ගීතාංජලී දේවි! රාජස්ථානය සිය රාජධානිය කරගත් රාජ්පුත් රාජ පරම්පරාවේ වර්තමාන අවසාන පුරුක… මහා රැජිණ වුනත්, වෙන්න දෙයක් තියෙනවා නම් ඒක වළක්වන්න බැහැ… ඇයගේ දෛවය ඇයට කුරිරු වුණා… රජය විසින් ඒකාධිපති පාලනයක් ආරම්භ කරනු ලැබුවා. රට පුරා හදිසි නීතිය ක්‍රියාත්මක කරනු ලැබුවා. රට වැසියන් හේතුවක් රහිතවම සිරගත ක…

ගීතාංජලී දේවි!
රාජස්ථානය සිය රාජධානිය කරගත් රාජ්පුත් රාජ පරම්පරාවේ වර්තමාන අවසාන පුරුක…
මහා රැජිණ වුනත්, වෙන්න දෙයක් තියෙනවා නම් ඒක වළක්වන්න බැහැ…
ඇයගේ දෛවය ඇයට කුරිරු වුණා…
රජය විසින් ඒකාධිපති පාලනයක් ආරම්භ කරනු ලැබුවා.
රට පුරා හදිසි නීතිය ක්‍රියාත්මක කරනු ලැබුවා.
රට වැසියන් හේතුවක් රහිතවම සිරගත කරනු ලැබුවා.
මේ ඒකාධිපති පාලනය රාජ්පුත් වංශයේ ගීතාංජලී දේවිය දෙසත් සිය උකුසු ඇස යොමු කරනු ලැබුවා…
රජය ඇයට විරුද්ධව සිය බලතල යොදවා,
ඇයව දණින් වැට්ටුවා…
අභූත චෝදනාවක් නගමින්,
ඇය සතු රත්‍රන් නිධානයක් රජයට පවරා ගත්තා.
එතනින් නැවතුනේ නැහැ…
ඇයව සිරගත කරනු ලැබුවා.
රැජිණක් වුනත් ඇයත් ගැහැණියක්!
ඒකාධිපති පාලනයකට එරෙහිව සියුමැලි ගැහැණියක් කුමක් කරන්නද?
නමුත්, නොසිතූ විරූ පරිද්දෙන් රජයට එදිරිව කුණාටුවක් හැමුවා…
කුඩා කාලයේ පටන්ම රජ මැදුරේ හැදී වැඩුණු,
සිය පක්ෂපාතීත්වය ලෙයින් සලකුණු කරන ලද,
ගීතාංජලී දේවියගේ පෞද්ගලික ආරක්ෂකයා,
“භවානි සිං”
සිය රැජිණ වෙනුවෙන් රජයට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරනු ලැබුවා.
රාජස්තානයේ සිට දිල්ලිය දක්වා,
පැය අටක ගමනකින් රත්‍රන් ප්‍රවාහන කිරීමක්…
රත්‍රන් ප්‍රවාහන කිරීම සඳහා කිසිසේත්ම බිඳිය නොහැකි,
කුඩා හමුදාවක් හා සමාන වන්නා වූ,
බංකරයක් බඳු ආරක්ෂාවකින් සමන්විත සන්නාහ සන්නද්ධ ට්‍රක් රථයක්.
ගමනේ ආරක්ෂාව සඳහා යුධ හමුදාවේ නියතු, සටනේ සහ උපායේ අති දක්ෂ මේජර් වරයෙක්,
සියලු අභියෝග ජයගනිමින්,
සිය මහ රැජිණට අයත් වන්නා වූ රත්‍රන් යලි ලබාගැනීමට වෙර දරණ,
විශ්වාසවන්ත “භවානි සිං” ප්‍රමුඛ කණ්ඩායමක්…
කුමකින් කුමක් වේවිද…?
