ආයුබෝවන් යාලුවනේ! මං අද ඔයාලට ගේන්නේ war drama වර්ගයේ සුපිරි චිත්‍රපටියක්. මේක 1982 වසරේ ලියැවුණු නවකතාවක් ඇසුරින් නිර්මාණය කරලා තියෙන්නේ. War Horse චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ විශ්ව සම්මානනීය සිනමාකරු Steven Spielberg විසින්. ඒ නිසා මේ චිත්‍රපටයේ තරම ඔයාලට හිතා ගන්න පුළුවන් වෙයි. IMDb දර්ශක…

ආයුබෝවන් යාලුවනේ! මං අද ඔයාලට ගේන්නේ war drama වර්ගයේ සුපිරි චිත්‍රපටියක්. මේක 1982 වසරේ ලියැවුණු නවකතාවක් ඇසුරින් නිර්මාණය කරලා තියෙන්නේ. War Horse චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ විශ්ව සම්මානනීය සිනමාකරු Steven Spielberg විසින්. ඒ නිසා මේ චිත්‍රපටයේ තරම ඔයාලට හිතා ගන්න පුළුවන් වෙයි. IMDb දර්ශකයේ 7.3/10 ක අගයක් මේකට ලැබිලා තියෙනවා. Jeremy Irvine, Emily Watson, Eddi Marson යන නළු නිළියන් මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා. නමුත් චිත්‍රපටයේ මුල් තැන දීලා තියෙන්නේ නම් මේ කාටවත් නෙවෙයි. ඒක ලැබිලා තියෙන්නේ අශ්වයෙක්ටයි. මේ චිත්‍රපටයේ තියෙන විශේෂත්වය තමයි ඒක. ඉතින් මේ අශ්වයා මුහුණ දෙන විවිධාකාර අවස්ථා, ත්‍රාසජනක සිදුවීම් ඉතා අපූරුවට මේකේ දිග හැරෙනවා. විශේෂයෙන්ම මේ අශ්වයාගේ හැසිරීම පුදුමාකාර විදියට පෙන්වන්නට Steven Spielberg මේ චිත්‍රපටයේදී සමත් වෙලා තියෙනවා. ඔයාලට බැලුවොත් ඒක තේරේවි. මොකද චිත්‍රපටයකින් ඒ වගේ දෙයක් සංවේදීව පෙන්වන එක නම් ලේසි දෙයක් නොවන නිසා. ඒ වගේමයි මේ චිත්‍රපටියේ දර්ශනයන් හරිම ලස්සනයි. ඔස්කාර් සම්මාන උලෙළේදී හොඳම චිත්‍රපටය, හොඳම සංගීතය ඇතුළුව සම්මාන 6 ක් සඳහාත් ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළේදී සම්මාන 2 ක් සඳහාත් මේ චිත්‍රපටය නිර්දේශ වුණා. දැන් මේකේ යන කතාව ටිකක් බලලා ඉමු.
ඒ 1912 වර්ෂයයි. තරුණ ඇල්බට් නැරකොට් (Jeremy Irvine) ගැමියෙකුගේ ගැබ්බර වුණ වෙළඹක් තම අශ්ව පැටියාව මෙලොවට බිහි කරනු බලා ඉන්නවා. අශ්ව පැටියා සීඝ්‍රව හැදෙද්දී උගේ තියෙන අසාමාන්‍ය ජවය ගැන නැරකොට් පුදුම වෙනවා. ඌ පිටියේ තම මවත් එක්ක සෙල්ලම් කරනවා නැරකොට් වැට ලඟ ඉඳන් හැමදාම ආසාවෙන් බලන් ඉන්නවා. දවසක් වෙන්දේසියකදී මේ වැඩුණු අශ්වයාව වෙන්දේසි කරන අතර නැරකොට්ගේ පියා වන ස්මිත් අශ්වයාව මිලට ගන්න තරඟ කරනවා. ඔහුට ඕනි වුණේ කුඹුර සීසෑමට යෝග්‍ය අශ්වයෙක් වුණත් මේ අශ්වයාව දැකපු වෙලේ ඉඳන් ඌව ගන්නමයි ස්මිත්ට හිත. අනික් පසින් ඊට තරඟ කරන්නේ ස්මිත්ගේ ඉඩම් හිමියා වන ලයන්ස් වයි. ඔහුගේ උඬගුකම යවන්නත් එක්ක තරඟ කරන ස්මිත් අවසානයේ ගිණි 30 ක අති විශාල මුදලකට මේ අශ්වයාව ලබා ගන්නවා. නමුත් එහි ප්‍රතිඵලය වන්නේ ස්මිත්ට අතේ සතේ නැතිවා මදිවට ලියෝන්ස්ට ගෙවිය යුතු කුලියද ගෙවා ගන්නට බැරි වීමයි. නමුත් නැරකොට්ට තියෙන්නේ නම් ඉහවහ ගිය සතුටක්. මොකද ඉපදුණ මොහොතේ ඉඳන් තමන් ආසාවෙන් බලා