2018 වසරේදී නිකුත් වුන The Kissing Booth චිත්‍රපටයෙ තුන්වන කොටසත් එක්ක තමයි අද මුණගැහෙන්නෙ. ඉතිං මුල් චිත්‍රපට දෙකම නිකුත්වෙලා දැන් අවුරුදු කිහිපයක් ගත වෙලා තියෙන එකෙ මුල් චිත්‍රපට දෙක ගැන හැදින්වීමක් කරලම තුන්වන චිත්‍රපටය ගැන විස්තරයක් කරන්නම්. The Kissing Booth (2018) එල් එවන්ස් වගේම ලී ෆ්ලින් දෙ…

2018 වසරේදී නිකුත් වුන The Kissing Booth චිත්‍රපටයෙ තුන්වන කොටසත් එක්ක තමයි අද මුණගැහෙන්නෙ. ඉතිං මුල් චිත්‍රපට දෙකම නිකුත්වෙලා දැන් අවුරුදු කිහිපයක් ගත වෙලා තියෙන එකෙ මුල් චිත්‍රපට දෙක ගැන හැදින්වීමක් කරලම තුන්වන චිත්‍රපටය ගැන විස්තරයක් කරන්නම්.
එල් එවන්ස් වගේම ලී ෆ්ලින් දෙන්නා ඉපදෙන්නෙ එකම දවසෙ, එකම වෙලාවේ, ලොස්ඇන්ජලීස්වල එකම රෝහලකමයි. මේ දෙන්නා හදුනගත්ත කාලෙ ඉදලම හොදම යාලුවො විදිහට තමයි කාලය ගත කලේ. මේ දෙන්නගෙ යාලුකම පවත්වන් යන්නම කියලා එල් හා ලී දෙන්නා අතරේ ඇති කරගත්ත නීති ගොඩක් තිබුනා. ඔය නීති අතරේ ලීගෙ අයියා නෝහා එක්ක ආදර සම්බන්ධයක් ඇති කරගන්න එල්ට අවසරයක් තිබුනෙ නැහැ. මේ දෙන්නා ඉස්කෝලෙදී කිසිං බූත් එකක් එහෙම නැත්තම් සිප ගැනීමේ කුටියක් හදනවා අරමුදල් උපයන්න හිතාගෙන. නෝහා කියන්නෙ OMG කෙල්ලො ඇතුළුව තවත් බොහොමයක් කෙල්ලො පිස්සු වැටුන කෙනෙක්. ඉතිං අර දෙන්නා හදපු කිසිං බූත්එකට නෝහා එක්කං එනවා කියලා ආරංචිය යවලා සෑහෙන කෙල්ලො ටිකක් මේ ඉවෙන්ට් එකට ගෙන්න ගන්නවා. නෝහා එතනට එන්න කරපු ඉල්ලීම ප්‍රතික්ෂේප කරන නිසාම ඒ වෙනුවට වේදිකාවට ගොඩවෙන්නෙ ලී. මේකට එතනට එකතු වෙලා හිටිය හුගක් කෙල්ලන්ගෙ අප්‍රසාදය ලක් වෙනවා. අවසානෙදි එල්ටත් අවස්ථාවක් ලැබෙනවා කිසිං බූත් එකට යන්න. එල් තියා කිසිම කෙනෙක් නොහිතපු විදිහට නෝහා එතනට ඇවිල්ලා පලවෙනි වතාවට එයා සෑහෙන පිරිසක් ඉදිරියෙ එල්ව සිපගන්නවා.
මේ විදිහට එක සිප ගැනීමකින් පටන් ගත්ත මේ දෙන්නා ලීට හොරෙන් කාලයක් පුරාවටම ආදර සම්බන්ධයක් පවත්වන් යනවා. ඉතිං මේ ගැන වතාවක් ලීට අහුවෙලා මේ තුන්දෙනා රණ්ඩු වෙලා අවසානෙදි ලීගෙ උපන්දිනේ වෙනුවෙන් තියපු කොස්ටියුම් පාටි එකකදී ලී කියනවා මේ දෙන්නගෙ සම්බ්න්ධෙට ආයෙ විරුද්ධ වෙන්නෙ නැහැ කියලා. නෝහා කොලේජ් එකේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් හාවර්ඩ් වලට යනවා. මේ එක්කම එල්ට විශ්වාසයක් නැතුව යනවා මේ දෙන්නගෙ දෙපැත්තට වෙලා පවත්වන් යන සම්බන්ධෙට මොනවා වෙයිද කියලා.
චිත්‍රපටය නිර්මාණය වුනෙ Beth Reekles විසින් 2012 වසරේ දෙසැම්බර් 13′ වැනිදා නිකුත් කල “The Kissing Booth” නවකතාව ඇසුරින්.
