Oppam (2016) මලයාලම් චිත්‍රපටය දීලා වැඩි දවසක් යන්න කලින්, ඔන්න එහෙනම් තවත් අලුත්ම චිත්‍රපටයක් අරගෙන ආවා. චිත්‍රපටයේ ගුණාත්මක පිටපතක් ඇවිල්ලා නම් සුමාන දෙකක් තුනක් වගේ වෙනවා. ඒත් ඉතින් ගොඩක් වැඩ රාජකාරි බහුල සමයක් නිසා පොඩ්ඩක් විතර පරක්කු වුණා. ඇමරිකානු ඩොලර් 60,000 ක මුදලකින් නිෂ්පාදනය වුණත්, ඇමරි…

Oppam (2016) මලයාලම් චිත්‍රපටය දීලා වැඩි දවසක් යන්න කලින්, ඔන්න එහෙනම් තවත් අලුත්ම චිත්‍රපටයක් අරගෙන ආවා. චිත්‍රපටයේ ගුණාත්මක පිටපතක් ඇවිල්ලා නම් සුමාන දෙකක් තුනක් වගේ වෙනවා. ඒත් ඉතින් ගොඩක් වැඩ රාජකාරි බහුල සමයක් නිසා පොඩ්ඩක් විතර පරක්කු වුණා.
ඇමරිකානු ඩොලර් 60,000 ක මුදලකින් නිෂ්පාදනය වුණත්, ඇමරිකානු ඩොලර් මිලියන 248.6 ක අති දැවැන්ත බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තබන්න සමත්කම් දක්වපු, 1999 වර්ෂයේදී නිකුත් වුණු, The Blair Witch Project චිත්‍රපටය ඔයාලා බලලා තියෙනවද? මේ වතාවේ මං අරගෙන ආවේ, ඒ චිත්‍රපටයේ දෙවැනි කොටස. හරියටම කියනවා නම් පලවෙනි චිත්‍රපටයෙන් අවුරුදු 17 කට පස්සේ තමයි දෙවැනි චිත්‍රපටය නිකුත් වෙන්නෙ. කොහොම වුණත්, පලවෙනි චිත්‍රපටය නරඹලා නැහැ කියලා, දෙවැනි චිත්‍රපටය නරඹන්න කාටවත් බාධාවක් නැහැ. ඒ නිසා, ඕනෙම කෙනෙකුට මෙම චිත්‍රපටය තේරුම් ගැනීමේ අපහසුවකින් තොරව නරඹන්න පුළුවන්.
Horror, Thriller යන කාණ්ඩ නියෝජනය කරන්නාවූ මෙම චිත්‍රපටය මහජන ප්‍රදර්ශනය නිකුත් වෙන්නෙ, 2016 වර්ෂයේ සැප්තැම්බර් මස 16 වෙනි දින. ඒ ආකාරයෙන් සිය ගමන ආරම්භ කල මෙම සලරුව මේ වන විට, 18000 ඉක්මවූ ප්‍රේක්ෂක සංඛ්‍යාවකගේ මනාපයෙන් Imdb දර්ශකයේ 5.1 ක අගයකින් සමන්විත වනවා. එමෙන්ම, ඇමරිකානු ඩොලර් මිලියන 5 ක වියදමකින් නිෂ්පාදිත මෙම සලරුවේ බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාව ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 45.2 ක මුදලක් සනිටුහන් වෙනවා.
1999 නිෂ්පාදිත පළමු චිත්‍රපටයේ කතාවට පාදක වන්නෙ, අධ්‍යාපනික වාර්තාමය චිත්‍රපටයක් නිපදවීමට පාළු කැලෑවකට සංචාරයේ ගිය, හේදර් නම් තරුණිය සහ ඇයගේ පිරිවරෙහි අබිරහස් අතුරුදහන් වීමයි. කිසිවෙකුටත් කිසිඳු අන්දමකින් තේරුම් ගත නොහැකි ලෙස අතුරුදහන්වූ මෙම පිරිස සොයා බොහෝ පිරිසක් අතිශය පුළුල් අන්දමින් සෝදිසි මෙහෙයුම් දියත් කල මුත්, අදාළ පිරිසෙහි ගමන් මළු කිහිපයක් සොයාගන්නවා ඇරෙන්නට කිසිඳු සාක්ෂියක් හමුවෙන්නෙ නැහැ. මෙවැනි වූ වාතාවරණයක් මත තමයි දෙවැනි චිත්‍රපටය ආරම්භ වන්නෙ. කිසිවෙකුත් නොසිතූ ආකාරයට, 2014 වර්ෂයේදී එම කැලෑවේ සංචාරයේ නියතු පුද්ගලයෙකු හට, කාලයක් තිස්සේ වැළලී තිබූ, කැමරාවක සංරක්ෂිත දර්ශනයක් කිහිපයක් ලැබෙනවා. මෙම සිදුවීමත් සමගින්, වසර ගණනාවක් තිස්සේ අළු යට වැළලී තිබූ, ලොවෙන් වසන්වී තිබූ අභිරහසක අංශු මාත්‍රයක් බඳු වූ හෝඩුවාවක් හමුවනවා. මේ හෝඩුවාවන් ඔස්සේ, වසර 17 කට පෙර අදහාගත නොහැකි ලෙස අතුරුදහන්වූ සිය සොහොයුරිය සොයා, ඇයගේ සොහොයුරා එම අභිරහස් කැලෑවට පිටත්ව යනවා. ඔහුට අයත් වන්නේත්, ඔහුගේ සොහොයුරියට අත්වූ ඉරණමද….? ඉතිරි සියල්ල ප්‍රේක්ෂක ඔබ සැමට බාරයි.