හිටි ඒ අශ්වයාව දැන් අතටම ලැබුණ නිසා. සරත් ඍතුව එන විට කුඹුරේ වගා කරලා කුලිය ගෙවන බව ස්මිත් ලයන්ස්ට පොරොන්දු වෙනවා. ගෙවන්න අසමත් වුණොත් ඉඩම වගේම අශ්වයාවත් තමා සතු කරගන්නා බව ලයන්ස් අනතුරු අඟවනවා. නැරකොට් සීසෑම සඳහා අශ්වයාව පුහුණු කරවනවා. නැරකොට් අශ්වයාට නමකුත් දානවා “ජෝයි” කියලා. සීසාන දවසේදී ලයන්ස් ද කුඹුරට ඇවිත් ස්මිත්ට සමච්චල් කරනවා. මොකද මේ කුඹුරු බිම ඉතා රළු කර්කශ එකක් නිසා සීසෑම කල නොහැකියි. අනික සීසාන වැඩේ කරන්න යන්නෙත් පොඩි කොලු ගැටයෙක්. ඉතින් ලයන්ස්ට සහතිකයි අශ්වයාවයි ඉඩමයි තමා අතේ බව. සෑහෙන සටනක් දීලා නැරකොට් සිහිසුන් වන තරමට ජෝයි එක්ක කුඹුර සීසාලා දානවා. ඒත් තවම වගා කරලා මුදල් හම්බ කරගැනීමේ කාර්යය ස්මිත් පවුලට ඉතිරිව තියෙනවා. හොඳින් වගා කලත් අවාසනාවට මහා වැස්සක් ඇවිත් මුළු වගාවම සෝදාපාලු කරනවා. කුලිය ගෙවිය යුතු නිසා ස්මිත් නැරකොට්ටත් නොකියාම ජෝයි ව එංගලන්ත අශ්වාරෝහක බලකායේ කැප්ටන් ජේම්ස් නිකොල්ස්ට විකුණනවා. ඒ පළමු ලෝක යුද්ධ සමයයි. එංගලන්තය ජර්මනිය සමඟ යුද වදින්නයි යන්නේ. දුවගෙන එතෙන්ට එන නැරකොට් අශ්වයා තමන්ගේ බවත් ඔහුව විකිණිය නොහැකි බවත් කීවද එතකොටත් ගණුදෙනුව වෙලා ඉවරයි. නැරකොට් පියාට පොරොන්දු වෙනවා මුදල් හොයා දෙන බවට. යුද්ධය ජෝයිට ඔරොත්තු නොදේවි යැයිද ඌ ශබ්දවලට හීලෑ නැති බවද නැරකොට් නිළධාරියාට කියනවා. ඒත් නිළධාරියා ප්‍රතික්ෂේප කරනවා. එසේ නම් තමනුත් හමුදාවට බැඳෙන්නම් යැයි නැරකොට් කියනවා. නමුත් වයස මදිකම නිසා ඒකත් ව්‍යර්ථ වෙනවා. නැරකොට්ට එතනින්ම ජෝයිගෙන් සමු ගන්න වෙනවා. ඔන්න දැන් ජෝයි එංගලන්ත අශ්වාරෝහක බළඇණිය වෙනුවෙන් යුද බිමට යන්න සූදානම් කරවනවා. ජර්මානු හමුදාවට එල්ල කල ප්‍රහාරයක් ව්‍යර්ථ වී කැප්ටන් නිකොල්ස් මිය යනවා. ඉන්පසු ජෝයිව ජර්මානු හමුදාව යටතට ගන්නවා. පසුව වන සිද්ධියකින් ජෝයිව ගොවිපොළක සිටින එමිලි නම් දැරිවියත් ඇයගේ සීයාත් යටතේ ඉන්නවා. කලකින් පසු නැවත වරක් ජෝයිව ජර්මානු හමුදාව විසින් ලබා ගන්නවා. එහිදී ජොයි ඇතුළු අශ්වයන්ව අනුකම්පා විරහිතව ඔවුන්ගේ කාල තුවක්කු ඇදගෙන යාමට වසර ගණනාවක් යොදවනවා. බොහෝ අශ්වයන් පීඩනය වැඩිකමට සෙම පිටකර ඉක්මණින් මිය යනවා, නැත්නම් තෙහෙට්ටු වූ අශ්වයන්ව ජර්මානු හමුදාව විසින් වෙඩි තබා ඝාතනය කරනවා. එහෙත් ජොයි නොනැසී දිගටම බර අවි අදිනවා. 1918 වර්ෂයේදී එංගලන්ත හා ජර්මානු හමුදා අතර දරුණු යුද සටනක් ඇති වෙනවා. දැන් නැරකොට්ද එංගලන්ත හමුදාවට බැඳිලා ඒ යුද පෙරමුණේ ඉන්නවා. නැරකොට් හමුදාවට බැඳුනේ වෙන කිසිවක් නිසා නොව ජෝයිව කෙසේ හෝ සොයා ගැනීමටයි. ප්‍රබල එංගලන්ත හමුදා ප්‍රහාරයෙන් බැට කෑ ජර්මානු හමුදාව පසුබසිනවා. එහිදී මේ අරුම පුදුම ජවසම්පන්න අශ්වයා ජෝයිව අත්හැර පලා යාමට ජර්මන් හමුදාව තීරණය කරනවා. යුද තත්වය අතරේ දැන් ජර්මානු යුධ ටැංකියක් ජෝයි ඉන්න දිසාවට හෙමින් එනවා.
