Watch Trailer

Winter’s Tale (2014) with Sinhala Subtiles | සත්‍ය නොවූ සත්‍ය ආදරය [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න තවත් ලස්සන සංවේදී ආදර කතාවක්. මේ වසරේ පෙබරවාරි 14 වනදා සිට තිරගත වීම ඇරඹුණු චිත්‍රපටයක්. සුපුරුදු පරිදි අදහස් දැක්වූ සැමට ස්තුතිය පුද කරනවා. ඒ වගේම මේක මට හොයලා දුන්න විකියා අයියාටත් ස්තුතියි. එක එක විකාර කතා ඕන නැහැනේ. අපි කෙලින්ම චිත්‍රපටිය ගැන බලමු. Drama | Fantasy | Mystery යන කාණ්ඩ යටතේ…

Winter's Taleමෙන්න   තවත් ලස්සන සංවේදී ආදර කතාවක්. මේ වසරේ පෙබරවාරි  14 වනදා සිට තිරගත වීම ඇරඹුණු චිත්‍රපටයක්. සුපුරුදු පරිදි අදහස් දැක්වූ සැමට ස්තුතිය පුද කරනවා. ඒ වගේම මේක මට හොයලා දුන්න විකියා අයියාටත් ස්තුතියි. එක එක විකාර කතා ඕන නැහැනේ. අපි කෙලින්ම චිත්‍රපටිය ගැන බලමු. Drama | Fantasy | Mystery යන  කාණ්ඩ යටතේ වර්ගීකරණය කර ඇති මෙම චිත්‍රපටය Mark Helprin විසින් රචිත නවකතාවක් පාදක කරගෙන ගොඩනැගුණු චිත්‍රපටයක්.  Akiva Goldsman විසින් අධ්‍යක්ෂණය කර ඇති මෙහි ප්‍රධාන චරිතය සඳහා රංගන දායකත්වය ලබා දෙන්නේ  Total Recall සහ Dead Man Down වැනි සුපිරි චිත්‍රපටවල රඟපෑ සම්මානලාභී ප්‍රවීණ රංගන ශිල්පී Colin Farrell  විසින්. ඒ වගේම Jessica Brown Findlay, Russell Crowe යන රංගන ශිල්පීන්ද මෙහි චරිත සඳහා දායක වෙනවා. අපි හැමෝම දන්න දක්ෂ රංගන ශිල්පියෙක් වන Will Smith ද මෙහි සුළු චරිතයක් සඳහා රංගනයෙන් දායක වෙනවා. ප්‍රේක්ෂක මනාපයෙන්  IMDb හි  6.2 ක් වැනි අගයක් ලබා ගෙන තියනවා. ඉතින් අපි කතාව ගැනත් බලමු.

  කතාව යන්නේ මෙන්න මේක ගැනයි. අපි මේ ලෝකෙ වැඩ ඉවර කරලා ඉවර වෙලා  මියගියාම අහසට නැගලා තාරකා බවට පත් වෙනවා. ඒක තමයි සදාකාලික සැපත. ඒ වගේම මේ කතාවට අනුව හැම දරු උපතක් සමගම ආශ්චර්‍යවත් දෙයක් උපදිනවා. ඒ ආශ්චර්‍යවත් දේ උරුම වෙන්නේ එකිනෙකාගේ දෛවය තුළ  සිටින පුද්ගලයෙකුට. ඒ වගේම  ඒ ආශ්චර්‍යයන්ගෙන් ප්‍රයෝජනයක් ගන්න නොදී මිනිස්සුන්ව ඒවගෙන්  වළක්වන යක්ෂයාට සේවය කරන අයත් ඉන්නවා. 

