මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “DANGER CLOSE (2019) මරු පෙනෙන මානයේ!” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. සෑම වසරකදීම ලොව පුරා විවිධාකාර රටවල් වල විවිධාකාර භාෂා වලින් නි…

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “DANGER CLOSE (2019) මරු පෙනෙන මානයේ!” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. සෑම වසරකදීම ලොව පුරා විවිධාකාර රටවල් වල විවිධාකාර භාෂා වලින් නිර්මාණය වන්නාවූ දස දහස් ගනනක් වූ සිනමා පට අතුරින් බොහෝවිට අපේ නෙත ගැටෙනුයේ ඉංග්‍රීසි, කොරියානු, හිංදි, දමිළ ආදී සීමිත භාෂා ගණනකින් නිර්මාණය වූ එකම වර්ගයකට අයත් සිනමා නිර්මාණයන් කොටසක් පමණයි. මේ හේතුව නිසාවෙන්ම වෙනත් භාෂා වලින් නිර්මාණය කෙරෙන්නා වූ විශිෂ්ට සිනමාපට රැසක් අපට නොදැනීම මගහැරී යනවා. මේ උත්සාහය එසේ මගහැරී යන්නාවූ වෙනස්ම ආකාරයේ සිනමා සිත්තමක උපසිරැසියක් ලබා දෙන්නයි. ඒ වගේම මේ උත්සාහය කාලයේ වැලි තලාවෙන් වැසී ගිය මුත් ලෝක ඉතිහාසයේ නමක් රැන්දූ විශිෂ්ට සිනමා සිත්තමකට ඔබේ මතකයට නැවතත් රැගෙන යාමටයි.
මුල්වරට තිරගත වීමෙන් පසුව දශක තුනකට වැඩි කාලයක් ගත වෙලා තිබුනත් මේ සිනමා සිත්තමට උපසිරැසි නිර්මාණය කලේ කාලය කියන ඉලක්කම් දින වකවානු අතරේ සැගව ගිය මෙවන් විශිෂ්ට නිර්මාණ නැවතත් සිනමාලෝලීන්ගේ මතකයට රැගෙන ආ යුතු වූ නිසාවෙන්මයි. හොඳ සිනමා නිර්මාණයක්, හොඳ කතාවක් කිසිම දවසක වයසට යන්නේ නෑ. හරියට මොන තරම් කල් ගත උනත් පස් යට හැංගිලා තියෙන මිණි කැට ඔප දාල ගත්තාම ආයිමත් දිස්නෙ දෙනවා වගේමයි. ඕල්ඩ් ඊස් ගෝල්ඩ් කියන්නෙ ඒ නිසාවෙන්මයි. මේ උත්සාහය කාලයේ වැලි තලා අතරේ මැකී ගිය එවන් වූ විශිෂ්ට සිනමා සිත්තමක් නැවතත් ඔබ හමුවේ ගෙනහැර දැක්වීමටයි.
ලෝකෙ වටේ විවිධාකාර භාෂා වලින් නිර්මාණය උන සිනමා නිර්මාණ රසවිඳිනකොට හම්බ උන පර්සියන් භාෂාවෙන් නිමැවුන වෙනස්ම විදියේ ඉරාන සිනමා නිර්මාණයක් තමයි මේ පාර උපසිරැසියක් කරන්න තෝර ගත්තෙ. මේ සිනමා සිත්තම ගැන මාව දැනුවත් කරලා උපසිරැසියක් කරමු කියලා උනන්දු කරපු ජගන්නාථ එහෙමත් නැතිනම් ප්‍රේමකුමාර ගම්ලත් මහත්මයාට බොහොමත්ම ස්තූතියි මේ සිනමා සිත්තම ගැන මාව දැනුවත් කලාට. මොකද එහෙම නොවන්නට මටත් මේ සිනමා සිත්තම මග හැරී යන්නට තිබුනා. ඒ වගේම මේ පොරොන්දුවත් ප්‍රේමකුමාර ගම්ලත් මහත්මයාටමයි, ඉඩකඩ වෙලාව ලැබුන ගමන්ම ඔබතුමා කියල එවල තිබුන අනිත් හැම සිනමා සිත්තමකටම උපසිරැසි නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා.
