Watch Trailer

Rang De (2021) Sinhala Subtitles | වර්ණ ගන්වන්න දිවියම… [සිංහල උපසිරසි]

ආයුබෝවන් බයිස්කෝප්වාසි සහෝදර ඔබ සැමට. අදත් බයිස්කෝප් අඩවියට ගොඩවෙන්නේ කවුරුත් බලාගෙන සිටි ආදරකතාවක් ඔබවෙත අරගෙන. තෙලුඟු සිනමාවට ආදරේ කරන කෙනෙක් නම් මේ පෝස්ට් එක පලවනතුරු ඔබ මග බලාගෙන සිටින්නට ඇති. මේ වසරේ නිකුත් වුනු කාගේත් අවදානය දිනාගත් ආදරකතා වර්ගයට අයත් Rang De චිත්‍රපටය අවසානයේ මේ වසරේ මාර්තු…

ආයුබෝවන් බයිස්කෝප්වාසි සහෝදර ඔබ සැමට. අදත් බයිස්කෝප් අඩවියට ගොඩවෙන්නේ කවුරුත් බලාගෙන සිටි ආදරකතාවක් ඔබවෙත අරගෙන. තෙලුඟු සිනමාවට ආදරේ කරන කෙනෙක් නම් මේ පෝස්ට් එක පලවනතුරු ඔබ මග බලාගෙන සිටින්නට ඇති. මේ වසරේ නිකුත් වුනු කාගේත් අවදානය දිනාගත් ආදරකතා වර්ගයට අයත් Rang De චිත්‍රපටය අවසානයේ මේ වසරේ මාර්තු 26 නිකුත් වනු ලැබුවේ දිගු කලකක් තිස්සේ ලොවටම බලපෑ කොරෝනා තත්වය නිසාවෙන් ඉන්දීය සිනමාවටද ඇතිවූ බලපෑම නිසාවෙන් වසාදැමූ සිනමාහල් යලි විවෘත කිරීමෙන් අනතුරුවය.

මින් පෙර Tholi Prema (2018) සහ Mr. Majnu (2019) වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කල Venky Atluri ගේ අධ්‍යක්ෂණයෙන් පිදෙන Rang De රොමෑන්ටික්-කොමඩි චිත්‍රපටය Sithara Entertainments බැනරය යටතේ Suryadevara Naga Vamsi ගේ නිෂ්පාදනයක්. මහානතී චිත්‍රපටය වෙනුවෙන් ජාතික සම්මානයෙන් පිදුම් ලද කීර්ති සුරේෂ් සමගින් නිතින් මෙහි ප්‍රධාන චරිතයන් වර්ණවත් කරනු ලබනවා. එමෙන්ම මෙහි සිනමාකරණය ප්‍රවීණ සිනමාකරණ ශිල්පී P. C. Sreeram අතින් සිදුවන අතර වෙන්කි අත්ලූරීගේ පෙර චිත්‍රපට සංගීතවත් කල S.Thaman වෙනුවට මෙවර වෙන්කි ප්‍රථම වරට රොක්ස්ටාර් DSP නොහොත් Devi Sri Prasad සමග රන්ග් දේ චිත්‍රපටය සංගීතවත් කිරීම සඳහා අත්වැල් බැඳගන්නවා. කීර්ති සුරේෂ් සහ නිතින්ට අමතරව සහය චරිත වෙනුවෙන් නරේෂ්, බ්‍රහ්මිජී, කෞශල්‍යා, වෙන්නිල කිෂෝර්, අභිනව් ගොම්තම් යන ශිල්පීන්ද මෙහි කටයුතු කරනු ලබනවා. 2019 වැඩ කටයුතු ආරම්භ වී කොරෝනා උවදුර නිසා වරින් වර රූගතකිරීම් අත්හිටුවට සිදු වූවත් 2020 ඔක්තෝම්බර් වනවිට චිත්‍රපටයේ රූගත කිරීම් සියල්ල අවසන් කරගැනීමට Rang De කණ්ඩායම සමත් වනවා. තෙලුඟු සිනමාව 2021 ජනවාරියේදී යලි රිදී තිරයට පැමිණෙන අතර ඉන් පසු මාර්තු 26 සිට මෙය තිරගතවීම ආරම්භ වනවා.

රන්ග් දේ සමගින් වෙන්කි අත්ලූරී අප වෙත මිහිරි ආදරකතාවක් ගෙනහැර දක්වන අතර එය තුල ප්‍රේමය, ආදරය, ඊර්ෂ්‍යාව, වෛරය, කෑදරකම, ප්‍රහසනය මෙන්ම එලෙසින්ම පවුලේ හැඟීම්(family emotions)ද එක හා සමව මුසුව තිබෙනවා. රොමැන්ටික්-කොමඩි චිත්‍රපටයකින් රසිකයෙකු බලාපොරොත්තු වන පරාසයන් සියල්ල ආවරණය කරන්නට රන්දේ චිත්‍රපටය සමත්ව තිබෙනබව පැවසිය හැකියි. රොම්-කොම් චිත්‍රපට වලට ඇලුම් කරන අයෙකුට අත් හැරිය නොහැකි චිත්‍රපටයක් ලෙස මෙය නම් අනිවාරෙන්ම නම් කල හැකියි. Tholi Prema සහ Mr. Majnu වැනි චිත්‍රපට වලින් මින් පෙර වෙන්කි අත්ලූරී රොම්-කොම් චිත්‍රපටයක රසිකයින් බලාපොරොත්තු වන Expectation Level එකක් සෙට් කල අතර එම මට්ටම ආවරණය කිරීමට ඔහු යලිත් Rang De චිත්‍රපටයෙන් සමත්ව තිබෙනවා. වෙන්කිගේ පෙර චිත්‍රපට සමග ඔහුගේ සිනමා භාවිතය ගැන කතා කලොත් ඔහුගේ චිත්‍රපටවල ගීත, සටන් දර්ශන සහ හාස්‍යය වැනි සාධකයන් චිත්‍රපටයේ ගලායාම සඳහා සරල සූත්‍රයකට අනුව භාවිතයට ගන්නා අතර සටන් දර්ශන නම් ඉතාමත් අවම වශයෙන් සහ එයද වැඩකෑලි ගොඩක් අඩුවෙන් තමයි ඔහු තිරයට නගන්නේ. ආදර කතාව ඔහුගේ චිත්‍රපටවල අරටුව බඳු වනවා. මොහොතක සංකීරණවන ආදර කතාව සැනින් සරල කිරීමටත්, එයම ක්ෂණයෙන් හැඟීම් සාගරයක ගැඹුරටම ගිල්වන්නට ඔහු සමත් වනවා. රන්ග් දේ චිත්‍රපටයත් එම රාමුවෙන්ම ඉහත කී සාධකයන් විවිධ පරාසයන් වලට යොදා ගනිමින් නිර්මාණය වී තිබෙන අතර පෙර චිත්‍රපට වලට වඩා මෙහි ගීත සිනමාකරණය ගොඩක් විශේෂ තැනක තිබෙනු දකින්න ලැබෙනවා. ගීත සියල්ල අතිශය වර්ණවත් සිනමාකරණ රාමුවකට ගෙන තිබෙනබව දකින්න ලැබෙනවා. Rang De යන්නෙහි තේරුම “වර්ණ ගන්වන්න” වීම එයට බොහෝවිට හේතුව වන්නට ඇති.




සංගීතය මෙහි ප්‍රධාන කාර්යභාර්යයක් ඉටු කරනවා. පෙර කී පරිදි විශුවලි මෙහි ගීත සියල්ල වර්ණවත් අයුරින් සිනමාවට නගා තිබෙන අතර එය එසේ වර්ණවත් වීමට එහි සංගීතය ඒ සඳහා සියලු වර්ණයන් දායක කර සිටිනවා. මුලින් පැවසුවා වගේම වෙන්කි සමග DSP එක්වන්නේ පළමු වතාවට. ඒ කොම්බෝ එකේ සාර්ථකත්වය මෙහි ගීත නිර්මාණයවී ඇති මට්ටම සහ එයට ලැබුණු ප්‍රතිචාර අනුව නිර්ණය කල හැකියි. DSP විසින් හිට් මියුසික් ඇල්බම් එකක් රසිකයින් හට ලබාදීමට මෙහිදී සමත් වනවා. මෙහි ගීත සියල්ල ශ්‍රීමණි විසින් රචිත අතර ස්වේතා මෝහන්, මන්ග්ලි, ඩේවිඩ් සිමන්, සිද් ශ්‍රී රාම්, සාගර්, කපිල් කපිලන්, හරිප්‍රියා යන ගායන ශිල්පීන් මේ සඳහා තම මිහිරි හඬ එක්කර සිටිනවා. Adithya Music ලේබලය හරහා නිකුත් වුනු රන්ග් දේ ඇල්බම් එක වසරේ සාර්ථක තෙලුඟු සිනමා සංගීත ඇල්බමයක් ලෙස නම් වනවා.

