Watch Trailer

We were Soldiers (2002) | දින්නත් පරදින පැරදුනත් පරදින එකම දෙය – යුද්ධය [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් අපේ බයිස්කෝප් සෙට් එකට? 🙂 වර්ල්ඩ් කප් එක පටන් ගන්න කළින් මගේ දෙවෙනි උපසිරැසිය දෙන්න කියලා හිතාගෙන හිටියේ. කොහොමහරි වර්ල්ඩ් කප් එක පටන් ගන්න කළින් හෙන කට්ටක් කාලා වැඩේ ඉවර කළා. කට්ට කියන්නේ sub එක කර කර ඉන්නකොට එකපාරටම ලයිට් ගියා. කරුමෙට UPS එක වැඩ කරන්නෙත් නෑ. කොහොමහරි ආපහු ලයින් 250ක්…

We Were Soldiers 2002

කොහොමද ඉතින් අපේ බයිස්කෝප් සෙට් එකට? 🙂 වර්ල්ඩ් කප් එක පටන් ගන්න  කළින් මගේ දෙවෙනි උපසිරැසිය දෙන්න කියලා හිතාගෙන හිටියේ. කොහොමහරි  වර්ල්ඩ් කප් එක පටන් ගන්න කළින් හෙන කට්ටක් කාලා වැඩේ ඉවර කළා. කට්ට  කියන්නේ sub එක කර කර ඉන්නකොට එකපාරටම ලයිට් ගියා. කරුමෙට UPS එක වැඩ කරන්නෙත් නෑ. කොහොමහරි ආපහු ලයින් 250ක් විතර ලියන්න උනා.  🙁  කොහොම වුනත් මම මගේ දෙවැනි උපසිරැසිය විදියට ගෙනාවේ තවත් සුපිරිම ලස්සන ෆිල්ම් එකක්.

ඒ  We Were Soldiers(2002). මේකට 7.1 වැනි ඉහළ  IMDb අගයක්  ලැබිලා තිබෙනවා. බය නැතුව බාගෙන බලන්න. රට වෙනුවෙන් සේවය කරන රණවිරුවන්  ගැන සැබෑම තත්වය අපිට මේ බයිස්කෝප් එක බැලූ විට යම් හෝ අදහසක් ගන්නට හැකි වේවි. මේ ෆිල්ම් එක ගැන සුපිරිම විස්තරයක් අපේ රොයිලි අයියා පහළ දීලා තියෙනවා. මට කියන්න දෙයක් ඇත්තෙම නෑ. මගේ කළින් පොස්ටුවට අදහස් දක්වපු හැමෝටම ස්තුතියි. මේකටත් අදහසක් දාගෙනම යන්න.ඒ වගේම අපේ වීරෝධාර රණවිරුවන්ටත් ස්තුති කරන ගමන් මීළඟ උපසිරසියෙන් හමුවෙනකම් මම සමු ගන්නවා.  

කලින් පල කල ලිපිය.

යුද්ධයට මුල් කාරණාවට හේතුව කාගේ වැරද්දක් වුවත්, යුද්ධයෙන් කවුරු දින්නත්, කවුරු පැරදුනත් දෙපැත්තෙම සෙබලුන් මියයනවා. ඔවුන්ගේ පවුල් වලට මොන දේ ලැබුනත් තම ආදරණීයාව සදහටම අහිමියි. සමහර විටෙක යුද්ධය අවසන් වූ විට ඔවුන් කළ කැපවීම හේතුවෙන් සදාකාලයටම අබ්බගාත වෙන සෙබලුන්ව ටික කලකින් ජනතාවට අමතකයි. ඒහෙත් ඔවුන් එම අඩුව සමඟ ජීවිත කාලයම මානසිකව ඇදවැටෙමින් ගෙවිය යුතුයි. මිට අවුරුද්දකට කලින් සෙබලෙක් කෙරෙහි තිබ්බ ආකල්පය ගැන අද අපට හිතන්න පෙළඹවන මේ චිත්‍රපටිය ඇත්තටම අගනා නිර්මාණයක්.

