කතාව කෝම කියන්නද කියලා හිතාගන්න බැරුව ඉන්නෙ.. මොකද මේ චිත්‍රපටය යුධ කැටගරියට අයත් වූවත්, සාමාන්‍ය යුධ කතා තේමා වලින් සහමුලින්ම වෙනස් වූ කතා තේමාවක් සහිත, IMDB 7.1 ක ඉහල අගයක් සහ කුණු තක්කාලි 75% ක ඉහල අගයක් ලබා ගත්, ආරම්භයත් අවසානයත් එකෙනෙකට ගැට ගසා තිබෙන, අවසානයේදී ආරම්භය මතක් කරවන, දුකක් හෝ සතුටක…
කතාව කෝම කියන්නද කියලා හිතාගන්න බැරුව ඉන්නෙ.. මොකද මේ චිත්‍රපටය යුධ කැටගරියට අයත් වූවත්, සාමාන්‍ය යුධ කතා තේමා වලින් සහමුලින්ම වෙනස් වූ කතා තේමාවක් සහිත, IMDB 7.1 ක ඉහල අගයක් සහ කුණු තක්කාලි 75% ක ඉහල අගයක් ලබා ගත්, ආරම්භයත් අවසානයත් එකෙනෙකට ගැට ගසා තිබෙන, අවසානයේදී ආරම්භය මතක් කරවන, දුකක් හෝ සතුටක් නොවන අමුතුම හැගීමකින් හදවත බර කරන, සත්‍ය කතාවක් නොවුනත් සත්‍ය සිදුවීමක් පාදක කරගනිමින් ගොඩ නැගූ චිත්‍රපටයක් වන නිසා… හරි! සමහර විට ටික දෙනෙක්ට ඒ ටිකම ඇති වෙයි මේ චිත්‍රපටය ඩවුන්ලෝඩ් කරගෙන බලන්න. ඒ නිසාම පොඩි warning එකක් දෙන්නම්! යුධ කැටගරියට අයත් උනත් මේක Action/ “Drama” ගණයේ පිලුම් එකක්. සිංහල භාෂාවෙන් “ගණය” කියන්නේ ඉංග්‍රීසියෙන් කැටගරියටම නිසා මම මේක මේමත් දාන්නම් – මේකෙ Genre එක Action, Drama- ඇක්ෂන් විතරක්ම බලන්න ඕනෙ අයට මේක හරි යන්නේ නෑ. හරි, Warning එක ඉවරයි. එහෙනම් මුලින්ම පටන් ගන්නම් යාලුවෝ හැමෝටම ආයුබෝවන් කියලා..! බයිස්කෝප් එකේ ගොඩක් සබ්ටයිට්ල් කරන අය ඉන්නවා පුරුද්දක් විදියට, හැබැයි තමන්ගේ වෙලාව කැප කරල අපි හැමෝටම නිරන්තරයෙන් සබ් ටයිට්ල්ස් දෙන. කණගාටුවෙන් උනත් කියන්න වෙනවා මම නම් ඒම කෙනෙක් නෙමෙයි. ඒ උනාට මගෙ හිතට වදින විදිගෙ සුපිරි ෆිල්ම් එකක් තිබුණොත් සහ ඒකට සිංහල සබ් නැත්තං නිරපරාදේ ඒ වගේ ෆිලුමකට මගඇරෙන්න දෙන්නෙ නැතුව සබ්ටයිටල් එක කරන්න බාර ගැනීමේ (අව)ලස්සන පුරුද්දක් මට තියන නිසා තමයි අද අඩුම ගානෙ මේ ලිපිය හරි කියවන්න ඔයාලට ලැබෙන්නේ. (අව කියල දැම්මට මොකුත් හිතන්න එපා. මොකද ඇත්තටම සබ් එකක් කරනවා කියන්නෙ ලස්සනට ආතල් එකේ කරන්න පුලුවන් වැඩක් නම් නෙමේ).