Shivaay (2016) චිත්‍රපටය තුලින් ගිය වසරේදී බොලිවුඩ් ප්‍රේක්ෂකයා හට වෙනස්ම අන්දමේ දැවැන්ත සිනමා රසාස්වාදයක් ලබාදුන් Ajay Devgn ගේ නවතම චිත්‍රපටය තමයි මේ විදියට ඔබ හමුවට අරගෙන එන්නෙ. මෙම වසරේදී බොලිවුඩ් ප්‍රේක්ෂකයින්ගේ වැඩිම අවදානයක් දිනාගත් චිත්‍රපටයක් විදියටත් මෙම සිනමා නිර්මාණය අවිවාදයෙන්ම හඳුන්වා දෙන්න පුළුවන්. හේතුව තමයි, වර්තමාන බොලිවුඩ් පුරවරයේ ජනප්‍රියත්වය අතින් ගත්කල ඉහලින්ම වැජඹෙන සිනමා තරු තුනක් එකම චිත්‍රපටයක් තුලින් දකින්න අවස්තාව ලැබීම. 1991 වර්ෂයේදී Phool Aur Kaante චිත්‍රපටය තුලින් බොලිවුඩ් සිනමාවට සම්ප්‍රාප්ත වෙමින්, වර්තමානය වන විට බොලිවුඩ් පුරවරය තුල අයෝමය බල කණුවක් මෙන් විරාජමානව වැජඹෙන්නා වූ Ajay Devgn, Murder (2004), Aksar (2006), Gangster (2006), Awarapan (2007), Jannat: In Search of Heaven… (2008), Raaz: The Mystery Continues (2009), Once Upon a Time in Mumbai (2010), Murder 2 (2011), The Dirty Picture (2011), Jannat 2 (2012), Raaz 3: The Third Dimension (2012), Hamari Adhuri Kahani (2015) වැනි චිත්‍රපට අති විශාලා සංඛ්‍යාවක් තුලින් ප්‍රේක්ෂක සිත් සතන් තුල සිය නාමය නොමැකෙන අයුරින් සනිටුහන් කරගත්, බොලිවුඩ් පුරවරයේ සදාකාලික ආදරවන්තයා, Emraan Hashmi සහ, Commando (2013), Commando 2 (2017) චිත්‍රපට තුලින් අතිශයින් ජනප්‍රියත්වයට පත් Vidyut Jamwal මෙම චිත්‍රපටය සඳහා ප්‍රධාන රංගන දායකත්වය ලබාදෙනවා. එමෙන්ම, Rustom (2016), Happy Ending (2014), Main Tera Hero (2014), Barfi! (2012) වැනි චිත්‍රපට තුල රංගනයෙන් දායක වූ Ileana D’Cruz සහ, Commando 2 (2017), Rustom (2016), Chakravyuh (2012), Raaz 3: The Third Dimension (2012), Jannat 2 (2012) වැනි චිත්‍රපට සඳහා රංගනයෙන් දායක වූ Esha Gupta යන අය විසින් ප්‍රධාන නිලියන් සඳහා රංගනයෙන් දායක වනු ලබනවා. එමෙන්ම, “බොලිවුඩයේ බාබි ඩෝල්” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන්නා වූ බොලිවුඩ් ගිණි සිළුව, Sunny Leone ගේ අයස්කාන්ත නර්තනයෙන් හැඩ වැඩ ගැන්වෙන්නා වූ සුවිශේෂී අයිටම් ගීතයකින් චිත්‍රපටය වර්ණවත් වෙනවා. Taxi No. 9 2 11: Nau Do Gyarah (2006), Once Upon a Time in Mumbai (2010), The Dirty Picture (2011), Once Upon a Time in Mumbai Dobaara! (2013) වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කරන ලද Milan Luthria ගේ අධ්‍යක්ෂණයෙන් ඔප මට්ටම් වී, Kick (2014), Gabbar is Back (2015) වැනි චිත්‍රපට රචනා කරන ලද Rajat Arora ගේ තිර රචනයෙන් චිත්‍රපටය හැඩ වැඩ ගැන්වෙනවා. Ankit Tiwari, Tanishk Bagchi, Nusrat Fateh Ali Khan ගේ මියුරු සංගීතයට, Rahat Fateh Ali Khan, Mika Singh, Neeti Mohan, Tulsi Kumar, Jubin Nautiyal ආදී, බොලිවුඩ් පුරවරය සිය කට හඬ තුලින් මන්මත් කල ගායක ගායිකාවන්ගෙන් චිත්‍රපටය රසවත් වී තිබෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ, යූටියුබ් වෙබ් අඩවිය තුල මෙන්ම, අන්තර්ජාලය තුල අතිශයින්ම ජනප්‍රිය වූ ගීත කීපයකින්ම මෙම චිත්‍රපටය සමන්විත වෙනවා.
