Watch Trailer

Bhavesh Joshi Superhero (2018) Sinhala Subtitles | වීරයෙකුගේ නික්මයාම, සුපිරි වීරයෙකුගේ ආගමනය සටහන් කළේය! [සිංහල උපසිරැසි සමග]

මොකද? හිනා යන්න වගේද? බොලිවුඩ් වලින් සුපර් හීරෝ පිචර් එකක් එනවා කියද්දී ඉතින් හිනා යනවට වඩා දෙයක් තියෙනවද? එක්කෝ පිටසක්වල ජීවියෙක්ගෙන් බලයක් ලැබිලා “සුපිරි වීරයෙක්” වෙච්ච එකෙක්, නැත්තම් කම්පියුටර් ගේම් එකකින් එලියට ඇවිල්ලා “සුපිරි වීරයෙක්” වෙච්ච එකෙක්, එහෙමත් නැත්තම් අම්මට අයිති ඉඩමක තියෙන පරණම පරණ…

මොකද? හිනා යන්න වගේද? බොලිවුඩ් වලින් සුපර් හීරෝ පිචර් එකක් එනවා කියද්දී ඉතින් හිනා යනවට වඩා දෙයක් තියෙනවද? එක්කෝ පිටසක්වල ජීවියෙක්ගෙන් බලයක් ලැබිලා “සුපිරි වීරයෙක්” වෙච්ච එකෙක්, නැත්තම් කම්පියුටර් ගේම් එකකින් එලියට ඇවිල්ලා “සුපිරි වීරයෙක්” වෙච්ච එකෙක්, එහෙමත් නැත්තම් අම්මට අයිති ඉඩමක තියෙන පරණම පරණ ගහකින් හම්බෙන බලයකින් “සුපිරි වීරයෙක්” වෙන බුවෙක්. ඔන්න ඕවා තමා අපිට බොලිවුඩ් වලින් මෙච්චර කල් දකින්න හම්බෙච්ච සුපිරි වීර චරිත. මේවා දකිද්දී හිනා ගිහින් මැරුණේ නැත්තම් තමා පුදුමේ. මෙන්න ඒ අස්සේ තව විගඩමක් ඇවිල්ලා. මේකේ නම් නම කියවද්දිත් හිනා යනවා. “භාවේෂ් ජෝෂි” පුහ්හ්!!

කැපුවත් හොලිවුඩ් කියන ප්‍රේක්ෂකයොයි, බොලිවුඩ් බලලා හෙම්බත් වෙච්ච කට්ටියයි එහෙම හිතනවත් ඇති. එහෙමයි කියලා මේ පේජ් එක ස්කිප් කරලා යනවා නම්, හැමදාම කියනවා වගේ වාසනාව නෑ කියල කියන්නේ නෑ, ටටා බායි කියලා කියන්නම්. මොකද කිව්වොත් මේ සැරේ ඉන්දියාවේ අලුත්ම සුපිරි වීරයාව බිහි කරේ එසේ මෙසේ ඩිරෙක්ටර් මහත්තයෙක් නෙමේ. එයාගේ වැඩ දන්න කෙනෙක්ට ආයේ අමුතුවෙන් ඇවිටිලි කරන්න දේකුත් නැහැ. අමතක නෑ නේද Sacred Games කතා මාලාව? අමතක නෑ නේද තට්ටු 35ක බිල්ඩිමක හිරවෙච්ච කොල්ලෙක්ගේ කතාව Trapped (2017) චිත්‍රපටිය? ඒ වගේම Lootera (2013), Udaan (2010) කියන චිත්‍රපට? ඔය කියපු ලැයිස්තුවෙන් එකක් හරි බලලා තියෙන අය ඉන්නවා නම් මේ වෙද්දීත් Bhavesh Joshi Superhero බලන්න දැනටමත් තීරණය කරලා ඇති. ඔව්, අදාළ චරිතය වික්‍රමාදිත්‍ය මොට්වානේ. මේ මිනිහා බන් එසේ මෙසේ ඩිරෙක්ටර් කෙනෙක් නෙමේ. ආවට ගියාට ෆිල්ම් කරන පොරක් නෙමේ. වෙඩිල්ල තියන්නේ එක්කෝ මොලේට, නැත්තම් හදවතට. නැතුව බහුතරයක් අධ්‍යක්ෂකවරු වගේ පශ්චාත් භාගෙට නෙමේ.