දැන් කිව්වා හොඳටම ඇති. බලන්නකෝ Steven Spielberg කොහොම වැඩක්ද War Horse චිත්‍රපටයේ දීලා තියෙන්නේ කියලා. ඇමෙරිකානු $ මිලියන 66 ක වියදමක් දරා නිපදවූ මේ චිත්‍රපටය බොක්ස් ඔෆිස් ආදායම ඇමෙරිකානු $ මිලියන 178 ක් පමණ ලැබුවා. අනිවා මේක බලන්න එහෙනම්. මං ගිහින් එන්නම්. ආයෙත් දවසක හමුවෙමු. ඔබට සදා ජය!!!
5,319 downloadsDownload War-Horse-2011.zip91 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විරාජ් කොඩිතුවක්කු (තෙලා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
විරාජ් කොඩිතුවක්කු
Subtitles
50 comments
වරුණ රංගජිත් (වරූ)
වරුණ රංගජිත් (වරූ)
ela broo
thanks
jaya wewa...!!!Kulanjana Maduranga
niyamai.....subata thankis VIRAJ saho.digatama sub denn.jaya wewa..............
Sandeep
Thanks Dear...............Very thanks........
uMc
සුපිරි film එකක්. ඇත්තටම ලස්සනයි.
සබ්වලට THANKS මචන්.Ashan ravihansa
balam balanda oana machan kohomada kiyala sub ekata thankz
sajeevi
ස්තූතියි සබ් එකට.
මේක නම් ලස්සන සංවේදී කතාවක්.
මේක ආපු දවස්වලම මම බැලුවා.
වේලාවක් ලැබුනොත් ආපසු බලනවා සිංහල සබ් එක්ක.
හැමෝම මේක බලන්න, වටින කතාවක්.Jack
පට්ටයි සහෝ.
අඩේ කතාව ඇහුවම නම් බලන්නම ඔනේ.
බොහෝම ස්තුතියි මචෝ මේ වගේ එකකට සබ් එක දුන්නට.
ජයෙන් ජයම වේවා.inoka perera
බොහොම ස්තුතියි උපසිරැසට ඒ වගේම විස්තරයත් ලස්සනයි මේ වගේ විස්තරාත්මකව හැම ෆිල්ම් එකක් ගැනම කියන්න පුලුවන්නම් වටිනවා නැවතත් ස්තුතියි
“චූටී මල්ලි”
මේක මන් බලපු ඉතාම
ලස්සන එකක්
නොබලපු අය අනිවා..........ම බලන්න
ඇඩෙයි...ඔයාලට
සබට තුති
ඔබට ජය......era
Thanks macho sub 1ta.........................
daminda
pattai wage. balana ona thanx macho
prabhath
balapu lassana film ekak. ayeth balanawa sub ekath ekka thanks meka dunnata
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)නලින්
අනිවාා! මෙක නොබලපු දැස් මක්කටැයි කිව්වලු!
බැලුවේ නැත්නම් දැන්වත් බලපියව්...
ලොවෙත් නැති කථාවක් ඇ..!
ස්තුතියි සබට සහෝ! ආායි පාරක් බලනවා..
ජයෙන් ජයම වේවා!
චන්දිම අමරසිංහ
හ්ම් හ්ම් මමත් බලපු සුපිරිම කතාවක් .. සුභපැතුම්.
