Watch Trailer

All of You (2024) Sinhala Subtitles | ආදරයද? සැකයද? [සිංහල උපසිරසි]

All of You (2024) Sinhala Subtitles ආයුබෝවන් හැමෝටම!හැමදාම වෙන අයගේ සබ්වලින් ෆිල්ම් බල බල හිටපු මට, හිතුණා මමත් මේ වැඩක් කරන්න ඕනේ කියලා. ඉතින්, මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය විදිහට මම තෝරගත්තේ 2024 වසරේ නිකුත් වුණු,සුපිරි Drama/Thriller ෆිල්ම් එකක් වෙන “All of You” චිත්‍රපටයයි. මොකක්ද මේ කතාව? අපි…

All of You (2024) Sinhala Subtitles

ආයුබෝවන් හැමෝටම!හැමදාම වෙන අයගේ සබ්වලින් ෆිල්ම් බල බල හිටපු මට, හිතුණා මමත් මේ වැඩක් කරන්න ඕනේ කියලා. ඉතින්, මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය විදිහට මම තෝරගත්තේ 2024 වසරේ නිකුත් වුණු,සුපිරි Drama/Thriller ෆිල්ම් එකක් වෙන “All of You” චිත්‍රපටයයි.

මොකක්ද මේ කතාව?

අපි හිතනවා අපේ ජීවිතේ ඉන්න ළඟම කෙනා, එහෙමත් නැත්නම් අපේ සහකරු හෝ සහකාරිය ගැන අපි හැමදේම දන්නවා කියලා. හැබැයි ඇත්තටම අපි ඒ අයව සම්පූර්ණයෙන්ම දන්නවද?

මේ කතාව ගෙතෙන්නේ එකිනෙකාට පණ ඇරලා ආදරය කරන ජෝඩුවක් වටා. හැමදේම සාමකාමීව ගලාගෙන යනවා වගේ පෙනුණට, එක හීතල රාත්‍රියක සිද්ධ වෙන එකම එක සිදුවීමක් නිසා මුළු කතාවම කඩුල්ලෙන් කඩුල්ලට වෙනස් වෙන්න පටන් ගන්නවා. සැකය, රහස්, සහ නොකියපු ඇත්තවල් එකින් එක එළියට එද්දී, ඔවුන්ගේ ආදරය විතරක් නෙවෙයි, ජීවිත පවා ලොකු අනතුරක වැටෙනවා.

  • ඇත්තටම එදා රෑ මොකද වුණේ?
  • අවසානයේ කාගේ රහස්ද එළිවෙන්නේ?

 

අන්තිම තත්පරය වෙනකම්ම “ඊළඟට මොකද වෙන්නේ?” කියන කුතුහලය උපරිමයෙන්ම තියාගන්න මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණයට සහ නළු නිළියන්ගේ රංගනයට හැකි වෙලා තියෙනවා. ආදර කතාවක් වගේ පටන් අරන්, හිතාගන්න බැරි Twist එකකින් ඉවර වෙන ෆිල්ම්ස් බලන්න ආස අයට නම් මේක සුපිරිම අත්දැකීමක් වේවි.

මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම නිසා අඩුපාඩු තිබුණොත් සමාවෙන්න කියන ගමන්, ඔයාලගේ අදහස්, යෝජනා, චෝදනා හැමදේම පල්ලෙහායින් කමෙන්ට් කරගෙන යන්න කියලා ඉල්ලා සිටිනවා. ඒක මගේ ඉදිරි ගමනට ලොකු හයියක්!.

මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම නිසා අඩුපාඩු තිබුණොත් සමාවෙන්න කියන ගමන්, ඔයාලගේ අදහස්, යෝජනා, චෝදනා හැමදේම පල්ලෙහායින් කමෙන්ට් කරගෙන යන්න කියලා ඉල්ලා සිටිනවා. ඒක මගේ ඉදිරි ගමනට ලොකු හයියක් වේවි!

All of You (2024) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any download links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

442 downloadsDownload All-Of-You-2024.zip42 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Shashith Pabasara” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2026-05-25

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All of You Sinhala Subtitles

Subtitles by

Shashith Pabasara

Subtitles

442 downloadsDownload Subtitles42 KB

4 comments

  1. යුරාන් ධනුක

    පලවෙනි වැඩේට සුබ පැතුම් මලේ
    දිගටම සබ් දෙමු

  2. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ...!

    පළවෙනිම සබ් එකට සුබ පැතුම්.
    දිගටම සබ් කරමු...!

  3. Buddhika laKMal

    පළවෙනි උපසිරැසියට සුබ පැතුම් මචං....
    පළවෙනි වැඩේටම අරං තියෙන්නේ මං කැමතිම කැටගරි එකෙන්.........❤️❤️
    තෑන්ක්ස් මචං වැඩේට.......
    ඉස්සරහටත් වෙලාවක් තියෙන විදිහට සබක් ගේන්න.........

  4. එල්. සී. ‎දමැල්

    ප්‍රමාද වෙලා හෝ පළමු වැඩේට උණුසුම් සුභ පැතුම් ශෂිත් සහෝ!
    සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් උපසිරස කණ්ඩායමට!
    දිගටම හොඳ නිර්මාණ තෝරගෙන සබ් කරමු. 🙂
    ජය! ✌

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.