චිත්‍රපටයේ පසුබිම ගැන කියනවා නම්, ප්‍රධාන නිළියන්ගේ චරිත සඳහා ප්‍රථමයෙන් යෝජනා වී සිටි Aishwarya Rai, Kareena Kapoor, Katrina Kaif, Shruti Hassan සහ Priyanka Chopra යන නිළියන් සියල්ලක්ම, විවිධ වූ හේතු සාධක පෙරදැරි කරගනිමින් මෙම චිත්‍රපටය තුල රංගනයෙන් දායක වීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා. ඉන් පසුව තමයි, Ileana D’Cruz සහ Esha Gupta යන නිලියන් දෙපල චිත්‍රපටය සඳහා යොදාගනු ලැබුවේ. චිත්‍රපටයේ නිළ ටීසර් පටය අන්තර්ජාලය වෙත නිකුත් කිරීමත් සමගම අති විශාල ජනප්‍රියත්වයට එයට ලැබුණු අතරම, Ileana D’Cruz සහ Sunny Leone පෙනී සිටින්නා වූ දර්ශන කීපයක් නිසා ඊටත් වැඩියෙන් මුළු ඉන්දියාව පුරාවටම ආන්දෝලනයක් ඇති වුණා. ඉන්දියානු රුපියල් කෝටි අසූවක සමස්ත පිරිවැයක් දරමින් නිෂ්පාදනය වූ මෙම සිනමා නිර්මාණය, සිය සමස්ත බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාව ලෙස ඉන්දියානු රුපියල් කෝටි 175 කින් සිය ජයග්‍රාහී ගමන නිමා කරනු ලැබුවා. එමෙන්ම, Action, Adventure, History යන කාණ්ඩ යටතේ 2017 වර්ෂයේ සැප්තැම්බර් මස පළවන දින තිරගතවීම ආරම්භ කරමින්, මේ වන විට Imdb දර්ශකය තුල 5.6 ක අගයක් හිමිකර ගැනීමටද මෙම සිනමා නිර්මාණයට හැකියාව ලැබී තිබෙනවා. ඒ වගේම කියන්න තියෙන්නේ, මේක සම්පූර්ණයෙන්ම වාණිජමය චිත්‍රපටයක්. මුදල් ඉපයීමේ මූලික පරමාර්ථයෙන්, ජනප්‍රියම නළු නිලියන් රාශියක් යොදවාගෙන නිර්මාණය කරන ලද චිත්‍රපටයක්. ඒ නිසා, සම්භාව්‍යය මට්ටමේ කතාවක් නම් මේ චිත්‍රපටය තුලින් බලාපොරොත්තු වෙන්න එපා.
එහෙනම්, අරගෙනම බලන්න. හින්දි චිත්‍රපට ප්‍රියකරන අය නොවරදවාම බැලිය යුතු චිත්‍රපටයක්. ආරම්භයේ ඉඳන් අවසානය වෙනකම් කිසිම කම්මැලිකමක් නැතුව නරඹන්න පුළුවන්, තාත්වික ක්‍රියාදාම දර්ශනයන්ගෙන් පිරුණු වගේම, සාර්ථක Adventure දර්ශන රාශියකින් සමන්විත චිත්‍රපටයක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම, සුපුරුදු බොලිවුඩ් සිනමා ශෛලියෙන් ඈත් වෙලා, චිත්‍රපටයේ බාගයක් ගතවෙනකොට කතාව සම්පූර්ණයෙන්ම උඩි යටිකුරු වෙනවා. ඒ වගේම, කතාවේ අවසානයත් කිසිසේත්ම අනුමාන නොකරන අන්දමේ එකක් වේවි. එහෙනම්, තවත් චිත්‍රපටයකින් හමුවන තුරාවට, හැමදෙනාටම ජයවේවා!
