Watch Trailer

Wadjda (2012) | සීමාවන්ට එරෙහි වූ දඟකාරිය. [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ….. මේ බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය.. හැමදාම උපසිරැසි අරන් බලන එකේ මාත් එකක් උපසිරැසි දාන්න හිතුව… ඉස්සල්ලාම තෝරගත්තෙ ටිකක් විශේෂ චිත්‍රපටයක්… ඒ ඇයි කියල ඔයාලට මේක කියනව කොට තේරෙයි.. වජ්ඩා කියන්නෙ 2012 වසරේ නිර්මාණය වුණු නාට්‍යමය ප්‍රවර්ගයට වැටෙන සුප…

Wadjda (2012)

ඉතින් කොහොමද යාළුවනේ….. මේ බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය.. හැමදාම උපසිරැසි අරන් බලන එකේ මාත් එකක් උපසිරැසි දාන්න හිතුව… ඉස්සල්ලාම තෝරගත්තෙ ටිකක් විශේෂ චිත්‍රපටයක්… ඒ ඇයි කියල ඔයාලට මේක කියනව කොට තේරෙයි..

වජ්ඩා කියන්නෙ 2012 වසරේ නිර්මාණය වුණු නාට්‍යමය ප්‍රවර්ගයට වැටෙන සුපිරි සිනමා සිත්තමක්… Imdb අඩවියේ මෙයට හිමිවෙලා තියෙන වටිනාකම 7.7ක් තරම් ඉහළයි.. ඒ වගේම මේ චිත්‍රපටිය සම්මාන 18ක් අත්පත්කරගෙන තියෙනව… තව සුදුසුකම් ලැබූ සංඛ්‍යාව 17ක් ... ඉතින් කොයි තරං විශිෂ්ට සිනමා නිර්මාණයක් වෙන්න ඕනද ඒ තරං වටිනාකමක් හිමිකරගන්න.. ඒ විතරක් නෙවී මේක තමා සවුදි අරාබියෙ කාන්තාවක් විසින් කළ පළමු සිනමා නිර්මාණය… මං ඉස්සල්ල කීව කතාවට හේතුව තේරෙන්න ඇති කියල මං හිතනව.. මේ චිත්‍රපටිය නිර්මාණය කළේ Haifaa Al-Mansour විසින්.. දගකාර හිතුවක්කාර වජ්ඩට පණ පොවමින් වාද් මොහොමඩ් අතිවිශීෂ්ට රංගනයක නිරත වෙන පුංචි හිතුවක්කාරි අමතක කරන්නත් බෑ.. එහෙම නං කතාව පැත්තට හැරෙමුකෝ.

වජ්ඩ කියන්නෙ අවු.11 ගෑනු ළමයෙක්.. හැබැයි මෙයා දාගන්නෙ නං එසේ මෙසේ බාල්දි නෙමේ.. මෙයාට එකම එක හීනයක් තියෙනව… ඒ තමා සයිකලයක් ගන්න එක…ඒ වගෙම එයාගෙ යාළුව අබ්දල්ලත් එක්ක තරගෙට සයිකල් පැදල දිනන එක…. ඒත් වජ්ඩ ගෙ ආගම අනුව පාපැදිය කියන්නෙ ගෑනු ළමයින්ට තහනම් දෙයක්… ඒත් මෙයාට ඕන එකම දේ සයිකලය.. කොටින්ම මෙයා ජීවත් වෙන්නෙත් ඒ වෙනුවෙන් කියල හිතෙන තරං.එක පාරක් මෙයා එයාගෙ පිරිමි යාළුව ගෙදරට ගෙන්නගන සයිකල් පදින්න ගිහින් අලි ජරමරයක් කරගන්නව…. ඒ වගෙම මෙයා සයිකලයක් ගන්න සල්ලිත් එකතු කරනව… සයිකලය ගන්න ඕන රියාල් 800ක්…හැබැයි මෙයාට තේරෙනව ඒක ලේසි දෙයක් නෙමේ කියල.. ඒ හිංද මෙයා කෙටි ක්‍රමත් උත්සාහ කරල බලනව.. ඒ හිංද මෙයා එක පාරක් සෞදි ආගමික පොලිසියට අහුනොවී බේරෙන්නෙ අනූනවයෙන්… ඒ අතරෙ මෙයා දැනගන්නව ඉස්කෝලෙ කුරාණය සම්බන්ධ දැනුම පරීක්ෂා කරන තරගයක් තියෙනව කියල… ඒ වගෙම ඒකෙ තෑග්ග රියාල් 1000ක්…මෙයා පොඩි බොරුවක් එහෙම කියල (මොකද මෙයා පෙරලගන්න බාල්දි වල හැටියට මෙයා මොකාට එනවද කියල කාටත් සැකයිනෙ) තරගෙට නම දාගන්නව…

