Watch Trailer

Wasabi (2001) with sinhala subtitles | මරු ! තාත්තයි & දුවයි [සිංහල උපසිරසි සමඟ]

මේක මගේ දෙවන සිංහල උපසිරැසිය! ඒ වගේම මගේ පළවෙනි උපසිරැසියට සුභ පතපු ඔක්කොටම මේ වෙලාවේ මම ස්තූති කරනවා. මේ ෆිල්ම් එකට උපසිරැසි යොදන්න මට ටිකක් අමාරු වුනා. මොකද මේක ප්‍රංශ චිත්‍රපටියක්. තව ජපන් භාෂාවත් මේකේ අතරින් අතර යනවා. මේකේ මම ඉංග්‍රීසි උපසිරැසිය අරගෙන තමයි කරේ. ඒ වුනත් සමහර වචන අවස්ථාවට අනූව යො…

Wasabi (2001)

මේක මගේ දෙවන සිංහල උපසිරැසිය! ඒ වගේම මගේ පළවෙනි උපසිරැසියට සුභ පතපු ඔක්කොටම මේ වෙලාවේ මම ස්තූති කරනවා. මේ ෆිල්ම් එකට උපසිරැසි යොදන්න මට ටිකක් අමාරු වුනා. මොකද මේක ප්‍රංශ චිත්‍රපටියක්. තව ජපන් භාෂාවත් මේකේ අතරින් අතර යනවා. මේකේ මම ඉංග්‍රීසි උපසිරැසිය අරගෙන තමයි කරේ. ඒ වුනත් සමහර වචන අවස්ථාවට අනූව යොදන්න මට අමාරු වුනා. ප්‍රංශ භාෂාවෙන් කතා කරන පුංචි වචනේ සිංහලට පරිවර්තනය කරනකොට තේරුම ගොඩක් දික් වෙනවා. ඉංග්‍රීසි සබ් එකෙත් තේරුම ගොඩක් දිගට තමයි යොදලා තිබුනේ. මේකට වචන කෙටි කරලා මට යොදන්න තිබුනා. ඒත් එහෙම කරේ නැත්තේ එතකොට ඔබේ රස වින්දනයට බාධා වෙන නිසා. හරි එහෙනම් මම ෆිල්ම් එක ගැන ටිකක් කියන්නම්.

මුලින්ම කියන්න ඕනේ ඔයාලට මේ Wasabi කියන වචනේ තේරුම. මං හිතන විදියට නම් මේක ජපානේ තියන මොකක් හරි සැර මිරිස් ජාතියක් නැත්තම් ලුණු මිරිසක් වගේ දෙයක්. ඔයාලට මේකේ තේරුම හරියටම හොයා ගන්න ඕනේ නම් Google Search කරලා බලන්න.

මේක නියම Action/ Comedy තියන ප්‍රංශ/ජපන් චිත්‍රපටියක්. ඒ වගේම මේක $ 10,366,360 Box Office ආදයම් වාර්තා තියපු චිත්‍රපටියක්. මේකේ ප්‍රධාන චරිතෙට රඟපාන්නේ සුපිරි ප්‍රංශ නළුවෙක් වන ජීන් රීනෝ. මෙයාගේ රඟපෑම/ හාස්‍ය නම් ඉතාමත් ඉහළයි. මේ කතාවේ මෙයා රඟපාන්නේ හර්බට් ෆියොරින්ටිනි කියන ප්‍රංශ පොලිස් නිලධාරියෙක් විදියට. දවසක් මෙයා ඔහොම වැඩ කර කර ඉන්නකොට මෙයාට ජපානෙන් කෝල් එකක් එනවා නීතිඥයෙකුගෙන්. ඒ කතා කරලා කියන්නේ මෙයාගේ බිරිඳ මීකෝ කොබයාශ්කි ජපානේ ටෝකියෝ වලදි පෙරේදා ජීවිතක්ෂයට පත් වුනා කියලා. ඉතින් මේක අහලා මෙයාට මාර අප්සට්. ඊට කලින් අවුරුදු කිහිපයකම ඉඳන් මෙයා දුකින් ඉඳලා තියෙන්නේ මෙයාගේ බිරිඳ මීකෝ මෙයාට මුකුත්ම නොකියා දාලා ගිය නිසා. අවුරුදු ගාණක් තනියම තමයි මෙයා ප්‍රංශේ පැරිස් වල ජීවත් වුනේ. අර නීතිඥයා තව මෙයාට කියනවා, එයාගේ මුළු බූදලයම ඔයාට ලියලා ඒක භාර ගන්න ජපානෙට එන්න කියලා. හැබැයි ඒ නීතිඥයා මෙයාට ඒ වෙලාවේ ඒක ලොකු දෙයක් කියන්නේ නෑ. හැබැයි මෙයා ජපානෙට ගිහාම නීතිඥයා මෙයාට ඒක කියනවා. ඊට පස්සේ තමයි නියම වැඩේ වෙන්නේ පොර හොඳටම බය වෙනවා. කතා කරගන්නත් බැරුව යනවා. තව ජපානෙට ගිය ගමන් මෙයාට හම්බ වෙනවා පරණ යාළුවෙක්ව. නම මෝමෝ. සුපිරිම ජෝක් කාරයෙක්. කරන්නෙම පිස්සු වැඩ. මේ දෙන්නා සෙට් වෙලා තමයි කතාව පුරාවටම Action/ Comedy  කරන්නේ. ක්‍රියාදාම වැඩ නම් කරන්නේ හර්බට්. කොමඩිත් පොඩ්ඩක් කරනවා. හැබැයි මෝමෝ තමයි පට්ට කොමඩි කාරය. ඉතින්. අර නීතිඥයා හර්බට් ට මොකක්ද ඒ කියන කරණාව ? ඇයි මෙයා බය වෙන්නේ ? මීකෝ කොහොමද මැරුනේ ?  මේවට උත්තර හොයා ගන්න නම් ඔයාලට මේක බලන්නම වෙනවා. මේක නියම ෆිල්ම් එකක් අනිවාර්යෙන්ම බලන්න.