මොකක්ද මේකේ ඔය කියන තරම් තියෙන විශේෂත්වය? ඔව්. සුපිරි වීරයෙක් වෙන්න මකුළුවෙක් හරි පත්තැයෙක් හරි දෂ්ට කරන්නම ඕනද? පිටසක්වල ජීවියෙක් වරයක් දෙන්නම ඕනද? මේ වහලේ ඉඳන් අනිත් වහලෙට පැනගන්න හැකියාවක් තියෙන්නම ඕනද? ඩොලර් මිලියන ගාණක කිට් එකක් ඇඳන් ඉන්නම ඕනද? ලෝකයට පිටසක්වල ප්‍රහාරයක් එන්න ඕනමද? නැත්තම් භයානක වෛරසයක් ලෝකේ පුරා ව්‍යාප්ත කරන්න හදන දුෂ්ටයෙක් ඉන්නම ඕනද? ඇයි අපි ෆැන්ටසිය පැත්තටම යන්නේ? රියලිටිය එක්ක බැඳුනු සුපිරි වීර චරිත ඉන්නම බැරිද? සුපිරි වීරයෙක් වෙන්න දේව වරමක් තියෙන්නම ඕනද? නැහැ, සුපිරි වීරයෙක් වෙන්න නම්, අසාධාරණයක් දකින තැනදී රත්වෙන පපුවක් තියෙනව නම් හොඳටම ඇති. රත්වෙන ලේ ටිකක් තියෙනවා නම් හොඳටම ඇති. වෙන මුකුත්ම ඕන නෑ. කිසිම සුපිරි බලයක් ඕන නෑ. භාවේෂ් ජෝෂි කියන්නේ එහෙම සුපිරි වීරයෙක්. මිනිහා සටන් කරන්නේ යථාර්ථය එක්ක, රියැලිටිය එක්ක. ඉතින් මේ සුපිරි වීරයාගේ කතාව බලන ඔයාට, කතාවට හිනාවෙන්න ඉඩක් ලැබෙන එකක් නම් නැහැ, අවශ්‍යම නම් කතාවත් එක්ක හිනාවෙන්න පුළුවන්. ඔන්න ඕකයි භාවේෂ් ජෝෂිගේ තියෙන විශේෂත්වය.

කැම්පස් යන කාලේ ඕනම කොල්ලෙක්ගේ ඇඟේ සාධාරණය වෙනුවෙන් ලේ රත්වෙනවා. අසාධාරණය පේන්න බෑ. වෙන කතන්දර ඕන නෑ. භාවේෂ්, සිකු,රජත් කියන්නේ එහෙම යාළුවො තුන්දෙනෙක්. රජත් වැඩිය නැති වුණාට භාවේෂ්ටයි සිකුටයි නම් ලොකුම ඇම්මක් තිබ්බා මේ සමාජ ක්‍රමය වෙනස් කරන්න. උද්ඝෝෂණයක් තියෙන තැනක මුන් තුන්දෙනා හිටියේ නැත්තම් තමා පුදුම. මුන් තුන්දෙනාට හිතුනා මීට එහා යමක් සමාජය වෙනුවෙන් කරන්න ඕන කියලා. ඒ අදහසත් එක්ක උන් යුටියුබ් චැනල් එකක් පටන් ගන්නවා ඉන්සාෆ් කියලා. මූණ පෙනෙයි කියලා කඩදාසි උර ඔලුවට දාගෙන අසාධාරණ වැඩ සිද්ධවෙන්නේ කොතනද එතනට ගිහින් තමන්ට පුළුවන් දෙයක් කරලා ඒක යුටියුබ් එකේ දාන එක තමා මුන්ගේ රාජකාරිය වුණේ. භාවේශුයි සිකුයි තමා මේ හැමදේටම මුල් වුණේ. මේකද මූ කියපු සුපිරි වීරයා කියලා බලනවද? අපෝ නෑ, අපි තාම කතාවට ආවේ නෑ. කතාව හරියටම පටන් ගන්නේ මෙතනින් තව අවුරුදු 5ක් ගෙවුණු තැන. ගොඩක් දේවල් වෙනස් වෙලා තිබ්බා. කැම්පස් එකෙන් අයින් වුණාට පස්සේ හැමෝම එදා ලෝකේ එක්ක ගැටෙන්න ගනිද්දී, කාටද සමාජ ප්‍රශ්න ගැන බලන්න වෙලාවක්. ඔය කියන හේතුව නිසා කාලෙත් එක්ක මෙයාලගේ ගැන්සිය ටිකක් දුරස් වෙනවා. හැබැයි භාවේෂ් නම් දිගටම තමන්ගේ වැඩේ කරන්න පුළුවන් තරම් උත්සහ කරා, සිකු තමන්ගේ ජීවිතේ හොයාගෙන යද්දී. ඔහොම දවස් ගෙවෙද්දී එක දවසක් සිකුට ඔෆිස් එකේ ඉද්දි එක කෝල් එකක් එනවා.. එතනින් දවස් කිහිපයකට පස්සේ සිකුගෙන් ලොකුම ලොකු අත්වැරද්දක් වෙනවා. අත්වැරැද්ද කොච්චර ලොකුද කියනවා නම්…. ජීවිතයෙන් සමුගන්නත් වෙනවා.. කාටද?