මේ ලිපිය කියවන ඔබෙන් මම පුංචි ප්‍රශ්නයක් අහන්නම්. ඔබ කවදා හෝ ඉරාන සිනමා සිත්තමක් නරඹලා තියෙනවද? පිළිතුර නැහැ නම්, අවාසනාවකට වගේ මේ වෙනකොටත් ඔබට දැනටමත් එදා මෙදා තුර සිනමා ලෝකයේ බිහිවූ සාතිශය රසවත් සිනමා නිර්මාණයන් ගොන්නක් මගහැරී ගොස් හමාරයි. පිලිතුර ඔව් නම්, මම මීට වඩා කිසිම දෙයක් කියන්න ඕන වෙන්නෙ නැහැ නේද? ඔබ මේ වෙනකොටත් ඉරාන සිනමාවට ඇබ්බැහි උන කෙනෙක් බවට වෙලා ඇති. ඔව්, ඉරාන සිනමාව හරිම පුදුමාකාරයි. ඉරාන සිනමාකරුවන්ට කිසිම දවසක මහා ලොකුවට සල්ලි තිබුනෙ නෑ. මහා ලොකු නලු නිලියො හිටියෙ නෑ, මහා ලොකු තාක්ෂණ ශිල්පීන් දෘෂ්‍ය ප්‍රයෝග නෑ, කෙටියෙම්ම කිව්වොත් මහා ලොකු සම්පත් තිබුනේම නෑ… හැබැයි ඔවුන්ට එකම එක දෙයක් සහජයෙන්ම පිහිටලා තිබුනා. ඒ තමයි හරි ලස්සනට කතන්දර කීමේ හැකියාව. මහ පුදුමාකාර විදියට බොහොම පුංචි සිද්ධියකින් පටන් අරගෙන ඔබව හඬවන්න, සිනා ගස්වන්න, පුදුම කරන්න, තරහ ගස්වන්න ඔවුන් හරිම දක්ශයි… මේ දවස්වල ටිකක් නිවාඩු පාඩුවේ ඉන්න ගමන් පොඩි ගූගල් සෙවුමක් දාල බලන්න, ඉරානය කියන රටේ හැදිල තියෙන ඔය තරමටම හොඳ සිනමා නිර්මාණ මොනවද කියලා. ඔබ තවම ඉරාන සිනමාවේ සුන්දරත්වය අත්නොවිදි අයෙක් නම් එයින් කීපයක් හරි නරඹන්න. මම ඔය උඩින් ලියල තියෙන්නෙ නිකාම්ම නිකං පල් හෑල්ලක් නෙමෙයි කියලා එතකොට දැනේවි.
මම මෙහෙම පටන් ගන්නම්, කෝකර් ගමේ ඉන්න අහමඩ්පූරිගේ හොඳම යාලුවා නෙමට්සාදේ. මේ දෙන්නම ඉන්නේ එකම ඉස්කෝලේ එකම පංතියේ. හැබැයි නෙමට්සාදේ හිටියෙ අහමඩ්පූරි හිටපු කෝකර් ගමට අල්ලපු ගම උන පෝට්ෂේ වල. එක දවසක් අහමඩ්පූරි ඉස්කෝලෙ ඇරිලා ගෙදර ඇවිත් බලනකොට, අපොයි දෙයියනේ වැරදිලා නෙමට්සාදේගෙ පොතත් ගෙදර අරගෙන ඇවිල්ලා. ඒ කියන්නෙ හෙට ඉස්කෝලෙට එනකොට නෙමට්සාදේට, එදා දවසෙදි ගුරුතුමා හෙට එනකොට කරගෙන එන්නයි කියලා දුන්න ගෙදර වැඩ ටික කරගෙන එන්න වෙන්නෙත් නෑ. ඒ කියන්නෙ පුංචි අහමඩ්පූරි අතින් සිද්ධ උන වැරැද්දට හෙට දවසේදී අහමඩ්පූරිගේ හොඳම යාලුවා උන නෙමට්සාදේ ගුරුතුමාගෙන් හොඳටම කෝටු පාර කන්නයි යන්නේ. පුංචි අහමඩ්පූරි බොහොම තද තීරණයක් ගන්නවා, “නෑ මම හෙට නෙමට්සාදේට ගුරුතුමාගෙන් කෝටුපාර කන්න දෙන්නෙ නෑ. මම අදම අල්ලපු ගමේ නෙමට්සාදේලගේ ගෙදරට ගිහිල්ලා එයාට මේ පොත දෙනවා.” හැබැයි අවාසනාවකට වගේ පුංචි අහමඩ්පූරි දන්නෙ නෑ හරියටම නෙමට්සාදේලගේ ගෙවල් තියෙන්නෙ කොහෙද කියලා. ඒ නිසා පුංචි අහමඩ්පූරිට සිද්ධ වෙනවා නෙමට්සාදේගෙ ගෙදරට යන පාර හොයාගෙන යන්න. අන්න එතනින් තමයි මේ සම්මානනීය සිනමා සිත්තමේ කතාව පටන් ගන්නේ. මේ සිනමා සිත්තමේ කතාව කියන එක නං හරිම අමාරු වැඩක්. මොකද මේක නරඹලා මිසක් කියවලා රසවිඳින්න පුලුවන් ජාතියේ සිනමා සිත්තමක් නොවෙන නිසා. පුලුවන්නම් මේ සිනමා සිත්තම දෑසින් පමණක් නොනැවතී හදවතිනුත් රසවිඳින්න. ඔබට වෙනස්ම සිනමා විදියේ රසවින්දනයක් උරුම කර ගැනීමට වාසනාව ලැබේවි. ඔබට එක මොහොතකින් අතීතයට ඉගිලිලා යන්න, ආයිමත් පුංචි ළමයෙක් වෙන්න, පුංචි ළමයෙකුගේ හිතට එබිල බලන්න අවස්ථාව ලැබේවි. IMDb දර්ශකයේ 8.1ක් සහ rotten Tomatoes වර්ගීකරනයේ 100%ක් හිමි කරගත් මේ සම්මානනීය සිනමා සිත්තම වාසනාවන්තයෝ නරඹත්වා.