ඉතින් නරඹන්නට කියා ආරාධනා කර සිටිනවා. පැය දෙකයි මිනිත්තු දහයක ධාවන කාලයකින් යුතු මේ සුන්දර සංවේදී සිනමාපටය තෙලුඟු සිනමා රසිකයෙකු නම් මග හරින්න එපා කියා ඉල්ලා සිටිනවා. රොම්-කොම් චිත්‍රපටි නරඹන්නෙක් නම් කොහෙත්ම මිස් කරගන්න එපා කියල ඉල්ලා හිටිනවා. එහෙනම් යන්න අවසරයි. ආයෙත් මේ වගේම සොඳුරු බයිස්කෝප් එකක් සමගින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා. මතක් කරන්න කැමතියි මේ දිනවල ඇති වී තිබෙන ව්‍යසනකාරී වසංගත තත්වය හේතුවෙන් ඔබත් මේ මොහොත වනවිට නිවාසේම රැඳී සිටින අයෙක් වෙන්න පුළුවන්. සමහරවිට වැඩ රාජකාරිවල යෙදෙන අයෙක් වෙන්නට පුළුවන්. ඒ කෙසේ නමුත් තමාගේ සෞඛ්‍යය රැක ගනිමින් ප්‍රවේසමෙන් කාලය ගත කරන මෙන් ඉල්ලා සිටිනවා. මේ මොහොතේ ඇතිවී තිබෙන තත්වය හේතුවෙන් වගකීම් සහගතව ක්‍රියා කිරීමට සෑම විටෙකම වග බලාගන්නා මෙන් බයිස්කෝප් කණ්ඩායම වෙනුවෙන් ඉල්ලා සිටින ගමන් අපි විසිවෙනවා. මේක මට උපසිරැසි කරන්න වෙන් කරලා දුන්නු ඇඩ්මින් මණ්ඩලයටත් ස්තුතිය පල කරන ගමන්, බයිස්කෝප් පවුලේ සහෝදර උපසිරැසිකරුවන් හැමෝමවත් මතක් කරන ගමන් හැමදාම අදහසක් පල කරන සැමට හෘදයාංගම ස්තුතිය පල කර සිටිනවා. ඒ වගේම විවේචනයක්, අගයකිරීමක්, බැනුමක්, දිරිගැන්වීමක්, වැරද්දක්, නිවැරදි කිරීමක් කියන්න තියේනම් අදත් පහල තීරුව විවෘතව තිබෙනවා එහි අදහසක් පලකරගෙන යන්නත් ආරාධනා කරනවා. උපසිරැසිය අරගෙන හොරා වගේ යන් නැතුව අදහසක් පලකරගෙන යාමෙන් ඔබ පල කරන වචනයක පුංචි අදහස උපසිරැසිකරුවෙ හට මහමෙරක් තරම් වටිනා බව මතක් කරන්නට කැමතියි. එය ඔවුන්ට ඉදිරි උපසිරසිකරණයන් සඳහා ලොකු දිරිගැන්වීමක් වේවි. ඔබ වෙත වැඩි වැඩියෙන් උපසිරසි ගෙන එන්නට එය පිටුවහලක් වේවි. තව තවත් උපසිරැසිකරුවන් උපසිරැසිකරණයට එක්වෙන්න එය දිරිගන්වීමක් වේවි. ඔබ අතට වැඩි වැඩියෙන් චිත්‍රපට/රූපවාහිනී කතාමාලා ඉක්මනින් මෙන්ම වැඩි උපසිරැසිකරුවන් පිරිසකගේ ක්‍රියාකාරීත්වයෙන් වැඩි උපසිරැසි ප්‍රමාණයක් ඔබ අතට පත් වන්නට ඔබ ඔය මගහැර යන කමෙන්ට් තීරුව වක්‍රාකාරව හේතුවක් වනු ඇති. ඉතින් එතන පාලු කරලා යන්න එපා කියල ඉල්ලා සිටින අතර ඒ වගේම එතන කියන්න බැරි දෙයක් තියේ නම් [email protected] ඊමේලයට උනත් ඕනම දෙයක් එවන්න ඔබට හැකියාව තියෙනවා. වැරද්දක් තිබේ නම් ඒවා නිවැරදි කරගන්න අප ඕනම වෙලාවක සූදානම්ව සිටින බවත් සඳහන් කරන්න කැමතියි. ඔබට අප හා සමීප වන්නට තවත් ඉඩකඩ වෙන්ව පවතින තැන් කීපයක්ද පහලින් සඳහන් කරන ගමන් මා සමුගන්නවා.