කෝම හරි මෙන්න මේකයි කතාව.. ආ ඔක්කොටම කලින් සිසිල ප්‍රසාද් සහෝදරයව මතක් කරන්න ඕනෙ. එයා තමයි මට මේ ෆිල්ම් එක වෙන් කරල දුන්නේ. තවත් වැල් වටාරම් නැතුව කතාවට බහින්නම්.. අපි හැමෝම දන්නව දෙවන ලෝක යුද්ධේ (තවත් ලෝක යුද්ධ කතාවක්!!! අපෝ නෑ.. මං මුලින්ම කිව්වනේ මේක වෙනස්..) පැරදුණේ ජර්මනිය කියලා. හැබැයි 1944 දී, දෙවන ලෝක යුද්ධ අවසානෙදී, ජර්මනිය තමන්ගේ දේශ සීමා ඇතුලේ කොටු වෙලා ඉද්දිත් සටන අතෑරියේ නෑ. ඇමරිකාව ප්‍රමුඛ මිත්‍ර හමුදාවලට විශාල හානියක් කරගෙන තමා ජර්මනිය ආක්‍රමණය කරන්න සිදු වුනේ. එම කාල වකවානුවේ ඇමරිකානු පාබල හමුදාව ආශ්‍රිතව සිදු වූ “අදුරු කතාවක්” තමා මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ. මෙහිදී “හර්ට්ජන්” නම් වූ වනාන්තරය හරහා ජර්මනිය ආක්‍රමණය කරන්න එක්තරා ඇමරිකානු හමුදා බලඝනයකට පැවරෙනවා. නමුත් ඉහල නිලධාරීන්ගේ අණ ප්‍රශ්න නැගීමකින් තොරව පිළිපදින මේ අහිංසක සොල්දාදුවන්ට සටන් කරන්න සිදුවෙන්නේ භූමියේ වාසිය 100% ක්ම සතුරා අත ඇති යුධ භූමියකයි. ඉතිං වෙන දේ අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ!! ඇමරිකානු හමුදා සොල්දාදුවන් සිය ගණනින් මිය යනවා!! නිකමට හිතන්න මෙන්න මේ වගේ පරිසරයක ඔබත් එක හමුදා සොල්දාදුවෙක් කියලා. මම අහන්නම් ප්‍රශ්නයක්.. මේ මරණීය පසුබිමේ ඔබ වැඩියෙන්ම අවධානය යොමු කරන්නේ මොකකටද??? දැං පොඩ්ඩක් බලන්න මම මේ චිත්‍රපටයට දාලා තියන සිංහල නම.
ඔව්.. අන්න ඒ වගේ සොල්දාදුවෙක් වටා තමා මේ චිත්‍රපටයේ කතාව දිවයන්නේ (නම කියවන්න ඇතිනේ..). මොහු සාමාන්‍ය සොල්දාදුවෙක්. මොහුට කිසිසේත්ම අවශ්‍ය නෑ ජීවිතය බේරාගැනීම උදෙසා පලායන්න. ඒ වගේම තමයි සටන් පෙරමුණේදී තම ජීවිතය විනාස කරගැනීමටත් මොහුට අවශ්‍ය නෑ. සටන් පෙරමුණට ගොස් තම ජීවිතය බේරාගැනීම සදහා මේ සොල්දාදුවා අනුගමනය කරන ක්‍රියාමාර්ග සාධාරණීකරණය කරන්නත් අපිට බෑ. කෝම උනත් තමන්ගේ ජීවිතය රැකගන්න ගන්නා උත්සාහය නිසා තම කණ්ඩායමේ අනිත් සොල්දාදුවන් එකින් එක මිය යද්දී මෙයා විතරක් ඉතුරු වෙනවා. ජීවත් වීමට තියන මේ හැකියාව නිසාම මේ පුද්ගලයා තමා ඒ බලඝනයේ ඉන්න යුධ භූමිය පිලිබද වැඩිම අත්දැකීම් තියන පුද්ගලයා වෙන්නෙත්. මොකද යුද්දෙට ගිය අනිත් අය මැරිලා නිසා. යුධ භූමිය ගැනත් දන්න ජීවත් වෙලත් ඉන්න එකම මනුස්සය මෙයා..! ඉතිං මොකක් වෙන්න ඇත්ද?? මේ හමුදා ඛණ්ඩයේ අණ දෙන නිලධාරියා මෙයාට ලබා දෙනවා උසස් වීමක්..! හිටපු සාමාන්‍ය සොල්දාදුවා දැන් කුඩා හමුදා ඛණ්ඩයක් සහිත සාජන් වරයෙක්. හැබැයි මේක මෙයා කැමැත්තෙන්නම් නෙමේ බාර ගත්තේ. කෝම හරි මෙච්චර කාලයක් තමන්ගේ ජීවිතේ ගැන විතරක් හිතපු මේ සොල්දාදුවාගේ මුලු ජීවිතේම වෙනස් වෙන්න පටන් ගන්නේ මෙන්න මෙතන ඉදන්…
වෙනස සැපද කියලා බලා ගන්න එක ඔබට බාරයි..!~
සම්පූර්ණ කතාවම කියන්න ගියොත් කතාව බලන්න කලින්ම බලල ඉවරයි වගේනේ. ඒ නිසා මම උඩින් කියලා තියෙන්නත් කතාවේ ඉතාම සුලු කොටසක් විතරයි. කැමති හැමෝටම ආරාධනා කරනවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න. කතාව රස විදින්න. සුබ පැතුම්!
