ආයුබෝවන් බයිස්කෝප්වාසි සියලුම සහෝදර සහෝදරින් හට. ටික කාලෙකට පස්සේ ආයෙත් බයිස්කෝප් එකක් අරගෙන එන්නයි මේ සූදානම. මේක ඇවිල්ල හුඟ දවසක් වෙනවා. පිටපත් නිකුත් වෙලා සතියකටත් වැඩියි. නමුත් උපසිරැසි කරලා අරගෙන එන්න මෙච්චර පරක්කු උනාට සමාවෙන්න කියල මුලින්ම ඉල්ලා හිටිනවා. අධ්‍යාපන කටයුතු අල්ලපනල්ලේ මැතිවරණය න…
ආයුබෝවන් බයිස්කෝප්වාසි සියලුම සහෝදර සහෝදරින් හට. ටික කාලෙකට පස්සේ ආයෙත් බයිස්කෝප් එකක් අරගෙන එන්නයි මේ සූදානම. මේක ඇවිල්ල හුඟ දවසක් වෙනවා. පිටපත් නිකුත් වෙලා සතියකටත් වැඩියි. නමුත් උපසිරැසි කරලා අරගෙන එන්න මෙච්චර පරක්කු උනාට සමාවෙන්න කියල මුලින්ම ඉල්ලා හිටිනවා. අධ්‍යාපන කටයුතු අල්ලපනල්ලේ මැතිවරණය නිසා ලැබුණු නිවාඩු සමයෙන් තමයි වැඩේ ඉවරයක් කරගත්තේ. ඉතින් එහෙනං මෙසේ ඔබට බාර කරනවා.
Yaara චිත්‍රපටිය Zee5 හරහා ලොවපුරා ප්‍රේක්ෂකයින් හට නැරඹීමට දොරටු විවර වෙන්නේ පහුගිය 30 වෙනිදා පටන්. මේක ගොඩනැගිලා තියෙන්නේ යාළුවො කැලක් එක්ක යන කතාවක් සමගින්. සාමාන්‍යයෙන් ඉන්දිය සිනමාවේ යාළුකම සහ යාළුවො/බොක්කවල් පදනම් කරගෙන නිර්මාණය කෙරුණු චිත්‍රපටි ඉන්දියානු සිනමාවේ ලොකු සන්ධිස්ථානයන් පසු කරන්නට සමත් වූවා. මහත් ප්‍රේක්ෂක ජනාදරයට පත් වුවා. Dil Chatha hai, 3 Idiots, Kai Po Che, Zindigi Na Milega Dobara වැනි චිත්‍රපට ඊට උදාහරණයන්. ඒ හැම එකකම යාළුවො තුන් දෙනෙක් වටා ගෙතුණු කතාවක් තමයි තිබුනේ. නමුත් යාරා චිත්‍රපටය යාළුවො හතර දෙනෙක් මත ගොඩ නැගුනු කතාවක්. ඒ වගේම අර තරම්ම සුපිරි මට්ටමක තියෙනවා කියල මම කියන්නේ නැහැ. ඒවගේ තරම්ම ලොකු ෆෑන් බේස් එකක් හැදුනෙත් නැහැ. මම ඒ චිත්‍රපටිත් සඳහන් කලේ යාළුකම් තියෙන පරිසරය සමග තැනුණු චිත්‍රපටි වලට උදාහරණ විදිහට.
Yaara චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Tigmanshu Dhulia විසින්. රංගනයේ යෙදෙන්නේ ඔබ කවුරුත් දන්න කමාන්ඩෝ චිත්‍රපටයේ රංගනයේ දායක වූ අතිදක්ෂ නළු විද්‍යුත් ජම්වාල් ( Vidyut Jammwal) සහ සුරුපී සෘති හසන් විසින්. සෘති යලි සිනමාවට ආගමනය වෙන්නේ පොඩි නිහැඬියාවකට පසුව මෙම චිත්‍රපටයෙන් වීම විශේෂත්වයක්. එමෙන්ම විද්‍යුත්ට අමතරව Amit Sadh, Vijay Varma, Kenny Basumatary, ඇතුළු නළු නිළියන් කීපදෙනෙක්ම මේ සඳහා රංගනයෙන් දායක වෙනවා. මේ චිත්‍රපටය A Gang Story (2011) කියන ප්‍රංශ චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක් විදිහටයි සඳහන් වෙලා තියෙන්නේ. India–Nepal දේශ සීමාවේ හතරදෙනෙකුගේ කල්ලියක නැගී සිටීමක් සහ කඩා වැටීමක් තමයි මේ සඳහා යොදාගෙන තියෙන්නේ.
එහෙනං චිත්‍රපටය නරඹන්න කියල ආරාධනා කරනවා. උපසිරැසි ගෙනෙන්න ප්‍රමාද උනාට යලිත් සමාව ඉල්ලා සිටින ගමන්ම යලිත් ඉක්මණින්ම මෙවන් චිත්‍රපටයක් සමග ඔබ හමුවන බලාපොරොත්තුවෙන් සමු ගන්නවා. එතෙක් දිගටම අප සමග රැඳී සිටින්න. ජයෙන් ජය!!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි Hindi True Web DL පිටපත් සඳහා අදාළ වේ.
13,804 downloadsDownload YAARA-2020.zip50 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාරක නුවන් දිල්‍හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-11-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තාරක නුවන්
Subtitles
24 comments
chamindu lakshitha
D.Chamara
bohoma sthuthi ...
ගීත් මිහිර සත්සර
සබට බොහොම ස්තූතියි සහෝ...
විද්‍යුත් ජම්වාල් නම් අනිවා බලනවා..
එළම...Suranjan
Thanks jayawewa.....!
Dewaka
Podi udawwak widihata me sub ekt galapena film eka download krganna puluwn link ekakuth site ekt ekathu kranna puluwanda ?
isuru srinath sjs
baiscopedownloads එකේ තියෙනවා
isuru srinath sjs
උපසිරැසියට ස්තුතියි මචෝ!
tharidu16
thanks bro
R_deshan
සබට තෑන්ක්ස් සහෝ...හැබැයි trailer එක බලල බලාපොරොත්තු උන තරම් කතාවක් නම් නෙමේ බලන්න උනේ ගොබ්බ කතාවක්.3 idiots වගේ එකක් ළඟින්වත් තියන්න බෑ මේ මගුලට.වෙලාවයි ඩේටා ටිකයි දෙකම අපතෙ...
indika75
thanks..
Nelson
Good work friend, Thanks for the sub!
Asitha.pramoth
බොහොම ස්තූතියි සහෝදරයා
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!Nilush Angana
Sub ekata thanx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dan
Thank You ...
Thiwanka witharana
Thanks bokka
Anonymous
thanks bro
Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
Shane de Silva
Thanks a lot for the subtitle. Keep it up the good work.
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Anonymous
ස්තුතියි
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි තාරක සහෝදරයාට මේ ෆිලිම් 1ට උපසිරැසි නිර්මාණය කළාට..ජයවේවා !!
jayNP
Thank you.. keep it up good work.. :)
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
Thanks bro...❤❤❤..#SHAKUNTALADEVI #RAAT_AKELI_HAI ෆිල්ම් වලටත් සබ් දෙන්නකො ඉක්මනින්..