ජේසුතුමනි, ඔබ වහන්සේ අප කරා සානුකම්පිත නෙත් හෙලනු මැන. අපගේ වැරදි නසා අපව පාරිශුද්ධ කල මැනව. ඔබ වහන්සේගේ කාරුණික දෙනෙතින් වරක් අප දෙස බලන්න. අපේ සියලු දුක් කම්කටොළු නිමවී සෞභාග්‍යය උදාවේවි. We Are What We Are කියන මෙම චිත්‍රපටය ආගමික බවක් උසුලන මිනී මස් කන මනුෂ්‍ය ගෝත්‍රයක එක් පවුලක් වටා ගෙතුණු කථා…

ජේසුතුමනි, ඔබ වහන්සේ අප කරා සානුකම්පිත නෙත් හෙලනු මැන. අපගේ වැරදි නසා අපව පාරිශුද්ධ කල මැනව. ඔබ වහන්සේගේ කාරුණික දෙනෙතින් වරක් අප දෙස බලන්න. අපේ සියලු දුක් කම්කටොළු නිමවී සෞභාග්‍යය උදාවේවි.
We Are What We Are කියන මෙම චිත්‍රපටය ආගමික බවක් උසුලන මිනී මස් කන මනුෂ්‍ය ගෝත්‍රයක එක් පවුලක් වටා ගෙතුණු කථාවක් රැගත් චිත්‍රපටයක්. ෆරෑන්ක් පාකර් කියන්නේ පවුලේ පියා. ඇගේ බිරිද තමා ඇලිස් පාකර් කියන්නේ. ඇය කථාව ආරම්භයේදීම මිය යනවා. මෙම පවුලේ දරුවන් තිදෙනෙක් ඉන්නවා ඔවුන් පිළිවෙලින් අයිරිස්, රෝස් සහ රෝරි. මොවුන්ගේ එක් සැගවුනු සම්ප්‍රදායක් තියෙනවා. ඒ තමා මිනීමස් ආහාරයට ගැනීම. වසර ගාණක් පුරා සමාජයට හොර රහසේ ඔවුන් මිනී මස් කමින් කාලය ගත කරන්නේ. මේ පවුලේ අසල්වාසී කාන්තාව මාර්ජ්, මේ ෆ්රූන්ක් මහත්මයාට සමීප වෙන්න උත්සහ දැරුවත් ඇයටත් අන්තිමේදි ඛේදජනක ඉරණමකට ගොදුරු වෙන්න වෙනවා. දිනකදි ගැහැණු ලමයෙක් අතුරුදන් වීමේ පුවතත් එක්ක මේ මනුෂ්‍ය ඝාතන අභිරහස ටික ටික එළිවෙන්න පටන්ගන්නවා. දොස්තර බරෝව් මේ කරුණ හෙලි කරගන්න පොලීසියේ උපකාර පැතුවත් උපකාරයක් නැතිව විමර්ශනය කරගෙන යන්න සිද්ධ වෙනවා. මේ අතර මිනිසුන් ඝාතනය කිරීමට මව මියගිය බැවින් පියා සම්ප්‍රාදය ලෙස ලොකු දුව වන අයිරිස් ට පවරනවා. පුංචිම දරුවා රෝරි කියන පිරිමි ලමයා වයසින් කුඩා නිසා මේ පිලිබද වැටහීමක් තිබුනෙ නැහැ. අයිරිස් තම බාල සහෝදරිය වන රෝස් ගේ උපකාරයෙන් ගැහැණියක්ව මරා ආහාර පිලියෙල කරනවා. මේ වෙද්දි අයිරිස්, පොලිස් උප ප්‍රධානී ඇන්ඩ්‍රියස් හා පෙමිනුත් බැදිල හිටියෙ. අවාසනාවකට ඇයට තම පියා නිසා ඔහුවත් අහිමි වෙනවා. දරුවන් මේ මනුෂ්‍ය ඝාතනය හා මිනී මස් අනුභවය ට කැමති නැති උණත් පියාගේ බලපෑමෙන් කරන්න සිද්ධ වෙන නිසා මුවින් නොබැණ ඔහු කී දේ කලා. ඒත් දවසක මේ සියල්ල වෙනස් උණා. ඒ කොහොමද කියල බලන්න පුළුවනි චිත්‍රපටය බැලුවම.
මම කියන්නම ඕන මේ චිත්‍රපටය උපසිරැසි ගැන්වුවේ ගොඩක් ගැටළු මැද, ඒ වගේම වැරදි අඩුපාඩු තියෙන්න පුළුවනි. නමුත් මම මේකෙ තිබුණු සංකීර්ණ කොටස් සරල කරපු නිසා පුංචි වෙනස්කම් තියෙන්න පුළුවනි. නමුත් කලින් වගේම කියන්න ඕනි අර්ථයට තදබල හානියක් නැහැ කියල. මම කතෝලික භක්තිකයෙක් නම් නෙවේ. නමුත් මේ චිත්‍රපටයේ තියෙන ඇතැම් කිතුණු වැකි මගේ දැනුමේ හැටියටයි පරිවර්තනය කලේ. වැරද්දක් වෙලා නම් සමාවෙන්න ඕන ඒ ගැන. එහෙනං තවත් චිත්‍රපටියක් රැගෙන ඔබ හමුවට එනතුරු සියල්ලන්ටම සුභ දවසක්!!!
Due to copyright issues, we do not provide any torrent links.
We.Are.What.We.Are.2013.720p.BluRay.x264.YIFY
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
661 downloadsDownload We.Are_.What_.We_.Are_.2013.Baiscopelk.com_.rar24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/DeepthaT.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දීප්ත තුෂාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දීප්ත තුෂාර
Subtitles
13 comments
Gathsara Umesh Kumara
Asanka Gayan RZ
tnx
අසිත
elama saho thanks
Kulanjana Maduranga
niayamai…thanks THUSHARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
මලින්ද
ටිකක් වෙනස් කථාවක් වගේ...
එකම වර්ගයේ *ිල්ම් නැතුව මේ වගේ ඒවා බලන්න තියෙන එක ගොඩක් වටිනවා...
අපිට ඒ අවස්ථාව ලැබෙන්නේ ඔයා වගේම අනිත් උපසිරැසි හදන යාළුවෝ ටික නිසා
ඉතින් බොහොමත්ම ස්තුතියි කියන ගමන් මමත් බානවා ඔන්නM A Y S Perera
thada thada bachi jathi film 1 :D
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! හොල්මන් ෆිල්ම් බලන්න මම කොහොමත් ආසයි. ඔන්න බාන්න දැම්මා.
ජය වේවා!
බුදු සරණයි!Obama_SL
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම් වේවා...!!රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharuth Chiranthana
නියමයි සහෝ, බොහොම ස්තූතියි සබ් එකට. හොඳ චිත්‍රපටයක් වගේ.
mithun
Thank bro onna mata ahuna balana taip eka movie ekak sthuthi upasirasi nisa
madu
Thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

හ්ම්ම්..ටික්ක ආස හිතෙන ෆිලුමක් ව.ගේ.බොහෝම ස්තූතියි සබ් එක දාල ගෙනවාට..තවත් මේ වගේම ෆිලුම් වලට සබ් දෙන්න හැකියව ලැබෙන්න කියල පතන්වා...ඉක්මනින් ඊලග උපසිරැසියෙන් හමුවෙමු...