ගමේ මාවත, මා නිවසට කැදවාගෙන යන්න මම අයිති තැනට, බටහිර වර්ජිනියාවට, මා(ම්)මා කදුවැටියට, මා නිවසට කැදවා ගෙන යන්න.. ගමේ මාවත කොනිචිවා!! .මම ෂිසූකූ සුකිෂිමා. තවම උසස් පාසලට ගිහිල්ල නෑ. යන්න බලාපොරොත්තුවෙනුයි ඉන්නේ. මම පොත් කියවන්න හුගක් කැමතියි. ඒත් මම කියවන හැම පොතක්ම මට කලින් එක්කෙනෙක් කියවනවා. මම දැ…

ගමේ මාවත, මා නිවසට කැදවාගෙන යන්න
මම අයිති තැනට,
බටහිර වර්ජිනියාවට,
මා(ම්)මා කදුවැටියට, මා නිවසට කැදවා ගෙන යන්න..
ගමේ මාවත
කොනිචිවා!! .මම ෂිසූකූ සුකිෂිමා. තවම උසස් පාසලට ගිහිල්ල නෑ. යන්න බලාපොරොත්තුවෙනුයි ඉන්නේ. මම පොත් කියවන්න හුගක් කැමතියි. ඒත් මම කියවන හැම පොතක්ම මට කලින් එක්කෙනෙක් කියවනවා. මම දැනගන්න කැමතියි එයා කවුද කියලා. මම එයාගේ නම නං දන්නවා. ඒ සෙයිජි ආමසාවා. මගේ පාසලේ මම වැඩිපුර යාළුවෝ ආශ්‍රය කරන්නේ නෑ. හොදම යාළුවෝ කීපදෙනෙක් ඉන්නවා. ඒත් යූකෝ තමයි හොදම යාළුවා. එයායි මමයි සහෝදරියෝ වගේ. අපි දෙන්න දුක සැප දෙකම බෙදාගන්නවා. දවසක් මමයි එයයි ක්‍රීඩා පිට්ටනියේ බංකුවක ළග කථා කරකර යි හිටියේ. උඩ තියෙන මගේ කවියේ මුල් නිර්මාණය මම මුලින්ම එයාටයි පෙන්නුවේ. මම තවත් කවියක් ඒකට සමගාමව ලිව්වා. ඒකට අපි හොදට හිනාඋණා. එතන ඉන්නකෙට එකපාරම පිරිමි ළමයෙක් කෑ ගැහුවා. ඒ තමයි සුජිමුරා. අපි හුගක් කාලෙක ඉදන් අදුනනවා. ඒත් යූකෝ එයාව දැක්කහම.. ඒ ගැන කියල වැඩක් නෑ. එදා අහම්බෙන් මම මගේ එතන දාල ගිහින්. මම ගිහිං බලනකොට කවුදෝ ඒක කියවනවා.
මම එයාගෙන් මගේ පොත ඉල්ලුවා. මෝඩයා! එයා බලල තියෙන්නේ මගේ පොත නොවයි. මම ලියපු අනිත් කවිය. මට හොදටම තරහ ගියා. අවසරයක් නැතිව කවුරුත් කොහොමද කාගෙවත් දෙයක් කියවන්නේ?. මට හරියට තරහ ගියා. ඒත් මම දිනපතා පුස්තකාලෙ ගියපු නිසා ඒක එච්චර ගාණක් උණේ නෑ. ඒත් මාව හමුවෙන හැම දවසකම එයා මට විහිළුවක් කරලයි යන්නේ. ඒකට මට හරි තරහයි. දවසක් මම ගෙදර ඉද්දී යූකෝ මට කොල් කළා. කිව්වා ගෙදරින් ලියට එන්න කියලා. මම එයා එන්න කියපු තැනට ගිහිං බලද්දී එයා හොදටෝම අඩනවා. සුජිමුරා එයාට කියල එයාගේ යාළුවෙක් එක්ක දිනයක් ගත කරන්න යන්න කියලා. ඒ මෝඩයා දන්නේ නෑ යූකෝ එයාට ආදරෙයි කියලා. එයා විභාගෙටවත් ආවේ නෑ. එදා විභාගෙ ඉවර උණට පස්සේ සුජිමුරා මාව තැනකට එක්කන් ගියා. මම යූකෝ ගැන කියද්දී එයා මට කිව්වේ එයා මටයි ආදරේ කරන්නේ කියලා. මම යන්න හදද්දී එයා මගේ අත තදින් අල්ල ගත්තා. ඒත් මට යාළුවට ද්‍රෝහි වෙන්න බෑ. අනික මම එයාව ආශ්‍රය කළේ යාළුවෙක් විදිහට විතරයි. ඒ නිසා මම එයාගේ ආදරේ පිළිගත්තෙ නෑ.
