ඉතින් කොහොමද යාළුුවනේ,මෙච්චර කල් උපසිරස බාගත කරන් බල බල හිටියා .මටත් හිතුනා උපසිරසක් කරන්න.ඒ හින්ද තමා මම මේ උපසිරස නිර්මාණය කරේ. වැරදි නම් ගොඩක් ඇති,ඒවා හදා ගමු. මේ සරලුව ත්‍රිලර් කාණ්ඩයට තමා අයිති වෙන්නෙ. 2018 වසරේ තමා නිකුත් වුනේ. මෙම සරලුවට IMdb දර්ශකයේ 5.5 තමා ලැබිලා තියෙන්නේ. නමුත් කුතුහලය මද…

ඉතින් කොහොමද යාළුුවනේ,මෙච්චර කල් උපසිරස බාගත කරන් බල බල හිටියා .මටත් හිතුනා උපසිරසක් කරන්න.ඒ හින්ද තමා මම මේ උපසිරස නිර්මාණය කරේ. වැරදි නම් ගොඩක් ඇති,ඒවා හදා ගමු. මේ සරලුව ත්‍රිලර් කාණ්ඩයට තමා අයිති වෙන්නෙ. 2018 වසරේ තමා නිකුත් වුනේ.
මෙම සරලුවට IMdb දර්ශකයේ 5.5 තමා ලැබිලා තියෙන්නේ. නමුත් කුතුහලය මදි නොකියන්න තියෙන සරලුවක්.මේ සරලුවේ පිටපත් රචනය හා අධ්‍යක්ෂනය යන දෙ වර්ගයම කල ඇත්තේ Colin Minihan වසින්ය. මෙම සරලුව පුරා විනාඩි 98 ක් ධාවනය වෙනවා මට හැබැයි මේ සරලුවේ ආදායම් විස්තර නම් හොයාගන්න තිබුනෙ නැ. මෙම සරලුව චරිත 4ක් වටා ගෙතිල තියෙන්නෙ. ඒ තමා ඡැකී,ඡූල්ස්,ඩැනියල් හා සාරා. මෙහි කතා පුවත ප්‍රධාන වශයෙන් සම ලිංගික තරැණියන් දෙදෙනෙක් වටා කතාව දිග හැරිල තියෙන්නේ. මොවුන් දෙදෙනා තමන්ගේ ප්‍රථම සංවත්සරය සැමරීමට කැලෑ බද ප්‍රදේශයක ලැගුම් හලකට ගමන් කරනවා. මෙතින් තමා හැම දේම පටන් ගන්නෙ. මෙහි ප්‍රධාන චරිත දෙක ඡැකී හා ඡූල්ස්. මෙහි හැම දේම ආරම්භ වෙන්නෙ ඡැකී ඡූල්ස් ගැන ඇතිවන සැකයකින් තමා. මේ ගමන ගියට පස්සේ මේ දෙන්නට හම්බවෙනවා ඡූල්ස් ගේ පාසල් කාලයේ මිතුරියක් ඡෙනී. ඉතින් මේ ඡෙනීව හමුවෙන්න ඡූල්ස් කීප වතාවක්ම ඡෙනී ගෙ ගෙදර යනවා.
ටික දවසක් ගියාම ඡැකී හිතනවා ඡුල්ස්ට ඡෙනී සමග සම්බන්ධයක් තියෙනවා කියලා. ඉතින් මේ හින්ද ඡැකීගෙ මනස එකපාරට විකුර්ති වෙලා ඡුල්ස් ව දඩයම් කරන්න පටන් ගන්නවා. මේ නිසා ඡුල්ස්ට හරි අකරතැබ්බ වලට තමා මුහුන දෙන්න වෙන්නෙ. කොටින්ම කිව්වොත් එක අවස්ථාවකදී ඡූල්ස් එයාල නතර වෙලා ඉන්න තැන ලග තියෙන වැව මැදට පවා බෝට්ටුවකින් යනවා ඡැකීගෙන් බේරෙන්න. නමුත් අවසානයේ හරි අපූරැවට ඡූල්ස් ඡැකීව මට්ටු කරගන්නවා. කතාවේ නම් අපට හිතාගන්න බැරි බොහෝ සිදුවීම් සිද්ද වෙනවා. කුතුහලය නම් උපරිමයි.සරලුව නරඹන්න ආරාධනා කරන ගමන් උපසිරසේ හොද නරක දෙවර්ගයම කමෙන්ට් කරන්න කියලා ඉල්ලා සිටින ගමන් සමුගන්නම්.තවත් සරලුවකින් හමුවෙමු. ඡය වේවා!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.
3,946 downloadsDownload What-Keeps-You-Alive-2018.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ගයන්ත නිමල්සිරි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-09-16+
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රදීප ගයන්ත නිමල්සිරි
Subtitles
24 comments
Kantha_DLA
THE NEW FOLDER
thankss broo......
Kulanjana Maduranga
g'luck 1st attempt...subata thanks...keep it up....
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුයියි,
ජයෙන් ජයම වේවා...!!පැතුම් ඉෂාර
සබට තුති!!! දිගටම සබ් දෙමු!!!
Jana
ela ela bro, ohoma yamu..
gihan perera
ස්තුතියි සහෝ....පට්ට ෆිලුමක් වගේ...දිගටම උපසිරැසි කරන්න වෙලාව වෙන් කරගන්න බලන්න...ජය වෙිවා...
Suranjan
Thanks machan......jayawewa.......!
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!
Hasitha Madush
සරලුව නෙවෙයි bro සලරුව..
Nivom
thank you bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lakshan999
Thanx
kuma.lk
Thank you ....!
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජය.wndpra
thanks
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ......
Bhanuka99
thaks bro
darkload
thx
darshanasandaruwan
Kadappuli balla, sub karanakota liyana baasawen translate karanta epa awajathaka balla. Ekko nodanna weda nokara nika hitu
darshanasandaruwan
Fake account walin tho thotama comment daagannawa
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Rukshan37
Ela ela
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!