Watch Trailer

Willy Wonka & the Chocolate Factory (1971) Sinhala Subtitles | විලී වොන්කා හා අරුම පුදුම චොකලට් ෆැක්ටරිය [සිංහල උපසිරැසි සමඟ]

රෝල්ඩ් ඩාල් කියන නම ඇහුවත් ඔයාට අමුතු ගතියක් දැනෙනවානම් ඔයත් පොත්ගුල්ලෙක්. මමියෝ(Big Friendly Giant), Matilda, Esio Trot(ඉබ්බෝ ), The Witches(මායාකාරියෝ ), Charlie and the Great Glass Elevator(චාලි හා අරුම පුදුම වීදුරු සෝපානය), Fantastic Mr Fox(අරුම පුදුම නරිරාල), Danny, the Champion of the World(ස…

රෝල්ඩ් ඩාල් කියන නම ඇහුවත් ඔයාට අමුතු ගතියක් දැනෙනවානම් ඔයත් පොත්ගුල්ලෙක්. මමියෝ(Big Friendly Giant), Matilda, Esio Trot(ඉබ්බෝ ), The Witches(මායාකාරියෝ ), Charlie and the Great Glass Elevator(චාලි හා අරුම පුදුම වීදුරු සෝපානය), Fantastic Mr Fox(අරුම පුදුම නරිරාල), Danny, the Champion of the World(සූර වීර ඩැනී) වගේ පොත් ගණනාවක්ම ලියලා තියෙනවා. මගේ පුංචි කාලෙ රෝල්ඩ් ඩාල්, ඉනිඩ් බ්ලයිටන් වගේ කට්ටිය ගොඩාක් ලස්සන කළා. මම හිතන්නේ මම රෝල්ඩ් ඩාල්ගේ පොත් ඔක්කොම වගේ කියවලා තියෙනවා. ලිපිය කියවන ඔයාලටම තේරෙනවා ඇතිනෙ මට ඒ නම ඇහුනත් පිස්සු වගේ කියලා.😂

Willy Wonka & the Chocolate Factory (1971) නැමැති මේ සලෙරුව Charlie and the Chocplate Factory කියන පොත ඇසුරෙන් හදලා තියෙන්නෙ. සංගීතමය සලෙරුවක් වෙච්ච් මෙය ඔස්කාර් සම්මාන උළෙලේදී 1972 දී Best Original Score සම්මානයට නාම යෝජනා වුනා. පැයයි විනාඩි 29ක් පුරා දිවෙන මේ සලෙරුව Fantasy, Musical, Comedy යන වර්ගීකරණයන්ට අයත් වෙනවා. කුණු තක්කාලි මීටරය 89% ක් හරවන්නත් IMDB දර්ශකයේ 7.8කුත් දිනාගන්න සමත් වෙලා තියෙනවා. මෙහි ගීත එකල ගුවන්විදුලිය පුරාම රැව් දෙන්නට, ජනතා ආකර්ශනයට ලක්වෙලා. මේකෙ සිංදු තොගයක් තියෙනවා. විලී වොන්කා ලෙස Gene Wilderද , ජෝ සීයා ලෙස Jack Albertsonද, චාලි බකට් ලෙස Peter Ostrumද රංගනයෙන් දායක වෙනවා. මේ සලෙරුව Mel Stuartගේ අධ්‍යක්ෂණයක් . Charlie and the Chocplate Factory නමින් 2005දීත් සලෙරුවක් නිකුත් වෙලා තියෙනවා. හැබැයි පුතෝ පොතේ කතාවයි මම අරන් ආව ෆිලුමෙ කතාවයි ටිකක් වෙනස්. උදාහරණයක් ලෙස පොතේ චාලිගෙ තාත්තා ජීවත් වෙනවා. ඒත් මේ ෆිලුමෙ තාත්තා මැරිලා. ඒ වගේ වෙනස්කම් ගනනාවක් තියෙනවා.

අපි කතාවට බැස්සොත් චාලි කියන දුප්පත් එදා වේල අමාරුවෙන් ගැටගහගන්න ළමයාට අහම්බෙන් රන් ටිකට් එකක් හම්බෙනවා වොන්කගෙ චොක්ලට් ෆැක්ටරිය බලන්න යන්න.එයයි එයත් එක්ක යන අනිත් රන් ටිකට් ලාභීන් වන කෑදර, මහත ඔගස්ටස් ග්ලූප්, හුරතල් කරලා නරක් වෙච්ච වෙරූකා, චුවින්ගම් කාලා ලෝක වාර්තා පිහිටපු හිතුවක්කාර වයලට්, පිස්සුවෙන් වගේ ටීවී බලන, වෙඩි තියාගන්න කැමති මයික් ටීවී කියන ළමයිට වෙන කටාව තමා මේක. අපරාදෙ කියන්න බෑ පරණ වුනත් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති සලෙරුවක් තමා මේක. පරණයි කියලා නොබලා ඉන්න එපා. OLD IS GOLD😀 . මේ ළමයි ටිකයි මහා චොකලට් ශිල්පී වොන්කා මහත්තයයි අතරෙ මොනවා වෙයිද? කොහොමත් රාජකීය ගුවන්රො හමුදාවේ ඉද්නදී ඔලුවට වැදුනු පාරකින් පේන්න ගත්ත මනෝ විකාර පොත්ට නැගුවද රෝල්ඩ් ඩාල්ගේ පොත් වලින් ගන්න ගොඩක් දේවල් තියනවා. මේ ෆිලුමෙන් විනෝදයක් රසවින්දනයක් දෙනගමන් යහගුණ වලින් ඔබව පෝෂණය කරාවි. තවත් බලාගන ඉන්නේ ඇයි? දුව, පුතා, නංගි, මල්ලි එකතුකරගන සලෙරුව රසවිදින්න. මේ සබට ටිකක් හැඩ වැඩ දාන්න ගියපු නිසා ඔයාලට දෙන්න ටිකාක් පරක්කු වුනා. ආ! කියන්න ටිකක් දුක හිතෙන ආරංචියක් තියෙනවා. මේක තමා මගේ පළමු උපසිරසිය. ඒ හින්දා අඩුපාඩු එහෙම තිබ්බොත් සමාවෙන්න ඕනා. මගෙ අඩුපාඩු, ඕනෙ දෙයක් comment කරන්න. වැරද්දක් තියේනම් හදාගන්න මම ලෑස්තියි. ආ! ත්ව දෙයක්. මම වගේ පොත්ගුල්ලො තව ඉන්නවානම් ෆිලුම බලලා පොතයි ෆිලුමයි අතර වෙනස්කම් comment කරමුද?

