ටික කාලයකට පසුව මම අද ඔයාලාට ගෙනාවේ මේ වසරේ Marvel සමාගමේ සාර්ථකම වාර්තා පිට වාර්තා තැබූ අති දැවැන්ත නිර්මාණයක් වූ Guardians of the Galaxy චිත්‍රපටයයි. 2014 අගෝස්තු 01 වනදා තිරගත කිරිම ඇරඹූ මේ චිත්‍රපටය මේ වන විට Imdb ශ්‍රේණිගත කිරිමේ 8.6 අගයක් ලබාගෙන 55 වන ස්ථානයේ රැදිසිටිනවා. විනාඩි 121 ක් පුරා ද…
ටික කාලයකට පසුව මම අද ඔයාලාට ගෙනාවේ මේ වසරේ Marvel සමාගමේ සාර්ථකම වාර්තා පිට වාර්තා තැබූ අති දැවැන්ත නිර්මාණයක් වූ Guardians of the Galaxy චිත්‍රපටයයි. 2014 අගෝස්තු 01 වනදා තිරගත කිරිම ඇරඹූ මේ චිත්‍රපටය මේ වන විට Imdb ශ්‍රේණිගත කිරිමේ 8.6 අගයක් ලබාගෙන 55 වන ස්ථානයේ රැදිසිටිනවා. විනාඩි 121 ක් පුරා දිවෙන මේ නිර්මාණය සදහා ඩොලර් මිලියන 170ක වියදමක් ගණන් බලා ඇති අතර ප්‍රදර්ශනය අරඹා පළවෙනි සතියේ වාර්ථාගත ආකාරයට ඇමරිකාවේ පමණක් මිලියන 94ක් උපයාගෙන තිබෙනවා. Box office වාර්ථා වලට හිමිකම් කියූ මේ චිත්‍රපටය මේවන විට ඩොලර් මිලියන 327ක දළ ආදායමක් ලබාගෙන තිබෙනවා. මේ චිත්‍රපටිය කොතරම් සාර්ථක වෙලාද කියනවා නම් 2017 මැයි මාසයේදි මෙම චිත්‍රපටියේ දෙවන කොටස තිරගත කරන්න මේ වනවිටත් සැලසුම් කරලා අවසානයි. ඒ වාගෙම මෙම චිත්‍රපටියට පාදක කරගෙන තියෙන්නේ Guardians of the Galaxy (1969) සහ Guardians of the Galaxy (2008) නමින් නිකුත් වූ Marvel Comic Book කීපයයි.
මේ කතාවේ Chris Pratt, Peter Quill ලෙසින් ප්‍රධාන චරිතයට පණ පොවනවා. ප්‍රධාන නිලිය ලෙසින් පණ පොවන්නේ Avatar කතා මාලාවේත් ප්‍රධාන නිලිය ලෙසින් රගපෑ Zoe Saldanaය. ඒ වාගේම Smack Down තරුවක් වුන Dave Bautista, Drax ලෙසින්ද Fast & Furious 6 තුලින් ජනාදරයට පත් වූ Vin Diesel, Groot චරිතයට හඩකවමින්ද The Hangover (2009) චිත්‍රපටියේ රගපෑ Bradley Cooper, Rocket චරිතයට හඩකවමින්ද මේ චිත්‍රපටයට දායක වෙනවා.
පිටර් කියන්නේ සාමාන්‍ය ළමයෙක්. ඒත් එයාගේ අම්මා හදිසියේම අසනිපයක් නිසා මිය යනවා. ඒ අතරතුර කවුරුවත් නොසිතූ විදියට Ravagersලාගේ නායකතුමා වුන යොන්ඩු විසි පැහැරගෙන ගිහින් හදාවඩා ගන්නවා. හැබැයි මේ පීටර් කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි රාජකිය හොරෙක්. කොහොමෙන් කොහොම හරි මෙයා රොනන් කියන භයානක නායකයාට අවශ්‍ය වුන බලගතු ගෝලයක් (Orbe) යන්ත්‍රය හොරකම් කරන්න ගිහින් මට්ටු වෙනවා. හැබැයි තනියම නෙවෙයි රොනන්ගේ රණ ශූරියක් වුන ගැමෝරා, රූට් සහ රොකට් කියන අයත් පීටර් එක්ක හිරේට යනවා. ඒ හිරෙන් පැනලා යන්න මෙයාලා උත්සහ කරද්දි පුදුම සහගත දේවල් වෙනවා. ඒ අතර තුර රෙනන් අර ගෝලය හොයාගෙන මෙයාලා පස්සේ පන්නනවා. ඉතින් මේ ගෝලය රොනන්ට ගන්න පුලුවන් වෙයිද? මේ ගෝලයෙන් කරන්න පුලුවන්නේ මොනවගේ දේවල්ද කියලා දැනගන්න නම් මේ චිත්‍රපටිය ඔයාලට බලන්නම වෙනවා.