මේ කතාවේ ප්‍රධාන චරිතය තමයි පීටර් ලේක්. කතාව පුරාම දිවෙන්නේ ඔහු සතුව ඇති ආශ්චර්‍යය මොකක්ද, ඔහු ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නවද, ඒ ආශ්චර්‍යය උරුම වෙන්නේ කාටද කියන කාරණා අතරේ. පීටර් ලේක් හොරෙක්. ඔහුව හදා වඩා ගන්නේ පර්ලි සෝම්ස්. පර්ලි යක්ෂයාට සේවය කරන්නෙක්.  පීටර් පර්ලි සමග අවුලක් ඇති කරගෙන පැනලා යනවා . ඉතින් පර්ලි පීටර්ගේ  ආශ්චර්‍යයෙන් ප්‍රයෝජනය ගන්න නොදී ඔහුව මරා දමන චේතනාවෙන් ඔහුව ලුහු බඳිනවා . මෙහෙම එක් අවස්ථාවකදී  පර්ලිගෙන් බේරෙන්න පීටර්ට උදවු කරන්නේ අශ්වයෙක්. මේ අශ්වයත් විශේෂ කෙනෙක්.(ඒක ඔයාලම හොයාගන්න ). පීටර් මේ කලබල සංසිඳෙන තුරු අශ්වයා එක්ක නගරයෙන් පිට වෙන්න හදනකොට ආශ්වයා ඔහුට අන්තිම හොරකම කරන්න ගෙයක් පෙන්වනවා. පීටර් ගේ ඇතුළට ගියාම ගෙදර කෙනෙක් ඉන්නවා. එයා තමයි බෙවර්ලි පෙන්. එයා ක්ෂය රෝගයෙන් පෙළෙන ටික දවසකින් මිය යන්න ඉන්න කෙනෙක්. පීටර්ට බෙවර්ලි ගැන ආදරයක් ඇති වෙනවා. ඔය අතරේ බෙවර්ලිත් පර්ලිට අහුවෙනවා. පීටර් බෙවර්ලිවත් බේරගෙන පැනලා ගිහින් බෙවර්ලිගේ තාත්තාව මුණ ගැහෙනවා. ඔහුගේ කැමැත්තත් අරගෙන දෙන්නා ආදරයෙන් ජීවත් වෙනවා. පීටර් හිතන්නේ තමන්ගේ ආශ්චර්‍යය තියෙන්නේ බෙවර්ලිව ජීවත් කරවන්න කියලා. ඒත් අවාසනාවකට වගේ බෙවර්ලි ඉක්මනින් මිය යනවා. පීටර් පර්ලිගේ මිනිස්සුන්ට අහුවෙනවා. ඔය දේවල් සිද්ධ  වෙන්නේ 1916 දී.

 2014 වන විටත්  පීටර් වයසට නොයා වෙනස් නොවී ජීවත් වෙනවා. ඒත් ඔහුගේ මතකය නැති වෙලා. ඔහු ඒ මතකය නැවත් අලුත් කරගන්න ඔහුගේ අතීතය හොයලා බලනවා. ඔහුට මුණ ගැහෙනවා බෙවලිගේ සොහොයුරිය. ඇය ඒ වෙනකොට වයස්ගත කාන්තාවක්. එහෙත් පීටර් පෙනුමෙන් තාමත් තරුණයෙක්. ඇගේ උදවුවෙන් පීටර් තමන්ගේ මතකය ආයෙත් ලබා ගන්නවා. පීටර්ට තේරෙනවා  තමන් තවමත් ජීවත්ව ඉන්නේ තවමත් සම්පූර්ණ නොකළ දෙයක් සම්පූර්ණ කරන්න කියලා. ඉතින් පීටර්ට අන්තිමට මොකද වෙන්නේ, එයාගේ ආශ්චර්‍යය උරුම කෙනා  කවුද, කියලා දැනගන්න ඔයාලා චිත්‍රපටය නරඹන්න.

 මටත් දැක්ක ගමන්ම එච්චර කැමැත්තක් ඇති වුණේ නෑ. ඒත් බැලුවම තමයි තේරුණේ මේක සුපිරිම ආදර කතාවක් කියලා. හැමෝටම චිත්‍රපටය රසවිඳින්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම හැකි අය අදහසක් දක්වලා යන්න. හැමෝගෙම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉක්මනින්ම හමුවෙන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා එහෙනම්. 

