ආයූබෝ වේවා බයිස්කෝප්වාසීනි, කොහොමද සැප සනීප ? ගෙදරට වෙලා ඉඳලම එපා වෙනවා නේද ? ඒත් ඉතිං රටේ තත්වයත් එක්ක වගකීම සහගත පුරවැසියෝ වශයෙන් අපි මේ කැපවීම කරන්න එපැයි. ඉතිං ගෙදරට වෙලා ඉන්න ඔයාලට බලන්න අපේ බයිස්කෝප් අඩවියේ චිත්‍රපටි / රූපවාහිනී කතාමාලා විශාල ප්‍රමාණයක් තියෙනවා ඔන්න ඒ එකතුවට මම අද තවත් එකක් එ…

ආයූබෝ වේවා බයිස්කෝප්වාසීනි, කොහොමද සැප සනීප ? ගෙදරට වෙලා ඉඳලම එපා වෙනවා නේද ? ඒත් ඉතිං රටේ තත්වයත් එක්ක වගකීම සහගත පුරවැසියෝ වශයෙන් අපි මේ කැපවීම කරන්න එපැයි. ඉතිං ගෙදරට වෙලා ඉන්න ඔයාලට බලන්න අපේ බයිස්කෝප් අඩවියේ චිත්‍රපටි / රූපවාහිනී කතාමාලා විශාල ප්‍රමාණයක් තියෙනවා ඔන්න ඒ එකතුවට මම අද තවත් එකක් එකතු කරනවා. 2020 දී තිරගත උන අළුත්ම Horror කාණ්ඩයට අයත් චිත්‍රපටය තමයි මම අද ගෙනාවේ. 4.0ක IMDb අගයක් ලබා ගන්න සමත් උන මේ චිත්‍රපටය මේ මාසයේ 17 වෙනිදා තමයි ප්‍රදර්ශනය ඇරැඹූවේ. ලොව පුරා උද්ගත වු කොරෝනා වෛරස් ව්‍යාප්තිය නිසා ආදායම් අතින් නම් සාර්ථකත්වය ලබන්න මේකට බැරි වෙනවා. Addy Miller, Philip Brodie, Jan Broberg Felt යන රංගන ශිල්පීන් තමයි ප්‍රධාන රංගන දායකත්වය ලබාදෙන්නේ. Matthew Whedon සහ Andrew Mecham යන දෙපල තමයි චිත්‍රපටයේ අධ්‍යක්ෂවරු වෙන්නේ.
Horror චිත්‍රපට කිව්වම සාමාන්‍යයෙන් අපිට ගුණාත්මක කතාවක් බලාගන්න පුලුවන් වෙන්නේ කලාතුරකින් තමයි. හොල්මන් චිත්‍රපටවල තියෙන ඒ අමුතු රසය රඳව ගන්න ගොඩක් අධ්‍යක්ෂකවරුන් අසමත් වෙනවා. නමුත් මේ චිත්‍රපටයෙනම් අපිට තරමක් දුරට සෑහීමකට පත් වෙන්න පුලුවන්. කතාව ගැන කෙටියෙන් හැඳින්වුවොත් ඔලීවීයා සහ ක්ලෙයා කියන සහෝදරියන් දෙපල තමන්ගේ මවගේ හදිසි අභාවයෙන් පස්සේ ජීවතුන් අතර ඉන්න තමන්ගේ එකම ඥාතියා වෙන මවගේ සහෝදරිය වෙන බෙත්ගේ නිවසේ පදිංචියට යනවා. ඒත් බෙත්නම් ඒකට වැඩි කැමත්තක් දක්වන්නේ නෑ. වෙන කරන්න දේකුත් නැති නිසා බෙත් මෙයාලව නවත්තගෙන නීතී කීපයකුත් දානවා. ඒ අතරින් ප්‍රධානම නීතිය තමයි කිසිම වෙලාවක ගෙදර තියෙන බිම් මහලටනම් යන්න එපා කියන එකයි. ඒත් දවසක් ක්ලෙයා මේක අහන්නේ නැතුව තනියම බිම් මහළට යනවා. ඒ අතර සැඟවුන ඉතිහාසයක් තියෙන අද්භූත කැඩපතක් කාව හරි බිලි ගන්න බලන් ඉන්නවා කියලා ක්ලෙයා දැනගෙන හිටියේ නෑ. එතැනින් පස්සේ කතාව කියන්න යන්නේ නෑ. බිම් මහලේ මොනවද තියෙන්නේ ? ක්ලෙයාට මොනවා වෙයිද ? Horror ෆිල්ම්වලට ආස අය අනිවාර්යයෙන්ම බලලා කොමෙන්ටුවක් දාගෙන යන්න. ඒ වගේම මේ වගේ උපසිරැසි නැති තවත් හොල්මන් චිත්‍රපට තියෙනවනම් දැනුවත් කරන්න කියලා ඉල්ලනවා. මේ උපසිරැසිය කරන්න අවසර ලබාදුන් අපේ ඇඩ්මින්වරයෙක් වෙන හසන්ත වික්‍රමරත්න සහෝටත් ස්තූතිවන්ත වෙනවා. එහෙනම් තවත් උපසිරැසියකින් ආයෙත් හමු වෙමු. ඔයාලා පරිස්සමින් ඉන්න මම දනුවා. තෙරුවන් සරණයි !!!
#Stay Home #Stay Safe

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Web පිටපත් සඳහා අදාළ වේ.
3,390 downloadsDownload Behind.You_.2020.720p.WEBRip.x264.AAC-YTS.MX_.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
19 comments
හසිත මධුෂාන්
malithmadhushan45
බොහොම ස්තුතියි යුරාන් සහෝ සබ් එකට.ඕක සබ් නැතුව බලනවද කියල කල්පනා කර කර හිටියේ වෙලවට සබ් දුන්නේ
Rohanvanderlan
thank you saho
Sanju
The Convent 2018 Horror filmes akata sub danawada brooo
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Request :
Trouble (2019)
Acceleration (2019)
Time to Hunt (Sanyangeui sigan) (2020)
(PSA)chami52
thanks bro. the human centipede 2 .3 movies walata sub karanna puluwannam loku deyak thanks again,,,,,,
Tharindra
ela mchn..thnx...
LAKA
ela.x files season 8 9 sinhala sub dennako
Shamal manojan
බොහොම ස්තූතියි
isuru srinath sjs
ස්තුතියි සිංහල උපසිරැසියට ..
Udara Damith Dissanayaka
holmaaaaaaaaaaaaam
ruchiralakmal
THANKS FOR THE SUB!!!!
lasindudulshan453
thank for sub
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Thanks මචෝ sub එකට.මරු ෆිලුමක්
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!NuwandiSM
Weldone bro
vishnuka
Thank u siiye.jaya wewa......
Request:from dusk till dawn:the series
Dewadithya
Thanks for sub!
Advertisement
![Behind You (2020) Sinhala Subtitles | අඳුරු කැඩපතේ මායාව [සිංහල උපසිරැසි සමග]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/04/Behind-You-2020.jpg)
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!