මේ චිත්‍රපටිය ගැන අමතර කරුණු ටිකකුත් කියන්නම්.
- G.I. Joe: The Rise of Cobra (2009) චිත්‍රපටිය විසින් මීට පෙර අගෝස්තු මාසයේ විශාලම තිරගත වීම ලෙස චිත්‍රපට ශාලා 4007ක ප්‍රදර්ශනය කර තබා තිබූ වාර්තාව චිත්‍රපට ශාලා 4080ක තිරගත කිරිමෙන් මෙම චිත්‍රපටිය විසින් බිද දමා තිබෙනවා.
- මෙම චිත්‍රපටියේ “Awesome Mix, Vol. 1” soundtrack එක US Billboard 200 chart එකේ මුල් තැන ලබාගත්තා, එහි විශේෂත්වය තමයි original ගීත කිසිවක් නොමැතිව ප්‍රථම ස්ථනය ලබාගත්ත පළමු soundtrack එක මෙය විමයි.
- Dave Bautistaට මෙම චිත්‍රපටියේ Drax චරිතය ලැබෙනවා කියා ආරංචි ලැබුනාම ඔහුට සතුටු කදුලු ඇවිත් තිබෙනවා. ඒ මොකද Marvel comic-book චරිතයක් රගපැමට අවස්ථාව ලැබුනු නිසයි. ඒ නිසාම ඔහු අමතර රංගකලා පන්ති වලටත් සහභාගි වෙලා තිබෙනවා.
- Guardians of the Galaxy ගැන මාර්වල් සමාගම 1969 ජනවාරි මාසයේදි මෙයට වඩා වෙනස් කණ්ඩායමක් ඇතුලත් තර ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. නමුත් මේ චිත්‍රපටියේ සිටින Marvel Comics චරිත පිලිබදව පළවෙනි Star Wars චිත්‍රපටිය නිකුත් විමටත් පෙර සිටන් Marvel චිත්‍රපට වලින් දැකගන්නට ලැබී තිබෙනවා.
1. Star-Lord 1976 ජනවාරි මාසයේ Marvel Previewහිදී ද
2. Rocket Raccoon 1976 දී Marvel Previewහිදී ද
3. Gamora 1975 ජූනි මාසයේ Strange Talesහිදී ද
4. Drax the Destroyer 1973 පෙබරවාරි මාසයේ Iron Man චිත්‍රපටියේද
5. Groot 1960 නොවැම්බර් මාසයේ Tales to Astonishහිදී ද
- Nebula 1985 ජූලි මාසයේ The Avengers චිත්‍රපටියේද ප්‍රථම වතාවට පෙනී සිට තිබෙනවා.
මේ පීටර් හොරකම් කරපු ඕර්බ් කියන ගෝලයේ තිබෙන්නේ ශක්ති මැණිකයි (Power Gem). කොමික් පොත්වල සදහන් වල පරිදි මේ ආකාරයේ මැණික් වර්ග 7ක් තිබෙන අතර ඒවා ආරක්ෂා කරන්න වෙන වෙනම සාමාජිකයින් 7 දෙනෙකුත් සිටිනවා. හැබැයි මේ ආරක්ෂකයන්ගේ අනන්‍යතාවය හැමෝටම රහසක් විදියටයි තිබෙන්නේ. ඒ මැණික් 7 සහ ඒවා ආරක්ෂා කරන ආරක්ෂකයන් පහත පරිදිවේ.
1. Adam Warlock – Soul Gem.
2. Gamora – Time Gem.
3. Moondragon – Mind Gem.
4. Pip the Troll – Space Gem.
5. Drax the Destructor – Power Gem.
“මගේ නම ගෘට්”
තවත් උපසිරසියකින් නැවත මුනගැසෙමු. එතෙක් ඔබ සැමට ජය… . . !
