කොහොමද හැමෝටම? හැම දෙනාම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් අද මේ ගෙනාවේ හැමෝම ආසාවෙන් බලාගෙන හිටපු චිත්‍රපටයක්. පුද්ගලිකව මම නම් කාලයක් තිස්සේ ඉඳලාම මේ චිත්‍රපටයට ඇස යොමාගෙන හිටියේ. මොකද Ubisoft කියන්නේ Entertainment ක්ෂේත්‍රයේ ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන ආයතයක්. පරිගණක ක්‍රීඩා වල යෙදෙන අය නම් Ubisoft ග…

කොහොමද හැමෝටම? හැම දෙනාම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් අද මේ ගෙනාවේ හැමෝම ආසාවෙන් බලාගෙන හිටපු චිත්‍රපටයක්. පුද්ගලිකව මම නම් කාලයක් තිස්සේ ඉඳලාම මේ චිත්‍රපටයට ඇස යොමාගෙන හිටියේ. මොකද Ubisoft කියන්නේ Entertainment ක්ෂේත්‍රයේ ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන ආයතයක්. පරිගණක ක්‍රීඩා වල යෙදෙන අය නම් Ubisoft ගැන නෙදැන ඉන්න හේතුවක් නෑනේ. මොකද Assassin’s Creed, Far Cry, Rainbow Six, Ghost Recon, Watch Dogs වගේ අතිශය ජනප්‍රිය පරිගණක ක්‍රීඩා නිර්මාණය කලේ Ubisoft ආයතනයෙන්. ඒවගේම මෑතකාලීනව අපි දකිනවා පරිගණක ක්‍රීඩා ආයතන, චිත්‍රපට ක්ෂේත්‍රයට යම් නැඹුරු වීමක් දක්වනවා කියලා. Ubisoft ආයතනයත් එහෙම තමා. ඊට හොඳම නිදර්ශකය ඔවුන්ගේ අනර්ඝතම නිර්මාණය වුණු Assassins Creed පරිගණක ක්‍රීඩාව පාදක කරගත් චිත්‍රපටයක් පසුගිය 2016 වසරේදි නිකුත් වීම. ඉතින් ඔව් Werewolves Within කියන්නෙත් එයාලගේ 2016 වසරේ නිකුත් කරනු ලැබූ පරිගණක ක්‍රීඩාවක්. නමින්ම තේරෙනවානේ මේ කතාව තියෙන්නේ වෙයවුල්ෆ්ලා එහෙම නැත්නම් වෘක මිනිස්සු ගැන. තවත් මොකටද වෙනදේවල් කියවන්නේ. අපි විත්‍රපටය පැත්තට බහිමු.
බීවර්ෆීල්ඩ්! ඉතින් බීවර්ෆීල්ඩ් කියන්නේ කඳුකර ප්‍රදේශයක හුදෙකලා කුඩා නගරයක්. හැමෝම දන්නවා වගේ ඇමෙරිකා එක්සත් ජනපදය කියන්නේ සෘතු භේදය තදින්ම බලපාන රටක්. ඒ නිසා මේ සිදුවීම උද්ගත වෙන්නේ බීවර්ෆීල්ඩ් හි සීත සෘතුවේදි. ෆින් වීලර් කියන්නේ ඇමෙරිකානු වන සංරක්ෂණ සේවයේ නිලධාරියෙක්. තව විදිහකින් කිව්වොත් රේන්ජර් කෙනෙක්. ඉතින් මේ රේන්ජර්වරයා බරපතල නැති සුළු නීති විරෝධි ක්‍රියාවකට වැරදිකරු වීම නිසා ඔහුට සිය රැකියාව රැකගන්න ලැබෙන එකම විකල්පය වුණේ දුෂ්කර පෙදෙසකට ස්ථාන මාරුව විතරයි. ෆින්ට මාරුවීම ලැබෙන්නේ බීවර්ෆීල්ඩ් වලට. බීවර්ෆීල්ඩ් වල මේ කාලය වෙනකොට යම් ගැටලු වගයක් උද්ගත වෙලා තියෙන්නේ. මිඩ්ලන්ඩ් ගෑස් නම් ආයතනයකින් බීවර්ෆීල්ඩ් නගරයට ගෑස් නළ පද්ධතියක් අතුරලා ගෑස් සැපයුමක් ලබා දෙන්න ව්‍යාපෘතියක් යෝජනා කරලා තියෙනවා. මේ ව්‍යාපෘතියට සමහර නගරවැසියන් කැමතියි වගේම, ඇතැම් අය කැමති නැහැ. ඉතින් මිඩ්ලන්ඩ් ගෑස් ආයතනයේ හිමිකරු සෑම් පාකර් නගර වැසියන්ගේ කැමැත්ත මුලදට ලබා ගන්න උත්සහ කරනවා. මේ ජරමර අස්සේ තමයි ෆින් බීවර්ෆීල්ඩ් වලට එන්නේ. ෆින් බීවර්ෆීල්ඩ් වල ගත කල පළමු දිනයේම රැයේ ඇති වෙන්නේ තරමක් ප්‍රචණ්ඩ හිම කුණාටුවක්. විදුලි බලය ඇණහිටිනවා වගේම, නගරයෙන් පිටතට යන්න තියෙන එකම මාර්ගය අවහිර වෙන්නේ හිම කන්දක් නාය යෑම නිසා. පසුදා උදයේ බියෙන් හා සෝතැවුලෙන් කම්පනය වෙලා ඉන්න නගරවැසියෙක් පෙනීසිටින්නේ ඇගේ සුරතල් බලුපැටියා අභිරහස් සතෙකු විසින් ඝාතනය කර ඇති බව කියමින්. මේ ගැන සොයා බලන්න නගරය වටේ රවුමක් යන ෆින්ට දකින්න ලැබෙන්නේ නගරයේ අමතර විදුලි සැපයුම සඳහා වූ විදුලිජනක යන්ත්‍ර සියල්ලම සතෙකුගේ නියපොතු පහරවල් වැනි දේකින් හානි වෙලා තියෙන ආකාරය. මේ කඩා කප්පල්කාරී ක්‍රියාවේ චෝදනාව එල්ලවෙන්නේ නගරයේ එක් අන්තයක හුදෙකලාව වෙසෙන එමර්සන් ෆ්ලින්ට් නම් වෘක දඩයම්කරුවා වෙත. එකට බොහෝසෙයින් බලපාන්නේ ෆිල්න්ට්ගේ අමුතු