ඔබට ජය…!!!

බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් පිටුව – https://www.facebook.com/Baiscopesinhalen/
බයිස්කෝප් සිංහලනේ නිල ෆේස්බුක් එකමුතුව – https://www.facebook.com/groups/Baiscopesinhalen/

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.

26,073 downloadsDownload Rang-De-2021.zip72 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-11-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

තා‍ර‍ක ‍නු‍වන්‍

Subtitles

26,073 downloadsDownload Subtitles72 KB

44 comments

  1. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. sampath53

    එලම තාරක සහෝ, දෙනකම් හිටියෙ,ඔයා බාර ගත්ත නම් අහන්න දෙයක් නැහැ .thanks for the sub

    1. Anonymous

      මට නම් බයිස්කෝප් කියන්නේ ඇබ්බැහි වීමක්,අතේ තියන අන්තිම සල්ලියෙනුත් ඩේටා දාගෙන ෆිල්ම් අරන් සබ් අරන් තියෙනවා,ගොඩක්ම මං ආස ⁣horror movie වලට... මගේ ලඟම කෙනා තමා බයිස්කෝප් කියන්නේ..ඔයාලා හැමෝටම ගොඩක් ස්තූති...තව තවත් සබ් දාන්න

  3. Sanuka

    Sub eka danakan balan hitiye. Jain jayama wewaaaaaaa
    Thank you aiya

  4. charitha

    ලිපියෙ තිබ්බ හින්දමයි අහන්නෙ.මට පොඩි දෙයක් දැන ගන්න ඕනේ..සබ් ගැනනං නෙමෙයි..මම දාපු කමෙන්ට් දෙකක් අයින් කරල තියෙනවා.මේ දවස් වල සබ් දෙන කාමාතිපුර කියන සීරීස් එක මම කලින් බලල තිබ්බා.ඇත්තටම ඒ සීරීස් එක අවුල්..ඉතින් මම ඒක කමෙන්ට් එකකින් කියල තිබ්බ.සබ් කරපු අක්කටත් ස්තූති කරල තිබ්බා..එව්නාට ඒ කමෙන්ට් දෙකම අයින් කරල.ඒකෙන් අදහස් වෙන්න මේ කමෙන්ට් සෙක්ශන් එක තියෙන්නෙ ඕන ෆිල්ම් එකකට සුපිරි කියල කියන්න විතරද.තව දෙන්නෙකුත් ඒ කතාවෙ වැරදි කියල තිබුන. ඒ කමෙන්ටුත් අයින් කරල ..එහෙම උනාම අපිට ඔයාල ගැන තියෙන විශ්වාසෙ නැති වෙනවා..ආයෙ කමෙන්ට් එකක් දාන්නවත් හිතෙන් නෑ..

    1. Anonymous

      Mchn ohoma hari waraddak , wiwechanayak comment krnna puluwn baiscope eke witrai..
      Puluwn nm oya anith site walata banala comment krpn blnna.jevetheta un ewa danne na

    2. Sisila Prasad

      චරිත, අපි කොතැනකවත් කියලා නැහැ ගුණ වර්ණනා විතරක් කරන්න කියලා. උපසිරැසිවල අඩුපාඩු පෙන්නලා දෙන්න, අදාල චිත්‍රපට හෝ කතා මාලා නැරඹුවට පස්සෙ තමන්ගෙ අදහස් බෙදාහදා ගන්න හැමදේකටම කමෙන්ට් සෙක්ෂන් එක විවෘතයි. හැබැයි, මේ හැමදෙයක්ම වෙන්න ඕනෙ උපසිරැසිකරුවන්ගෙ හිත් රිදවීමකින් තොරව. මෙලෝ රහක් නෑ, ජරාම එකක්, කවුරුවත් බලන්න එපා වගෙ කමෙන්ට් දාලා ඊට පස්සෙ උපසිරැසිකරුවාට ස්තුති කරාට වැඩක් නැහැ. වෙන්න ඕනෙ දේ වෙලා ඉවරයි එතකොට. අපි අපේ උපසිරැසිකරුවන් ආරක්ෂා කරගන්න නම් ඒ වගේ දේවල් මකන්නෙ නැතුව වෙන මොනවා කරන්නද? අපි හැමෝම මතක තියාගන්න ඕනෙ උපසිරැසිකරුවන් නිසා තමයි මේ සයිට් එක දුවන්නෙ. සයිට් එකට සබ් වැටුනොත් තමයි අපි හැමෝටම උපසිරැසි දාගෙන බලන්න පුලුවන් වෙන්නෙ. ඒ නිසා, තමන්ගෙ අදහස් ප්‍රකාශ කරන්න උපසිරැසිකරුවන්ගෙ හිත් රිදෙන්නෙ නැතිවෙන්න. මේ කිසිම කෙනෙක් සල්ලි වලට කරන දෙයක් නෙමෙයි මේක. ඒ නිසා, තමන් විතරක් හරියි කියලා මතේක ඉඳගෙන අදහස් ප්‍රකාශ කරන්න එපා. මහත්මයෙක් විදියට වැරදි, අඩුපාඩු, දෝෂ පෙන්නලා දෙන අයට එදා වගේම අදටත් මේ කමෙන්ට් සෙක්ෂන් එක විවෘතයි.

