සුභ දවසක් ප්‍රාර්තනා කරනවා හැමෝටම. මේක මගේ 11වෙනි උපසිරසි නිර්මාණය. මේක 90 දශකයේදි ගොඩක් ජනප්‍රිය උන ලස්සන රොමැන්ටික් කොමඩි කතාවක්. ඔයාලා ගොඩ දෙනෙක් මීට පෙර මේ චිත්‍රපටය නරඹා නැතුව ඇති. මේ චිත්‍රපටය නත්තල සහ අලුත් අවුරැද්ද ආශ්‍රිතව නිර්මාණය උන ලස්සන ආදර කතාවක්. ඉතිං මං ඔයාලට මේ චිත්‍රපටය අරගෙන එන්න…

සුභ දවසක් ප්‍රාර්තනා කරනවා හැමෝටම. මේක මගේ 11වෙනි උපසිරසි නිර්මාණය. මේක 90 දශකයේදි ගොඩක් ජනප්‍රිය උන ලස්සන රොමැන්ටික් කොමඩි කතාවක්. ඔයාලා ගොඩ දෙනෙක් මීට පෙර මේ චිත්‍රපටය නරඹා නැතුව ඇති. මේ චිත්‍රපටය නත්තල සහ අලුත් අවුරැද්ද ආශ්‍රිතව නිර්මාණය උන ලස්සන ආදර කතාවක්. ඉතිං මං ඔයාලට මේ චිත්‍රපටය අරගෙන එන්නෙ මේ චිත්‍රපටයට ගොඩක් උචිත කාල වකවානුවකයි.
මෙය තිරගත වී තිබෙන්නෙ 1995 වසරේදී. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත ද්විත්වය නීරෑපණය කරන්නෙ Sandra Bullock සහ Bill Pullman. Sandra Bullock කියලා කියන්නෙ ඔස්කාර් සම්මාන දිනු ගොඩක් දක්ෂ හොලිවුඩ් නිළියක්. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන ලුසීගේ චරිතය ඇය ඉතාමත් දක්ෂ විදිහට නිරෑපණය කරනවා. මොවුන් දෙදෙනාට අමතරව Peter Gallagher, Peter Boyle, Jack Warden යන රංගන ශීල්පීනුත් මෙයට රංගනයෙන් දායක වී තිබෙනවා.
මේ චිත්‍රපටය ඇමරිකන් ඩොලර් මිලියන 182ක ඉහල බොක්ස් ඔෆිස් ආදායමක් උපයා තිබෙනවා. එමෙන්ම මෙය 6.7 ක IMDB අගයකුත් හිමි කරගෙන තිබෙනවා. ඇත්තටම මේ චිත්‍රපටය මං මෙතෙක් නරඹපු හොඳම ආදර කතා වලින් එකක්. ආරම්භයේ ඉඳින් අවසානය වෙනකම්ම එකම රිද්මයක් තිබෙන හාස්‍ය රසය, කුතුහලය සහ ආදරණියත්වය මිශ්‍ර උන මේ වගේ නිර්මාණ අපට දකින්නට ලැබෙන්නෙ ගොඩක් කලාතුරකින්. මේ චිත්‍රපටයේ ධාවන කාලය මිනිත්තු 103ක්. ඒත් චිත්‍රපටය බලලා ඉවර වෙනකොට මේ කාලය ගත උනාද නැද්ද කියලා හිතාගන්න අමාරැයි. මොකද ඒ තරම්ම එක හුස්මට මේ චිත්‍රපටය බලලා ඉවරයක් කරන්න පුළුවන්.
දැන් මං මෙහි කතාව ගැනත් පොඩි විස්තරයක් කරන්නම්. මේ චිත්‍රපටය ආරම්භ වෙන්නෙ ලුසී නැමැති තරැණියකගෙන්. ඇයගේ මව සහ පියා මිය ගොසින්. ඇය කාත් කවුරැවත් නොමැතිව තනියම ජීවිතය ගෙවන කෙනෙක්. ඇය දුම්රිය ස්ථානයක ටෝකන් භාරගන්නියක් හැටියට තමා රැකියාව කරන්නෙ. මෙන්න මේ ලුසීට, දිනපතා රැකියාවට යෑම සඳහා දුම්රියේ යෑමට පැමිණෙන තරැණයෙක් ගැන සිතක් පහල වෙනවා. ඒත් ඇයට මේ පිළිබඳව ඔහුට පැවසීමට අවස්තාවක් නම් ලැබෙන්නෙ නෑ. නමුත් නොසිතු මොහොතක සිදුවන අපූරැ සිදුවීමක් නිසා මේ දෙන්නාට එක් වීමට අවස්තාවක් ලැබෙනවා. නමුත් ඒ ලුසී කිසිසේත් බලාපොරොත්තු වු ආකාරයකට නම් නෙමේ. ඉතිං මේ සිදුවීම නිසා ලුසීට තමා කිසිසේත්ම බලාපොරොත්තු නොවු සිදුවීම් රාශියකට මුහුණ පාන්නට ලැබෙනවා. ඉතිං ලුසීට තම ආදරවන්තයාව හිමි කරගැනීමට අවස්තාවක් ලැබෙයිද?
ඇත්තටම මං මේ චිත්‍රපටයට පුංචි ප්‍රවිශ්ට වීමක් පමණයි ලබා දුන්නෙ. හරියම කිව්වොත් මෙතනින් තමයි කතාව පටන් ගන්නෙ. මේ චිත්‍රපටයට උපසිරසක් කරන්න මං තෝරගත්තෙ 720p බ්ලුරේ කොපියක්. ඒකේ කොලිටිය ගොඩක් ඉහල මට්ටමක පවතිනවා. ඒ වගේම ඒ ටොරන්ට් එක බොහොම ලේසියෙන් සොයාගන්න පුළුවන් එකක්. ඉතිං මේ ලස්සන ආදර කතාව ඔයාලා ගොඩක් සතුටින් රස විඳවියැයි කියා බලාපොරොත්තු වෙනවා. තවත් උපසිරසක් සමගින් ලඟඳීම පැමිනෙන්නම්.
ඔබ සැමට ජයෙන් ජය පතමි!
Due to copyright issues, we do not provide any torrent links.
While You Were Sleeping 1995 BRRip 720p x264 AAC – PRiSTiNE
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
1,718 downloadsDownload While_You_Were_Sleeping_1995_baisocopelk-1.zip63 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “James DC” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
James DC
Subtitles
12 comments
Kantha_DLA
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
ජය වේවා!
බුදු සරණයි!KAVINDA GAMAGE
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ඒවා වලට උපසිරැසි දෙන්න.
දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ.අසිත
elama saho thanks
Kulanjana Maduranga
niayamai…thanks James DC saho..sub ekata..digatama sub demu.jaya wewa……
Dulanga
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dasitha147
bohoma sthuthie saho upasirasiyata! obata jaya!
Pasan
උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ..
Rukshan37
Ela
Anonymous
subtitle rar file open wen na damage kyla watenawa
Sanupa Ranmeth - Admin
Fixed :)
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......
අපගේ මෙම ජනප්‍රිය වෙබ් අඩවිය
යථා තත්වයට පත්කරදීමට සහයදෙන
ඔබ සැමට මාගේ ප්‍රණාමය........!