හැසිරීම් රටාව හා ඔහු නගරයේ කිසිවෙකු සමඟ හිතවත් බවක් නොමැතිකම. මේ අතරම මීට කලකට පෙර බීවර්ෆීල්ඩ් වලින් අතුරුදන් වූවෙකු ලෙස නම් කෙරුණු ඩේව් ෂර්මන්ගේ මළ සිරුර අනපේක්ෂිත ලෙස ෆින් හට හමුවෙන්නේ මේ සිදුවීම් පෙළේ භයානක බව තවත් වැඩි කරමින්. බීවර්ෆීල්ඩ් වල වෛද්‍ය එලිස්ගේ මතය අනුව ඩේව් මියගොස් තිබෙන්නේ වෘකයෙකු වැනි සතෙකුගේ පහරදීමකින්. ඇගේ අවසාන නිගමනය නගරවැසියන්ගෙන් කෙනෙක් වෙයවුල්ෆයෙකු බව. මේ බියකරු සත්වයාගේ හෙලිදරව්වත් සමඟ නගර වැසියන් හැමෝම භීතියෙන් ඇලලී යනවා. එහෙත් සැබැවින්ම බීවර්ෆීල්ඩ් හි වෙයවුල්ෆයෙකු හිඳිනවා නම් එයාට බීවර්ෆීල්ඩ් නගර වැසියන් දඩයම් කරන්න මේ හිම කුණාටු සහිත රාත්‍රිය තරම් තවත් අගනා අවස්ථාවක් ලැබෙයිද? ඉතින් එහෙමනම් ෆින් ඇතුලු පිරිසට මේ තර්ජනයෙන් බේරෙන්න වෙන්නේ කොහොමද?
පෙර කීවත් වගේ චිත්‍රපටය නිර්මාණය කරන්නේ Ubisoft ආයතනය සමඟ IFC Films ආයතනය ඒකාබද්ධ වීමෙන්. ඒවගේම මේ චිත්‍රපටය අයත් වෙන්නේ Horror/ Comedy යන වර්ගීකරණයන්ට. මේ වෙනකොට මේ චිත්‍රපටයට IMDb දර්ශකයේ 6.1ක අගයකුත් Rotten Tomatoes දර්ශකයේ 86% හා Metacritic දර්ශකයේ 65%ක අගයකුත් ලැබිලා තියෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ Josh Ruben විසින්. Milana Vayntrub, Sam Richardson, Glenn Fleshler, Harvey Guillen, Anni Krueger, Cheyenne Jackson, Michaela Watkins වැනි රංගන ශිල්පීන් හා ශිල්පිනියන්ගේ දායකත්ව ලැබිලා තියෙනවා. ඇමරිකන් ඩොලර් මිලියන 6ක වියදමකින් තමයි මේ චිත්‍රපටය නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒවාගේම මේ චිත්‍රපටයත් නිකුත්වුණේ විකාෂණ සේවා ඔස්සේ VOD ක්‍රමවේදයට අනුව. හරි එහෙනම් විග්‍රහය තවත් දිගුකරන්න අපේක්ෂාවක් නැහැ. ෆින් ඇතුලු පිරිස බේරෙයිද? බේරෙනවා නම් ඒ කොහමෙද කියලා දැනගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා. ඒවගේම අදහස්, උදහස්, යෝජනා එහෙම තියෙනවා නම් පහල කමෙන්ට් බොක්ස් එකෙන් හලාගෙන යන්න කියලත් ඉල්ලීමක් කරනවා. අවසාන වශයෙන් හැමෝටම චිත්‍රපටය නරඹන්න ඉඩ තියලා මේ කාර්යභාරය මෙතනින් නිමා කරනවා. හැමෝටම ජය වේවා!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
5,388 downloadsDownload Werewolves-Within-2021.zip59 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විහඟ පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-03-24
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
විහඟ පියුමාල්
Subtitles
19 comments
Kantha_DLA
Anonymous
සුපිරි සහෝ. ජය වේවා...
kanishka Amarasekara
thank you
Anonymous
Thanks
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Pasindu
Thank u so much... Fear Street Part Two: 1978 (2021) mekath sub genna
Anonymous
ela
ශාමල් මනෝජන්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
මේ වගේම සුපිරි ෆිල්ම් දෙකක් තියනවා සහෝ.
පුලුවන් නම් උපසිරැසි දෙන්නකෝ.An American Werewolf in London - 1981
Wolf - 1994Ishan Madusha
බොහෝම ස්තූතියි උපසිරැසියට
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Ashan
උපසිරැසියටයි ලිපියටයි ගොඩාක් ස්තූතියි ඕං
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Anton priyahantha
Great!... Thank you! :-) :-) :-) :-) :-) :-) :-) :-) :-) :-) :-) :-) :-) :-) :-) :-)
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
lakshan
thanks
.............................රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!