Watch Trailer

Meesha (2025) Sinhala Subtitles | මිතු දම සහ අවස්ථාවාදය [සිංහල උපසිරැසි]

Meesha (2025) Sinhala Subtitless ආයුබෝවන්, ඇත්තෙන්ම වැඩිය කතා බහ නොවුනු ලස්සන මලයාලමක් ඔබ වෙත ගෙන එනවා. රගපාන නළු නිළි සෙට් එක කවුද කියල බලලා තමන් කැමති ජනප්‍රිය නළුවෙක් හෝ නිළියක් නැත්නම් ඒ චිත්‍රපටය අත අරින්න ගොඩක් අය පුරුදු වෙලා ඉන්නවා. ඒ නිසා සමහර ලස්සන චිත්‍රපට ගිළිහිලා යනවා. මේකත් ඒ වගේ තමයි…

Meesha (2025) Sinhala Subtitless

ආයුබෝවන්, ඇත්තෙන්ම වැඩිය කතා බහ නොවුනු ලස්සන මලයාලමක් ඔබ වෙත ගෙන එනවා. රගපාන නළු නිළි සෙට් එක කවුද කියල බලලා  තමන් කැමති ජනප්‍රිය නළුවෙක් හෝ නිළියක් නැත්නම් ඒ චිත්‍රපටය අත අරින්න ගොඩක් අය පුරුදු වෙලා ඉන්නවා. ඒ නිසා සමහර ලස්සන චිත්‍රපට ගිළිහිලා යනවා. මේකත් ඒ වගේ තමයි ජනප්‍රිය මුල් පෙළේ නළුවෙක් කියල මේකෙ ඉන්නෙ ශයින් ටොම් චාකෝ විතරයි. ඔහුත් ඉන්නෙ මෙ කතාව ඇතුලෙ තියෙන අතුරු කතාවකට විතරයි. (ඒත් ඔහුගෙ ඒ චරිත නිරූපනය නම් ඉතා ඉහළයි). කොහොම උනත් මේක ලස්සන කතාවක්.

කතාව ටිකක් කිව්වොත් මිතුරන් කීප දෙනෙක් ගැන තමයි කතාව. මිතු දම අස්සෙ මතුවෙන ඊර්ෂ්‍යාව, ද්‍රෝහී කම, අවස්ථාවාදය වගේ සංසිද්ධි මේ කතාවට පාදක වෙනවා. මේකෙ ප්‍රධාන චරිත දෙක අඹ යහළුවො තුන් දෙනෙක්. මෙයින් දෙන්නෙක් පාලක දේශපාලන පක්ෂයේ ප්‍රාදේශීය නායකයාගේ අග සව්වො. එකෙක් මොළෙන් අනිකා අතින් පයින්. ඒත් පසු කාලීනව අතින් පයින් සගයා තමා නියෝජනය කරන ජන කොට්ටාශයට සිදු වෙන අසාධාරණයන් හේතු කොට ගෙන පක්ෂයෙන් විතැන් වෙද්දී ඔහු පාලනය කර ගන්න පක්ෂය අනෙකාගේ පිහිට පතනවා. ඔහු මුහුණ පාන්නෙ පක්ෂයද මිතු දමද කියන උභතෝකෝටිකයට. නොයෙක් අතීතාවර්ජනා, සහ අතුරු කතන්දර සමග ඝන වන රක්ෂිතයක් තුල ඉතා ත්‍රාසජනක අත්දැකීම් සමූහයක් එක්ක මේ කතාව දිව යනවා.

ප්‍රධාන චරිතය  ලෙස සිය මුල්ම මලයාලම් චිත්‍රපටයට සම්බන්ධ වන කදිර් නම් දමිළ නළුවාත්, හකීම් සාජහාන්, ශ්‍රීකාන්ත් මුරලි, සුධී කෝපා, ජියෝ බේබි  ශයින් ටොම් චාකෝට අමතරව මෙහි චරිත රඟපානවා මෙය එම්සි ජෝශප්ගේ අධ්‍යක්ෂනයක්

එහෙනම් තවත් ලස්සන උපසිරැසියකින් නැවත හමු වෙමු. ආයුබෝවන්

Meesha (2025) Sinhala Subtitless

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය HQ HDRIP  පිටපත් සඳහා පමණක් වලංගු වේ.

1,933 downloadsDownload Meesha-2025.zip50 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Meesha (2025) Sinhala Subtitles
Legend badge

Subtitles by

BANDULA K

Legend

Subtitles

1,933 downloadsDownload Subtitles50 KB

4 comments

  1. Arawinda

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S H

  2. Buddhika laKMal

    බොහෝම ස්තූතියි බන්දුල සහෝ සබ් එකට

  3. Sahan Gayantha

    thanks a lot bro sub ekata

  4. Supun Kaushalya

    Thank you සබ් එකට!
    Thalavara (2025) ටැමිල්-මලයාලම් ෆිල්ම් එකටත් සබ් දෙන්නකො ලස්සන කතාවක්

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.