නෝහා හොවර්ඩ්වල අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පිටත් වෙලා ගියාට පස්සෙ, එයා නැති තනිකම, පාළුව නිරන්තරයෙන්ම දැනෙන එල් එයාගෙ අතිජාත මිත්‍රයා ලීට ලං වෙද්දී මේක ලීගෙ පෙම්වතිය වෙච්චි රේචල්ට ලොකු ගැටලුවක් වෙනවා. මොකද රේචල්ට ලීව ඕන කරන හැමවෙලාවකම එයා එයාගෙ යාලුවා ලගට යන නිසා. මේ අතරේ හොවර්ඩ්වල අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පිටත් වෙලා ගියපු නෝහාට එකතු වෙන යාලුවො අතරේ ගෑණු යාලුවෙක්, ඒ කිව්වෙ ක්ලෝයි හිතවත් වෙලා මේක එල්ට ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ දේවල් එහෙම වෙද්දී එල් වගේම ලී දෙන්නා පුරුදුවෙන නර්තන තරගයට යන එක මග හැරලා මාර්කො කියලා කොල්ලෙක් එල්ට ලං වෙනවා. නෝහාගෙ ප්‍රශ්න වලදී ක්ලෝයි උපදෙස් දෙද්දී එල්ට උපදෙස් දෙන්නෙ මාර්කො. ඉතිං දෙගොල්ලො එකිනෙකාව සැක කරන්න පටන් අරං විරසක වෙලා සෑහෙන ප්‍රශ්න ඇති වෙනවා. පස්සෙ විරසක වෙන්න හේතු වුන අය නිසාම තරහ වෙච්ච අය යාලු වෙලා එල්ට ලොකුම ලොකු ප්‍රශ්ණයක් චිත්‍රපටය අවසන් වෙද්දී මුහුණ දෙන්න සිද්දවෙනවා. ඒ වෙන මොකුත් නෙවෙයි යන්න තීරණය කරන කොලේජ් එක මොකක්ද කියලා තීරණය කරන්න වෙලා.
චිත්‍රපටය නිර්මාණය වුනෙ Beth Reekles විසින් 2020 වසරේ ජනවාරි 02’වැනිදා නිකුත් කල “The Kissing Booth” නවකතාව ඇසුරින්.
The Kissing Booth 3 (2021)
තුන්වෙනි චිත්‍රපටයෙ නිර්මාණ කටයුතු සිදුවෙන්නෙත් සුපුරුදු මුල් චිත්‍රපටයෙ නිර්මාතෘවරුන් විසින්මයි. චිත්‍රපටයෙ අධ්‍යක්ෂණයත්, නිෂ්පාදනයත්, චිත්‍රපටයෙ පිටපත ලියන කටයුතු සදහාත් Vince Marcello සම්බන්ධ වෙලා තියෙනවා. චිත්‍රපටයට පාදක වෙන්නෙ 2021 වසරේ Beth Reekles විසින් නිකුත් කල “The Kissing Booth 3: One Last Time” නවකතාව පාදක කරගෙනයි. මුල් චිත්‍රපට දෙක තුලින් දැකගන්න ලැබුණු Joey King, Jacob Elordi, Joel Courtney, Carson White, Maisie Richardson-Sellers, Taylor Zakhar Perez එහෙමත් එකතු වෙනවා. පැය 02 විනාඩි 10 ක ධාවන කාලයක් සටහන් කරගෙන Comedy, Romance වර්ගීකරණ යටතේ නිර්මාණය වුන මේ චිත්‍රපටය Netflix ඔස්සෙ නිකුත් වෙන්නෙ 2021 අගෝස්තු 11’වැනිදා.
ඉතිං මුල් චිත්‍රපට දෙකම බැලුවා නම් දන්නවා ඇති මේක මොන වගෙ නිර්මාණයක්ද කියලා. ඒ නිසා තුන්වෙනි චිත්‍රපටය ගැන අමුතුවෙන් පැහැදිලි කරන්න දෙයක් නැහැ කියලා හිතනවා. මොකද මුල් චිත්‍රපට දෙකේම සිදුවීම් බොහොමයක් පාදක කරගෙන මේක නිර්මාණය වෙලා තියෙන්නෙ. විශේෂයෙන්ම කියන්න ඕන අද මේ අරගෙන එන සිනමා නිර්මාණය තමයි The Kissing Booth චිත්‍රපට පෙලෙහි අවසන්ම නිර්මාණය වෙන්නෙත්.
එහෙනම් ඉතිං නරඹලාම තීරණය කරන්න මේ වතාවේ මොකද වෙන්නෙ කියලා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
14,574 downloadsDownload The-Kissing-Booth-3-2021.zip113 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
- #2021
- #Jacob Elordi
- #Joel Courtney
- #Joey King
- #Kissing Booth
- #Maisie Richardson-Sellers
- #Meganne Young
- #Molly Ringwald
- #Must Watch
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Taylor Zakhar Perez
- #The Kissing Booth
- #You Decide
- #චාමර සම්පත්
- #සබ්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
25 comments
ශාමල් මනෝජන්
DILmin
Sub ekata thanks!
Emily
Thank you sooo much for the subtitles.. :)
Anonymous
Thanks
Anonymous
thank u bro
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Anonymous
thanz බොක්ක තැන්ක්ස්
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
indika 75
thanks..
Pramukmili
Thanx bro...............
Anonymous
Thanks bro
Buddy88
nice
supuni
thank you
Anonymous
Thanks !!!
Sakindu
Thank you
Nishan S Ariyarathna
thanks
Anonymous
ado thanks machan sub ekata.
kathawa nm munta mita wada hodata iwara karanna tibba...madhushan
thanks
Hiru girl
Thnq bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Anonymous
uncharted 2022 movie ekat denko subtitle
Kithmini
uncharted 2022 movie ekat denko subtitle
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