515 MB (DVD) කොපිය මෙතනින් බාගන්න a875d2ce2ecb80d5382afb9b287ca018e053475d 800 MB (BD) කොපිය මෙතනින් බාගන්න 4158E881DCEED67746818DC8E648A93951AF5C1B 852 MB (DVD) කොපිය මෙතනින් බාගන්න d9ebfc6100b7dd58c41d8548e3b43e290ef3a688 870 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න 836D2E8C6350E4CE3800E812B60DE53A63FEB027 1.01 GB (DVD) කොපිය මෙතනින් බාගන්න 2f37b5968c4fb1d559a7d6a569226bb83764f270 1.03 GB (BR) කොපිය මෙතනින් බාගන්න 6A0CB6A0A5D5B0D4CBCF0D56A92A87DE4C5AA7B6 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
28,534 downloadsDownload Guardians-of-the-Galaxy-2014-BR.zip364 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
213 comments
RUKI
Avishka Indula
Math okama thamai kiyanna hitiye
NAMAL
PATTA
හසන්ත
නියමයි කවිඳු මල්ලි. කිව්ව ගමන් ෆ්ලෑෂ් වගේ සබ් දාලා එවලා තිබ්බා. මේ වගේ කතාවක් නම් සබ් එකක් නැතුව බලල මෙලෝ හසරක් තේරෙන්නේ නැහැ. එහෙනම් ජයවේවා!!! ගොඩක් පින් සබ් එකට.
namal
නියමයි සහෝ....
මග බලාන හිටියේ සබ් දෙනකන්...
සබට තුති..ජය!!!ගයාන් රූකාන්ත (ජෝනා)
ඊයේ ෆිල්ම් එක ගත්තා අද උදේ ඉදන් තුන් පාරක් අවා
සබ් එක දීලද බලන්න මෙන් දිලිසි දිලිසි තියනවා
එලම තමා කවිදුවෝ..දැන්මම බලන්න ඕනේ
සබට තුති ජය :) :) ෆ්ලෑෂ් එකත් ඉක්මනටම ඕනේ හොදේ.නලින්
ස්තුතියි කවිදු සහෝ! මෙක එනකම් ඉතිං බල බල හිටියේ කියලා ආයේත් කියන්න දෙයක් නැහැ නේ..
බ්ලු රිපක් එනකම්ම මම නම් ඔන්න ඉන්නවා..
ස්තුතියි! ජය වේවා!
hansi
yeah we need blu-ray
chamara southern
niyamay kavindu malli honda copiya awa gaman sub dunnata , oyatath baiscope ekatath sada jaya...
Global
Patta Thanks Kollo..
Lipiyath Hondai..
Obata Samada Jaya..!Dimuthu
Thank you..
asiri
maxxaaa
iss
thanksssssssss lot bro
පැතුම් චතුරංග
හේ හේ මෙන්න එනකම් බල බල හිතපු සුපිරි ෆිලුමක් ගෙනල්ලා..
නියමයි සහෝ..
සබට බොහොම ස්තුතියි.. :) :)
ජය වේවා.. :) :)sajeevi
thanks.
meka nam balannama ona.අශේන් මදුශංක
නියමයි නියමයි...
සතියක් විතර මේකම බල බල ඉන්න පුළුවන් දැන්.
බොහොම ස්තූතියි සහෝ..!Tharindu
නියමයි... නියමයි...
ෆිලුමට සබ් එක දෙනකන් මග බලන් හිටියෙ :) :)
බොහොම ස්තූතියි සහො...
ඔබට ජය...!thilan
super movie ela thankuwewa sub ekata
විනෝද්
ela elaaa sahoo... emakamma balan hitiya film ekak
චන්දිම අමරසිංහ
නියමයි සහෝ ඔන්න බැවා ස්තුතියි..
සුභපැතුම් දිගටම කරගෙන යමු..
ජයෙන් ජය..%Asantha Akila
niyamai niyamai thanxx :D
සමීර චතුරංග
පිස්සුවක් නොවැ..
නියමයි කවිඳුවා...
මේක නම් අනිවා බලනවා.
තවත් හොඳ කොපි එනකම් ඉන්න බැරුවා වාගේ..
මේ කොපිය බලනවා මමත් ඔන්න.
උපසිරැසිය ඉක්මණට දුන්නු එක නම් ගොඩක් වටිනවා.
දිගින් දිගටම උපසිරසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න ඕනේ.
ජය!!!!salika
thanks brother!!!!!!
udith indunil
i love u
Jamson
Thanks a lot.. grt work.