ජාත්‍යන්තර සිනමා දර්ශකයේ ලකුණු 7.7ක් රැස් කරගෙන ඉන්න මේ සුපිරි වීරයාට ආදරේ කරන ජනතාව නම් බොහොමයි. බලන බලන එකා මේකේ තව කොටසක් ඒවිදෝ කියලා බලාපොරොත්තුවක උන්නත් ඒ අවස්ථාව ඉන්දියන් ඕඩියන්ස් එක විසින්ම නැති කරගත්තේ, මේ චිත්‍රපටිය ආදායම් අතින් බලවත් අසාධාරණයකට ලක්වෙච්ච නිසා. ආදායම් නම් අද අදාළ කරගන්න එපා. රේටින් ගැන විතරක් හිතලා බලන්න. රංගනයෙන් අනිල් කපුර්ගේ පුත් හර්ශ්වර්ධන් කපුර්, ප්‍රියන්ෂු, අශීෂ් වර්මා, නිශිකාන්ත් කමත් දායක වෙනවා. කවදත් වික්‍රමාදිත්‍ය සෙට් එකේ ඉන්න අමිත් ත්‍රිවේදි මියුරු සංගීතයකින් ලොකු දායකත්වයක් ලබාදෙනවා. කවදාවත් අත්විඳින්න නොලැබෙන විදිහේ අලුත්ම බොලිවුඩ් සුපිරිවීර අත්දැකීමක් ලබන්න, බැලුවා කියලා පසුතැවිලි නොවෙන්න, ඇඩ්රිනලින් ටිකක් පොම්ප කරගෙන තමන්ගේ ලේ ටිකත් රත් කරගන්න, Bhavesh Joshi Superhero බලන්න කියල ආදරයෙන් ආරාධනා කරන්නේ. ජය වේවා හැමෝටම.

ප.ලි :

1. අපි සබ කරපු නිසා, ඩවුන්ලෝඩ්ස්, කමෙන්ට්ස් වැඩියෙන් ගන්න ඕනයි කියලා බොරුවට ෆිල්ම් එක උඩ දාලා නෑ බන්. ඇත්තටම වෙනස්, සුපිරිම ෆිල්ම් එකක්. අවුරුද්දේ හොඳම ෆිල්ම් එකක් . ඒ හින්දා ලොකු බැරිකමක් නැත්තම් හොලිවුඩ් බොලිවුඩ් ප්‍රේක්ෂක දෙගොල්ලටම කියන්නේ බලන්න කියලයි. වෙනස්ම රහක් දැනෙයි. බලලා ඉවර වෙලා ඇවිල්ලා හොඳද නරකද අදහසක් කොටන් යන්න. ඒක නොබලන්න හිත හදන් ඉන්න අයට වදියි.

2. ෆිල්ම් එක බාද්දී Tamilrockersඑකෙන් ගන්න එපා. දීලා තියෙන ලින්ක් එක හරි, වෙන විශ්වාසවන්ත තැනකින් හරි ගන්න. ටැමිල්රොකර්ස් පිටපතේ ලොකු අවුලක් තිබ්බා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත සඳහා අදාළ වේ.

10,470 downloadsDownload Bhavesh-Joshi-Superhero-2018.zip47 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

           

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

PHOENIX

Subtitles

10,470 downloadsDownload Subtitles47 KB

107 comments

  1. baiscope_chandima

    ela ela thaz bro.

    1. jeewanthi

      super...

  2. tharaka vidumal

    aniwaryenma denmama banawa.ty sub ekata jaya wewa

  3. AGCHarshana

    එළකිරි පලවෙනි කමෙන්ට් එක

    1. Madushanmax

      Ftta bro

  4. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  5. AGCHarshana

    කෝ ලින්ක් එක

  6. Ishara Janith

    Thanxs bro sub1

  7. supun Lakruwan

    thanks for sub

  8. chiro

    lipiya nam supiriyatama liyala thiyanawa.....wadiya බොලිවුඩ් balanne nethiwunata kiyala thiyana widhihata nam ithin balannama wenawa.......thnx sub ekata.....

  9. Milind@

    Thanks saho

  10. Prabodha Madhusankha Hettiarachchi

    Godak sththui brother sub ekata. Me wage film thama godak onee. Jaya wewa...!

  11. Dimuth

    thanks bro

  12. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි මයුර සහෝ.
    ජයෙන් ජය.