ප. ලි. – ඊයේ (17 වෙනිදා) උදේ වරුවේ තමයි මේ චිත්‍රපටියට හරියාකාර උපසිරසියක් නිකුත් වුනේ. හැබැයි, ඒ උපසිරසියේ පවා, චිත්‍රපටය තුල ඉංග්‍රීසි දෙබස් තියෙන තැන් වල දෙබස් අන්තර්ගත කරලා තිබුනේ නැහැ. ඉතිං, ඒ දෙබස් අසා ලිවීමක් කරන්න තමයි වුනේ. ඒත්, තැන් දෙකක් හෝ තුනක් තියෙනවා, උච්චාරණය පැහැදිලි මදි නිසා ඒ දෙබස් දෙක තුන පරිවර්තනය කරන්න වුනේ නැහැ. ඒ වගේම කියන්න ඕනේ, මේ චිත්‍රපටිය සඳහා මීට වඩා හොඳ පිටපතක් නොපැමිණීමේ සම්භාවිතාව 99% ක් පමණ වෙනවා. මොකද, චිත්‍රපටියේ අයිතිය ඉන්දියානු රූපවාහිනී ආයතනයට පවරලා තියෙන්නේ. ඒ නිසා, BR පිටපතක් ගැන කවුරුවත් කිසිම බලාපොරොත්තුවක් තියාගන්න එපා.

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HDRip සහ WEB-HD පිටපත් සඳහා අදාළ වේ.
25,176 downloadsDownload Baadshaho-2017.zip57 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-01-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිල ප්‍රසාද්
Subtitles
70 comments
supun bro
isuru
meke full length movie eka ne kynw neda bro??
සිසිල ප්‍රසාද්
ඔරිජිනල් ෆිල්ම් එකේ අන්තිමට socha hai කියන සිංදුව තියෙනවා. මේකේ නැහැ. එච්චරයි වෙනසකට තියෙන්නෙ.
isuru
tnx bro...
pasindu dixon
ස්තූතියි මචං.
the gifted,scorpion බලන්න නැතුව වේලෙන අපිට සබ දෙන්නකෝ සත්තලනේ....shasith sandaruwan
බොහොම ස්තූතියි සිසිල උපසිරැසියට..
ඉක්මනටම දෙවන කඩඉමත් පහුකරමු ආ.. :P
ඔබට ජය!oshanda
බොහොම ස්තූතියි සිසිල උපසිරැසියට..
Sohan Jayasooriya
ගොඩක් ස්තූතියි අයියෙ සබට ජයවේවා
දමිත්
ස්තුතියි සහෝ මහන්සි වෙලා සබ් දෙනවට.
ජයෙන් ජය.දමිත්
මම හිතන්නේ මේ දවස් ටිකේ site එකේ තියෙන Movies ගොඩක්ම සිසිල ප්‍රසාද් සහෝ සබ් දාපු ඒවම තමයි.
osandha fernando
Tnq sub ekata brooo... aniwa supiriyak meka...hamoma balanna.
Maura
sinhala sub ekata thanks sahoo
Pasindu
Kisima labayak nethuwa oba karana seweta godak thank thawa sinhala sub denna
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
prabodha
Supiri bro niyama film ekakneee. Thanks sisila...
phonelab
උපසිරසියට තුති…
KAVINDA GAMAGE
ගොඩාක් වටිනවා .
