Watch Trailer

Deliver Us from Evil (2020) Sinhala Subtitles | දියණිය සොයා… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් 2020 කොරියානු සිනමාලෝලීන් එනකම් බලාගෙන හිටිය චිත්‍රපටයකට උපසිරැසි ගෙනාවා…කොවිඩ්-19 වසංගතය මැද්දෙ Box Office වාර්තා අතර ඉහලින් ඉන්න මෙයට හැකිවුනා..Hong Won-Chan විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටය තිරගත කිරීම් ආරම්භ වුනේ පසුගිය අගෝස්තු 5 වෙනිදා..Action | Crime කාණ්ඩය යටතේ විනාඩි 108ක් පු…

ඔන්න එහෙනම් 2020 කොරියානු සිනමාලෝලීන් එනකම් බලාගෙන හිටිය චිත්‍රපටයකට උපසිරැසි ගෙනාවා…කොවිඩ්-19 වසංගතය මැද්දෙ Box Office වාර්තා අතර ඉහලින් ඉන්න මෙයට හැකිවුනා..Hong Won-Chan විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටය තිරගත කිරීම් ආරම්භ වුනේ පසුගිය අගෝස්තු 5 වෙනිදා..Action | Crime කාණ්ඩය යටතේ විනාඩි 108ක් පුරාවට දිවෙන මෙය IMDb 6.7ක අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා..මෙහි ප්‍රධාන චරිත වලට පන පොවන්නේ Along with the Gods සහ Svaha: The Sixth Finger චිත්‍රපටවල රංගනයෙන් දායක වුනු Lee Jung-jae සහ The Battleship Island සහ The Spy Gone North චිත්‍රපටවලට රංගනයෙන් දායක වුනු Hwang Jung-min විසින්..මෙයාලගෙ රංගන හැකියාව ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ..චිත්‍රපටයේ මොකද වෙන්නෙ කියලා පොඩ්ඩක් කියන්නම්..

ඉන් නාම් කියන්නෙ කුලී ඝාතකයෙක්..මෙයා විශ්‍රාම යන්න කලින් ලොකු අපරාධකාරයෙක්ව මරනවා.ඉතින් මේ අපරාධකාරයගෙ රේ කියන සහෝදරයා තමන්ගෙ සහෝදරයව මරපු අයව හොයාගෙන එනවා..මේ වෙලාවෙ ඉන් නාම්ගෙ හිටපු පෙම්වතියව මරලා කියලා ඔහුට දැනගන්න ලැබෙනවා..ඇය මැරෙන්න කලින් ඇගේ දුවව කප්පම් ගන්න පැහැරගෙන යනවා..ඉතින් ඉන් නාම් තමන් කවදාවත් නොදැකපු දුවව හොයාගන්න තායිලන්තයට යනවා.එහෙදි ඔහු දැනගන්නවා ඇයව අවයව අරගන්න විකුණලා කියලා.මේ වෙලාවෙ රේත් තමන්ගෙ සහෝදරයව මරපු මිනීමරුවව හොයාගෙන තායිලන්තයට එනවා.මෙතනින් පස්සෙ මොකද වෙන්නෙ කියලා බලන්න ඔබට බාර කරලා මේකට උපසිරැසි කරන්න වෙන් කරලා දුන්න සිසිල සහෝටත් ස්තූති කරමින් මං සමුගන්නවා.

මේකට තාම හරියටම ගැලපෙන ඉංග්‍රීසි උපසිරැසියක් නෑ.google translate එකක් තමයි තියෙන්නේ.ඉතින් පොඩි පොඩි වැරදි තියෙන්න පුළුවන්..ඒ වගේම කාලරාමුවලත් පොඩි වෙනසක් තිබිලා sync කරලා හැදුවා..

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.

6,595 downloadsDownload Deliver-Us-from-Evil-2020.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

LaHIRU

Subtitles

6,595 downloadsDownload Subtitles31 KB

21 comments

  1. Supuna

    Thanks sub ekata English sub awama yathakalina karanna Cat and Dog 2020 movie ekata sub Denali

  2. Amith Priyankara

    korean film wala sub godak aduwen enne....... wena site wala aluthen upload kalama tika dawasakin hari edama hari e film ekama mekatath enawa.... aluth film oniii...

  3. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  4. Ishan Madusha

    බොහොම ස්තූතියි.සහෝ පුළුවන්නම් මේවටත් සබ් දෙන්න...
    Thirst (2009), The Front Line (2011), A Special Lady (2017)

  5. indika75

    thanks..

  6. Hashan

    බොහොම ස්තුතියි බ්‍රෝ

  7. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    Believer (2018)
    Keys to the heart (2018)
    Dark figure of crime (2018)

    Mey korean movies walatath sub dennako

  8. Anonymous

    Thanks bro

  9. Kavi_madushan

    Bohoma sthuthi sub ekata,puluwnnm marvel rising heart of iron animation movie ektth sub dennko,jayawewa,budusarnai

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. lakshan

    thanks ...................

  12. Anonymous

    ෆිල්ම් එක නම් කියන්න වචන නැහැ. තත්පරෙන් තත්පරේ කුතුහලය ත්‍රාසය නොඅඩුව වශයෙන් පිරිච්ච චිත්‍රපටයක්. තෑන්ක්ස් සහෝදරයා සබ් එකට.

  13. isuru srinath sjs

    ස්තුතියි සිංහල උපසිරැසියට..
    ජය!!

  14. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  15. Udaya Fdo

    Thank you

  16. sisira

    thanks .puluwannam fukushima 50 film ekata sub laba denna

  17. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  18. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  19. Dewadithya

    Thanks for sub!

  20. Malith Samarawickrama

    Thanks sub ekata

  21. Krishani

    Thank you ️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.