      ප.ලි. - ඔබතුමා ඔච්චරටම අවුල් කියන කාමාතිපුර සීරීස් එක පස්වෙනි එපිසෝඩ් එක යන මේ වෙලාව වෙද්දිත් සෑහෙන පිරිසක් නරඹනවා. ඔබතුමාටම ඩවුන්ලෝඩ් කවුන්ට් එක බලාගන්න පුළුවන්. එච්චරටම අවුල් සීරීස් එකක් නම් ඇයි දෙතුන් සීයක පිරිසක් හරි තවමත් කතාව බලන්නෙ? පලවෙනි එපිසෝඩ් එකෙන්ම නවත්තන්න තිබ්බනෙ. අන්න ඒකයි මං ආයෙත් කියන්නෙ. තමන් විතරක් හරියි කියලා මතේක ඉඳගෙන අදහස් ප්‍රකාශ කරන්න එපා.

    3. Anonymous

      Uba oya dn dapu comment ekath ayin krnow un nm.....

    4. Anonymous

      Sisila bro,aluth hindi web series set ekakma enna thynow neh(vidya balan inna ekakuth mn dkka)...
      Family man ekta kaztya bedagena sub dunna wge ewatath sub dewe kyla hithanawa....
      Oya dnnwa neh hindi thriler web series wala raha khomth ekai kiwwe

    5. charitha

      කාලෙකට පස්සෙ දාපු කමෙන්ට් එකකට රිප්ල්යි කරලා..ඇත්තටම සතුටුයි මොකද 2012 අවුරුද්දෙ ඉඳල බයිස්කෝප් එකත් එක්ක ඉන්න රසිකයෙක් හින්ද සයිට් එකේ වෙනස මම හොඳට අඳුරනව...
      ප.ලි කොටස ගැන පුංචි දෙයක් කියන්න හිතුනා..කාමතිපුර ගැන මගෙ කිසිම පැහැදීමක් නෑ..ඒක ඇත්ත.විශේෂයෙන්ම රඟපෑම ගැන.ඉතින් සහෝ කියන විදිහට කාමතිපුර ඔච්චරම හොඳයිනං ඇයි 187 දෙනෙක්ගෙන් IMDb 5.7ක් උනේ..දැනට තියෙන බහුතරයක් තියෙන්නෙ විවේචන.500ක් විතර ඩව්න්ලෝඩ්ස් තියෙන්න ප්‍රදාන හේතුව සංචරන සීමා තමයි..වෙන බලන්න දෙයක් නැති නිසා දෙන ඕන එකක් බලනව.කතාව ඉවර උනහම කස්ටියට තේරෙයි..ආයෙමත් තැන්ක්ස් කරනව රිප්ලයි කරාට...