1987 අවුරුද්දෙදී සුප්‍රසිද්ධ ඉරාන සිනමාකරු Abbas Kiarostami විසින් ඉරානයේ පිහිටි කෝකර් නැමැති ගම්මානයක සිදුවන සිදුවීම් පෙළක් හා බැදුන සිනමාපට ත්‍රිත්වයක පළමුවැන්න නිර්මාණය කරනු ලබනවා. සුපුරුදු පරිදි සිනමා ලෝකයේත් ලොක්කා තමුන් බව හිතන් ඉන්න බටහිර ලෝකයේ සිනමා කරුවන්ගෙ ඇස් ඇරලා ඉරාන සිනමාව කියා දෙයක් තිබෙන බව මුලු ලොවටම කියා පෑවේ මේ සිනමාපට ත්‍රිත්වය බවයි අදටත් බහුතර සිනමාවේදීන් දරන මතය වන්නේ. ඒ කොහොම වෙනත් අවාසනාවකට වගේ Where Is the Friend’s Home? (1987) සිනමා පටයෙන් පස්සේ 1990 වසරේදී ඉරානයේ කෝකර් ගම ආශ්‍රිත ප්‍රදේශයට බලපාපු භූමිකම්පාවක් නිසා ඔබ මේ සිනමා සිත්තමෙන් දකින ඒ සුන්දර කෝකර් ග්‍රාමය මහත් විනාශයකට මුහුණපානවා. ඔබ මේ සිනමා සිත්තමේදි දකින පුංචි අහමඩ්පූරිගේ පාසල් මිතුරන් ලෙසින් ප්‍රධාන චරිත නිරූපණය කල පුංචි දරුවන් දෙදෙනෙකුත් ඒ විනාශයෙන් යලි නොයෙන ගමන් යනවා. ඒ චරිත දෙක කුමක්දැයි කියා නොකියන්නේ ඔබේ හදවත් තවත් කම්පනයට පත් කල නොහැකි නිසාවෙන්මයි. එහෙම නං තවත් අගනා සිනමා සිත්තමක උපසිරැසියක් සමඟින් නැවත හමුවෙමු. ඔබට ජය!
ප.ලි
කෝකර් ග්‍රාමය පදනම් කරගෙන Abbas Kiarostami විසින් නිමැවූ තුන් ඈදුතු සිනමා සිත්තම් මාලාව ( Koker Trilogy ).
(01). Where Is the Friend’s Home? (1987)
(02). And Life Goes On (1992)/ Life, and Nothing More (1992)
(03). Through the Olive Trees (1994)
මග හැර නොගත යුතු විශිෂ්ට ඉරාන සිනමා සිත්තම් කිහිපයක්.
The Color of Paradise (1999)
The Song Of Sparrows (2008)
Children Of Heaven (1997)
A Separation (2011)
The Salesman (2016)
Bashu, the Little Stranger (1989)
About Elly (2009)
Taste of Cherry (1997)
Close-Up (1990)
The White Balloon (1995)
The Wind Will Carry Us (1999)
The Runner (1984)
Kandahar (2001)
සබ් කරන්න මග ඇරුන අලුත්, පරන, භාෂා බේදයක් නැතුව හොද ෆිල්ම් එහෙම තියෙනවා නං පහලින් කමෙන්ට් එකක් දාලා යන්න. පුලුවන් විදියකට කරන්නම්. එහෙමත් නැත්තං [email protected] ඊමේල් ලිපිනය හරහා මාව දැනුවත් කරන්න. ස්තූතියි!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
2,279 downloadsDownload Where-Is-The-Friends-House-1987.zip59 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත මධුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසිත මධුෂාන්
Subtitles
24 comments
Dhanura46
රොෂාන් ශමීර
ජය වේවා...
indika75
Thanks..