1. මේ කතාවේ, හර්බට් ෆියොරින්ටිනි චරිතයට රඟපාන්නේ – ජීන් රීනෝ. (සුපිරි ප්‍රංශ නළුවෙක්)
2. යුමී ශොෂිමින්ඩෝ චරිතයට රඟපාන්නේ – රයොකෝ හිරෝසු (ජපන් නිළියක්)
3. මවුරිස් (නැත්තම් මෝමෝ) චරිතයට රඟපාන්නේ – මිශෙල් මුලර් (සුපිරි ප්‍රංශ කොමඩි නළුවෙක්)
මේ තුන්දෙනා තමයි මේ කතාවේ ප්‍රධාන චරිත වෙන්නේ.

මේ චිත්‍රපටිය නිෂ්පාදනය කරපු ආයතන තමයි, Europa Corp, Victor Company of Japan, Samitose Productions, TF1 Films, Canal+. මේ චිත්‍රපටිය Release වෙලා තියෙන්නෙ 2001 ඔක්තෝම්බර් 31 වෙනිදා. මේ චිත්‍රපටිය රූගත කරලා තියෙන්නෙ ප්‍රංශය සහ ජපානය යන රටවල. චිත්‍රපටියේ ධාවන කාලය, පැය 1 විනාඩි 35යි. මේ ෆිල්ම් එක Action, Drama, Comedy, Crime, Thriller යන මේ වර්ගයන් වලට අයත් වෙනවා. මේකේ IMDB අගය 6.6/10. Rotten Tomatoes සයිට් එකෙන් ලබා දී ඇති අගය 43%. OpenSubtitle.org සයිට් එකෙන් ලබා දී ඇති අගය 6.6/10. Metacritic සයිට් එකෙන් ලබා දී ඇති අගය 53%.

උපසිරසි අදාළ වන පිටපත්.

Wasabi (2001) 720p BrRip x264
Wasabi (2001) Bluray 1080p AVC DTS-HD MA 5 1
Wasabi 2001 720p BluRay DD5 1 x264-DON
Wasabi 720p 772MB Lokioddin (PimpRG)
Wasabi(2001).DVDRip.DivX-QiX
Wasabi.2001.720p.HDTVrip.DD5.1
Wasabi.2001.BluRay.1080p.AC3.2Audio.x264-CHD
Wasabi.2001.BluRay.1080p.AC3.2Audio.x264-CHDtoFHD
Wasabi.2001.BluRay.720p.AC3.2Audio.x264-CHD
Wasabi.2001.DVDRip.DivX

Wasabi (2001) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

948 downloadsDownload Wasabi.2001.Baiscopelk.com_.zip331 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/UDshehan1-e1480895738302.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “UD Shehan” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

UD Shehan

Subtitles

948 downloadsDownload Subtitles331 KB

16 comments

  1. අසිත

    elama saho thanks

  2. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි වෙනත් භාෂාවක මුවි එකකට සබ් කලාට
    මේ ජපන් මුවි දෙකටත් සබ් දෙනවද සහෝ
    Assassination Classroom 2015
    Assassination Classroom: Graduation 2016
    ජය වේවා!

  3. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි......

  4. Dulanga

    Thanks

  5. Udara Damith B/K

    හැම පිට පතකටම සබ් දීලානේ එල

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Ashan Lasantha

    nice done saho

  8. D.Chamara

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

  9. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  10. Jack

    නියමයි මචෝ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය…

  11. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. acmax

    thanx sahoooo

  13. ravindu

    tankx bro.............!

  14. Rukshan37

    Ela

  15. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි❣️ ජය✨️

  16. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි❣️ ජය✨️