හොඳයි,, කොහෙන් පටන් ගෙන මොනව ලියන්න ද කියලා හිතාගන්න බෑ. හරි, මම මෙහෙම ලිපිය පටන් ගන්නම්. මේ චිත්‍රපටය තමයි මම මෙතෙක් පළ කරපු උපසිරස වලින් ඉතාමත් හොඳ, නිර්මාණශීලී සිනමා සිත්තම. ක්‍රියාදාම, වීර ක්‍රියා මාතෘකාවලින් බැහැරව නිර්මාණය වුණු ආදර්ශමත් චරිතාපදානයක් කිව්වොත් නිවැරදියි. චිත්‍රපටයට පාදක කරගෙන ත…

හොඳයි,, කොහෙන් පටන් ගෙන මොනව ලියන්න ද කියලා හිතාගන්න බෑ. හරි, මම මෙහෙම ලිපිය පටන් ගන්නම්. මේ චිත්‍රපටය තමයි මම මෙතෙක් පළ කරපු උපසිරස වලින් ඉතාමත් හොඳ, නිර්මාණශීලී සිනමා සිත්තම. ක්‍රියාදාම, වීර ක්‍රියා මාතෘකාවලින් බැහැරව නිර්මාණය වුණු ආදර්ශමත් චරිතාපදානයක් කිව්වොත් නිවැරදියි. චිත්‍රපටයට පාදක කරගෙන තියෙන්නෙ චේල් ස්ට්‍රේයිඩ් රචනා කළ Wild: From Lost to Found on the Pacific Crest Trail යන කෘතිය අලලායි. අධ්‍යක්ෂණයෙන් දායක වන්නේ Jean-Marc Vallée විසින්.
කතාවේ කතා නායිකාව, චේල් ස්ට්‍රේයිඩ් කියන්නෙ පවුලෙ වැඩිමලා. මැයගෙ මව, එහෙමත් නැත්නම් බොබී යන නමින් හඳුන්වන ඇය තම සැමියගෙන් දික්කසාද වෙලයි ඉන්නෙ. චේල් ස්ට්‍රේයිඩ් ට ඉන්නව මල්ලි කෙනෙක්. ඔහු ලීෆ් යන නමින් හඳුන්වනවා. අපි හැමෝටම තමන්ගෙ ජීවිතයේ අමාරු කාළයක් එනවාමනෙ. චේල් හටත් ඒ විදිහමයි. ඇයගෙ ජීවිතේ අමාරු කාළය ඇරඹෙන්නෙ තම මවගෙ වියෝවෙන් පසුයි. එතැන් සිට ඇය ගත කරන්නෙ ඉතාමත් අමිහිරි අත්දැකීම් සහිත ජීවිතයක්. තම ජීවිතයට ඉතාමත් සමීපව උන්නු තම ආදරණීය මව ගේ වෙන් වීම, ඇය මනසින් මෙන්ම, තම ජීවිතයෙන් ද වන්දි ගෙවන්නට තරම් ඇයට සිදුව තිබුණා. එතැන් සිට කඩා වැටුණු තම ජීවිතය, මත්ද්‍රව්‍ය ඇබ්බැහියට, සැම පිරිමියෙකු සමඟම නිඳිගත වන්නට පටන් ගත්තා. එයින් ඇය බලාපොරොත්තු වුණේ සතුටක්. නමුත් එයින් සාධාරණ සතුටක් ලැබිය හැකි බවට ඔබට කියන්න පුළුවන් ද?
ජීවිතය මෙසේ ගෙවා තවත් ඵලක් නැති බව ඇයට වැටහෙන්නට පටන් ගන්නවා. ඇගෙ මව හැමවෙලාවකම උත්සහ කළේ ඇයව වෙනස් ගැහැණියක් බවට පත් කරන්නයි. චේල් එතැන් සිට තම ජීවිතයේ සුන්ඳරත්වය සොයා ගමණක් අරඹනවා. ජීවිතයේ කිසිදාක මෙතෙක් නොදැකපු, නොවිඳපු ලස්සන දේවල් සොයා ගමණක් අරඹනවා. ඒ තමයි අමෙරිකාවේ කැලිෆෝනියා හි පිහිටි පැසිෆික් ක්‍රෙස්ට් ට්‍රේල් (Pacific Crest Trail – PCT) නම් හැතැම්ම 4,286ක වර්ග ප්‍රමාණයක් හිමි ප්‍රදේශය වෙතට පයින් සංචාරය කරන්නට බලාපොරොත්තු වීම. ඇගේ මුළු ගමන හැතැම්ම දහසකටත් වඩා වැඩියි. එය ඉතාමත් දුෂ්කර වූ ගමනක් බව ඔබට වැටහෙනව ඇතිනෙ? ඇයට අවශ්‍යයවන්නෙ ලෝකයේ ගැහැණියකට කරන්න පුළුවන් ඉහලම දේ කළ හැකි බවට ඔප්පු කර පෙන්වන්නයි. සැබැවින්ම ඇය ජීවිතය තුළ වෙනක් ලබයි ද?