ANTON
Onna mamath banna damma...
thanks broashan
තැන්කු වේවා
yasasa lakmintha
ඈඩෙනව තනි ඈහෑට,, :) මාස ගානක් බලන් හිටියා මේ සිලුම එනකම්, Br rip එක ආපු ගමන් බලනවා.. තවත් මේ වගේ සුපිරි සිලුමකට සබ් දෙන්න පුලුවන් වෙන්න කියලා සුබ පතනවා,, ජය වේවා සහෝ... ! :)
කැලුම් ගුණසේකර
නලින් කිව්වා වගේ බ්ලු රේ එකක් එනකන් ඉන්නවා. ස්තුතියි සහෝ උපසිරැසියට.
hansi
yeah we watch only blu-ray
මධුශාන්(ගජිනි)
thank මචන්......
nice work.......
මාත් BrRip එනකල් ඉන්නවා සහෝ.. BrRip ආව ගමන් update පාරක් දාල දෙන්න...c.n.k
thanks yaluwa.mama bewa. jaya.......
ප්‍රසාද්
බොහොම ස්තූතී යාලුවේ.
avishka
thanks machan :)
yash
බොහොම ස්තූතියි . පුලුවන්නං camp x ray එකට සබ් දාලා දියන් මචං පට්ටයි ඒක
sujith lasantha
br copy ekatath ekmanata sub denta. thanks
hansi
yeah we need sub for blu-ray
indunil
මේ හන්සිය එක්ක බෑනේ
Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය…….
hansi
Blu-ray copy ekakata sub denna. 720p & 1080p then we can watch better.
hansi
we are waiting for a blu-ray copy. thanks.!!!
Waruna
Thanks!!
Akila Janith
adoww patta machan gdkk thnxxxx ......
Himesh perera
Machan sub ekata thnx
me dvd cam copy ekakda bn ?me
Thanks
Saketha Pulasthi
මේ වගේ සුපිරි ෆිලුමක් DVD Rip එකකින් බැලුවත් හිතට හරි මදි..BR එනකන් ඉන්නවා. ආපු ගමන්ම සබ් අප්ඩේට් කරන්න..උපසිරසියට බොහොම ස්තූතියි :)
ප්‍රසාද් එරන්ද
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන. මේ වගේම තවත් සුපිරි චිත්‍රපටිවලට ඉදිරියේදීත් උපසිරැසි නිර්මාණය කරන්න හැකියාව ලැබේවා. බයිස්කෝප් පිටුවට සුභ පතනවා.
BadAss
ඇයි බං මේ හැමෝම BrRip එනකම් ඉන්නෙ ෆිලුම් වල? මමනම් මොකක් උනත් සයිස් එක අඩුනම් විතරයි ඔන්න බාන්නෙ.
thisal
ඇයි බන් උබ BRRIP ෆිල්ම් බලලා නැද්ද? උපරිම රසවින්දනයක් ඔනි නම් BRRIP බලපන් , පොඩි පොඩි කොපි බලලා වැඩක් නැ ඉට වාඅ හොදයි කඩෙ තියෙන collection dvd බලනවා...
thisal
එල එල ඉලග මාසෙ මෙකෙ BRRIP එල එනවා එතකොට බලමු තැන්ක්ස්
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
සුපිර් ෆිලුමක් නේ අපේ ඇරෝ මල්‍ලි ගෙනත් තියෙන්‍නේ.
ගොඩ කල් ඉදලා බලන්‍න ආශාවෙන් හිටිය ෆිලුමක්.
නියම වැඩක් කවිදු සහෝ.
සිංහල උපසිරැසි වලට ගොඩාක් ස්‍තූතියි...
දිගටම සබ් දෙන්‍න අවැසි ශක්‍තිය ලැබේවා!!!!
ජයෙන් ජයම වේවා!!!!!!!!!kasun
pattai thanks saho..
kasun
the maze runner ekata sab eka dala dipan macho ..godak pin
dev
niyamai....mn meka beluwa 3D WALIN maxxa...
Br copy ekak enakan innawa baganna....දමිත්
නියමයි සහෝ..
BR-rip එක එනකම් තමයි මාත් ටිකක් පරක්කු කලේ.
කමක් නෑ ඒ රිප් එක ආවාමත් සබ් එක අප්ඩේට් වෙයිනේ.
මහන්සියට ගොඩක් ස්තුතියි.
ජයෙන් ජයසංක
බොහොම ස්තූතියි.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Guardians of the Galaxy (2014) |මන්දාකිනියේ ආරක්ෂකයෝ….. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/Guardians-of-the-Galaxy-2014.jpg)

thanx bro........