Watch Trailer

Once Upon a Time in Anatolia (2011) Aka Bir Zamanlar Anadolu’da Sinhala Subtitles | එකෝමත් එක කාලෙක ඇනටෝලියාවේ දී [සිංහල උපසිරැසි]

ඔන්න යාළුවනේ සති දෙකක පමණ නිහැඬියාවකින් පස්සේ මගේ දෙවනි සිංහල උපසිරැසි ගැන්වීම එකතු කිරීමට අදහස් කරා. මගේ පලවෙනි ෆිල්ම් එක Theeb 2014 ඔයාලා බලන්න ඇති කියලා මම හිතනවා. බලපු නැති කට්ටිය බලන්න හො‍ඳද! මේ ෆිල්ම් එකේ ලයින් ගාන වැඩි නිසාත් , කාර්‍යබහුල වූ නිසාත් ටයිප් කරන්න ගියහම ටික කාලයක් ගියා . එහෙනම්…

ඔන්න යාළුවනේ සති දෙකක පමණ නිහැඬියාවකින් පස්සේ මගේ දෙවනි සිංහල උපසිරැසි ගැන්වීම එකතු කිරීමට අදහස් කරා. මගේ පලවෙනි ෆිල්ම් එක Theeb 2014 ඔයාලා බලන්න ඇති කියලා මම හිතනවා. බලපු නැති කට්ටිය බලන්න හො‍ඳද! මේ ෆිල්ම් එකේ ලයින් ගාන වැඩි නිසාත් , කාර්‍යබහුල වූ නිසාත් ටයිප් කරන්න ගියහම ටික කාලයක් ගියා . එහෙනම් මේ ෆිල්ම් එක පැත්තට සෙට් වෙමු.

ඉතින් මම අද ඔයාලව එක්කගෙන යන්නේ තුර්කිය පැත්තට. බයිස්කෝප් කට්ටියට ටිකක් කලාතුරකින් සෙට් වෙන පැත්තක්. කෝ ඉතින් ඉක්මනට යමු තුර්කියට!! මලයාලම්, තෙලුගු, හින්දි , ඉංග්‍රීසි ෆිල්ම් වලට අපේ කස්ටියගේ කොහොමත් අප් එක තියනවනේ, මම හිතන්නේ ගොඩක් කාලෙකට පස්සේ තමා තුර්කි ෆිල්ම් එකක් අපේ කස්ටියට සෙට් වෙන්නෙ. මීට කලින් The Mountain 2 (2016), the Ottoman Lieutenant, The Water Diviner (2014) වගේ හොඳ IMDb Rate තියන ෆිල්ම් අපේ කට්ටිය බයිස්කෝප් එකට ඇඩ් කරලා තිබුනා. ඒ කට්ටියගේ නම් ඉස්සරහින් මගේ නමත් කොටාගන්න පුලුවන් වීම ගැන මට සතුටුයි. කොහොමහරි ඉතින් මේ ෆිල්ම් එකේ මුල් නම ”Bir Zamanlar Anadolu’da”කියන නමයි. මේ ෆිල්ම් එක Drama/Crime කියන catogory එකට අයත් වන අතර මෙය IMDb Rate එක 7.9ක් දක්වා කරකවපු Rotten Tomatoes අගය 92%ක් දක්වාත් ගූගල් පරිශීලකයන්ගෙන් 86% ක් තම කැමත්ත පලකරපු සාර්ථක ෆිලුමකි. මෙහි මුල්ම එලිදැක්වීම 2011/09/23 දින සිදු කරන ලදි. මෙම චිත්‍රපටය තුර්කි භාෂාවෙන් ඇති අතර මෙම චිත්‍රපටය තුර්කියේ සහ බොස්නියා සහ හර්සගොවීනා යන රටවල් දෙකෙහි රූගත කිරීම් කර ඇත. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ Nuri Bilge Ceylan විසිනි .

ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොත්, එක්තරා පුද්ගලයෙක් මිනීමැරුමක් සිදු කර මිනිය පාළු ඇනටෝලියා ප්‍රදේශයේ වළලන අතර පසුව පොලීසියට පාපොච්චාරණය කිරීමෙන් පසු පොලීසිය ඔහුව මිනිය සොයා ගැනීමට රැගෙන යයි. එසේ සෙවීමේදී මිනීමැරුම සිදු කල පුද්ගලයාට තමා මිනිය වළදාපු තැන අමතක වන අතර , ඉන්පසු සිදුවන සිද්ධි දාමයක කථාව පැය 2 යි විනැඩි 37 ක් පුරා දිග හැරෙයි. මේ ෆිල්ම් එක Drama/Crime කියන catogory එකේ වුනත් ටිකක් වෙනස් ආකාරයක ෆිල්මුවක් බව ඔබට නැරඹීමේදී වටහගත හැකිවේවි. සමහර වෙලාවට එකපාරටම චැනල් මාරුවෙනවා වගේ එක දෙබසක් තවත් වෙනස්ම ආකාරයේ දෙබසකට මාරුවෙන ආකාරය සබ යන අතරතුරේ ඔබට තේරේවි.

