Watch Trailer

Wakefield (2016) with Sinhala Subtitles | හුදකලාවූ පෙම්වතාණනී! [සිංහල උපසිරැසි සමඟ]

මං හොවඩ් වේක්ෆීල්ඩ්. බැඳලා කාරිය ලමයි දෙන්නෙක් එහෙම ඉන්න මිනිහෙක්. ලඟදීත් නෝනා එක්ක පොඩි වලියක් දාගෙන තමයි ඉන්නේ. මූලිකම හේතුව මගේ ඉරිසියාව. ඔව්.. නෝනා කාත් එක්කහරි කතාකරනවා දැක්කත් මට ඉරිසියයි. හැබැයි නොකිව්වට නෝනා කෙනෙක් කැමතියි මහත්තයා එහෙම ඉරිසියා කරනවනම්. හැබැයි මේ වතාවේ වැඩේ ඒ විදියට සිද්ධවුන…

මං හොවඩ් වේක්ෆීල්ඩ්. බැඳලා කාරිය ලමයි දෙන්නෙක් එහෙම ඉන්න මිනිහෙක්. ලඟදීත් නෝනා එක්ක පොඩි වලියක් දාගෙන තමයි ඉන්නේ. මූලිකම හේතුව මගේ ඉරිසියාව. ඔව්.. නෝනා කාත් එක්කහරි කතාකරනවා දැක්කත් මට ඉරිසියයි. හැබැයි නොකිව්වට නෝනා කෙනෙක් කැමතියි මහත්තයා එහෙම ඉරිසියා කරනවනම්. හැබැයි මේ වතාවේ වැඩේ ඒ විදියට සිද්ධවුනේ නෑ. ඉතින් ඔන්න දවසක් වෙනදා වගේම මං වැඩ ඇරිලා ගෙදර එද්දී මෙන්න ගේ ලඟ රැකූන් තඩියෙක්. එලවපු පාර මේකා ගේ ඉස්සරහ තියෙන අට්ටාලෙට රිංගපි. මූව එලවලා දාන්න මාත් ඉතින් අට්ටාලෙට ගොඩවුනා. ගියාමයි දැක්කේ අට්ටාලෙ ජනෙල් වලින් ගෙදර වටපිටාව නියමටම පේනවනේ කියලා. පරක්කු නිසා නෝනා මට කෝල් කලා. මං කට් කරලා දැම්මා. මෙන්න මේකි මගේ රෑ කෑම එක එවෙලෙම කුණු බක්කියට දැම්මා. අඩුගානෙ ෆ්‍රිජ් එකෙන් දාපිය. පුදුම ගෑණියෙක්නේ. තරහටත් එක්ක ඉදගත්තා අට්ටාලෙ පුටුවේ. හුටා…එතනම නින්ද ගිහින් මේං උදෙත් වෙලා. දැන් ඉතින් රෑ අහවල් එකක් කලා කියලද කියන්නේ? දැන් ගියොත් ඉදලා හමාරයි. නෝනා වැඩට ගියාට පස්සේ යනවා කියලා හිතන් කුණු බක්කියෙන් මගේ කෑම එකත් අරන් ආයෙ අට්ටාලෙට වැදුනා. හැබැයි එහෙම හිතුවට එක එක හේතු නිසා මට ගෙදර යන්න වුනේ නෑ. හිත දුන්නෙත් නෑ. මට ඕනවුනා මොනාද වෙන්නේ කියලා බලාගන්න. ඒ නිසා අට්ටාලෙට වෙලා මං මගේ ගෙදර දිහා බලන් ඉන්න පුරුදුවුනා.මං දැන් අතුරුදහන් වුන මිනිහෙක්. වෙච්ච දෙයක් නැති හොවඩ් වේක්ෆීල්ඩ්.

නාට්‍යමය කාණ්ඩයට අයිතිවෙන, මැයි මස 19 වෙනිදා නිකුත්වූ මේ චිත්‍රපටියට 6.4ක imdb අගයක් ලැබිලා තියෙනවා. ප්‍රධාන චරිතය වන හොවඩ් වේක්ෆීල්ඩ් විදියට විශිෂ්ට රංගන ශිල්පියෙකු වන Bryan Cranston රංගනයෙන් දායක වන අතර, ඔහුගේ බිරිඳ ඩයානා විදියට Jennifer Garner රංගනයෙන් දායක වෙනවා. සුපුරුදු පරිදි Bryanගෙන් සුපිරි රංගනයක් දැකගන්න පුළුවන් වගේම කතාවත් මටනම් ගොඩක් සිත්ගත්ත එකක්. “අපිනම් ඔව්වා බලන්නේ නෑ ඇක්සොන් විතරයි ඕනෙ” කියන අයට මඟ ඇරෙන තවත් හොද නිර්මාණයක් කියලා සහතික කරන්න කැමතියි. 🙂 එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු! හැමෝටම ජයවේවා!!

 

Wakefield (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Wakefield.2016.LIMITED.BDRip.x264-SNOW

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

2,674 downloadsDownload Wakefield-2016.zip37 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015-06-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ඉසුරු දිල්ශාන්

Subtitles

2,674 downloadsDownload Subtitles37 KB

31 comments

  1. Helili Hemamali

    නියම කතාවක් වගේ. ස්තූතියි.

  2. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  3. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  4. Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  5. Dinu

    ස්තූතියි සහෝදරයා..

  6. Udara Damith B/K

    බොහෝමත්ම ස්තූතියි
    මන් බැලුවා නියම එකක් කස්ටිය අරන් බලන්ඩ

  7. Mithun

    ලිපිය කියෙව්වෙත් මාර අසාවෙන් මන් ගොඩක් අසයි මෙ ටයිප් මුවි වලට ගොඩක් ස්තුතියි සබ් එකට සහෝ.. බලන්නම ඔනේ

  8. C. R. ජයලත්

    Niyamai Isuru Aiya Jaya Wewa!!!!!

  9. Dulanga

    Thanks

  10. අසිත

    “අපිනම් ඇක්සොන් විතරක් බලන්නේ නෑ ඔව්වත් ඕනෙ”
    එලම සහෝ තෑන්ක්ස්

  11. Jack

    නියමයි මචෝ…
    නියම ස්ටෝරියක් වගේ..
    බොහෝම ස්තුතියි සබට.
    ජය..

  12. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. kumara

    බොහෝම ස්තූතියි සහෝ සබ් එකට. පට්ට පහරක් වගේ. සුපිරිම නළුවෙක්නෙ ඉන්නෙ. අනිවා බලමු. ගොඩාක් පිං.

  14. chanaka

    elahh mchan.. normally man Drama movies balannha.. lipiyata asa hithuna.. e hinda meka balanawa.

    jaya wewa!!

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. AK

    good job bro,.........
    keep it up ...

  17. Rajitha

    Thanks machan.....jayawewa......!

  18. Rado

    ela mcho

  19. vidushan

    thanks saho, jaya

  20. pasindu

    Sub ekata bohoma sthuthi. Puluwnnm Do Lafzon Ki Kahani film ektath sub eka denna.

  21. Chamara

    Thanks saho..!!!

  22. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•| ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  23. Chami.S

    Thanks...

  24. චාරුක ලක්ෂිත

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  25. Mithun

    Sahana kalakin hoda film ekak baluwa onna, story eka wonderful . Thx saho sb eka hodatama thibuna mawage move thiyanawa nm danna mara asawan baluwa move ekak, dayak hitanna puluwan danana watina චිත්‍රපටයක් කියල recommend karanna පුළුවන්

  26. Mithun

    මෙව තම රිලිස් චිත්‍රපට කියන්නෙ ඉසුරු . මෙවගෙ මුවි ගොඩක් මිනිස්සු බලන් නැ කම්මැලි කියල , අපරාදෙ කියල තම කියන්න වෙන්නෙ ඉතින් . කමෙන්ට් එකක් හොයම් ඇවිත් දෙන්න තරම් මාරම විදියට සෙට් උනා . ඩ්‍රාම මුවි නම් අරින් නැ ඉතින් එකත් අසම පැටිකිරිය. කාලෙකින් බැලුව ලස්සන ෆිල්ම් එකක් කියල කියන්න ඔනෙ, වටින කියන . දෙයක් ගන්න පුළුවන් හිතන්න පුළුවන් .

    1. Mithun

      Real

  27. tharangani

    thanx

  28. sanjeewakbg

    thanks bro..

  29. Anonymous

    Machan meke sub eka wada nane aye danna puluwanda?

    1. Ravindu Heshan - Admin

      Dan Wada Saho