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.Kasun Widusha
Tnx aa
Eshan
tnx bro patta ela jara wewa
Eshan
sorry msg eka weraduna. jaya wewa ela tnx
sandaru maxx
twath mankollayak ahhhh.... sisila aiye oya gena nam kiyala wedak ne... oya bokkenma me wedeta behela innawa... hemadamath wage fattama ekak genalla... thank u so much aiye
Thilina Chamara
thank you
Naveen Lakshan NL
Patta Bro Digatama Me Wage Sub Oni Good Luck
D.Chamara
bohoma sthuthi sahoooo
kumara
බොහෝම ස්තූතියි සහෝ සබ් එකට. Bollywoodවල sunil shettyගෙන් පස්සෙ මම ආසම නළුවා vidyut jamwal. එලම තමා. සිසිල සහෝගෙ සබක් කියන්නෙ ඉතිං කොර. ගොඩාක් පිං සහෝ.
සනිඳු ලක්ඛිත
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති අයියේ°|•|•|•|
ආයේ මොන බීර් ද අයියේ.ලිපිය ලියලා තියෙන විදියට ඩවුන්ලෝඩ් වෙනක්මවත් ඉවසන්න බෑ. සනී අක්කිත් ඉන්නවානේ සිදුවකට හරි..
ජය වේවා!
*****************බුදුසරණයි******************Arun
sub ekata thanx bro.. Torrent eka download karanna link ekak nadda...
තරිඳු රසාංග
බොහොම ස්තුතියි සහෝ සබට,ඉක්මණටම ෆිලුමත් බලන්න ඕනේ!!
widuranga
elama brooooooo
Nirodhauthpala
Suba kageda kiyala balanna one na bn lipiya kiyona parakata sisilayage subak kiyala nikan ma terenava ...Nice work bro .thx for sub digatama denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ..
kelum chathuganga abeysekara
thanks
Rajitha
Thanks bro......jayawewa......!
Udaya Fernando
Thanks Sisila saho
Indrajith
thanks for the subtitle
hasith
tnx macho lipiyath maru ah jayen jaya
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!---------“සිසිල ප්‍රසාද්”--------------
(Owner of the subtitle Factory)Hiran sanjika
බොහොම ස්තූතියි සිසිල උපසිරැසියට.ඔබට ජය!......////////
Lahiru
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්
ලොවෙත් නැත උපරිමය මේ බයිස්කෝප් වලට ගහන්න බයිස්කෝප් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා .කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි.supun bro
Running Shaadi (2017) sinhala sub eka dennako
sumed
උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා...!!!!
Hemal
Thankz bro for ur sinhala sub
Malan Madhushan
thnakz Bro.
jaya wewaJack
නියමයි මචෝ...
කැමතිම නලුවෙක් ඉන්නේ.. අනිවා බෑමක් තමයි..
බොහෝම ස්තුතියි මචෝ සබට,
ජයෙන් ජය..Chamith Mihiranga
Thanks Aiya..
Jaya..!rangika Kariyawasam
ෆටිටම වැඩක් සිසිල සහෝ ... විද්ඩුත් ජමිමවාල් ඉන්නවානමි අනිවා බලනවා... සබ දුන්නට බෝම ස්තුතීයි සහෝ..ඉක්මනටම මලයාලමි ෆිලුමකටත් සබ දෙන මෙන් ඉල්ලනවා ..ජය හෝ
muditha
seethalema dan high speed akema sub denawa needa.....
hodoi hodi...
obata jaya sisila....Mahesh
Sub ekata thanx
Avishka Didulanga de silva
Sub ekata thanx kollo..ada balanawaa..
Rohan
උපසිරැසියට බොහොම ස්තුතියි ...............
Chami.S
Thanks..
Good Luck..Viraj
sub ekata thanks saho.. jaya wewa!!
thisan
thx bov
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Baadshaho (2017) with Sinhala Subtitles | මහ රැජිණියගේ රත්‍රන් මංකොල්ලය! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/Baadshaho-2017_2.jpg)

godak thanx bro
digatama karagena yamu...