි හදලා අරන් ආවා. ඉතින් බයිස්කෝප් සිංහලෙන් හා අත්වැල් බැඳන් ඉන්න වගේම මොන චිත්‍රපටිය ආවත් බයිස්කෝප් එකෙන් කවදා හරි උපසිරැසිය දෙනකල් බලන් ඉන්න අපේ රසික රසිකාවියන්ගෙන් සිදුවුන ප්‍රමාදයට සමාවත් ඉල්ලන්නවා මේ අවස්ථාවෙදි 😀
චිත්‍රපටය ගැන වැඩි දුරටත් කතා කලොත් මේ චිත්‍රපටය Netflix සමාඟම වෙනුවෙන් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Atul Sabharwal කියන අධ්‍යක්ෂකතුමා. මේ චිත්‍රපටයෙ ප්‍රධාන චරිතය රඟදක්වන්නේ බොලිවුඩයේ ඉන්න සුපිරි නළුවකු වෙන Bobby Deol විසින් Hussain Zaidi නම් ලේඛකයා විසින් සත්‍ය සිදුවීම් අලලා ලියන ලද Class of ’83 කියන පොත ඇසුරෙන් තමයි මේ චිත්‍රපටයේ කතාව නිර්මාණය කරලා තියෙන්නේ එතකොට Netflix සමාඟමෙයි Shah Rukh Khan ගේ Red Chillies Entertainment සමාඟමයි එකතුවෙලා කරපු තුන්වෙනි සිනමා නිර්මාණය තමයි මේ Class of ’83 හිංදි චිත්‍රපටිය. මීට කලින් ඔවුන් කල නිර්මාණයන් වුන Bard of Blood වගේම Betaal කියන වෙබ් සීරිස් ගැනත් ඔබට මතක ඇති.
විචාරක අදහස් කිහිපයක්….
Bobby Deol මේ චිත්‍රපටයෙදි අපි මෑත කාලයේ දී දැකපු ඔහු රඟපෑ චරිතයන්ට වඩා ඔහු තම රංඟන ජීවිතයේ මුල් කාලයේ සහ 2004,2005 වර්ශයන්ගේ රඟපෑ චරිතයන්ට සමාන වෙන චරිතයක් මෙහිදි නිරෑපණය කරනවා බලාගන්න පුලුවන් කියලයි මගේ අදහස නම්. මේ චිත්‍රපටය නිකුත් වෙලා දින දෙකක් උනත් ඉතා හොඳ මට්ටමේ ප්‍රේක්ෂක ප්‍රතිචාර මෙන්ම විචාරකයින්ගේද ප්‍රතිචාරයන් ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම Bobby Deol ගේ සුවිශේෂි රංඟනයට මේ චිත්‍රපටයේ පසුබිම් සංගීතයත් ඉතාමත් ඉහල මට්ටමක තියෙනවා කියලා ගොඩක් විචාරකයො කියලා තියෙනවා.
විචාරක අදහස් කිහිපයක්….
රාජකාරිය තම පවුලට හා දේවත්වයටත් වඩා ඉහලින් පෙරදැරි කරගෙන සිටි පොලිස් නිලධාරියකු වන විජය සිං ව ඔහුගේ යුක්ති ගරුක,අවංක,නිර්භීත ක්‍රියාකලාපය නිසා දඬුවම් මාරුවීමක් ලැබී පොලිස් පුහුණු පාසලක රාජකාරියේ යොදවනවා. එතැනදි ඔහු විසින් පුහුණු කරන පලමුවන කණ්ඩායමේ සිටින විශේෂිත වූ ශිෂ්‍යයින් කිහිපදෙනකු හා සම්බන්ධව දිවයන මේ චිත්‍රපටයේ ඇති කතාව ගැන නම් මීට වඩා යමක් කියන්නට සූදානම් වෙන්නේ නෑ. ඒ ඔබගේ රසවින්ඳනයට බධාවක් වෙන නිසාවෙන් ඉහතින් දක්වලා තියෙන රූප සටහන් දිහා බලපුවමත් ඔබට චිත්‍රපටයෙ ගුණාත්මක භාවය පිළිබඳව යම් අදහසක් ගන්නට පුළුවන් වේවි.එහෙමනම් තවත් සිනමා පටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණයක් ගෙන ඒමේ බලාපොරොත්තුවෙන් අදට සමු ගන්නවා.
“යහපත් මිනිසුන් හට වගකීමෙන් යුතුව වැඩ කිරීමට නීති අවශ්‍යය නැත,
එනමුත් නරක මිනිසුන් නීති රීති මඟඇර යාමට නිරතුරුවම මගක් සොයනු ඇත ”
ප්ලේටෝ
ඔබ සැමට කඳ සුරිඳු පිහිටයි.!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
10,917 downloadsDownload Class-of-83-2020.zip45 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා
Subtitles
20 comments
Shamal manojan
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!D.Chamara
bohoma sthuthi ..
gihan perera
ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට....බොබී ඩියොල් නම් පට්ට... ඉස්සර ආසම නළුවෙක් තමයි... නියමයි... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා....ජය වේවා.....
Achi
බොහොම ස්තුතියි සබ් එකට
isuru srinath sjs
එල.. බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට..
යුරාන් ධනුක (දනුවා)
බොහෝම ස්තූතියි සහෝ
sampath n perera
thanks
ශසිත් සඳරුවන්
සබට තුති වේවා අයියේ..
දිගටම සබ් දෙමු ආ...
ජය!Yash
Thanks brother
Nilush Angana
Sub ekata thanx
Anonymous
ela bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Thanks bro
nish47
ස්තූතියි සහෝ
Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
Udaya
Thanks u all
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!mindika
Thanks !!!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
පුලුවන් නම් මේ ටිකටත් සබ් දෙන්න පුලුවන්ද?
PM Narendra Modi - 2019
Yamla Pagla Deewana: Phir Se - 2018
The Song of Scorpions - 2017
Doob: No bed of Roses - 2017