මේ ෆිල්ම් එකේ මට පරිවර්තනය කිරීමට අපහසු වූ ඉංග්‍රීසි Idioms, Phrases, Proverbs වගේ දේවල් පරිවර්තනය කිරීමට මා හට සහය වූ සැමටම මාගේ හද පිරි මෙව්වා එක හිමි වන අතර බයිස්කෝප් කාර්‍ය මණ්ඩලයටත් මගේ හද පිරි මෙව්වා එක. අවසාන වශයෙන් , පොලීසියට මිනිය සොයාගැනීමට හැකිවෙයිද? මිනීමරුවා පලා යයිද ? පොලීසිය විමර්ශනය නතර කර දමයිද? පොලීසිය මිනීමරුවාව රහසේම ඒ පාළු ප්‍රදේශයේ ඝාතනය කරාවිද ? ඒ වගේ ප්‍රශ්නවලට ෆිලුම බලලම උත්තර සොයාගන්නකෝ . ඉතින් ෆිලුම රසවිඳින්න කියලා කියන ගමන් ෆිලුමේ ඔයාලට තේරෙන විදිහට මොනයම්හෝ අඩුපාඩුවක් තියනවනම් Comment Box එකේ කොටාගෙන යන්න. තවත් වැඩි යමක් නොකියා ආයේ ෆිලුමකින් නැවත හමුවෙනතුරු ඔබෙන් සමුගන්නම් . ඔබට ජයෙන් ජය! ජේසු පිහිටයි!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

2,896 downloadsDownload Once-Upon-A-Time-In-Anatolia-2011.zip60 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිලුපුල් වික්‍රමාරච්චි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-07-18
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles by

නිලුපුල් වික්‍රමාරච්චි

Subtitles

2,896 downloadsDownload Subtitles60 KB

20 comments

  1. ලව්ලි බෝයි

    සබ් එකට තෑම්ක්ස් සහෝ...
    හැමදාම හොලිවුඩ් ෆිල්ම් ම බලන අපි වගේ කඩ්ඩ හොදට පුලුවන් අයට(Just a Joke) මේ වගේ තුර්කි ෆිල්ම් ඇත්තටම තේරෙන් නෑ....
    ඒ නිසා සිංහලෙන් සබ් එකක් තිබුනොත් තමා බලන්නේ.. මේ වගෙ හොද චිත්‍රපට තිබුනත් ගොඩක් ප්‍රසිද්ධ වෙන්නේ හොලිවුඩ් බොලිවුඩ් ඒවා නිසා මේ වගෙ අප්‍රසිද්ධ හැබැයි විශිෂ්ට නිර්මාණ අප අතරට ගේන්න තවත් හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනව සහෝ...!

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. Shamal manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි.

    Request...

    Once Upon Time in China 01 - 1991
    Once Upon Time in China 02 - 1992
    Once Upon Time in China 03 - 1992
    Once Upon Time in China and America - 1997

  4. indika75

    Thanks..

  5. Anonymous

    thanks....super...

  6. ab

    උපසිරැසි වලට ස්තූතියි!!!!!!!!!!!!!!!!

  7. isuru srinath sjs

    උපසිරැසියට බොහොම ස්තුතියි!

  8. Geethi

    Thank you very much.

  9. Akila

    sleepers 1996,primal fear 1996,murder in the frist 1995 sub tika dennko godak watinwa!!!!

  10. Channel C

    Sub eka timeline අවුල්

  11. sasanka

    thanks for the sub

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    Requests:-

    In the name of the father (1993)
    Primal fear (1996)
    K pax (2001)
    Big fish (2003)

  14. nish47

    ස්තූතියි සහෝ

  15. Dewadithya

    Thanks for sub!

  16. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  17. Anonymous

    නියමයි..මේ වගේ හොද films වලට දිගටම සබ් දෙන්න..ජය වේවා...

  18. Dilee Raanthunga

    kara sevda (endless love) ane me turkish tv series ekata sub dennako

  19. Sakdu Kawnika

    ඔයා තුර්කි භාෂාව උගන්වන්නෙ නැද්ද??❤️
    මට ඉගෙන ගන්න ආසයි ඒ language එක

  20. Anonymous

    සිංහල උපසිරසට බොහොම ස්තූතියි