Watch Trailer

Wildlike (2014) with Sinhala Subtitles | අරමුණක් නැතිව [සිංහල උපසිරසි සමඟ]

දරුවන්ට තමන්ගේ අම්මා, තාත්තා ලඟ නැති වුනාම වෙන මොන නෑදෑයෝ හිටියත් වැඩක් නෑ. විශේෂයෙන්ම ගැහැණු ලමයෙකුට ඒක හොඳටම බලපාන හැටි මේ කතාවෙන් කියා දෙනවා. මොනවා හෝ ගැටලුවක් අම්මා තාත්තා එක්ක කතා කරලා විසඳ ගන්න බැරි නම් පුදුම අපහසුතාවයකට තමයි දරුවෝ පත්වෙන්නේ. ඒ වගේ වෙලාවට පිටත සමාජයෙනුත් පුදුම විදිහේ බලපෑම්…

 

දරුවන්ට තමන්ගේ අම්මා, තාත්තා ලඟ නැති වුනාම වෙන මොන නෑදෑයෝ හිටියත් වැඩක් නෑ. විශේෂයෙන්ම ගැහැණු ලමයෙකුට ඒක හොඳටම බලපාන හැටි මේ කතාවෙන් කියා දෙනවා. මොනවා හෝ ගැටලුවක් අම්මා තාත්තා එක්ක කතා කරලා විසඳ ගන්න බැරි නම් පුදුම අපහසුතාවයකට තමයි දරුවෝ පත්වෙන්නේ. ඒ වගේ වෙලාවට පිටත සමාජයෙනුත් පුදුම විදිහේ බලපෑම් තමයි එල්ල වෙන්නේ. උදව් කරන්න බලාගෙන හොඳ මූණ පෙන්නගෙන හිටියට සතපහකට විශ්වාස කරන්න බැරි සතෙක් තමයි මිනිස් සතා කියන්නේ.

ඉතින් ඒ වගේ වෙලාවට තමන් රැකෙන්න ගන්න ඕන තීරණ ගන්නේ දුර දිග හිතලා බලලා නෙවෙයි. මැකෙන්සි ( Ella Purnell) කියන්නේ මේ ආකාරයට තාත්තා අහිමි වුන අවුරුදු 15ක පමණ තරුණ ගැහැණු ලමයෙක්. අම්මා ජීවත් වෙලා හිටියත් මෙයා ගැන බලන්නේ නෑ. අම්මා විසින් මැකෙන්සිව ඇගේ මාමා කෙනෙක් ලඟට එවනවා ටික කාලෙකට කියලා. නමුත් ඇයට ඔහුගෙන් ලැබෙන්නේ වෙනත් විදිහක ආදරයක්. ඉතින් මැකෙන්සි ඒ ගෙදරින් පලා යනවා. එහෙම යද්දී රෙනේ බාට්ලට් (Bruce Greenwood) කියන සංචාරකයා හමුවෙනවා. ඔහු පුදුම වෙනවා තරුණියක් තනිවම ඉබාගාතේ යන එක ගැන. මැකෙන්සිට තමන්ගේ මාමාගෙන් සිදුවුන අමිහිරි අත්දැකීම් ඔහුගෙන් සඟවලා තියාගන්නවා. ඔහොම තමයි කතාව ගලාගෙන යන්නේ.  අරමුණක් නැතුව පාරට බැහැලා ඇය නැවතත් යන්නේ තමන්ගේ මව හොයාගෙනයි. උත්සාහය සාර්ථක වෙයිද?බොහොම අනුවේදනීය කතාවක්. නමුත් ලස්සනට ගලාගෙන යනවා. අපේම සහෝදරියකට උනා වගේ දැනෙයි බලාගෙන යද්දී. කතාව පුරා දකින්න ලැබෙන්නේ බොහොම ලස්සන දර්ශන තල. කඳු, ගංගා, ඇලදොල, ග්ලැසියර වගේ ඒවා. ගොඩක් ලස්සනයි. Into the Wild 2007,The Revenant 2015, Wild 2014, The Way Back 2010 වගේ චිත්‍රපට ආසාවෙන් බලපු අයට නම් කියාපු එකක්.

චිත්‍ර‍පටිය නිකුත් වෙන්නේ 2014 වර්ෂයේ. Ella Purnell හා Bruce Greenwood මෙහි ප්‍ර‍ධාන චරිත රඟ දක්වනවා. Bruce Greenwood කියන්නේ I, Robot 2004, Star Trek Into Darkness 2013, Thirteen Days 2000 වගේ චිත්‍රපට වල රඟපාපු නියම නලුවෙක්නේ.දැනට IMDB දර්ශකයේ 6.7ක් තියෙන සම්මාන කිහිපයකට යෝජනා වුන චිත්‍රපටයක්. Rotten Tomatoes දර්ශකයේ අගය 100%යි. පැය 1යි මිනිත්තු 44ක් පුරා දිවයන ලස්සන දර්ශන තලවල රූගත කරපු චිත්‍රපටයක්. අනිවා බලන්න කියලා යෝජනා කරනවා.

 

Wildlike (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Wildlike.2014.720p.BluRay.x264-[YTS.AG]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

3,065 downloadsDownload Wildlike-2014.zip24 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිත් තරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දමිත් තරංග

Subtitles

3,065 downloadsDownload Subtitles24 KB

14 comments

  1. චාරුක ඉඳුනිල්

    බොහොම ස්තූතිය උපසිරැසියට

  2. Samuditha sankalpa

    Oyawage boring ewata sub denna epa bro plz arrow sub dannako

  3. Mithun

    Aniwa balanawa ස්තුතියි upasirasi dammata sahoo
    Mat maka dakka sab nati nisa gatta na dm aragannawa jaya wawa

  4. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  5. Wolwerine.

    Thanks for sub!

  6. dilshan

    need sub for
    huttalabbai (2016) sinhala subtitles
    Kalpana 2 (2016) sinhala subtitles
    Njan (2014) Malayalam sinhala subtitles
    Oyee (2016) sinhala subtitles
    Storks 2016 sinhala subtitles
    Taken Heart 2017 sinhala subtitles
    The Boss Baby 2017 sinhala subtitles
    The Secrets of Emily Blair 2017 sinhala subtitles
    Theevram [2012] Malayalam sinhala subtitles
    Antham (2016) sinhala subtitles
    Maanja (2016) sinhala subtitles
    Pattathari (2016) sinhala subtitles
    Khaidi No. 150 (2017) sinhala subtitles
    Premalayam (2016) sinhala subtitles
    Sathamanam Bhavati (2017) sinhala subtitles
    Speedunnodu (2016) sinhala subtitles
    Yaman (2017) sinhala subtitles
    Mupparimanam (2017) sinhala subtitles
    Nisaptham (2017) sinhala subtitles
    *
    Pattathari (2016) sinhala subtitles
    Yaakkai (2017) sinhala subtitles

  7. Helili Hemamali

    Thank you very much..
    Keep it up!

  8. Sanindu Lakkitha

    ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    ~~බුදුසරණයි..ජය වේවා~~

  9. අසිත

    elama saho thanks

  10. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. Chalana

    thnx bro...

  12. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. MAALnath

    Thanks ...................good luck ..................@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--