ඉතිං යාළුවනෙ, මන් අද අරන් ආවෙ හැක් කිරීම සම්බන්ධ සලෙරුවක්. අම්මෝ….මේ උපසිරස හදද්දී මට වෙච්ච කරදරනම් හතුරෙක්ටවත් වෙන්න එපා. මේ මාසෙ මුල තියන්න තිබ්බ ප්‍රායෝගික විභාගය කල් ගියපු නිසයි මේක කරන්න හිතුවෙ. භාරගෙන කිරන්න ගියාම තමා තරු පෙනුනෙ! Virus Gurad එක පැන්සල Bock කරලා. අඩු තරමෙ ආයෙ බාගන්නවත් දෙන්නෙ…
ඉතිං යාළුවනෙ, මන් අද අරන් ආවෙ හැක් කිරීම සම්බන්ධ සලෙරුවක්. අම්මෝ….මේ උපසිරස හදද්දී මට වෙච්ච කරදරනම් හතුරෙක්ටවත් වෙන්න එපා. මේ මාසෙ මුල තියන්න තිබ්බ ප්‍රායෝගික විභාගය කල් ගියපු නිසයි මේක කරන්න හිතුවෙ. භාරගෙන කිරන්න ගියාම තමා තරු පෙනුනෙ! Virus Gurad එක පැන්සල Bock කරලා. අඩු තරමෙ ආයෙ බාගන්නවත් දෙන්නෙ නෑ. මොනව කරන්නද? Practical කරන අතරෙ unicode වලින් හරිම අමාරුවෙන් අකුරු ඇමිනුවා. එච්චර මහන්සි වෙලා කරපු උපසිරසිය save කරන්න කලියෙන් කොම්පියුටරේ ක්‍රියා විරහිත වෙලා පේලි 250ක් විතර ආයෙ ගහන්න වුණා.
ඔය මදෑ මගෙ දුක් අඳෝනා ඇහුවා. දැන් බහිමු කතාවට. WarGames කියන්නෙ 1983, ඒ කියන්නෙ සීතල යුද්ධෙ කාලෙ හදපු සලෙරුවක්. පැයයි විනාඩි 54ක් පුරා දිවෙන මේ ෆිලුම Mystery/Science Fiction වර්ගයට අයිති වෙන්නෙ.මනුස්සයෝ මිසයිල යැවීම ප්‍රතිකේෂ්ප කරන නිසා මිසයිල යවන්න පරිගණක පද්ධතියක් හදුන්වලා දෙනවා. ඒකට තනියම ඉගනගන්න පුලුවන්, එක්තරා විදිහක කෘතිම බුද්ධියක්. ඉස්කෝලෙ යන පොඩි කොල්ලෙක් ගේම් එකක් අපර ද්වාරයකින් (Back door) හැක් කරන්න ගිහින් වැරදිලා ඇමරිකාවෙ NORD එකේ ඒ මිසයිල යවන පද්ධතියක් හැක් කරලා. ඉතිං කොළුවා game එකක් කියලා හිතලා “න්‍යෂ්ටික යුද්ධය” කරමු කියනවා. T.V. එකේ ගියාම තමා කොල්ලට තේරුනේ game එකේ තරම. FBI එකෙන් ඇවිල්ලා කොල්ලව NORD එකට අරන් යනවා. කොලුවට ඒ කෘතිම බුද්ධියක් තියෙන, තනියම ඉගනගන්න පුලුවන්, කොම්පියුටරේ ගැන හොද අවබෝධයක් තියෙනවා. ඒත් NORD එකේ අතිපණ්ඩිතයො කොල්ලා කියන දේ ගනන් ගන්නෙ නැතුව වැඩේ තවත් අනනවා.
මේ මහා විනාශයෙන් ලෝකෙ බේරගන්න පුලුවන් වෙයිද? කවුරු බේරගනියිද? කොහොමද? ඒක දැනගන්න නම් ඔයාලට ෆිලුම බලන්නම වෙනවා.
