ආයුබෝවන් හැමදෙනාටම. අද මං උපසිරැසි ගේන්නෙ ටිකක් පරණ කොරියානු චිත්‍රපටයකට. කොරියානු යුද්ධය අලලා නිර්මාණය වුන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Fabricated City (2017) අධ්‍යක්ෂණය කරපු Kwang Hyun Park. Comedy | Drama | War වර්ගීකරණයන්ට අයිති මේ චිත්‍රපටයට IMDb දර්ශකයේ 7.7 ක අගයක් ලැබිලා තියෙනවා. 20…

ආයුබෝවන් හැමදෙනාටම. අද මං උපසිරැසි ගේන්නෙ ටිකක් පරණ කොරියානු චිත්‍රපටයකට. කොරියානු යුද්ධය අලලා නිර්මාණය වුන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Fabricated City (2017) අධ්‍යක්ෂණය කරපු Kwang Hyun Park. Comedy | Drama | War වර්ගීකරණයන්ට අයිති මේ චිත්‍රපටයට IMDb දර්ශකයේ 7.7 ක අගයක් ලැබිලා තියෙනවා. 2005 අගෝස්තු 04 වෙනිදා තිරගත කිරීම් ආරම්භ කරපු මේ චිත්‍රපටය පැය 02 මිනිත්තු 13 ක ධාවන කාලයක් තියෙනවා. මෙහි ප්‍රධාන චරිතවලට Lee Su-Hwa, Shin Ha-kyun, Kang Hye-jeong යන නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා.
පොඩි හැඳින්වීමක් කරන්නම්කෝ. සටනින් පැරදිලා පලායන උතුරු කොරියානු සෙබළු තුන්දෙනෙක්ට පිස්සු කෙල්ලෙක්ව හම්බෙනවා. මේ කෙල්ලගෙ පස්සෙන් යන මේ තුන්දෙනාට කන්දක් උඩ තියෙන ගමක් හම්බෙනවා.. හැබැයි මේ තුන්දෙනාට කලින් දකුණු කොරියානු සෙබළු දෙන්නෙකුත් මේ ගමට ඇවිල්ලා තියෙනවා. දෙගොල්ලො වෙඩි තියාගන්න හදනකොට ගෙයක් ඇතුලෙ ඉඳන් ඇමරිකන්කාරයෙකුත් එලියට එනවා. කොහොමහරි පහුවදා වෙනකම් දෙගොල්ලො කටවල්වලින් ගහගන්නවා. මේ ගම කොච්චර දුෂ්කර පලාතක තියෙනවද කියලා කියනවනම් ගමේ මිනිස්සු තුවක්කුවක් දැකලා තියා තුවක්කුව කියන වචනෙවත් අහලා නෑ. රටේ යුද්ධයක් වෙනවා කියලවත් දන්නෙ නෑ. ඔය වෙලාවෙදි එක සෙබලෙක්ගෙ අතින් අත්බෝම්බයක් ගමේ අයගෙ ආහාර ගබඩාවට වැටිලා සේරම විනාශ වෙනවා. දෙගොල්ලන්ටම වෙච්ච වැඩේ ගැන හරි අවුල්. තමන්ගෙ තරහා මරහ අමතක කරල මෙයාලා තීරණය කරනවා ආහාර ගබඩාව පිරෙනකම් ගමේ අයට උදව් කරන්න.
ගමේ හිටිය ඇමරිකානු ජාතිකයා ගුවන් හමුදාවෙ නියමුවෙක්. ඔහුගෙ යානය කඩා වැටුනු ප්‍රදේශයේදි තවත් ගුවන් යානා අතුරුදහන් වෙලා තියෙනවා. ඉතින් ඇමරිකානු හමුදාව තීරණය කරනවා ඒ ප්‍රදේශයේ උතුරු කොරියාවෙ ගුවන් යානා නාශක අවි තියෙන හමුදා කඳවුරක් ඇති කියලා. මේ ගැන හොයන්න හමුදා කණ්ඩායමක් මේ ගමට එවනවා. මේ කණ්ඩායම දොන්ග්මක්ගොල් ගම සතුරු හමුදා කඳවුරක් කියලා හිතලා මූලස්ථානයට දන්වනවා. මේ හමුදා කණ්ඩායම ගමේ අයට හිරිහැර කරනකොට මුලින් ආව සොල්දාදුවො ගමේ අයව ආරක්ෂා කරනවා. හැබැයි අල්ලගත්ත සොල්දාදුවෙක්ගෙන් දැනගන්නවා මේ ගමට ගුවන් ප්‍රහාර එල්ල කරන්න තීරණය කරලා තියෙනවා කියලා. ගම ආරක්ෂා කරගන්න මේ සොල්දාදුවො නැති ගුවන් යානා නාශක කඳවුරක් හදලා බෝම්බ හෙලන යානා රවට්ටන්න තීරණය කරනවා.
මීට වඩා කියන්න යන්නෙ නෑ.මේ අය දොන්ග්මක්ගොල් ගම ආරක්ෂා කරන්නෙ කොහොමද කියලා නරඹන්න ආරාධනා කරන ගමන් මේ චිත්‍රපටය වෙන් කරලා දුන්න තිසර සහෝටත් ස්තූති කරමින් මං සමුගන්නවා. ගුණ දොස් කියලා කමෙන්ටුවක් දාගෙන යන්න. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරලා හැමෝම පරිස්සමෙන් ඉන්න.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
3,180 downloadsDownload Welcome.to_.Dongmakgol.2005-1.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
LaHIRU
Subtitles
14 comments
Anonymous
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Ratta
Thanks saho
Korean thriller tikak denna blnnaSupun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Neo
Thanks Bro
Jagath55
Thanks
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
indika 75
thanks..
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Lakshansilva18
balapu lassanama film ekak
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Krishani
Thank you ️
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Welcome to Wikiki කොරියන් ඩ්‍රාමා එකට පුළුවන්නම් සබ් දෙන්නකෝ!