ඔයා කොච්චර දුප්පත් වුනත් හැමවෙලේම අවංක වෙන්න! ඔයාට වරදින්නෙ නෑ.

 

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

3,250 downloadsDownload Willy-Wonka-the-Chocolate-Factory-1971.zip64 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සෙව්මිණී බණ්ඩාරනායක (සහස්‍රා)” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-09-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සෙව්මිණී බණ්ඩාරනායක (සහස්‍රා)

Subtitles

3,250 downloadsDownload Subtitles64 KB

32 comments

  1. කෞශල්‍ය දුෂ්‍යාන්

    පළමු උපසිරසට මගෙන් සුභ පැතුම්.එ් වගේම දිගටම අපිට මේ වගේ රසවත් උපසිරස ලබාදෙන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා.සබට බොහොම තුති.සදා ජය. <3 <3

    1. Sahasra

      බොහොම ස්තූතියි.

  2. එල්.සී. දමැල්

    පළමු වැඩේට සුභපැතුම් සහස්‍රා.

    1. Sahasra

      බොහොම ස්තූතියි.

  3. හසන්ත වික්‍රමරත්ත

    පළමු උපසිරසට සුබ පැතුම් !!!

    1. Sahasra

      බොහොම ස්තූතියි.

  4. Bokka98

    පළමු උපසිරසට මගෙන් සුභ පැතුම් සහෝදරී

    1. Sahasra

      බොහොම ස්තූතියි.

  5. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata

    1. Sahasra

      u are welcome

  6. Kulanjana Maduranga

    g'luck 1st attempt sis...subata thanks...keep it up....

    1. Sahasra

      u are welcome

  7. TharakaWAS

    ela..ela..nangi...
    Subata thanks....
    digatama karan yamu...
    Jaya wewa...!!!!!!!!!

  8. uvgayan

    thanks for sub sis

  9. James DC

    පළවෙනි උපසිරසියට සුභ පැතුම්.

  10. Sanka4761

    Thank you sis

  11. Tharaka

    THANKS!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  12. බොබී

    පොත් කියවන උපසිරැසිකරුවෙක් ඉන්නවා කියලා අහන්නත් සතුටුයි. මොකද ෆිල්ම් බලන අය කම්පියුටරේම නේ ඉන්නේ. තවත් මෙවැනි නිර්මාණ ගෙන ඒමට හැකිවේවා යි සුභ පතනවා.

  13. Janith

    supiri

  14. Priyantha Dayakeerthi

    සෙව්මිණි බණ්ඩාරනායක සොයුරිය,
    ඔබගේ පළමු උපසිරසියට මාගේ සුබපැතුම්!!! ඒ වගේම පැරණි සිනමාපට විශේෂයෙන්ම තෝරාගෙන නරඹන කෙනෙක් හැටියට මා මෙය නරඹා තවදුරටත් අදහස් දක්වන්නම්. ඔබට ස්තුතියි!

  15. gihan perera

    පරණ උනත් මේක නියමයි..වෙච්ච මහන්සියට ගොඩක් ස්තුතියි සහෝදරී..පළමු උපසිරැසි යට උණුසුම් සුභ පැතූමි නංගා්.....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි.....

  16. Mayura

    පලමු උපසිරැසියට සුබ පැතුම් නගේ.
    ලිපියත් එක හුස්මට කියවගෙන යන්න පුලුවන් විදිහට නියමෙට ලියලා. බයිස්කෝප් එකේ දිග ගමනක් යන්න ලැබේවා!

  17. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  18. LuckyDhananjaya

    කතා පොත් පිස්සෙක් විදිහට තවත් ඒ වගේම කෙනෙක් දැනගන්න ලැබීමත් සතුටක්...
    පළමු උපසි‍රැසියට සුභ පැතුම්...තවත් කතා පොත් ආශ්‍රිත Films වලට උපසි‍රැසි ඉදිරියටත් ගෙනේවි කියලා හිතනවා...

  19. suranmainda

    thank you sis.................

  20. Udara Damith Dissanayaka

    මේකේ පරණ එකක් තියෙනවා කියල මන් ද න්නෙත් අද
    දිගටම උපසිරස කරන්ඩෝ

  21. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි.
    ජයෙන් ජය.

  22. Hinniyaka

    bohoma sthuthi ..............:)

  23. kavinuweerakkody

    sthuthii akee'''

  24. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ......

  26. Emi

    thanks