මම අද අරගෙන ආපු චිත්‍රපටිය මට හම්බවුනේ මගෙ කැමතිම නළුවෙක් වුනු මෙල් ගිබ්සන් ගේ චිත්‍රපට හොයන කොට. මේ චිත්‍රපටියට පාදක වුණේ වියට්නාම් යුද්ධය නම් ඇමරිකාව අනාගෙන කාපු යුද්ධයෙ පළවෙනි විශාල පහර දීම වෙච්ච Battle of Ia Drang මූලික කරගෙන. ඒ වගේම මෙයට පාදක වුණු නවකතාව වන We Were Soldiers Once… And Young ලියා තිබෙන්නේත් එම යුද්ධයේ සක්‍රීයව භූමියේ සිටි Lieutenant General (Ret.) Hal Moore සහ වාර්තාකාර Joseph L. Galloway, විසින්. ඇමරිකාව එම යුද්ධයට දායක් වීමට අවුරුදු 11කට කලින් 1954 වියෙට්නාමයේ දී ප්‍රංශ හමුදාඛණ්ඩයක් සමූලඝාතනය වූ සිදුවීම අධ්‍යනය කරමින් සම ගත්කතුවර හල් මූර් විසින් තම හමුදාඛණ්ඩය කටුක යුද්ධයට පුහුණු කරවනවා. ඉන්පසු මරණයේ නිම්නය නම් ලත් භූමිය වෙත 1965 නොවැම්බර් 14 ගොඩ බසින ඔහු තම යුද්ධය පටන් ගන්නවා.

යුද්ධයේ ඇති භයානක කම හා ඔවුන්ගේ පවුල්වය අය මව් රටට වී දහස් වරක් මැරි මැරී ඉපදීම, බොහොම සංවේදී ලෙස නිමවා ඇති මෙම චිත්‍රපටය හැමෝටම බාගෙන බලන්න කියලා මම ආරාධනය කරනවා.

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය රොයිලි ප්‍රනාන්දු සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Eagle Eye (2008) on IMDb

 

 

5,691 downloadsDownload We-Were-Soldiers-2002-baiscopelk.zip83 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුපුන් රසංජන පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය. 

Subtitles by

සුපුන් රසංජන

Subtitles

5,691 downloadsDownload Subtitles83 KB

67 comments

  1. පිටස්තරයා

    නියම චිත්‍රපටියක්... 100% නිර්දේශ කරන්න පුලුවන්.

    1. රොයිලි

      @පිටස්තරයා,

      ස්තූතියි සහෝ කමෙන්ට් එකට. :)

    2. kasun

      ela

  2. රවා

    නියම චිත්‍රපටයක්... මෙල් ගිබ්සන් ගෙ අපුරු නිර්මාණයක්.. රොයිලි අයියා ට ස්තුති අනිත් අය අතරත් මෙවා බෙදාගන්නවට...

    1. රොයිලි

      @රවා,

      ස්තූතීයි මචෝ කමෙන්ට් එකට. සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් එකට :)

  3. Akiyoshi

    i like very much..war films very interesting

    1. රොයිලි

      @Akiyoshi,

      ස්තූතියි සහෝ කමෙන්ට් එකට බලලත් ලියන්න :)

  4. Rotiya

    මේ දවස් වල ජOජාලේ අව්ල් නේ අප්ප..හුගක් බාන්ඩ ලිස්ට් එකේ තියේයි..
    තෑන්ක්ස් රොයිලිය :D

    1. රොයිලි

      @Rotiya,

      තව දවස් කීයක් යනවලුද මචෝ ඔය අවුල ලිහෙන්න?

  5. අම්ර

    THANKS......

    1. රොයිලි

      @අමර,

      ඔබතුමාටත් ස්තූති වෙනවා කමෙන්ට් එකට :)

  6. Buratheno

    ස්තූතියි.. film එක බලලා තියෙනවා. ඒත් ඉතිං ආයෙමත් බානවා.. :)

  7. Naya

    ස්තූතියි..

  8. Ran Banda

    තෑන්ක්ස් මචං. යුද්ද කතා හොඳයි

  9. buddhika

    මාගේ ප්‍රනාමය

  10. prami

    යුද්ධ එකක් හොය හොය හිටියේ.තැන්කු සහෝ.........

  11. ashan kandy

    ba ba wage hitila onna damma.. onna ohe balanawa.. balannat godak thiynwa.. :)

  12. පසිඳු

    balamu balamu...

  13. nilanthaheath

    ela ela. thanks royli

  14. අමල් පසාද්

    මචංස්ලා... 3ඩී බයිස්ෙකා්ප් ටිකක් ෙදන්න පුලුවන්නමි ෙගාඩ. මම පුද්ගලිකව අාස ඒවට.. නමුත් බයිස්ෙකා්ප් ඒෙකන් ෙමානව දුන්නත් අනිවා බානවා.. හැෙමා්ටම ජය ෙවිවා!!!!!

  15. Uraj Deemantha

    අපේ රටට නම් තවත් යුද්ධ එපා.... :( ෆිල්ම් එකක් නිසා බලමු ....!!

  16. suranga rasika

    සිරාවට යුද්දෙට ආස නෑති උනාට මේ චිත්‍රපටියට ආසයි,බොක්කට වදින කතාවක්,ඔක බලන්නම ඔන..... :D

  17. චමිදේවා

    ඔන්න අද තමා මේක බාන්න දැම්මේ...පහුගිය දවස් ටිකේම අරහේ මෙහේ දිව්ව නිසා ෆිල්ම් එකක්වත් බලන්න උනේ නෑ....

  18. prami

    අදයි බලන්න පුලුවන් වුනේ.මරැ film එක බාලපු නැති කස්ටිය තව පරක්කු වේන් එපා.තැන්කු රොයිලි ‍සහෝ..........

  19. sandasiri

    Maxxa film ekak... elama paharak

  20. AL1717

    Supiri Movie Ekak Thamai.
    Mama Meka Mitha Kalekata Kalin ID Card Eka Thiyala VCD Ekak Gennella Beluwa. :) :D :D

    Den DL Kara Genama Balanawa.

    Thanks Machan Mathak Karala Dunnata

  21. sanzilla

    please reseed machan.

  22. sam 007

    maxxa Film 1k habi ofice 1k lokka ka ghanwa net 1k slow wela kiyala , Moko karanne , kamk na onna ahe banawa . Thanks

  23. gessy

    elatama athi wage...thanks bro

  24. kapila

    we were soldiers film ekey sinhala subtitle naththe eyi mr roily?

  25. yasitha

    meka sinhala sub eka nehane machoooooooooo..................mkada eeeee

  26. ආසිරි

    ජය වේව සහෝ..
    සබට ස්තූතියි..

  27. Nira

    pattai saho

  28. Jack

    නියමයි මචෝ.
    මේක මම බලපු හොදම ෆිල්ම් එකක් ස්තුතියි සබ් එකට.
    ජය.

  29. නලින් පෙරේරා

    ස්තුතියි සුපුන් සහෝ!

    ජය වේවා!

  30. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  31. janaka kalu

    thankssss

  32. Thanu

    Thanku saho sub 1ta

  33. wajira

    patta thanks hode....

  34. පැතුම් අරෝෂණ වනිගසේකර

    කලින් බලල තියෙනව ආපහු බලන්න ආස හිතුනා ^_^

    ස්තූතියි මචන්න් :)

  35. අසිත

    එල වැඩක්.මාර කට්ටක් නේ කාල තියෙන්නේ.ගොඩක් පින්.

  36. Tharindu

    Elz...thank you very much saho....supiri filumakne dila thiyenne...:)

  37. Kulanjana Maduranga

    niayamai…thanks SUPUN saho..sub ekata..digatama sub demu.jaya wewa......

  38. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  39. indika

    ස්තුතියි :)

  40. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    මම බලලා තියෙන නියම යුද චිත්‍රපටයක්.
    ජය වේවා. !

  41. ashan

    tnx bro

  42. nushan

    patttama ekak.FURY movie ekata passe lebunu hodama eka.me wage ewa hemadamath denna...

  43. Kasun

    thanx saho..

  44. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  45. රොයිලි

    බොහොම ස්තූතියි සුපුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  46. අනිල්

    වෝ ෆිල්ම් බලන අය මේක නොබැලුවොත් වැඩක් නෑ ..... ආයේ බලනවා සබ් එක්ක ... සබට ස්තුතියි ...

  47. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය...........

  48. Udaya Deshan

    patta pata pata... thankzzz macho....

  49. Lahiru Wijesinghe

    උපසිරැසි ලබා දුන්නට ගොඩක් ස්තූතියි. ඔබට ජය පතමි.

  50. Hasitha

    Thanks... wewa

Load more comments