Winter's Tale (2014) on IMDb

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Winters.Tale.2014.DVDRip.XviD.AC3-EVO

Winters.Tale.2014.720p.BluRay.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

5,602 downloadsDownload Winters.Tale_.2014.BluRay.Baiscopelk.com_.zip108 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/අදිත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

5,602 downloadsDownload Subtitles108 KB

52 comments

  1. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  2. Rik

    Thanks bro

  3. Mewi

    wisthare kiyewwama balanna hithuna. thanks

  4. Dileepe Hemal

    Niyama film ekak machn (Y)

  5. රවිඳු නිපුන්

    ලස්සන ෆිල්ම් එකක් වගේ අදිතයෝ!!!!
    මේක අනිවා බලන්න ඕන...
    තෑන්ක්ස් සබ් එකට...
    සුභ පැතුම්!!!

  6. Kulanjana Maduranga

    wenasma filumak wge.good work.subata thanks ADITHA saho.digatama sub demu.jaya wewa.....

  7. bee

    patta patta tnx

  8. වලාකුළ

    Thanks Aditha...

  9. නලින්

    ස්තුතියි ප්‍රවින් සහෝ!

    ලිපියත් ලස්සනට ලියලා තියෙනවා!

    ජය වේවා!

  10. Tharindu Perera

    venas kathavak vagee....
    thanks macahn sub ekatahh...

  11. dev

    wenas katawak wage....balamuko...
    bohoma stuti saho.... .

  12. වරුණ රංගජිත් (වරූ)

    Thanks bro

  13. shani

    thanks

  14. sanjeewa

    Thanks Sinhala sub dunnata

  15. Chami

    Thank you very much...

  16. sampath

    Thanka Adee...

  17. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :D ජය

  18. Isu DP

    Wenas Adara Kathawak Kohoma Nobala Innda???
    Sub Dipu Nathi Aluth Hindi Movies Thiyenwa.
    Poddak Ewa Balamuda Sahoo....
    Subata Thuthi Adithya ...
    Yaya Wewa :-) :-P

  19. Ayesh

    Thank You..

  20. Pramuk

    Thanxxx bro ela

  21. “චූටී මල්ලි”

    මටත් එච්චර ඇල්ලුවෙ නෑ
    හැබැයි කතාව කිය්ව්වම නම් ඇල්ලුවා
    සබට තුති
    ඔබට ජය........

  22. Mihiraj

    Thanks, නියමයි නියමයි,

  23. Dulanga

    thanks

  24. රොයිලි

    බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. Nishshanka Ruwan

    ස්තුතියි :)

  26. ශාන් විමුක්ති [විමා]

    කතාවනම් මගේ ටයිප් වගේ
    මෙන්න බානවා
    උපසිරසට බොහොම තුති
    ජයවේවා! :D

  27. Saketha Pulasthi

    Thanks :)
    :)

  28. thilina

    උපසිරසියට බොහොම ස්තුතියි
    ජය වෙවා :D

  29. Nelson Rodrigo

    හොද වැඩක් සහෝදරය ස්තුත්යි

  30. jack

    ස්තුතියි සහෝ.

  31. dhanushka

    thanks macho

  32. Ashan

    thanks bro ela film ekak,amutu katawak

  33. dilan

    elaaaaaaaaaa (y)

  34. sameera

    tnx bro.
    nice work.

  35. pavithra

    thanks so much.....

  36. suchithra

    thanks machan...

  37. sandu

    Brrip sub plzzzz....

  38. rajika

    thankx dr

  39. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  40. නලින්

    මෙකට බ්ලුරිප් අප්ඩෙට් එකක් ඕනේ!

  41. Leo daMitH

    thanx saho movie 1 ela....sub 1 dunnata godak thanx....

  42. Gayan

    Bluray rip ekatat sub dennako...

  43. Hasiha

    English subtitle ganne kohomada samaharak awa net ake search karata annane

  44. Gayan

    Bluray rip ekatat sub dennako…

  45. Gayan

    Bluray rip ekatat sub dennadda?

  46. දිල්ෂාන් කාලිංග (ඩිලා)

    ඔන්න මමත් ගත්තා...
    ස්තුතියි සහෝ සබට.

  47. Chamath Elapatha

    Thanks brother

  48. max

    thanks dear...

  49. vishwa

    thanks for the sub bro !!!

  50. Asitha

    බ්ලූරේ කොපි එකට sub දෙන්නකෝ plz..................................................................................................................................................................

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.