ඉතිං වජ්ඩ මොන වගේ බාල්දිද පෙරලගන්නෙ … එයා මේ තරගෙන් දිනයිද…? එයා සයිකලයක් ගනියිද ….? අබ්දල්ලත් එක්ක තරග කරන්න පුළුවන් වෙයිද…? එයාගෙ පවුලට මොන වගේ ප්‍රශ්නද එන්නෙ කියල බලන්න නං ඔයාලට චිත්‍රපටිය බලන්නම වෙනව…

පසු සටහන– මේ මගේ ප්‍රථම නිර්මාණය හින්ද යම් යම් අඩුපාඩු තියෙන්න පුළුවන්… ඒය ගැන මං සමාව ඉල්ලනව.. ඒ වගෙම ඔයාලට යමක් කියන්න තියේ නං කියන්න.. ගල් මුල් සතුටින් බාර ගන්නව… අනිත් කාරණය තමා මේකෙ තියෙන කුරාණ පාඨයන්ට නිවැරදි ඉංග්‍රීසි පරිවර්තනයක් නෑ කියල තමා මට හිතෙන්නෙ මොකද මං මේක උපසිරැසි දැම්මෙ පිටපත් කීපයක් සංසන්දනය කරල… ඒ වගෙම මගේ යෝජනාව තමා පුළුවන් නං බ්ලූ-රේ පිටපත බාගත කරගෙන බලන්න කියන එක.. එහෙනං ආයෙත් අළුත් නිර්මාණයකින් හමුවෙන කං… ජයවේවා…

Wadjda (2012) on IMDb

 

 

737 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

B3A4D6B2514A722140002F04AC1B546584812952

1.67GB (BR) කොපිය මෙතනින් බාගන්න

76864F9CCDCFE48AEA3DFD22196E2C93765377CB ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,035 downloadsDownload Wadjda.2012.baiscopelk.zip53 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/maheshrathnayaka.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මහේෂ් රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

මහේෂ් රත්නායක

Subtitles

1,035 downloadsDownload Subtitles53 KB

46 comments

  1. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | :) |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

    සාදරයෙන් පිලිගන්නවා සහෝ

    1. Kulanjana Maduranga

      ane kawruhari saho kenek Malligadu Marriage Bureau 2014 telugu film 1th sub denn balanwada..........?

  2. Naween

    පළවෙනි උපසිරැසියම පට්ට එකක් වගේ...බාලම බලමු.බොහොම ස්තුතියි සහෝ...!!!

  3. යසිත

    නියම ෆිල්ම් එකක් වගේ. අනිවාර්යෙන් බාන්න ඕනේ. මේ වගේ නිර්මාණයක් අපට හදුන්වාදීම ගැන බොහොම ස්තුතියි. විස්තර කරලා තියන හැටියට දැන්මම බාන්න හිතෙනවා. බොහොම ස්තුතියි.

  4. mandi

    නියමයි කොල්ලෝ, තැන්ක්ස්... :) :) :)

  5. නලින්

    ස්තුතියි මහේෂ් සහෝ

    ජය වේවා!

  6. KproX

    ආපෝ :(

  7. Tharindu Perera

    supiri film ekak vagee....
    thanks machan sub ekatahhh..
    palamu vadeta jayaaa...

  8. Sisira Hegoda

    Thanks.

  9. Chami

    Thank you very much dear...

  10. widuranga

    niyamai bro ohoma yannn........

  11. Dimuth

    "Biscope" web adawiyata saadarayen piligannawa...thawa thawathupasirasi denna sakthiya lebeewa...