දැන් සබ් එක්ක ආයෙත් බලනවා ඔබට ජය..!!ඉසු ඩිපි (Isu DP)
නියමයි විරාජ් සහෝ.. :-P
අහලා තියෙනවා මේක සුපිරි කතාවක් කියලා.
බලන්න ඔනේ.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-D
බුදු සරණයි.. !!!යශෝධ
නියමයි කාලෙකින් ආසම විදියේ චිත්‍රපටයක් හම්බුනා බලන්න. බොහෝම ස්තුතිය සහෝ උපසිරසට.. ජයම වේවා.. එලස්ස්ස්......
ශාන් විමුක්ති [විමා]
බොහොම ස්තුතියි සහෝ
ගොඩක් වටිනා නිර්මාණයක් අපිට අරන් ආවට
මම බලල තියන ලස්සනම කතාවක්
බොහොමත්ම ස්තුතියි මේ ෆිල්ම් එකට උපසිරසි කරපු එකට,
වෙන ෆිල්ම් දෙක තුනකටත් වඩා වටිනවා මේ වගේ නිර්මාණ
ජය!ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
මම නම් දන්නේ මේක ස්පීල්බර්ග් මහත්මයාගේ නියම ෆිලුමක් විත්තිය.
සුපිරියි හොදඳ සහෝ.
අඬන්න පුළුවන් ෆිළුමක්. :'(උපසිරැසියට සුබපැතුම් !!!
ආයු -බෝ -වේවා !!!__/|\__
Sanoj
Pattai aaaaaaaaaaaaaaaaaaa thx
wiki
Thanks
රොයිලි
බොහොම ස්තූතියි විරාජ් සහෝ සිංහල උපසිරැසියට. බලලා තියෙන ලස්සන කතාවක්. හැමෝටම බාගෙන බලන්න කියලා කියනවා. ජය෴෴ :P :P
Shehan
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
aruna
බොහොම ස්තුතියි
Saman Prasad ( Black Panther )
මේක බලලා මට අැඞුනා කියන්නෙ ආයේ ඉතින් කතා කරලා වැඩක් නෑ. පට්ටම ෆිලුමක් තමා. නොබලුවොතින් නම් ෆිල්ම් බලන අය ජීවිතේටම කරගන්න අපරාධයක්. කියන්න වචන නැති ෆිල්ම් එකක්. අශ්වයින්ව සංවේදී විදිහට පාවිච්චි කරලා තියෙන විදිය නම් පට්ටයි. අහන්න දෙයක් නෑ ඉතින්, මොකද අධ්‍යක්ෂකවරයා ඉන්න පට්ටම පොරක්නේ. සබ් එකට බොහොම පිං සහෝ... සබ් කරන්න තව තවත් ශක්තිය ලැබේවා...!!!
ARA
GREAT...
දිමුතු තරංග ඉලුක්කුඹුර
නියමයි සහෝ,ජයවේවා.
Prasanna de Silva
ඔබට තවත් උපසිරෑසි නිර්මාණයට ශක්තිය ලෑබේවා
Rajitha Abeysinghe
thanks for sub
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P :P ජය
Praveen Sirimanne
සබ් වලට බොහොම ස්තුතියි අය්යේ මාත් මේකේ සබ් 3/4ක් හදල තිබුනේ වැඩ වැඩි නිසා හදන්න බැරි උනා. මොනවා උනත් පට්ට ෆිල්ම් එක. ඕන කෙනෙක් අනිවරෙන් බලන්න ඕනේ. :-P
Chandana
Patta piluma ban
ෂෙහාන්
කාලෙක ඉදල සබි ඵක ඵනකං බලන් හිටිය Film ඵකක්. thanx සහෝ.......
sujith lasantha
thanks
සාරංග ලියනගම
පට්ටම film එකක්..
ගොඩක් ස්තූතියි සහෝ..Sajith Akalanka
thanks......
nidi
balanna watina film ekak. niyamai. Viraj, thanks very much! oya subs dunnu RAIN MAN film ekath beluwa. thawa godak honda filmswalata subs denna shakthiya labewa!
Wasantha
mn balapu sanwedima wagema nirmanatmaka film ekak. godak tuti sub ekata!
gihan
download karanna bane
Raveesha Sandamin
Sub ekata thanx ahhh....
Ishan
Thanx Sub ekata
gayanmagee
thanks
Tharindu Athukorala
tnx lot
Milan Indunila
Thanx bro
suranuwan
thank you...
Sasanka
Thanks for the sub
Sudesh Ranasinghe
meka wada karanne nane
Ravindu Heshan - Admin
Dan Wada
Anonymous
Thanks Bro !!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

elzz brooo
jaya wewa