මෙතනින් ලිපිය අවසන් කරන්න හිතුනත් මේ චිත්‍රපටයට ලැබී තිබුණු IMDB රිවීව් එකකින්ම ලිපිය අවසන් කරන්න හිතුවා(ඒකත් සිංහලෙන්ම දැම්ම ඔන්න). පිලුම බලන්න හිතුනොත් පහල කමෙන්ට් සෙක්ශන් එක පැත්තට ගිහින් අකමැත්තක් නැත්තං කමෙන්ට් එක්කුත් දාගෙනම ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරන්න යන්න…….
“When Trumpets Fade පුදුම සහගත චිත්‍රපටයක්. සොල්දාදුවන් 24,000 ක් මිය ගිය “හර්ට්ජන්” වනයේ සටන ඇසුරින් නිර්මාණය කර ඇති මෙම චිත්‍රපටය කිසිදු අතිශයෝක්තියක් හෝ ව්‍යාජ බවක් නොමැතිව පෙන්වන්නේ යුද්ධය කෙතරම් මෝඩ ක්‍රියාවක්ද යන්නයි”

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Web Rip පිටපත් සඳහා අදාළ වේ.
4,204 downloadsDownload When-Trumpets-Fade-1998.zip35 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/08/Sapthaka-Arthasad.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සප්තක අර්ථසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සප්තක අර්ථසාද්
Subtitles
28 comments
uvindu induwara
It's me
I haven't watched those movies yet. So first I'm gonna watch them.. We'll see... Thankz for the suggestions bro...
uvindu induwara
ලව්ලි බෝයි
මේක කලින් බලලා තියනවා(සබ් තිබුන් නෑති නිසා කඩ්ඩ සබ් එක්ක බැලුවේ)... සුපිරිම් ෆිල්ම් එකක් තමා.. හරියට තේරෙන් නැතුව බලලත් ෆිල්ම් එක සුපිරියට හිතට වැදුන නම් සිංහල සබ් එක්කෙ කෝමට තියෙයිද!!!
තෑම්ක්ස් සහෝ සබ් එකට....Jehan Weerasuriya
supiri film ekak wagee.. balamu download karalama.. thankx sub ekata brother...
gihan perera
ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට.... පට්ට ෆිලුමක්.... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා....ජය වේවා.....
Ishan Madusha
බොහොම ස්තූතියි උපසිරැසියට
indika75
thanks..
Ashan maduranga
Supiri film eka saho . Thawa thawath hoda film walata me widiyata sub aran enna. bohoma isthuthi. Jaya wewa!
bandara
Thanks Bro for choose such a great film
isuru srinath sjs
උපසිරැසියට බොහොම ස්තුතියි!
Anonymous
thanks broo
Tharindu07
Thanks Machooo.....!!! Jayavewa......!!!!
tharaka
බොහොම ස්තූතියි උපසිරැසියට
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!It's me
ඔබටත් එසේම වේවා!
sujith
thanks bro..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
It's me
එසේම වේවා!!!!!!
සික්කා...
පට්ට සහෝ... තෑම්ක්ස් සබ් එකට.. තව තවත් මේ වගේම සබ් කරන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා... සුබ පැතුම්....
Yuveen Perera
Gindara saho sub eka nam... supiri a... dunna 10n 10kma.. patta.. jaya wewaa....
D.Chamara
bohoma sthuthi ...
It's me
sthuthi saho
prasad
ettatama sahodaraya film eka balanna asawak awe oyage lipiya nisa.
obata suwishesha liwime hekiyawak thiyenawa.
thank you sahodaraya sub ekata. thawa thawath sub karanna shakthiya dahirya vlebewa..It's me
ස්තූතී ස්තූතී.....
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Anonymous
hodatama sub eka dila tiynava, podi tana pava pahadiliva
Anonymous
සිරාවටම.. සබ් එක නම් සුපිරි තමා.. කිසිම තැනක් මිස් කරල නෑ...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සහෝ an american pickle වලටයි dethstrock වලටයි sub දානවදෝ.