    6. Sisila Prasad

      කාමාතිපුර කියන්නෙ සුපිරිම කතාවක් කියලා මං කිව්වෙ නැහැ චරිත. 5.7ක් කියන්නෙ ඇවරේජ්. හැබැයි ඩිසස්ටර් ලෙවල් එකේ නෙමෙයි. රේටින් පැත්තකින් තියමුකො. කතාවෙ එපිසෝඩ් එකෙන් එකට දෙන්න. පලවෙනි කොටස බලලා අකමැතිනම් නවත්තන්න පුලුවන්. සංචරණ සීමා නෙමෙයි, මොන සීමා දැම්මත් මම නම් මට සෙට් වෙන්නෙ නැති කතාවක් නම් කොහෙත්ම දිගටම බලන්නෙ නැහැ. අනිත් අයත් එහෙම වෙන්න ඇති කියලා මං හිතනවා. රසවින්ඳනය කියන දේ එක්කෙනාට එක්කෙනා වෙනස්. හොඳද නරකද කියලා තීරණය කරන එක බලන කෙනාටම බාරදෙන්න. තව කාරණයක්, නොදී ඉන්නකොට කට්ටිය අහනවා ඇයි මේවට සබ් දෙන්නෙ නැත්තෙ කියලා. දෙනකොට අහනවා ඇයි මේ වගේ ඒවට සබ් දෙන්නෙ කියලා. මං කියන්නෙ මෙච්චරයි. කමෙන්ට් අයින් කරන ඒකට උත්තරේ මේක. මේ කියන සරල කතාව තේරුම් ගන්න. තමන්ගෙ අදහස් ප්‍රකාශ කරන්න. හැබැයි, මහත්මයෙක් වගේ. පොල්ලෙන් ගහනවා වගේ කමෙන්ට් කරලා, ස්තුතියි කිව්වට වැඩක් නෑ. ඒ වගේ කමෙන්ට් වලට මෙතන වලංගු නැහැ. එතකොට තමයි චරිත, ඔබතුමා 2012 ඉඳලා මෙච්චරකල් සබ් ගත්තා වගේම, ඉදිරියටත් සබ් ගන්න සයිට් එකක් පවතින්නෙ. එහෙම නැතුව හැම කෙනාම අනවශ්‍ය විදියට කමෙන්ට් කරන්න ගත්තොත් වෙන්නෙ, උපසිරැසිකරුවන් නැතුව අපිටත් මේක නවත්තලා දාලා පාඩුවේ වැඩක් බලාගෙන ඉන්නයි, ඔබතුමන්ලටත් දන්න ඉංග්‍රීසියෙන් සබ් එකක් දාගෙන බලන්නයි. කියන්න ඕනෙ කාරණාව මං සරලවම කියලා තියෙන්නෙ. තේරුම් ගැනීම ඔබටම බාරයි.

  5. BLA©K TIGE®

    නියමයි සහෝ! සබ් එකයි,ලිපියයි දෙකම සුපිරියි! සබ් එකට ගොඩාක් ස්තූතියි සහෝ! පුළුවන්නම් සහෝ කොරියන් කතා මාලා වලටත් සබ් දෙන්නකෝ සහෝ! ගොඩක් කල් ඉදන් බලන් ඉන්නේ කොරියන් ඩ්‍රාමාවලට සබ් දෙනකම් සහෝ! පුළුවන්නම් නියමයි සහෝ! ජය වේවා සහෝ!

  6. St tharuka

    බොහොම ස්තූතියි sub එකට.

  7. Hiruksha

    Beyond the edge kiyana movie ekata sub dennako

  8. Anonymous

    Sub ekta thankz mchn

  9. Deshan

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
    ජය වේවා!!!

  10. Kushan

    Sub akta thanks

  11. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  12. JD

    Thankz bokka❤️

  13. JD

    Telugu mini series ekakuth krmu bokka

  14. indika75

    thanks..

  15. Nilush Angana

    Sub ekata thanx

  16. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි තාරක සහෝදරයා...ඔබට ජය !!

  17. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  18. Anonymous

    තැන්කු තැන්කු

  19. Neo

    Thanks brother
    Keep it up

  20. Sheron

    Thnkz bro

  21. Tharaka

    Subata thanks saho...
    Jayen jayama wewa...!!!

  22. Sujeewa

    මේකේ ටොරන්ට් මැග්නෙට් ලින්ක් එක හොයාගන්න නෑනේ..plz help

  23. Niyon

    Thank you

  24. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  25. Lakshitha

    සිංහල උපසිරසියට ස්තුතියි ..ජයෙන් ජයම වේවා සහෝ!!

  26. Achi

    බොහොම බොහොම ස්තුතියි සබ් එකට

  27. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  28. Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

  29. asanka

    thanks sho

  30. Roshantha Silva

    Thankz brooo

  31. gethmina

    thanku great subtitiles

  32. Roshantha Silva

    "anando brahma" (2017) film eketh subtitles dennako aiye...
    Eeka supiri horror comedy film ekak...

  33. Anonymous

    tnqqq brother

  34. darshana

    ssupab

  35. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  36. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  37. Anonymous

    thank you.good work