මේ ෆිලුම ආර්ථිකව අති සාර්ථක වෙලා තියෙනවා. ඇමරිකානු ඩොලර් මිලියන 12ක් වැය කරලා හදපු මේ ෆිලුම මාස පහකින් ඇමරිකාවෙ හා කැනඩාවෙ දර්ශනවාර වලින් විතරක් ඇමරිකානු ඩොලර් මිලියන 79ක් හොයලා තියෙනවා. ඇකඩමි සම්මාන 3කටත් නාම යෝජනා වෙලා තියෙනවා. එහෙනම් ඉතින් ෆිලුමෙ තරම තේරෙනවා ඇතිනෙ
පරිගණක ගැන ලියවෙන සගරාවක තිබ්බ විස්තර දැකලයි මම මේ ෆිලුම තෝරගත්තෙ.ඒකෙ හැටියටනම් මුලින්ම හැක් කියන සංකල්පය හදුන්වලා දුන්න ෆිලුම් වලින් එකක් තමා මේක. මේ ෆිලුම තිරගතවීමත් එක්ක හැකර්වරු විශාල පිරිසක් බිහිවෙලා. Backdoor hacking ගැන ගොඩදෙනෙක් මේ ෆිලුමෙන් අවබෝධයක් ලබාගෙන! පත්තරේ විස්තරේ හැටියට මේ ෆිලුම තිරගත කරපු අවුරුද්දෙම තරුණයෝ 6 දෙනෙක්ව පරිගණක 60 කට ඇතුළුවීමේ වරදට හිරේට දැම්මලු! එයලා න්‍යෂ්ටික අවි සම්බන්ධ පද්ධතියකුත් හැක් කලාලු. ෆිලුමෙ ඉන්න කොලුවා CLI තියෙන කාලෙත් හැක් කලානම් ඊට වඩා සෑහෙන්න දියුණු තාක්ෂණයක් තියෙන පරිගණකවල හිමිකාරයෝ වෙන අපි ඒවගෙන් මොනවද කරන්නෙ? ෆිලුම පරණ වුනත් හැකින් වලට ආසා අයට මේ ෆිලුම බලන්න මම ආරාධනා කරනවා.
“Thermonuclear War is a strange game.The only winning move is not to play.”

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
2,603 downloadsDownload War-Games-1983.zip54 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සෙව්මිණී බණ්ඩාරනායක (සහස්‍රා)” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-09-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සෙව්මිණී බණ්ඩාරනායක (සහස්‍රා)
Subtitles
20 comments
Udara Damith Dissanayaka
Udara Damith Dissanayaka
මන් එක //
Ayesh Sandun
tanq wewaaaaaaa
Nadeesha rox alahakoon
Tnx bro mewage ft filumak denna una mahansiyata. Meke hack karana widi ahema supiriyata thiyeida. Meka num aniwa balanawa. Baluwe nathnum wadakuth na oya wisthara ahuwahama
Kulanjana Maduranga
subata thanks sis.....
Sherlock holmes
Thanks sis......
gihan perera
ස්තුතියි නංගියේ පරන උනත් පට්ට ෆිලුමක් මහන්සි වෙලා උපසිරැසි දුන්නට....දිගටම උපසිරැසි දෙන්න කාලය ශක්තිය ලැබෙිවා!!!!දෙවි පිහිටයි...සියලු වැඩ කටයුතු වලට ජය වෙිවා......
Sahasra
මට ලිපියේ ලියන්න බැරි වුනා, මේ ෆිලුමට 7.1/10 IMDb අගයක් ලැබිලා තියෙනවා.
Tharaka
THANKS....................
TharakaWAS
Subata thanks nangi...
Jaya wewa...!!!naughty
සබ් එකට තෑන්ක්ස්........
thusith9186
thnks sub ekata,digatama karanna me wage api innawa oyalath ekka
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
බොබී
අපොයි, හදන හදන ලයින් 10 ක් ගානෙම ctrl + S ගහන්න. මමත් ඇති තරම් ඔය කරදරේ විඳලා තියෙනවා. ඔහොමවත් සබ් එක සම්පූර්ණ කලා මදැයි. දිගටම සබ් දෙන්න හැකිවේවායි පතනවා.
AyeshDushmantha
Thanks
suriyabattanayake
උපසිරසියට බොහොම ඉස්තුතියි
AsithaDilruwan
Ela saho thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sublove
bohomath ma sthuthi me film ekata sub genawata.
Anonymous
Me film ekakata sub dunnata thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

හොද වෛරස් ගාඩ් එකක් දාගන්ඩ
ස්තුතියි
මේකට