සහෘද
මිණිමුතු යට යන ගොමරිති මතුවන මෙවන් කලෙක හුදීජන පහන් සංවේගය වෙනුවෙන් මෙවන් මාණික්‍ය රත්නයක් බඳු සලරුවක්වක් හඳුන්වා දුන් හසිත සහෘදයාණෙනි ඔබට බෙහෙවින් ම පින් ! හසිත මධුෂාන් යන නම උසස් සිනමා රසකැමි දනන් තුඩ තුඩ සදාකල් රැව්දේවා ! මේ උපැසිරැසිය හෙළ බසින් තැබුවාටත්, සිනමා රසිකයන්ට හඳන්වා දෙමින් ලියූ සාරගර්භ ලියමනටත් අපගේ ප්‍රණාමය !
හසිත මධුෂාන්
බොහොමත්ම ස්තූතියි....!
ඒ භාෂා භාවිතය ප්‍රේමකුමාර ගම්ලත් මහතාගේ වගේමයි...
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සබ් එකට :) :) පුළුවන් නම් Jason and the Argounauts (1963) film එකට සබ් දෙන්න
හසිත මධුෂාන්
ග්‍රීක වීර කතා ඇසුරින් හැදුන ෆිල්ම් එකක් නේද සහෝ. මම බලලනම් නෑ. බලලම කියන්නම් හොහොමද කියලා...
Ishan Madusha
බොහොම ස්තූතියි උපසිරැසියට
Janath
Thanks Bro..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Bandara
හසිතගෙ සබ් ගැන ඉතින් හිතන්න දෙයක් නැහැ. බලන්න විතරයි තියෙන්නෙ
හසිත මධුෂාන්
බොහොමත්ම ස්තුතියි හැමදාම කමෙන්ට් එකක් දාන්න නතර වෙලා යනවට...
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ..!!
malithmadhushan45
හසිත අයියගේ 2019 පස්සේ අලුත් වැඩක් ඔන්න මාත් ගත්තා. ඔයාගේ වැඩක් නිසා නොබලා ඉන්නේ කොහොමද
sakindu123
අපි ෆිල්ම් එක බැලුවා. සබ්ටයිටල් එක හොඳයි. ජයවේවා!!
Udaya Saman
මමත් මේ ඉරාන සිනමාව රසවිදින්න බොහොම කැමැත්තක් ඇති කෙනෙකි.එවැනි සිනමා කුඩා කථාවක් මනා ආකාරයට හසුරවා ගෙන යනු ලබනවා. හැකිනම් අනිකුත් ඉරාන ෆීල්ම් වලටත් උපසිරසි ලබා දනේන.මේකටත් බොහොම තුති
kumaradasa
Irishmen film eka lipiya kiyawauwa a para tama ma film eka ganda hithuna,bohoma stuthie sub ekata
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Anonymous
හසිත ඔයාගේ උපසිරැසිය නිසා හොඳ ඉරාන සිනමාපට කිහිපයක් පිලිබඳ දැනුවත් උනා. kandahar ෆිල්ම් එකටත් උපසිරසි ලබා දෙන්න ජය වේවා
හසිත මධුෂාන්
මටත් බග ඇරුන හොඳ ෆිල්ම් එකක් වගේ. බොහොම ස්තූතියි මේ ෆිල්ම් එක අදුන්වලා දුන්නට. බළලම කියන්නම් කොහොමද කියලා...
Emi
Thank you
Emi
meka mama ada baluwa...harima lassana film ekak..thanks
Dewadithya
Thanks for sub!
Geethi
ලෝක සිනමාවේ බිහිවූ මෙවැනි වටිනා නිර්මාණ අපේ මව් භාෂාවෙන් රසවිදින්න අවස්ථාව ලබා දීම ගැන බොහොමත්ම ස්තුතියි.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Where Is the Friend’s House? (1987) Sinhala Subtitles | හරි ලස්සන පුංචි හිත්! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/03/Where-Is-the-Friends-Home-Où-est-la-maison-de-mon-ami.jpg)
elaaa.jayen jayama wewa malli