  13. yasithadilshan6

    saho ko meke download link eka nane biscopedownload eke

    1. Kungfuuu

      Tiyenava

  14. Amilperera

    Sub ekta thnks bro

  15. krishanthakumara

    elaassss

  16. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට. ලිපිය සැරටම කියලා නෙහ්. ෆිලුම කොහොම උනත් මයුරගේ සබ්ක් නොබලා කොහොමද.. ජය වේවා..බුදුසරණයි..!

  17. geeganagamage

    ගොඩාක් ස්තුතියි මේ වගේ සුපිරි ෆිල්ම් අරගෙන එනවට .

  18. tharidu16

    හරි ඉතිං උඹ ඔච්චර කියන නිසා බානවා ඔන්න. imbd 7.1 නම් කොහොමත් නරක වෙන්න දෙයක් නැ. පිං එහෙනම්. තෑන්ක්ස්

  19. Aruna priyashantha

    thanks sahoo

  20. hasitha89

    uba katakarana widiya patta..e kiyannne subath patta athi..ehenm onna bawa...thanks bro

  21. Kavishal Rasintha

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට...
    Good luck N keep continue

  22. sachithra

    මමත් වැඩිය බොලිවුඩ් බලන්නේ නැ.ඒත් අරන් බලමු.ගොඩක් ස්තුති .තව එකකින් හමුවෙමු.ජය වේවා

  23. Mendis

    Tnks saho sub ekt

  24. sashika7788

    THX MCN. GOOD LUCK....

  25. Bandaramudiyansi

    ඔයා කියන එව්ව අනිවාර්යයෙන් බලනව මල්ලි. ඔයාගෙන් ගොඩක් හින්දි ෆිල්ම් වගේම හොද english එව්වත් බලලා තියෙනව . හින්දි තම ගොඩක් . ලස්සන හරයක් තියෙන ,තෙරුමක් තියෙන චිත්‍රපට තම ඔයා දෙන්නෙ .ගොඩක් ස්තුතියි රැට බාමු. අපිට ඉතින් ඩේටා තියෙන්නේ රෑට... .. ෆිල්ම් එකක් බානව කියන්නෙ නින්ද ගානක්වත් නැ එකෙත් හැටි... ❤

  26. ATSMAMADU

    Elmaa. Blalama kiyannam bro. Jya wewa.

  27. Lakshanrx25

    Patta film ekak weiබෝහෝම ස්තූති

  28. flyingpenguin

    patta mchn. Thanks sabata.

  29. Ayesh Prashan

    Aniwa Balano.Thank You

  30. diyashan

    Film 1 nm aniwa balanawa broo..
    Lipiya kiyewwata passe nobala kohmada..pattah

  31. palithadesilva

    ගොඩාක් ස්තුතියි ….

  32. RK

    lipiya ela...film ekath ela... subata thnkzzzz!!!!!!!!!!

  33. gihan perera

    මේකට උපසිරැසි දෙන්න කියලා මාත් ඉල්ලුවා මචෝ....ගොඩක් ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට....මෙච්චර ඉක්මනින් ලැබෙයි කියලා හිතුවෙ නෑ...කියන්න වචන නැ මචෝ....දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි......පුළුවන් නම් sanju හින්දි ෆිල්ම් එකටත් උපසිරැසි දෙන්න බලන්න සහෝ.....ජය වෙිවා.........

  34. Malithsank

    බලලා කියන්නම් සබ් එකට තෑන්ක්ස්

  35. Stranger

    thanks

  36. supun harshana

    thanks

  37. Harsha1993

    Ela bro..

  38. D.Chamara

    ANIWARAYAN BALANNA ONI BOHOMA STHUTHI SAHOOO JAYA

  39. indunil0912

    sub ekata bohomath sthuthui

  40. Sanath Perera

    thank machan sub ekata...
    mama nam boliwd film wadiya balanne na... eth mekanam balanawa...
    supiri kathawak wage... director ge anith ewath balanna one kiyala hithenawa...
    lipiyath supiri aaaaaaaaaaa...........
    jayen jaya..
    digatama sub demu....

  41. GURUDC

    thanks

  42. Sanjeewa2010

    Thnxxxxxxxxxxxxxxx

  43. Ishan007

    Thanx Mayu...

  44. avishka_nethmina

    thank you brother

  45. AsithaDilruwan

    Ela saho thanks

  46. SAjith Anthony

    උපසිරැසි‍යට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වෙවා...!!

  47. Aruna Amarasinghe

    thanks

  48. VTDilshan

    ආවුස්.super hero movie ekak.thanx sahoo sub ekata.
    Good luck!

  49. beemal

    jaya wewwa..... tnq tnq bro

  50. Ruwankumara

    thank you brooo.

Load more comments