මට කුතුහලයක් තිබ්බා කවුද මේ සෙයිජි ආමසාවා කියන්නේ කියලා! මම ප්‍රාර්ථනා කළා වැරදිලාවත් ඒ කොල්ලා අර මට පිට්ටනිය ගාව හමු උන කොල්ලා නං වෙන්න එපා කියලා. ඒත් දවසක් මම කෝච්චියෙ හිටපු පූසෙක් පස්සෙ ගිහිං නැවතුණේ ඒ කොල්ලගේ සීයගෙ කඩේ ගාව. ඒ සීය හරිම කරුණාවන්තයි. මම දවස් දෙක තුනක් එහෙ ගියා. එතනිනුයි මම දැන ගත්තේ මේ සීයා අර කොල්ලගෙ සීයයි කියලා. එයයි මමයි යාළුවො උණේ නොදැනිම. එයාට හොදට වයලීන් ප්ලේ කරන්න පුළුවන්. දවසක් මම ඒ කඩේට යද්දී ඒ කඩේ වහල නිසා මම එයත් එක්ක පිටිපස්සේ දොරෙන් කඩේ ඇතුළට ගියා. මම ජීවිතේ දකින්න ආස කරපු ලස්සන දෙයක් මට එතනදී දකින්න ලැබුණා. එදා මම සින්දු කියද්දී එයා වයලින් ගැහුවා. එතකොටයි එයාගේ සීයයි එයාගේ යාළුවොයි හොරෙන්ම ඇවිල්ලා අපේ සින්දුවට සහය උණේ. එතනදී එක යාළුවෙක් එයාට කථා කළේ සෙයිජි කියලා. මොනවා මට අදහන්නත් බෑ. සෙයිජී ! සෙයිජී ආමසාවා?. මම කොහොමද ඒක විශ්වාස කරන්නේ?
මෙතනින් මම කතාව නවත්තන්නම්. නැත්තං ඔයාලට මේක බලන්නත් එපා වෙයි. හැබැයි මම මෙතෙක් කියපු දේට වඩා දෙයක් කථාවේ තියෙනවා හොදේ!. මම ටිකෙන් ටික සෙයිජිට ලං උණේ කොහොමද? අපේ අරමුණු මොනවද කියලා ඔයාලටම බලාගන්න පුළුවන් වෙයි. එහෙනං. සයොනරා!!
3cf3845253e8c07e3f9092bcafa5aa1b50186d40 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
734 downloadsDownload Whisper.o.t.Heart_.1995.baiscopelk.zip49 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/DeepthaT.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දීප්ත තුෂාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දීප්ත තුෂාර
Subtitles
26 comments
Gayashan
sajeevi
thanks
නලින්
ස්තුතියි දිප්ත සහෝ.. ලස්සන කථාවක් වගේ
ජය වේවා!
Naween
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.දිගටම සබ් දෙන්න.ඔබට ජයෙන් ජය....!!!
me
Thanks
thisal
එල එල ඩිස්නිලගෙ නිසා අනිවා බලනවා ටැන්ක්ස්
චන්දිම අමරසිංහ
නියමයි සහෝ ඔන්න බැවා ස්තුතියි..
සුභපැතුම් දිගටම කරගෙන යමු..
ජයෙන් ජය..%janith
thanx machan... mama hari asai me wage cartoon walata thawa denna puluwannam
dheeptha thushara
mama danatamath baaragenai thiyenne thawa ekak oya giya paarath kiyapu nisama. ikmanatame dennam.
තිසර නියෝ (Thisara Buddhika)
සබට තුති.
ජයවේවා.
ඊළඟ උපසිරසියෙන් හමුවෙමුKulanjana Maduranga
ela.subata thanks DHEEPTHA saho.digatama sub demu.jaya wewa.........
“චූටී මල්ලි”
එල එල මචන්
ලස්සන කාටුන් එකක් වගෙ
සබට තුති
ඔබට ජය........jayani chathupraba
Thank youuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu
රොයිලි
බොහොම ස්තූතියි දීප්ත සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
Emi
Thank you soooooooooooooooooooooooooooo much
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Chamindu
උපසිරැසියට බොහොම ස්තූතියි
සිතුම් L. කෝදාගොඩ
අඩේ පට්ට මචං.මන් මේකේ සබ් එක හොයා හොයා හිටියේ.තැන්කූ වේවා.
I.W.M.S Ilangakoon
MACHAN THANZ WENNA ONE ME WAGE LASSANA KATAWAK DUNNATA,,,
KOHOMATH JAPAN CARTOON WALA AMUTHUMA LASSANAK TIYENAWA,,
ME KATAWA GODAKMA LASSANAI,,,
MEKA TRUE STORY EKADDA?????????????
TAWA TAWA ME WAGE JAPAN CARTOON KATA DIGATAMA DENNA BALANNA,,,
EHENAM AIMATH THANKZ WEWA,,
DIGATAMA DEMU ,,
JAYA WEWA,,,kavinda
thank you
janith
thanks. Japanese new films walatath sub denna.
ishan madusha
ස්තුතියි සහෝ උපසිරසට
Amalka Himeshan
බොහෝම ස්තුතියි සහෝ උපසිරසට
kasun berett
ithuru studio ghibli movies tiakatayh subs dennako meke nathi ewata
sasanka sathyajith
Thanks for the sub
Pavith Wijesooriya
ගොඩක් ස්තූතිවන්ත වෙනවා අයියේ මේ ඇනිමේ එකට සබ් එක දීපූ එකට...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks...