Waktu Maghrib 2 (2025) Sinhala Subtitles පළවෙනි කතාව ඔයාලට මතක ඇතිනේ? ජාතිජාජර් ගමේ හිටපු ආදි, සමාන්, සහ ආයු කියන ළමයි එයාලගේ ගුරුතුමියට ගොඩක් තරහින් ශාප කරනවා. හැබැයි මේක කරන්නේ හරියටම ඉර බහින වෙලාවට. ඒ ශාපයත් එක්ක ගුරුතුමිය අද්භූත විදිහට මැරෙනවා විතරක් නෙවෙයි, ජින් උම්මු සිබ්යාන් කියන භයානක අමනුෂ…

Waktu Maghrib 2 (2025) Sinhala Subtitles
පළවෙනි කතාව ඔයාලට මතක ඇතිනේ? ජාතිජාජර් ගමේ හිටපු ආදි, සමාන්, සහ ආයු කියන ළමයි එයාලගේ ගුරුතුමියට ගොඩක් තරහින් ශාප කරනවා. හැබැයි මේක කරන්නේ හරියටම ඉර බහින වෙලාවට. ඒ ශාපයත් එක්ක ගුරුතුමිය අද්භූත විදිහට මැරෙනවා විතරක් නෙවෙයි, ජින් උම්මු සිබ්යාන් කියන භයානක අමනුෂ්‍ය බලවේගය ඒ ළමයින්ගේ පස්සෙන් එන්න ගන්නවා. ඉර බහින වෙලාවට එළියේ ඉන්න එපා කියන අපේ සංස්කෘතීන්ටත් ගොඩක් කිට්ටු කතාවක් නිසා පළවෙනි ෆිල්ම් එක ගොඩක් ජනප්‍රිය වුණා.
දැන් දෙවෙනි කොටස ගැන කතා කරමු. මේ අලුත් කතාව පටන් ගන්නේ අර කලින් සිද්ධිය වෙලා අවුරුදු 20කට පස්සේ. හැබැයි මේ පාර ත්‍රාසය පිරුණු සිද්ධි දාමය වෙන්නේ ගිරිතිර්තෝ කියන අලුත්ම ගමක. යෝගෝ, දේවෝ, වුලන් සහ තවත් ළමයි 5 දෙනෙක් පාපන්දු මැච් එකකදී අනිත් කණ්ඩායමත් එක්ක ලොකු රණ්ඩුවක් දාගන්නවා. මේ රණ්ඩුවෙන් පැරදුණු ළමයි ටික ගොඩක් කේන්තියෙන් ගමට එන්න පිටත් වෙන්නේ හරියටම අර භයානක මග්රිබ් වෙලාවෙමයි.
ගෙදර යන ගමන් තරහට මේගොල්ලෝ අර දිනපු කණ්ඩායමට ලොකු විනාශයක්ම වෙන්න කියලා ශාප කරනවා. ඒ ළමයි දැනගෙන හිටියේ නැහැ තමන්ගේ කටින් කියවුණු දේ නිසා අර අවුරුදු 20කට කලින් ජාතිජාජර් ගමේ වුණා වගේම ලොකු විනාශයකට ආයෙමත් පාර කැපුණා කියලා. මේ පාර තත්ත්වය ඊට වඩා ගොඩක් භයානකයි. මහ රෑ, ඝන සීතල කැලෑවක්මැ දදී අර දරුණු උම්මු සිබ්යාන් මේ ළමයින්ගෙන් එක්කෙනෙක්ගේ ශරීරයට ආවේශ වෙලා අනිත් ළමයි ටිකව කිසිම අනුකම්පාවක් නැතුව දඩයම් කරන්න පටන් ගන්නවා.
පළවෙනි කතාව බැලුවා නම් ඔයා දන්නවා මේකේ තියෙන ත්‍රාසය කොහොමද කියලා. දෙවෙනි එක ඊට වඩා ගොඩක් දරුණුයි වගේම කැලේ මැදදී ළමයෙක්ට ආවේශ වෙලා අනිත් අයව දඩයම් කරන සීන් එක නම් හුස්ම හිරවෙන තරමට කුතුහලයෙන් බලන්න පුළුවන් කියලා විශ්වාසයි.
Waktu Maghrib 2 (2025) Sinhala Subtitles
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,007 downloadsDownload Waktu-Maghrib-22025.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මිලින්ද සුභාශ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015-05-18
SUBMAKER RATING BY ADMINS![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Waktu Maghrib 2 Sinhala Subtitles
Subtitles by
මිලින්ද සුභාශ්
Subtitles
- #2025
- #Must Watch
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sub
- #Subs
- #Waktu Maghrib (2023) Sinhala Subtitles
- #Waktu Maghrib 2 (2025) Sinhala Sub
- #Waktu Maghrib 2 Sinhala Sub
- #Waktu Maghrib 2 Sinhala Subtitles
- #You Decide
- #මිලින්ද සුභාශ්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie