සියලුම දෙනාට තෙරුවන් සරණයි, ජය වේවා! ඉතින් ඔයාල කලින් බලපු තවත් සුපිරි මූවි එකක් තෝර ගත්ත, පියර්ස් බ්‍රොස්නන් තමයි ප්‍රධාන චරිතය රඟ දක්වන්නෙ, මෙයා ගැන නොදන්න කෙනෙක් ඉන්න විදිහක් නෑ, ෆිල්ම් එක හැඩටම කරල තියෙනව, අනික ගිනි කඳු කේස් එකක් කියන්නෙ ඉතින් හැමෝම වගේ බලන්න ආසයිනෙ, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන…

සියලුම දෙනාට තෙරුවන් සරණයි, ජය වේවා! ඉතින් ඔයාල කලින් බලපු තවත් සුපිරි මූවි එකක් තෝර ගත්ත, පියර්ස් බ්‍රොස්නන් තමයි ප්‍රධාන චරිතය රඟ දක්වන්නෙ, මෙයා ගැන නොදන්න කෙනෙක් ඉන්න විදිහක් නෑ, ෆිල්ම් එක හැඩටම කරල තියෙනව, අනික ගිනි කඳු කේස් එකක් කියන්නෙ ඉතින් හැමෝම වගේ බලන්න ආසයිනෙ, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 1997 පෙබරවාරි 7වෙනිද, ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Roger Donaldson කියල කෙනෙක්, IMDB අගය 5.8ක් කියල තමයි කියන්නෙ!
ෆිල්ම් එක ගැන පුංචි විස්තරයක් කරන්නම් මේ විදිහට, පියර්ස් බ්‍රොස්නන් ට ෆිල්ම් එකේ හැටියට කියන්නෙ හැරී ඩෝල්ටන් කියල, එයා භූ විද්‍යාඥයෙක් විදිහට රාජකාරි කරනව, ඉතින් මෙයා මෙයාගෙ රැකියාව කරන අතරතුරේ මෙයාගෙ බොස් කියනව ඩේන්ටිස් පීක් නගරයේ තියෙන ගිනි කන්දක් පිළිබඳව පරීක්ෂණයක් කරන්න කියල, ඉතින් මෙයා යනව ඩේන්ටිස් පීක් නගරයට, ඒ අතරෙ එයාට උදව් කරනව ඩේන්ටිස් පීක් නගරයේ නගරාධිපතිනිය, එයාට ඉන්නව පුංචි ළමයි දෙන්නෙක්, හැරී ඩෝල්ටන් මේ තුන්දෙනාවත් අරගෙන යනව ගිනි කන්ද ගැන පරීක්ෂණයක් කරන්න, ඒත් ඉතින් මේ ගිනි කන්ද සක්‍රිය වීමක් පිළිබඳව කිසිම සාදකයක් හම්බ වෙන්නෙ නෑ, නමුත් හැරී ඩෝල්ටන් ට සැකයක් ඇති වෙනව මේ ගිනි කන්ද අනිවාරයෙන්ම පුංචි කාලයක් ඇතුළත සක්‍රිය වීමක් සිද්ධ වෙනව කියල, එයා ඉහළ නිලධාරින්ට ඒ ගැන දැනුම් දුන්නත්, එයාල ඒ ගැන විශ්වාස කරන්නෙ නෑ, හැරී ඩෝල්ටන් එක එල්ලේම කියනව මේ ගිනි කන්ද පුපුරන්න සූදානම් වෙලා තියෙන්නෙ කියල, කොහොම උනත් එයාගෙ ඉහළ නිලධාරින් ඒ ගැන විශ්වාස කරන්නෙ නෑ, කොහොම හරි ඉතින් ඔහොම ඉන්න අතරෙ කෙටි කාලයක් ඇතුළත ඩේන්ටිස් පීක් නගරයේ තියෙන ගිනි කන්ද සක්‍රිය වෙනව, 20,000 අධික ජනතාවක් ඩේන්ටිස් පීක් නගරයේ ජීවත් වෙනව, ඉතින් එයාලව බේර ගන්න ලොකු සටනක් මේ හැරී ඩෝල්ටන් ට කරන්න සිද්ධ වෙනව, සිද්ධිය කොහොම වෙන්නෙ කියල දැන ගන්න ෆිල්ම් එක බලලම ඉමුකො, මීට වඩා විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ, ඊට අමතරව සබ් එකේ අවුලක් තිබුනොත් සියලුම දෙනාගෙන් සමාව ඉල්ලන අතර සියලුම දෙනාට නිරෝගිකම ප්‍රාර්ථනා කරමි!!
Due to copyright issues, we do not provide any torrent links.
Dante’s.Peak.1997.720p.BrRip.x264.bitloks.YIFY
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
378 downloadsDownload Dantes.Peak_.1997new-Baiscopelk.com_.zip47 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/DinushaRukshan2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනූෂ රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනූෂ රුක්ෂාන්
Subtitles
18 comments
Udara Damith B/K
Udara Damith B/K
1
අසිත
sab downlod karaganna ba
Global
සබ් එක බාගන්න බෑනේ Bro ....
Amila Thiwanka
sub eka nane
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
අසිත
ela meka tv eke yanwa dakka.paata wage.saba nathi nisa baluwe na
bohoma pin
jaya wewa!!!mithun
සහෝ puluwan nm මෙන්න මෙ අඩුවත් සම්පුර්ණ කරන්න සහෝ Flight of the phoenix 2004 සුපිරිම ෆිල්ම් එකක් ඔකෙ අන්තිම හරියෙ දැනෙන මෙවුව එක බොහොම කලාතුරකින් රස විදින්න ලැබෙන්නෙ චිත්‍රපටයකින් පුලුවන් නම් එකත් දෙන්න බ්‍රො
mithun
Sab eka gatta sthuthi bro
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Ruwan Duminda Rathnayaka
එලම බ්‍රෝ.. මන් මේ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරලා බැලුවා සබ තියෙනවද කියලා. එතකොට තිබ්බේ නෑ. පට්ටම බ්‍රෝ..
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
ජය වේවා!
බුදු සරණයි!Chalana Rukshan
thnx bro...
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chamara jeewantha
උපසිරැසියට බොහෝම පින් !!!
dragonhero
thanks
Chan
Thank you
Advertisement

එල
මේක ටීවී එකේ බලලා තියෙනවා
ආයි බලන්ඩ හිටියේ
නම මතක නැthuwa