මා මේ කියන සිනමා සිත්තමට IMDb චිත්‍රපට දර්ශකය තුලින් 7.2 ක සුවිශේෂී අගයක් ලබා ගැනීම විශේෂයි. ඒ වගේමයි, අපේ කාන්තා පාර්ශවයේ අයට නරඹන්න ඉතාමත් ඉහලින් නිර්දේශ කරන්න පුළුවන් චිත්‍රපටයක් වීමත් ඉතාම විශේෂයි. එහෙනම්, චේල් ස්ට්‍රේයිඩ් ගේ ජීවිත කතාව ඔබට බාරයි… වෙනදා වගේම ඔයාගෙ අදහස පහළින් දක්වලා ගියා නම් ඒක ඇත්තටම මට ලොකු සතුටක්… 🙂 🙂 තවත් උපසිරසියක් සමඟින් හමුවෙමු.
ඔබට ජය෴
5,861 downloadsDownload Wild-2014.baiscopelk.zip81 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යස්මික සෞභාග්‍යය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යස්මික සෞභාග්‍යය
Subtitles
51 comments
එල්.සී. දමැල්
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Mayura
wishwasa karahan machn meka nam aniwa banawa !
Mayura
and it took 3 years and 10 months.
shame on me
pathum chathuranga
බොහොම ස්තුතියි සහෝ උපසිරසට..
ඊලග එකත් එක්මනටම දෙන්ඩෝ....
ජය වේවා.. :) :)
එලස්ස්ස්... :)prabath
ගොඩක් ස්තූතියි සහෝ sub එකට....
ජය වේවා......me
Thanks
indika
thn Q :)
DINU
THANX SAHOO
Global
ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!
kuminda
සබ් එකට ස්තුතියි.....
ROSS
Thanks
#ChalinduDeshan (කිනා)
පරක්කුයි යකෝ. කී දාසක් බලං හිටියද :P
මේං බෑවා.
ලෙසටම තැංකියු.
ජයවේවා!Dhanushka
Thankssssssssssssssssssss!!!!!!!!!!!!!!!
කේ.යූ.ජී. උදාර
අනිවා බලනව මචං............
සිංහල සබට බොහොම ස්තූතියි.Tharindu
Thank you very much sahoo....:)
thisal
tnxx bn sub ekta
Kulanjana Maduranga
niayamai…meka nm balannama ona 1k.onna bawa...thanks YASMIKA saho..sub ekata..digatama sub demu.jaya wewa......
Dimuthu
Kakelin balapu hoda movie ekak. thank you.
nalinda
thanks
නලින්
ස්තුතියි යෂ්මික සහෝ!
ජය වේවා!
sam
Niyamai
lakmal
thnqqqqqqqqqq
Jude
meke heding ekata yatin liyala thiyanawa lamainta kiyala. eka warai neda? wadihiti darsana thiyanwa.obata penune nadda?
රොයිලි
බොහොම ස්තූතියි යස්මික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
අසිත
තැන්ක්යූ වේවා!!!
kanchana
thanku
බ්ලැක් පැන්තර්
බානවා යස්මිකයෝ...
සබට තුති...
ජය වේවා...!!!Nandana
Thank U Yasmika.
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
බලමි, බලමි.
සබට තැන්ක්ස්.
ජය වේවා. !ආශා
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතිය. හරිම ලස්සන චිත්‍රපටයක්. මේක බැලුවම අමෙරිකානු සමාජය පිළිබඳව පුදුම හිතෙනවා. ලංකාවේ නම් මේ වගේ ගැහැණු ළමයෙකුට කිසිම අනාගතයක් නෑ. සමහරවිට අපේ සංස්කෘතිය නිසා වෙන්න ඇති. අනික අපේ රටේ ගැහැණු ළමයෙකුට මේ වගේ සැතපුම් ගාණක ගමනක් තනියෙන් යනව තියා ගෙයින් එලියට බැහැල තනිවම පාසලකටවත් යන්න පුලුවන්ද.......
nidi
Yasmika, onna oyage thawath film ekak beluwa. niyamai, superb! giya wasare api giya hike ekak mathak wuna film eka baladdi. Pattipola station eke indala rail para dige Ohiyata, ethenin lokanthya para dige ihalata gihin wamata thiyena para dige gihin Devil's Stair Case dige pahalata. Bamabara Kanda falls langin Kalupahanata. me film eke wage lassana scenaries godai. puluwankamak thiyenawa nam pls. Twice Born film ekata subs denna. niyama film ekak. thanks. jaya wewa!
oshan
adena film ekak saho...supiri,,thankxx meka dunnata..
දසුන් සුචරිත
බාමි.ස්තුතියි
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P :P ජය
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)tharindu
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!Anonymous
sub eka wadada
Ravindu Heshan - Admin
Dan Wada Karanawa
janaka
thanks lot
Ravindu Prabhath Pathirana
බොහොම ස්තුතියි...!
Ravindu Prabhath Pathirana
Thank you sauva
Umesh
Superb
Waruna Kamalawansha
නියමයි මල්ලි... බොහෝම ස්තූතියි උපසිරැසියට
රුවන්
ගොඩක්ම වටින චිත්‍රපටියක් . කාන්තාවක්ගේ හිතේ පවතින ශක්තිය කොයි තරම් ඉහල දේයක්ද කියන එක මේකේන් හොදටම තේරෙනවා. එත් ලංකාවේ අපේ අම්මලත් ඔයා වගේ දුෂ්කර ජිවිත ගෙවලා තියෙනවා අපිව උසස් තත්වයකට ගන්න
Kaveen Gayath
Grreat bro
ishan
Thanx for your sub
Anonymous
Download කරගන්න බැහැනෙ subtitle එක..
Akila Dilhara
Thanks for Sub...
Akila Dilhara
Thanks for Sub...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

මම අද 1ක
උපසිරසට තුති
ජය...