Watch Trailer

Walking Out (2017) with Sinhala Subtitles | පිය-පුතු දඩයක්කරුවෝ [සිංහල උපසිරැසි සමඟ]

මේ අවුරුද්දෙ නිකුත් වුන තවත් ෆිලුමකට සිංහල උපසිරැසිය අරගෙනයි ආවේ. මේක මම බාර අරන් තිබ්බ එකක් නොවුනත් බාර ගත්ත කෙනාට මේක කරන්න වෙන්නෙ නෑ කියලා ඊට පස්සෙ මේක ඉල්ලලා තිබුන ඉසුරු සම්පත් අයියට මේක හම්බෙලා තිබුනා. කොහොම කොහොමහරි එයත් වැඩ ගොඩක හිරවෙලා තිබ්බ හිංදා එයා මේක මට බාර දුන්නා. ඒ වෙනුවෙන් ඉසුරු අයි…

මේ අවුරුද්දෙ නිකුත් වුන තවත් ෆිලුමකට සිංහල උපසිරැසිය අරගෙනයි ආවේ. මේක මම බාර අරන් තිබ්බ එකක් නොවුනත් බාර ගත්ත කෙනාට මේක කරන්න වෙන්නෙ නෑ කියලා ඊට පස්සෙ මේක ඉල්ලලා තිබුන ඉසුරු සම්පත් අයියට මේක හම්බෙලා තිබුනා. කොහොම කොහොමහරි එයත් වැඩ ගොඩක හිරවෙලා තිබ්බ හිංදා එයා මේක මට බාර දුන්නා. ඒ වෙනුවෙන් ඉසුරු අයියටත් ස්තූතියි කියන්න ඕනි. හොඳ කොපියක් ඇවිත් දවස් තුන හතරක් වුනත් සබ් එක ගේන්න පරක්කු වුනා මේ ඉවරයක් නැති විදුලිය විසන්ධි වීම හින්දා. නැත්නම් මීට කලින් මේක ගේනවා. ඉතින් ඒ වෙනුවෙනුත් සමාව ඉල්ලනවා ඔයාලගෙන්.

ෆිලුම ගැන පොඩ්ඩක් කියනවා නම් මේක Adventure, Drama, Mystery ගණයට වැටෙන IMDB ලකුණු 6 කට හිමිකම් කියන Alex Smith සහ Andrew J. Smith දෙන්නගෙ අධ්‍යක්ෂණයක්. Matt Bomer සහ Josh Wiggins විසින් ප්‍රධාන චරිත නිරූපණය කරනවා. ඒ දෙන්නගේ රඟපෑම නම් සුපිරියටම තියෙනවා. මේ කතාවේ තියෙන සංවේදී බව හොඳටම කැපිලා පේන විදිහට චරිත නිරූපණය සිද්ධවෙනවා කිව්වොත් මං වැරදි නෑ.

ඉතින් කතාව ගැනත් ටිකක් කිව්වොත් ඩේවිඩ් කියන අවුරුදු දාහතරක් වයස පුතා එයාගෙ තාත්තත් එක්ක දඩයමේ යනවා. ඩේවිඩ්ගෙ සීයත් දඩයක්කාරයෙක්. ඉතින් තාත්තගෙ අදහස පුතත් හොඳ දඩයක්කාරයෙක් වෙනවට. තාත්තා උගන්වනවා ඩේවිඩ්ට දඩයම් කරන හැටි. ඒත් එයා කැමති නෑ ඒ වැඩේට. සතෙක්ව මරලා මස් කරද්දි ඩේවිඩ්ට වමනෙ යනවත් එක්ක. මේ දෙන්නා එකතු වෙලා යන්නෙ ගෝනෙක්ව මරන්න. ඩේවිඩ් කොච්චර අකමැති වුනත් හිත තද දඩයක්කාරයෙක් වෙන්න එයාට එහෙම නොවී ඉන්න පුළුවන් වෙයිද කියන එකයි ප්‍රශ්නේ. සීයයි, තාත්තයි ගිය පාරටම එයත් වැටෙයිද.. මේ දෙන්නට එයාලා දෙන්නා ආපු වැඩේ කරගන්න පුළුවන් වෙයිද කියලා ඔයාලම බලන්නකෝ.

විශේෂයෙක් කියන්න ඕනි පටන්ගත්ත වෙලාවෙ ඉඳන් ඇක්ෂන් පිරුණු ෆිල්ම් විතරක් බලන්න කැමති අය නම් මේක ගත්තෙ නැතත් කමක් නෑ. මොකද මේක ඒ විදිහෙ සාම්ප්‍රදායික එකක් නෙමෙයි. ගොඩක් සංවේදී වෙනස් කතාවක් තියෙන චිත්‍රපටයක්. ඒ කියන්නෙ කතාව කම්මැළියි කියන එක නම් නෙමෙයි. මං එහෙම කිව්වෙ මොකද මේ කතාව තාත්තා කෙනෙක්ගෙයි, පුතෙක්ගෙයි අතරෙ තියෙන බැඳීම ගැන හිතට වදින විදිහට කියලා දෙනවා. කතාව රසවිඳීමකින් බැලුවොතින් අන්තිම හරියෙදි ඕනි සංවේදි කෙනෙක්ගෙ ඇස්වලට කඳුලක් උනයි.

මේකෙ අමාරු තැන්වලදි උදව් කරපු ඉසුරු අයියා ඇතුළු හැමෝටම පොදුවේ ස්තූතිවන්ත වෙන ගමන් එහෙනම් මම ගිහින් එන්නම් ආයෙමත් මේ අවුරුද්දෙ ආපු වෙනස් කතාවක් තියෙන තවත් හිංදි චිත්‍රපටයකට උපසිරැසිය අරගෙන. ජයවේවා හැමෝටම!

Walking Out (2017) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත සඳහා අදාළ වේ.

2,638 downloadsDownload Walking-Out-2017.zip33 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/07/Sohan-Jayasuriya.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සොහාන් ජයසූරිය

Subtitles

2,638 downloadsDownload Subtitles33 KB

18 comments

  1. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  2. shasith sandaruwan

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට...
    දිගටම සබ් දෙමු ආ.... :P
    ඔබට ජය!

  3. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  4. අසිත

    elama saho thanks

  5. Sanjaya

    Jayen jayama weva.

  6. sumed

    උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා...!!!!

  7. Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  8. Dulanga

    Thanks

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා..!

  11. Jack

    නියමයි මචෝ…
    බොහෝම ස්තුතියි මචෝ සබට,
    ජයෙන් ජය..

  12. Nishan

    Thanx bro

  13. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Hasitha Madhushan

    Thank you so much bro...............

  16. tharaka madushanka herath

    sinhala sub ekata stuthi obata jaya.......!

  17. nimal dissanayake

    සොහාන්! ඇක්ෂන් නැති වුණාට මොකෝ?
    ෆිල්ම් ඒක බලද්දී
    තත්පරේකටවත් ඇස් අහකට ගන්න හිතෙන්නේ නෑ.
    හරිම සංවේදී ෆිල්ම් එකක්!
    බලන ඕනෙම කෙනෙකුට 'පොඩි කික්' එකක්
    එනවාමයි කියලයි මට හිතෙන්නේ!

  18. Anonymous

    Bluray copy walata SUB hoyana apita mokada wenne athakota......???????????????