එහෙනම්, කැමති අය අරගෙන බලන්න. පුළුවන් නම් පලවෙනි චිත්‍රපටයත් හොයාගෙන බලන්න. මොකද, ඇත්තම කියනවා නම් පලවෙනි චිත්‍රපටය, දෙවැනි චිත්‍රපටයට වඩා ගොඩක් හොඳයි. එහෙනම්, අදට අවසරයි. ඉක්මනටම තවත් චිත්‍රපටයකින් හමුවෙමු. හැමදෙනාටම ජයවේවා !!!
අනතුරු ඇඟවීමයි – චිත්‍රපටය තුල, ක්ෂණික තිගැස්සීම සහ බියජනක දර්ශනයන් අන්තර්ගත වන හෙයින්, හදවත් රෝගී තත්වයෙන් පෙලෙන්නන් සහ සුළු දෙයටත් අධික ලෙස බිය වන්නන්, රාත්‍රී කාලයේදී හෝ තනිවම චිත්‍රපටය බැලීමෙන් වලකින මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.(එමෙන්ම, චිත්‍රපටයේ භාවිතා වන ඇතැම් දෙබස්, වැඩිහිටියන්ට පමණක් යෝග්‍ය බව කාරුණිකව සලකන්න.)
Due to copyright issues, we do not provide any torrent links.
Blair.Witch.2016.720p.BluRay.x264-YIFY
ලබා දී ඇති උපසිරසි සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
2,321 downloadsDownload Blair.Witch_.2016.Baiscopelk.com_.zip42 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/SisilaPrasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිසිල ප්‍රසාද්
Subtitles
31 comments
mahesh
කවින්ද බුද්ධික
ස්තූතියි සහෝ.. ජය වේවා..
අසිත
paata a thanks
kasun
Sub 1ta jaya wewa
mithun
බොහොම ස්තුතියි සහෝ මෙකත් ලිස්ට් එකෙ තියම් උන්නෙ සබ් වැටෙනකල් මෙක සුපිරිම හොර් මුවී එකක් වගෙ බොහොම ස්තුතියි
ලිපිය නම් great බ්‍රො ෆිල්ම් එක දැම්ම අරගන්න ඔනෙKantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......kasun Harshana
ගොඩක් අය ඩවුන්ලෝඩ් කලාට කමෙන්ට් දාල තියෙනව නම් ගොඩක් අඩුයි. එහෙම කරන්න එපා යාලුවනේ. උපසිරැසි කරුවන් දිරිමත් වෙන්නෙ අපෙන් කමෙන්ට්ස් වැඩියෙන් ලැබෙන තරමටයි. උපසිරැසි හදන එකේ තියෙන කට්ට දන්නෙ තවත් උපසිරැසි නිර්මාණකරුවෙක්ම පමණයි. ඔයාගෙ සබ් එක නියමයි. මේ වගේ සුපිරි ෆිල්ම් තමා අපි හොයන්නෙ. බ්‍රෝ පුලුවන් නම් Cannible Holocaust කියන ෆිල්ම් එකටත් සබ් දෙනවද plz... ඒකෙ වැඩිය ලයින් ගානකුත් නෑ. English sub එක තියෙනව. Maxxa ෆිල්ම් එකක් පරණ වුනාට.
udayanga
fillm eka Dawnload karanne kohomada
devinda
balannama hitapu film ekak bro.ty...Gdk Pin.....
අසංක ප්‍රදීප් රණතුංග
ස්තුතියි
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
ජය වේවා!
බුදු සරණයි!කවිදු පෙරේර.
ගොඩක් ස්තූතියි මචන්.
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ඉෂාන් මදුෂ
බොහෝම ස්තුතියි සහෝ
Web-බුවා
පට්ට පට්ට ලොක්කා. බොහොම ස්තූතියි හොඳේ. ;)
ජය! :)
Rajitha
Thanks machan.....jayawewa.....!
Iresh Laksahan
ela bro
Sajith Anthony
මේක දානකල් හිටියෙ, මේව රෑටම තමා බලන්න ඕනෙ :P
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Jack
නියමයි මචෝ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය…Mihiranga
Khmada machanla dan download karaganna hati kiyapallako 4n eken mula idan
Mihiranga
Reply karahallako
Amila Mudalige
Thanks saho sub ekta
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Suranga
Mokada dan tirrent dennatte, kohomada api filn eka download karagannne,
ashan lankanath
thanks ...................
Nishan
Thanx bro
kosala
ela bro thanx
chinthaka
ela thank u bro...
Pramod
Thanks saho sub ekata
Jaya weva.Shaggy
බොහොම ස්තූතියි
tharuka
thanks for sub
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

film eka aran hitiye sub eka denakam
bohoma sthuthi...
jaya wewa!!!