  12. හර්ෂ ලහිරු

    එලකිරි සහො තව සුපිරි එකක් දෙමු :D :D ජය

  13. Nelson Rodrigo

    Good Post Friend Thanks!

  14. Dhanushka

    THANKSSSSSS!!!!!!!!!!!!!!!

  15. mudiya / මුදියා

    නියමයි මහේෂ්.
    පළවෙනි එකට උණුසුම් සුභ පැතුම්.
    දිගටම සබ් දෙමු.
    ජයවේවා.බොහෝ...............................................................................................ම ස්තූතියි...!

  16. me

    Thanks

  17. Lahiru

    DVD copy 1ka download karanna bane.... link 1ka wada nadda manda?? plz check

    1. මහේෂ් රත්නායක

      ටොරන්ට් ෑෂ් එක කොපි කරගෙන සර්ච් එන්ජින් එකක පේස්ට් කරල සර්ච් කරල බලන්න...
      ඒ එන සයිටි එක්කින් ආපහු ටොරන්ට් එක බාගෙන බලන්න

  18. Siraj

    නියමයි සහෝ.......
    පළමු වැඩේට උණුසුම් සුබ පැතුම්.
    ජය වේවා!
    දිගටම සබ් දෙන්න ශක්තිය ලැබෙවා!

  19. wajira

    ස්තුතියි.

  20. Aditha Praween

    නියමයි සහෝ
    දිගටම මේ වගේ සබ් දෙන්න .
    සුභ පතනවා

  21. Emi

    Thank you

  22. kanchana

    thank u one more...........

  23. KORN

    super film ekak wage.. download wenna denma machan

  24. Kulanjana Maduranga

    1st subata suba pathum MAHESH saho.supiri 1k wge.ela ela.bagena balamu.digatama sub denn labewa. jaya wewa.......

  25. jack

    පලවෙනි වැඩේට සුබ පතනවා සහෝ. දිගටම වැඩේ කරගෙන යන්න.
    ජය වේවා.

  26. yeshu

    tnX

  27. Pradeep

    Thanks Yaluwa, Digatama Sub Denna.

  28. Raj

    Thanks, නියම යි නියමයි එලකිරි ජයවේවා!

  29. Chandana

    අලුත් වැඩේට සුබ පැතුම් මහේෂ් ! ජයවේවා !

  30. මහේෂ් රත්නායක

    ඔයාල ඔක්කොටම ස්තූතියි යාළුවනේ... මාව දිරිමත් කළාට... මාව අගය කලාට...
    ඉස්සරහට මේ තරම්ම හොද නිර්මාණයකින් නැවත හමුවෙමු...
    ස්තූතියි ආයෙමත්

  31. රොයිලි

    බොහොම ස්තූතියි මහේෂ් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් උපසිරැසි කරුවන් අතරට. අනිවා බානවා මේක නම්. තවත් එකකින් හම්බවෙමු එහෙනම්. ජය෴෴ :P :P

  32. nalaka

    patta..................

  33. nalaka

    patta

  34. gihan

    පළමු උපසිරසියට සුභ පතනවා

  35. Chamindu

    උපසිරැසියට තුති

  36. shan

    pattai saho that 's amazing film

  37. “චූටී මල්ලි”

    එලස් සහෝ
    හොද ඇති නෙ...
    සබට තුති
    ඔබට ජය..........

  38. dinesh

    kuludul sub eka unath hodata karala thiyanava sub ekata thanks saho

  39. මහේෂ් රත්නායක

    ඔයාල ඔක්කොටම ආයෙමත් ස්තූතියි යාළුවනේ...
    අළුත්ම සබ ඉක්මණටම දෙනව

  40. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම් දිගටම සබ් දෙන්න,ජයවේවා.

  41. Manjula Kumara

    අපූරූ නිර්මාණයක් කියල හිතෙනවා.
    බොහොම ස්තූතී. ජයවේවා..!!
    සුබ පැතුම්..

  42. DAMER

    නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
    ජයවේවා..! 👍

  43. සහෝ දර

    එල මහේෂ්,ජයවේවා!!!!

  44. Anonymous

    සිංහල උපසිරසට බොහොම ස්තූතියි