Watch Trailer

Daughter of the Wolf (2019) Sinhala Subtitles | වෘකයාගේ දියණිය (ඇයත් අම්මා කෙනෙකි) [සිංහල උපසිරසි සමඟ]

හො.. හෝ.. යාළුවනේ… අවුරුදු 1 1/2කට විතර පස්සෙ ඔන්න ආපහු බයිස්කෝප් එකට උපසිරැසියක් දෙන්න පුළුවන් වුණා. මේක බයිස්කෝප් එකට දෙන මගේ 11 වෙනි උපසිරැසිය. අන්තිමට මම උපසිරැසි දුන්නෙ පරණ චිත්‍රපටියකට. 1980 වර්ෂයේ පරණ කළු සුදු චිත්‍රපටියක් වුණු The Elephant Man චිත්‍රපටිය තමයි ඒ. හැබැයි අද මම ගේන්නෙ අලුත්ම අ…


හො.. හෝ.. යාළුවනේ… අවුරුදු 1 1/2කට විතර පස්සෙ ඔන්න ආපහු බයිස්කෝප් එකට උපසිරැසියක් දෙන්න පුළුවන් වුණා. මේක බයිස්කෝප් එකට දෙන මගේ 11 වෙනි උපසිරැසිය. අන්තිමට මම උපසිරැසි දුන්නෙ පරණ චිත්‍රපටියකට. 1980 වර්ෂයේ පරණ කළු සුදු චිත්‍රපටියක් වුණු The Elephant Man චිත්‍රපටිය තමයි ඒ. හැබැයි අද මම ගේන්නෙ අලුත්ම අලුත් චිත්‍රපටියක්. මේක තිරගතවෙන්න පටන් අරගෙන තවම මාස 2යි.

2019 ජුනි 14 වෙනිදා ප්‍රදර්ශනය ආරම්භ කළ මේ චිත්‍රපටිය මේ වෙද්දි IMDB දර්ශකයේ 6.0ක අගයක් සහ Rotten Tomatoes විචාර වලින් 59%ක් හොඳ විචාරත් ලබාගෙන තියෙනවා. මේක 2008 දි Saw V චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරපු David Hackleගෙ අධ්‍යක්ෂණයක්. විනාඩි 88ක ධාවන කාලයක් තියෙන මේ චිත්‍රපටියට ඩොලර් මිලියන 7ක් වියදම් කරල තියෙනවා.

අම්මේමා කෙනෙක් වටා ගෙතුණු මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය (Clair Hamilton)ට පණ පොවන්නෙ Gina Carano. එයා Blood and Bone (2009), Haywire (2011), Fast & Furious 6 (2013), Deadpool (2016) චිත්‍රපටිවල වගේම Fight Girls (2006), Almost Human (2014) වගේ TV Series වලත් අපි දැකපු කෙනෙක්. මේකේ ප්‍රධාන දුෂ්ඨයා (Father-තාත්තා)ගෙ චරිතය කරන්නෙ අවුරුදු 72ක සීයා කෙනෙක් වන Richard Stephen Dreyfus. ඊට අමතරව Brendan Fehr, Sydelle Noel කියන නළු නිළියන් දකින්න පුළුවන්.

චිත්‍රපටියෙ කතාව දිහාට හැරුණොත්, හිටපු හමුදා නිළධාරිණියක් වන ක්ලෙයාර් හැමිල්ටන් හමුදා නිළධාරියෙක් වුණු ඇගේ ස්වාමියාගේ අභාවයෙන් පස්සෙ පුතාත් එක්ක තනි වෙනවා. ඇගේ පියාගේ අභාවයෙන් පියාගේ දේපළ ඇයට උරුම වෙනවා. පසුව නන්නාඳුනන කල්ලියක් ක්ලෙයාර්ගෙ පුතා පැහැරගෙන ගිහින් කප්පම් ඉල්ලනවා. හැබැයි මේ කප්පම ඉල්ලන්නෙ අර කල්ලියේ ලොක්කට සල්ලි ඕන හින්දම නෙවෙයි. ක්ලෙයා සහ ඇගේ පුතා අතර ලොකු බැදීමක් නොතිබුණත් එයාත් අම්ම කෙනෙක්නෙ? ක්ලෙයාර් එයාගෙ පුතා බේරගන්න හිතාගෙන කප්පම් මුදලත් අරගෙන යනවා. ඊට පස්සෙ මොකද වෙන්නෙ කියලා දැනගන්න නම් චිත්‍රපටිය බලන්නම වෙනවා. මුළු කතාවම මෙතන කියලා story teller කෙනෙක් වෙන්නෙ නැතුව මම නවතින්නම්.

එහෙනම් චිත්‍රපටිය බලන්න උපසිරැසිය බාන ගමන් පොඩි අදහසකුත් දාගෙනම යන්න අමතක කරන්න එපා හොඳේ.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB-DL පිටපත සඳහා අදාළ වේ.

8,139 downloadsDownload Daughter.of_.the_.Wolf_.2019.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංජීව කේ. ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රංජීව කේ. ලියනගේ

Subtitles

8,139 downloadsDownload Subtitles20 KB

35 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තූතියි සිංහල උපසිරසියට :)
    ජය වේවා.!

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. Hemantha De Silva

    ස්තුතියි රංජීව...
    ස්තුතියි බයිස්කෝප්...

    1. dinesh88

      ස්තුතියි ඔබට ජයවේවා

  4. sameera50354

    Niyamaaai

  5. Hemal

    Thanks SAho

  6. Suranjan

    Thanks machan......jayawewa.....!

    1. malinduanjana

      Thank u..... I was waiting for this ❤

  7. arawindasunimal

    thanks jayawewa

  8. wnrodrigo

    Good work friend, Thanks!

  9. Akashpc

    Tnx

  10. Rukshan37

    Ela ela

  11. RuwanLakshan93

    බොහෝම ස්තූතියි සහෝ .

  12. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  13. rockz2020

    බොහොම ස්තූතියි! ❤
    ජය වේවා! ❤

  14. suranuwan

    thank you......

  15. Thusitha Sampath

    Thanks.

  16. Sajithlakshan

    thanks .............

  17. harris

    Thanks bro sub ekata

  18. Shehan Pramuditha

    elama

  19. Pavi

    ......ෆිල්ම් එකේ නමයි විචාරයයි ගැලපෙන්නේ නෑ වගේ
    ඒ වුනාට උපසිරැසියට බොහෝම ස්තූතියි....

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. Kamal Liberty

    patta

  22. Kapila4499

    thanks for sub

  23. Anu

    Thanks bro.

  24. DumuthuLakshan

    තද කොර පට්ට

  25. Dula95

    THANK U

  26. nish47

    ස්තූතියි සහෝ

  27. AsithaDilruwan

    ela saho thanks

  28. නිමල් දිසානායක

    රන්ජීව,
    දිග කාලයක් සබ් එකක් නොදී ඉඳලා
    නියම ෆිලුමකින්ම නැවත රසිකයන්ට සංග්‍රහ කිරීම ගැන
    ගොඩක් ස්තුතියි!

  29. sampath n perera

    THANKS

  30. wajira

    Thank for sub

  31. Kasunabayasekara

    Thanks Bro...

  32. සාරංග

    ස්තුතියි !

  33. Dewadithya

    Thanks for sub!